Thursday, April 29, 2010

මවකගේ උණුසුම නොලබා....





මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ//

හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
අපි දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ..
මා හට දී ඔයා.... ඈ සුර ලොව ගියා.....
සුර විමනක වැදී..... මගේ රන්කද නිදී....

තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ...
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙදම වුනේ
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ..

මා හට දී ඔයා... ඈ සුර ලොව ගියා.. //

ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට ම‍ගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ

සුර විමනක වැදී... මගෙ රන්කද නිදී... ///

(ගායනය කේ.සේන මහතා)


මේ සිංදුව බාගන්න ඕන නම්
මෙතැනින් ගන්න

Sunday, April 25, 2010

වතුර ගැසුවෙම් දුවන අයට........

ලංකාවේ සිංහල ‍බ්ලොග් ලියන බොහෝදෙනෙක්ට වගේම කියවන බොහෝ දෙනෙක්ට වැදගත් දවස් නේ ඊයෙයි අදයි... මොකද බලොග් ලියන අයට අත් රිදෙනකන්, මොලේ රත් වෙනකන් එකසියගානට බ්ලොග් ලියන්නත් ඇස් රිදෙනකන්, මොලේ පිරිනකන් බ්ලොග් කියවන්නත් බ්ලොග් මැරතන් එක තිබුණානේ! ඔන්න කොහොම කොහොම හරි මම දැකපු පළමු වෙනි බ්ලොග් මැරතන් එක තමයි මේ...

සති ගානකට කලින් ඉදලා මම ලෑස්ති වුනා ඊයේ රෑ ‍බ්ලොග් මැරතන් දුවන අයට වතුර ගහන්න අවසර ගන්න, අපේ ගෙදර ලොකු නොනාගෙන්..... හිහ් හිහ්.... හරියටම කිවුවොත් අපේ අම්මාගෙන් ඊයේ රෑ නොනිදා ඉන්න අවසර ගන්න ගොඩාක් අමාරු වුනා. අන්තිමේ කරගන්නම දෙයක් නැති තැන අම්මාට වඩා ඉහල නිලයක් දරන (ගෘහ මූලික ධූරය) අප්පච්චීගෙන් අවසර අරගෙන වැඩේට සෙට් වුනා.. හැබැයි මම වතුර ගහන්න පටන් ගන්නකොට රෑ 9ටත් ලගයි....... මගේ තනි නොතනියට පාලු මකන්න මගෙත් එක්ක හිටියා මගේ හොදම යාලුවෙකුත් මූණුපොත හරහා.... ඒ තමයි සොදුරු සිතැත්තී.....

මම නිල වශයෙන් බ්ලොග් කියවන්න පටන් ගත්තේ රෑ 9ට...

මම මුලින්ම ගියේ TRIX HUNTER කියවන්න.. මැරතන් අස්සේම තිබුණු සමහර ඒවා අත්හදා බැලුවා...

ඊට පස්සේ බිගුනද අහන්න ගියා... ඒක තමයි මටනම් නියමෙටම අල්ලලා ගියේ... බිගුවා සහෝ කවි පෙත්තක් ගහලාද කියලා මිස්සක අහලා තිබුණා... හික්ස්... ලස්සන කවි ටිකක් ලියලා තිබුණා..... බිගුවා අයියා ලියලා තිබුණු ඒවාගෙන් මට ආසම හිතුනේ "ආලය කලෙමි... ආලය පුදමි..." කවට......

ඔහොම ඔහොම එක එක අයගේ බ්ලොග් කියවන ගමන්ම වතුර පාරකුත් ගහමින් පාන්දර 2 විතර වෙනකන් හිටියා...... ඒ අතරෙ බුද්ධි සහෝදරයා එක්කත් කලුවර අඩවියේ හොල්මන් ලොක්කා එක්කත් පොඩි පොඩි චැට් පාරක් මුණුපොතේදී දැම්මා...... කොහොම හරි 2 පහු වෙලා ටික වෙලාවක් යනකොට මම දොයි! හිහ් හිහ්..... ලබන පාර නම් මමත් දුවනවා.. අනිවා...

මෙන්න මගේ හිතට අල්ලපු තවත් බ්ලොග් 4ක් 5ක්......


මම ගොඩාක් බ්ලොග් කියෙවුවත් ඇතැම් ඒවා හොයගන්න දැන් අපහසු වුනා.... සමා වෙන්න....

අන්තිමට කියන්න තියෙන්නේ බ්ලොග් මරතන් දුවපු හැමෝටම මම සුභ පතනවා.. ඒ වගේම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්නත් ඕන..

Saturday, April 17, 2010

මතක වස්තුව (සිරි ගුණසිංහ)

මා හැර දා
දරදඩු කොට දා මා අත් පා,
ඈ යන්න ගියා මැකිලා
ඈ යන්න ගියා.
සැමරුම් වග වලසුන් රෑනට
මා ගොදුරක් වී
ලේ ගලනා ගොදුරක් වී
කාලයේ ගන අදුරින් වැසුණත්
සෙලවෙන හදවත පහනෙහි සිලුවෙන්
ඈ ගත දිලිසෙයි
දෑසට දිස් වෙයි

ගොරහැඩි ගල් ගෙඩි අතරින්
සීතල දියර ඉරක් සේ
ගලා බසී
හද තෙමා බසී

පිරිසිදු අහසෙහි පැහැය ඇගෙයි
ගස්වල මල් වල පැහැය ඇගෙයි
මුලු ලෝකෙම පැහැය ඇගෙයි

කොතෙකුත් දැගලුවත් සැගවෙන්නට
ඇසිපිය දැල්වලමයි ඇය දැවටුම
අමතක භාවයේ අන්ධකාරය
එබී බලයි සොදුරිය ඔබ ඇස් දෙක
තොල් දෙක සෙලවුම තවම පෙනෙනවා
හීන්සැරේ මා වැළදගන්නවා

ජීවිතයට ඇති එකම සොදුරු බව
ලෝකයට ම ඇති රූමත් එකම දෙය
ඈ මයි තනිවට හිටි එකම ගැහැනිය
මැකී ගියා තනිවට සිටි ගැහැනිය

(සිරි ගුණසිංහ මහතාගේ නිර්මාණයක්)


Monday, April 12, 2010

කෙල්ලන්ට!

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න තව දවස් දෙකක් විතර තියෙන්නේ.. ගොඩාක් අය සතුටින් ඉන්න කාලයක් නේ.. හැබැයි ළමයා නම් ඉන්නේ හපාගෙන මැරෙන්න තරම් කෝපයකින්.. ඇත්තම කිවුවොත් තරහා පිට කරගන්නම බැරි තැන තමයි මම මේ ලියන්නේ..

මේ තරම් තරහකින් ඉන්නේ මොකද කියලා නේ දැන් ප්‍රශ්නේ.. හේතුව තමයි යාලුවෝ.. යාලුවො කිවුවට අද මම තරහින් ඉන්නේ කොලු යාලුවෝ නිසා නෙවෙයි.. කෙලි යාලුවෝ නිසා.. කොටින්ම කිවුවොත් කෙල්ලෝ නිසා..

අනේ මන්දා මේ ගැටිස්සියොන්ව කොහොම තේරුම් ගන්නද කියලා... එක එක වෙලාවට එක එක විදියයි.. හරියට ටෙලි නාට්‍ය නිළි රැජිනියෝ වගේ... මේ දැන් කියන දේ තව විනාඩි පහක් විතර යනකොට අනික් පැත්ත ගහලා වෙන චරිතයක්...

ඔන්න එක වෙලාවකට කියනවා "ඔයා තමයි මගේ ජීවිතයේ හම්බ වුණ හොදම යාලුවා" කියලා.. ටික දවසකින් කියනවා "තමුසේ වගේ යාලුවෙක් නම්.... මට ඕනම නෑ" කියලා.. (මේ වගේ අවස්ථාවක් නම් මට උදා වුනේ නෑ තවම.. හැබැයි උදා වුනොත් නම් මම කලබල වෙන්නේ, තරහා වෙන්නේ නෑ. මොකද මේක උපතින්ම කෙල්ලොන්ට එන අවුලක් කියලා මට හිතෙන නිසා...) එක වචනයක් නැති කෙල්ලෝ නම් දැන් බොහොමයි වගේ මට හිතෙන්නේ..

මට මේ මල පැනලා ඉන්නේ කෙල්ලොන්ගේ වෙනත් කලාවක් නිසා.......ඔන්න මෙතනින් එහාට කියවන, තොප්පිය හරියට සෙට්වෙන දෙන්නෙක් තුන්දෙනෙක් ගේ හිත පොඩ්ඩක් රිදෙයි.. මම සමාව ඉල්ලන්නේ නෑ!

කෙල්ලෝ ගැන මගේ හිතේ හිර කරගෙන අගුලු දාලා තිබුණු අදහස් ආයෙත් එළියට එන්න ම‍ග පෑදුනේ මගේ හොදම යෙහෙලියක් වෙලා හිටිය කෙනෙක්ගේ ක්‍රියාකාලාපය නිසා. මම මීට කාලෙකට කලින් මගේ හොදම හොද....ම යාලුවා විදියට තෝරා පත් කරගෙන හිටියේ කෙල්ලෙක්ව.. හරියටම කිවුවොත් අක්කා කෙනෙක්. මගේ ගොඩාක් දේවල් එයා එක්ක බෙදා ගත්තත් එයා නම් එහෙම කලේ නෑ.. ඒ දවස් වල මට ඒක හිතට දුකක් වුනත් දැන්න නම් හොදයි කියලා හිතෙනවා.. කොහොම හරි....... මට මේ අක්කා ගැන තියෙන හොදම මතකය තමයි එයාට උදවුවක් ඕන වුනාම මාව මුරුංගා අතතේ තියන විදිය...

"පැටියෝ ඔයා මොකද කරන්නේ?? අනේ මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද? ලොකූ හදිස්සියක් Dear.... මම දන්නවා ඔයා මට මේ වැඩේ කරලා ‍දෙනවා කියලා. අනේ මට ක්ලාස් එකේ වැඩක් කරන්න දුන්නා.. අනික් ක්ලාස් එකේ වැඩ නිසා කරන්න වෙලාවක් නෑ... අනේ කරලා දෙන්කෝ........plzzz"

ඉතින් දෙයියනේ කොහොම බෑ කියන්නද?? නිදි මරාගෙන රෑ තිස්සේ කරලා දෙනවා... හැබැයි වැඩේ කරලා දුන්නට පස්සේ අපරාදෙ කියන්න බෑ ස්තූතියත් නියමෙටම කරනවා.. හැබැයි දවසක් දෙකක් ගියාට පස්සේ.......... ඔක්කම ඉවරයි.... අඩුම තරමේ මම කරලා දුන්න වැඩේ හරිද අහන්නවත් කථා කරාට ගණන් ගන්නේවත් නෑ.... ඔන්න ඒ යාලුකම දැන් ටික ටික අඩුවෙලා දැන්නම් යාලුකමක් නැති ගානටම ඇවිත්. ඔය කියන අක්කා නිසා මම කෙල්ලෝ ගැන පොදුවේ හිතාගෙන හිටියා ගොඩාක් දේවල්.. කොහොම හරි ඒ හිතාගෙන හිටි දේවල් හිත ඇතුලේම තියාගෙන ඉන්නකොට මට මොන කරුමයක් නිසාද මන්දා ආයෙත් හොද යාලුවෙක් විදියට කෙල්ලෙක් ම සෙට් වුනා.. හෆොයි!!

දැන් ඔය හම්බ වුනා කිවුව අලුත් යාලුවත් කලින් කිවුව යාලුවාට දෙවෙනි නෑ වගේ!! රෑ වැටුනු වලේ දවාලේද නොවැටෙමි යන පරම පිවිතුරු චේතනාවෙන් තමයි මම දැන්නම් යාලුවාව ආශ්‍රය කරන්නේ..

කොහොමත් මම දැන් හැම කෙල්ලම එකම මිම්මෙන් මනින්නේ.. අසාධාරනයිනේ?

අවසානයේ මට කියන්න තියෙන්නේ මම මේක ලිවුවේ මම කළ දේ වලට මටත් කළගුණ සලකපිය කියන්න නෙවෙයි.. යාලුවෙක් ආශ්‍රය කරන එක තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ම කරන්න එ‍පෝ කියලා, විශේෂයෙන්ම කෙල්ලන්ට කියන්න.(සමහර කොල්ලන්ටත් එක්ක)

Sunday, April 11, 2010

යලි පැමිණි නුඹ.....

නොසිතූ මොහෙතක
පැමිණ මගේ දිවියට
තැනූ පෙම් මාළිගා
බිද දමා
පලා ගිය නුඹම
පැමිණ යලිත් අද
තනයි ගොඩ ගන්නට
නටඹුන් වූ ඒ අතීතය......


Saturday, April 3, 2010

තනි තරුව........

නොසිතූ දිනෙක පැමිණ
මා ලොවම එළිය කළ
සොදුරු තනි තරුව
බැස ගියා එක් දිනෙක
උරුම කර මට අදුර..


 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger