Tuesday, February 23, 2010

කලාත්මක බවේ සැගවුනු කථාවක්..෴


ෂා.... මාර ෂොට් එක... ලස්සනට අරගෙන තියනවා... අමුතුම ගතියක් තියන පිංතූරයක්...... ඔය මම කිවුවේ අර උඩින් තියන පිංතූරේ දැක්ක ගමන් ම‍ගේ හිතට ආපු අදහස් කිහිපයක්... සමහර විට ඔය වගේ අදහස් පෙලක් ඔයාල තුලත් ඇති වෙලා ඇති. පුදුමයක් නෑ. ඒ අදහස් වල ඇත්තකුත් තියනවා. කොහොම වුනත් මම දැන් කියන්න යන්නේ ටික දෙනෙක් දන්න, හැබැයි වැඩි දෙනෙක් නොදන්න මේ පිංතූ‍රය ගැන කථාව............
මේ ඉතාමත් විරල අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නේ කෙවින් කාටර් නම් ඡායාරූප ශිල්පියෙක් විසින්. 1994 වසරේ දිනකදී තමයි මේ පිංතූරය කැමරාවට හසු කරගන්නේ.... කලාත්මක පිංතූරයක් ලෙස බැලූ බැල්මට පෙනුනත් මේ පිංතූරය පිටුපස ‍ඉතාමත් අනුවේදනීය කථාවක් තියනවා....
මේ පිංතූරයේ සිටින සූඩාන් දරුවා කුසගින්නත් සමගම ඉතා අපහසුවෙන් ගමන් කරන්නේ කිලෝමීටරයක පමණ දුරින් පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ආහාර බෙදන ස්ථානයක් වෙතයි....... මේ අතර තුරදී දරුවා පිටුපසින් ගිජුලිහිනියෙකු ඇදෙන්නේ ඌගේ කුසගින්න නිවාගන්නයි. කෙටියෙන් කිවුවොත් මේ දරුවා ඩැහැගෙන ආහාරයට ගන්නයි. ඔන්න ඔය දුර්ලභ අවස්ථාව ඡායාරූප ගතකරගෙන අවස්ථාව කෙවින් කාටර්ට ලැබෙනවා. නමුත් ඡායාරූපය ගෙන අවසන් වනවාත් සමගම මේ අසරණ දරුවාව ගිජුලිහිනියා විසින් ඩැහැගනවා
1994 වසර‍රේ හොදම ඡායාරූපයට හිමි සම්මානයද මේ පිංතූරය නිසා කෙවින් කාටර් නම් ඡායාරූප ශිල්පියාට ලැ‍බෙනවා... කෙවින් කාටර්ගේ අදහස වුනේ ඔහු සම්මානය ලබාගැනීමේ අශාවෙන් මෙම ඡායාරූපය නොගෙන සිටියා නම් මෙම දරුවා බේරා ගැනීමට අවස්ථාව තිබූ බවයි. මෙම සිදුවීම නිසා කෙවින් කාටර් ඉතාමත් කම්පාවට පත් වෙනවා.. ඔහු මේ සිද්ධිය නිසා කොයිතරම් කම්පාවට පත් වුනාද කියනවා නම් සම්මානය ලැබිලා මාස තුනකට විතර පස්සේ සියදිවි නසාගන්නවා...෴










කෙවින් කාටර්

Thursday, February 18, 2010

මගේ අප්පචිචී (2)


ඔන්න..... පටන් ගත්තු කථාව ඉවර කරන්නයි හදන්නේ.. මම කලින් කථාව නවැත්තුවෙ මගේ අප්පචිචී විශ්ව විද්ද්‍යාලයට සමත් උන තැනින්.. අද එතැන ඉදලා.
ඔන්න දැන් මගේ අප්පචිචී කැමිපස් යනවා. උදේ ඉදල දේශන වල. ඉගෙන ගන්න කියලා ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බෑනේ. සල්ලි නෑ කියලා ලැබුණ අවස්ථාව නැති කර ගන්නත් බෑනේ..ඉතින් අප්පචිචී දේශන නැති වෙලාවට සුපුරුදු රැකියාවට යනවා. දේශන තියන දවස් වල ඒවා ඉවර වෙලා වැඩට යනවා. දවසට නිදාගන්නවත් වෙලාවක් නෑලු.. ‍අප්පච්චීට හිටපු ලොකුම හයිය තමයි අර කලින් කියපු අප්පච්චීගේ උසස් අධ්‍යාපනයට මග පාදපු උසස් නිළධාරියා.අධ්‍යාපන කටයුතු වලදී අප්පචිචීට ඔහුත් මූල්‍යමයව ගොඩාක් උදවු කරාලු.ඔහොම කාලය ගතවෙලා විශ්ව විද්ද්‍යාල අධ්‍යාපනය බෝහෝ දුරට නිම වෙමින් එනකොට අපේ අප්පචිචට හැදෙනවා පොඩි පිස්සුවක්.. අද අප්පවිවී කියන හැටියට ජීවිතයේ ගත්ත මෝඩම තීරනය මෙ පිස්සුව නිසා හදිස්සියේ ගත්ත තීරණයලු. පිස්සුව තමයි පිටරට රස්සාවන්‍කට යෑම. ගත්තු මෝඩ තීරණය තමයි අධ්‍යාපනය අත ඇරලා රට යන එක. ඒ තීරණය ඒ විදියටම සිද්ද වුනා.
කොහොම වුනත් අධ්‍යාපනය නවත්තල රට රස්සාවකට ගිය එක හොදයි කියලයි මට හිතෙන්නේ. අවුරුදු ගානක් විවිධ රටවල් වල වැඩ කරපු අප්පචිචී ලංකාවට එන්නෙ යමි තරමක බර කාරයෙක් වෙලා. ලංකාවට ඇවිත් ලංකාවෙ තියන පිටරට සමාගමක වැඩට යනවා. රස්සාව බර වාහන රියදුරු. ටික කලකින් ඒ සමාගමෙම සැහැල්ලු වාහන රියදුරු. අප්පචිචී කියන හැටියට නමි ඒක උසස් වීමක්ලු. අනේ මන්දා......... තවත් ටික කලක් යනකොට ගබඩා පාලන සහයක. අධ්‍යාපන කටයුතු හොදින්, තරමක් දුරට හරි කරල තිබුණු නිසා අප්පච්චීට උසස් වීම් ලබාගන්න අපහසු වුනේ නෑ. අප්පචිචීට ඊළගට හම්බ වුනේ ප්‍රධාන ගබඩා පාලක තණතුර.. අද වෙනකොට අප්පච්චී වැඩ කරන සමාගමේ ප්‍රධාන ප්‍රවාහන නිළධාරී තණතුර මගේ අප්පච්චීට ලැබිලා තියනවා.. අකුරට නීතියට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය නිසා සමහර සේවකයෝ නම් අප්පච්චීට කැමති නෑලු. ඕක ‍ඉතින් ලංකාවේ හරියට වැඩ කරන හැම මනුස්සයටම මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්නේ.....
අප්පච්චීගේ දියුණුවේ කථාව කෙටියෙන් ඔන්න ඔහොමයි. සමහර විට මට නොකියපු දේවලුත් ඇති.......කොහොම වුනත් මගේ අප්පච්චීගේ උත්සාහය නිසා එයාට ගොඩක් දේවල් ලැබිලා තියනවා.. මම අද ගෙදරට වෙලා සැප පුටුවක වාඩි වෙලා computer ඉස්සරහට වෙලා blogs ලියන්නේ මගේ අප්පච්චීට පිංසිද්ධ වෙන්න. අප්පච්චීගේ උත්සාහයක් නැතුව හිටියනම් අර මම කියපු අප්පච්චීගේ මුල්ම රස්සාව, පෝරනුවේ රස්සාව අද කරන්න වෙන්නේ මට........... මට එහෙම වුනා නම් blogs ලියනවා තියා blogs කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති වෙයි... මමත් දුප්පත් නිකංම නිකං කොල්ලෙක් වෙයි.........
අන්තිමට මට කියන්න තියෙන්නේ මගේ අප්පච්චීට තවත් දියුණු වෙන්න ලැ‍බේවා කියලත් මට මේ හැම දෙයක්ම ලබා දුන්නාට බොහෝම පිං කියලත් තමා......

Wednesday, February 17, 2010

මගේ අප්පචිචී (1)

.::පිස්සා::. සහෝදරයගේ මගේ අමිමා සටහන කියෙවුවම හිතුනා මටත් මගේ අප්පචිචී ගැන කියන්න. ඒ වුනත් මගේ මෙම සටහන මගේ අමිමා සටහන තරමි හැගීමිබරවත්, වැදගත්වත් නොවෙන්නත් පුලුවන්..... ඒක ඔයාලම කියවල බලල තීරනය කරන්න.. මගේ අප්පචිචී හරිම පුදුම මනුස්සයෙක්... ඔය මට නිතරම හිතෙන දෙයක්... එක අතකින් බැලුවම එහෙම හිතෙන එකෙත් වරදක් නෑ. මගේ අප්පචිචී ඉපදුනේ බොහොම දුප්පත් පවුලක.. හත්දෙනෙක් හිටපු පවුලෙ හය වැන්න වෙන්න ලැබුණ එක නමි අප්පචිචී කියන විදියට ලොකු වාසනාවක්ලු... හැබැයි ඒකට හේතුවක් මම තවම දන්නෙ නමි නෑ. හගුරන්කෙත ගම උන මගේ අප්පචිචීගේ පවුල රැකුනෙ තේ වතුවල වැඩ කරල ලැබුන සොචිචමෙන්ලු. කොයිතරන් අගහිගකමි තිබුනත් තමන්ගේ දරුවන්ගේ ඉගනීම කඩාකප්පල් කරන්න ‍කිසිම දෙමවුපියෙක් කැමති නෑනේ... ඒ වගේ තමයි ම‍ගේ අත්තමිමයි සීයයිත්.. කොහොම හරි දරුවන්ට උගන්නවුවා. කොහොම හරි සාමාන්‍යපෙළ සමත් උන මගේ අප්පචිචී රස්සාවක් හොයන්න පටන් ගන්නවා... අන්තිමට මගේ අප්පචිචීට නියම රස්සාවක් ලැබෙන‍වා.. (ඒක නියම රස්සාවක් කියල කියන්නෙ අප්පචිචීමයි. හැබැයි මට නමි හීනෙන්වත් කරන්න බැරි ‍වෙයි ඒ රස්සාව) රස්සාව තමයි යකඩ බඩු හදන තැනක පෝරනුවේ වැඩ කරන එක. අප්පචිචීට කරන්න තියෙන්නෙ අචිචු වලට දාල දෙන උණු කරපු යකඩ පෝරණුවට ‍දාන එක සහ නියමිත වෙලාවට එලියට ගන්න එකයි... හරිම සරල රස්සාවක් නේද?? එහෙම තමයි මටත් හිතුනෙ මුලදී...... පෝරණුව ඇතුලෙ උෂ්ණත්වය මට මතක විදිහට අංශක 300-400ක් විතර වෙනවලු. ඒකනමි කොහොම හරි ඉවසන්න පුලුවන් කියමුකෝ... ඒ වුනත් දිය වෙනකන් රත් කරපු ලෝහ ඇගට වරින් වර වැටෙනකොට කොහොමද සැප???? ඔහොම කාලයක් යද්දී මගේ අප්පචිචීගේ ජීවිතයට ගොඩක් වැදගත් උන කෙනෙක් හමිබ උනා. ඒ අපේ අමිමා නමි නෙවෙයි. වැඩ කරපු කර්මාන්තශාලාවෙ ඉහල නිලධාරියෙක්. මගේ අප්පචිචීගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. හරියටම කිවුවොත් අප්පචිචී ආයම ඉගෙන ගන්න පටන් ගත්තා. අප්පචිචීට මුණගැහුන ඒ නිළධාරියා අමතර රැකියාවක් ලෙසට ඉංග්‍රිසි ඉගැන්නුවලු. (අද මටත් ඉංග්‍රිසි උගන්නනවා... හික්.. හික්..) ඉතින් ඔය ඉංග්‍රිසි පංතියක හිටිය ළමයෙක්ගේ සටහන් පාඩමි කරල අපේ අප්පචිචී උසස් පෙළට මුහුණ දෙනවා... නියම වැඩෙ කියන්නෙ උ/පෙ සමත් වෙනවා විතරක් නෙවෙයි, කැළණිය විශ්ව විද්ද්‍යාලයටත් ඇතුල් වෙනවා......................
ඉතිරිය මම පස්සේ කියන්නද?? ඔක්කම එක දිගට කියවන්න ඔයාලටත් එපා වෙයි නේ....... අදහසක් තියනවනමි කියන්න අමතක කරන්නත් එපා.
බුදු සරණයි!!!!!

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger