"අහ්'... උඹ කොහොමද මේ කොඩිය හොරකම් කලේ?"
"කොඩිය? මං කොඩි ගැන මොනවත් දන්නේ නැහැ."
"කොඩි ගැන මොනවත් දන්නේ නැහැ? එහෙනම් උඹ ඔය ඇඳගෙන ඉන්නේ?"
"අහ්......."
හදිසියේම බියටපත් රාමුට කතා කිරීමට පවා අපහසු විට. ඒ සමගම මිනිසුන් ඔහු වටා රොක් වූහ.
"ඕක අපේ සාප්පුවේ කොඩිය වෙන්න ඕනේ. අපි හැම තැනම හෙව්වේ.."
"මුගේ හැටි බලාපල්ලා කොඩියක් ඇඳගෙන. මුගෙන් ඕක උදුරා ගනිල්ලා"
"පොලිස් රාළහාමි කෙනෙකුට කතාකරපල්ලා"
"මූව අල්ලලා හමගහපල්ලා පල් හොරා"
පොලිස් නිලධාරියා පැමිණිමටත් පෙරාතුව තරුණයෙක් ඉදිරියට පැන රාමුගේ සිරුර වසා තිබූ කොඩිය ඇද දැමුවේය. දැන් රාමු පිරිස මැද නිරුවතින් සිටී.
රාමුගේ බිරිඳ කෑගැසූ අතර ඔහුගේ දියණිය පියාගේ නිරුවත දෙස බැලිය නොහැකිව ඉවත බලා ගත්තාය. 'හ හා.. හූ හූ හූ' අමනානන්දයට පත් රැස්ව සිටි පිරිස රාමුට උසුළු විසුළු කිරීමටත් ගල් ගැසීමටත් පටන් ගත්හ. ලජ්ජාව නිසා පොළව පලාගෙන යාමට ඇත්නම් මැනවියි රාමුට සිතුණි.
අනෙක් අයට වඩා මානුෂික ගති ගුණ ඇති පුද්ගලයෙක් රාමු දෙසට සිය සළුය විසි කළේය. එම සළුව ඉන වටා දවටා ගත් පසු රාමුට හිස එසවිය හැකි විය. ඔහුගේ ඇස්වල කඳුලු පිරී තිබෙනු දක්නට ලැබිණ. තමා මේ සෙනඟ අතරින් ඉවතට ගෙන සිරභාරයේ තබන්නේ නම් මැනවයි රාමුට සිතුණි.
"කොඩි හොරාව අල්ලගත්තා"
"ඇයි එයා මොකද කළේ?" පෙලිස් භටයා රාමුව ඉවතට ගෙන යන අවස්ථාවේ එතනට පැමිණි තවත් තැනැත්තෙකු එතැන සිටි අයෙකුගෙන් විමසුවේය.
අපරාධ නීතිය පිළිබඳව හසල දැනීමක් ඇතැයි සිතිය හැකි පුද්ගලයෙක් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය.
"එයා එක වරදක් නෙමෙයි. වැරදි තුනක් කරලා!"
"වැරදි තුනක්?? මොනවද ඒ?"
"පළමු වරද හොරකම"
"එතකොට දෙවැනි එක?"
"ජාතික කොඩියට අපහාස කිරීම"
"තුන්වෙනි එක?"
"ප්රසිද්ධ ස්ථානයක මහ ජනයා ඉදිරියේ නිරුවත්ව සිටීම. ඒකත් නීතියේ හැටියට බරපතල වරදක්. ඔහේ දන්නවාද?"
පොලිස් නිළධාරියා රාමුව ගෙන යද්දී ගොඩනැගිලි ඉදිරිපස ඔසවා ඇති කොඩි රාමුට සිනාසෙන්නාක් මෙන් සුළඟට ලෙළදුනි.
(කේ.අහමඩ් අබ්බාස් විසින් රචිත ඉන්දියානු කෙටිකතාවකි.)
5 ප්රතිචාර:
අප්පේ ..! හරිම සංවේදී කතාව ...
ඉස්තූතියි ලමයෝ ..
ජයවේවා !!
කතාව දැක්කේ දැන් අයියේ...... අපේ සදරු අයියා කිව්වා වගේ සංවේදි කතාවක්.. මිනිස්සු උනාම අනිත් මිනිස්සුන්ගේ හැගිම් දැනේන්නේ හරි අඩුවේන්ද මන්දා... මම මේ ලගදි මෙහේ ටිවී එකක දැක්කා එක ඇත් මවක් තමන්ගේ පැටියා ව මඩ වලක වැටිලා අසරන වෙලා උන්නේ එයා මහ හයියෙන් අඩනවා වගෙ තමන්ගේ රැහේ අයට කැ ගැහුවා එ වෙලේ අර අනිත් අලි රංචුව ම ඇවිල්ලා එක එක ජාති කරලා අර පොඩි පැටියාව කොහොමහරි ගොඩට අරගෙන රැල මැදට පරිස්සමින් අරන් ගියා.. එ තිරිසන්නු..මොලේ තියෙන මිනිස්සු දන්නේ තවත් පහලට ඇදලා දාලා සතුටු වෙන්නයි..
අසරණකම ඇයි මිනිස්සුන්ට විතරක්
ඈත්තටම "මානුෂික ගති ගුණ" කියල දේවලුත් මිනිස්සුන්ට තියනවද කියල හිතෙනවා දෑන් වෙනදේවල් දෑක්කහම.
හිහ් හී.. හැමෝටම ස්තූතියි.. මං මේ කතාව මොනවාට මොන අරමුණකින් ලිව්වද මන්දා..
Post a Comment