Monday, May 3, 2010

සදාකාලික වියහැකි තාවකාලික සමුගැනීමක්..

2009 ඔකතෝබර් මාසේ දවසක මම බ්ලොග් එකක් කියෙවුවා.. ලස්සනට, කියවන්න ආස හිතෙන ආකාරයට ලියලා තිබුණු ඒ බ්ලොග් එක තමයි මම මගේ ජීවිතයේදී කියවපු පළමු සිංහල ‍බ්ලොග් අඩවිය. අදටත් මම ආසාම බ්ලොග් අතරින් ඉහලින්ම තියෙන ඒ බ්ලොග් එක තමයි "පිස්සාගේ ලෝකය". මේක කියවපු වෙලාවේ ඉදලා මටත් බ්ලොග් එකක් ආරම්භ කරන්න පුදුම ආසවක් ඇති වුනා. කොහොම වුනත් මම හරිහමන් බ්ලොග් එකක් නිර්මාණය කරගත්තේ 2010 පෙබරවාරි මාසේදී....

මම බ්ලොග් දෙකක් ලියන්න පටන් ගත්තත් අන්තිමේදි ඉතුරු වුනේ මේ බ්ලොග් එක විතරයි. හිතට එන ගොඩාක් දේ මම මේ බ්ලොග් එක හරහා සයිබර් අවකාශයට දැම්මා. මට දුකක්, තරහක්, සතුටක් මොන හැඟිමක් ඇති වුනත් ඒක මම මේ බ්ලොග් එකම තමයි.... මේ ලිවිල්ල අස්සේම බ්ලොග් කියවන්නත් මම ගොඩාක්ම ආස කළ. ඇත්තටම බ්ලොග් එකක් ලිවීමටත් වඩා මම කියවන්න ආසා කළා.

ඉතින් මේ අස්සේම ඊයේ පෙරේදා දවසක මමත් සොදුරු සිතැත්තීත් එකතු වෙලා පටන් ගත්තානේ කෙටිකතා එකතුවක්... හැබැයි පුදනකොටම කාපි යකා වගේ කිහිපදෙනෙක්ම කියු පරිදි බුද්ධිමය දේපල කේස් එක නිසා මම ඒක නවත්තන්න තීරණය කළා. ඒත් එක්කම මම හිතුවා මේ බ්ලොග් එකටත් ටික කාලෙකට සමුදෙන්න. ඒ මගේ උසස්‍ පෙළ විභාගය ලඟ එන නිසා. මුණුපොතටත් තදින්ම ඇබ්බැහි වෙලා හිට් මම එකත් සීමා කරන්න තීරණය කළා.. කොහොම වෙයි ද මන්දා...... කොහොම වුනත් බ්ලොග් කියවන එක නවත්තන්න නම් අමාරුයි වගේ.. ඒක නම් මම දිගටම කරනවාමයි.....

මම කිවුවානේ මේ සැරසෙන්නේ තාවකාලික සමුගැනීමකටය කියලා.. නමුත් විවිධ හේතු නිසා මේක සදාකාලික සමුගැනීමක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මගේ ස්තූති කතාවත් මේ එක්කම කියන්නම්

මම මුලින්ම ස්තූති කරන්න ඕන පිස්සා සහෝදරයාට. මාව මුල ඉදලාම දිරිගන්වපු කෙනෙක් සහ මට මඟ පෙන්වපු කෙනෙක්. ඊළගට දුකා අයියාටත් ගොඩාක් ස්තූතියි.. දිල් අක්කාටත් ගොඩාක් ස්තූතියි.. බිඟුවා සහෝදරයා, බුද්ධි සහෝදරයා, රවෙන් සහෝදරයා, කලුවර අඩවියේ සහෝදරයා, නික් අක්කා,බුද්දජීව සහෝදරයා, ජීවිතේ මල් සහෝ,පුංචිසමනලී, හාපැටික්කී ඇතුලු මම නම් ලෙස නොකියූ සැමටට ගොඩාක්ම ස්තූතියි. මම මේතරම් කාලයක් හරි බ්ලොග් එකක් ලියුවේ ඔයාලාගේ සහාය නිසායි..

ඒ වාගේම මගේ විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕන කෙනෙක් ඉන්නවා. මම ගොඩක් දුකින් හිටි කාලෙක මුණගැසුනු මේ කෙනා නිසා තමයි මම අද සතුටින් ඉන්නේ. සයිබරයේ මගේ හොදම යාලුවා.... සොදුරු සිතැත්තී ඔයාටත් ගොඩාක්ම ස්තූතියි..

සිංහල බ්ලොග් කියවනය සහ ලාංකීය සිතුවිලි යන සින්ඩිකේටර් සහ අනෙකුත් සින්ඩිකේටර් පවත්වාගෙන යමින් සිංහල බ්ලොග් කලාවට මහඟු මෙහෙයක් කරන සහෝදරවරුන්ටත් ම‍ගේ හදපිරි ස්තූතිය පිරිනමනවා.

ඉතින් එහෙනම්,,,, සමුගන්න අවසරයි............

අන්තිමටම කියන්න තියෙන්නේ හැම දෙනාටම විශ්වාසනීය වෙනස්කම් වන සුබ අනාගතයක් කියාලා.... පුලුවන් උනොත් නැවත හමු වෙමු!





 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger