Wednesday, March 31, 2010

මගේ නරකම නරක සුරංගනාවිය....

මම කොයිතරම් ආදරේ කළත්,
මට ගොඩාක් රිද්දන,
මට පොඩ්ඩක්වත් ආදරේ නැති,
මම කොයිතරම් හොයා බැලුවත්..
මට කොහොමදවත් අහන්නේ නැති..
නරකම නරක
මගේම පුංචි සුරංගනාවියේ....
ඇයි මම තවමත්..
මේ තරමටම........
ඔයාට ආදරේ??????
කියා දෙන්න මට..........
දැන්වත්......



Sunday, March 28, 2010

ඔබේ සිනා ලග.....

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කථා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි//
මේ ලෝ තලයේ......

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා......

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ ‍පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්..
ඉමක් කොනක් නැති අ‍කාසේ තරු පායා එනසේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා..

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා......

මේ සිංදුවේ ගුණදොස් කියන්න මම දස්සයෙක් නෙවෙයි.. ලගකදී ඉදලා මම ගොඩාක්ම ආස සිංදුවක්.. මම වගේම තවත් ගොඩාක් අය මේ සිංදුවට කැමති ඇති.. ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහ මහත්මයා. සිංදුව බාගන්න ඕන අය මෙතනින් ගන්න..


Saturday, March 27, 2010

සිතුනිද ඔබට??

රන්වන් හිරු එළිය..
දිදුලන සිතිජ ඉම...
සුන්දරද දකින්නට...
සොදුරු මේ මොහොත..
නමුත්.............
සිතුනාද ඔබට කවදාවත්ම..
දකිනා පෙරනිමිති සුභ වුවද..
එළඹෙනා නවමු හොරාව..
ගෙනෙනා බව
ලොවටම..
මහා ඝණ අදුර.........

Friday, March 26, 2010

මං දැන් දන්නවා....

හීන් සීරුවේ හිත් පොඩියට එබී බලා
සීත හැන්දෑවේ ලගට තුරුලු වෙලා
ආදරේ කිය කියා
අහස දිහා බල බලා ඉන්න තිබුනා නම්
ඒත්.........
තියන ආඩම්බර කමක තරම
නොදැක්කා වගේ හොරහින් බලා
අහක බලං ගිය හැටි
කමක් නෑ
කොච්චර අහක බැලුවත්
ඔය හිත් පොඩිය ඇතුලේ
මං වෙනුවෙන් පුංචිම හරි
ඉඩක් තියනවා කියලා
මං දැන් දන්නවා...............



Wednesday, March 24, 2010

හොරු පැනලාද?

අනේ දෙවියනේ මට වුන වියෝයා.....
මගේ comments හොරු අරගෙන ගියෝයා...

මාර වැඩක් මට වෙලා තියෙන්නේ... මම ඊයේ මගේ බ්ලොග් අච්චාරුව අලුත් බෝතලේකට දැම්මා.. ඒ කියන්නේ මගේ බ්ලොග් එකට අලුත් template එකක් දැම්මා... දැම්මාම තමයි... එක ඇතුලේ හොරෙක් ඉදලද කොහෙද... මගේ ස‍ටහන් වලට තිබුණු ඔක්කම comments නැති වෙලා... සිස්... මාර දුකයි වැඩේ..

මගේ බ්ලොග් සටහන් වලට comments දාපු සහෝදර සහෝදරියෝ ඔක්කලාම මට සාමා වෙන්න ඕනේ......... නැවත මෙවන් අතපසුවීම් නොවීමට වග බලා ගන්නා බවට දිවුරා පොරොන්දු වෙමි....

කවුරු හරි දන්නවා නම් ඒ comments ආය ගන්න විදියක් කියලාම යන්න......




Tuesday, March 23, 2010

ඔබෙන් එක මොහොතක් මට දෙන්න......

ආද‍රේ..
පිනි පොද වැස්සේ..
පෙම්වතුන්ගේ රිද්මයට......
ආදරයේ පියවර තියන්නට.....
ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්න
සිහිල් සුළං රැල් මට විදින්න....
ඔබෙන් එක මොහොතක් මට දෙන්න //

හිත පුරා ඔබව දකින්න...
හිත පුරා ඔබව විදින්න.....
නිදන තුරා ඔබව නලවන්න.....
ඔබෙන් එක මොහොතක් මට දෙන්න //

ආදරේ
කුලුදුල් රාත්‍රියේ.....
සුළගට මුසුකළ හාදුව.....
දෙතොලේ සිහිවටනය කරගන්න..
රිද්මය නැති ජීවිතයට පණ පොවන්න....
ළයට තුරුලු කරගෙන ආදරෙ කොදුරන්න..
ඔබෙන් එක මොහොතක් මට දෙන්න //

හ්ම්.... මගේ හිතට දැනුන සිංදුවක්.... අහලා බලන්න.....



බාගන්න ඕනේනම් මෙන්න
(තිළින ධනුෂ්ක)

Friday, March 19, 2010

ඉරඋඩ රේඩියෝ....


හලෝ යාලුවනේ.................. මගේ බ්ලොග් අච්චාරුව පැත්තට ආව අය සාදරයෙන් පිළිගන්නවා. අනංමනං කිය කියා ඉදලා අද මම කියන්න යන්නේ මට හම්බ වුන පොඩිපහේ මෘදුකාංගයක් ගැන. මේකෙන් කෙරෙන්නේ ඉරඋඩ ගුවන් විදුලිය (Online radio) අහන එක.
Screamer Radio තමයි නම. ලෝකය පුරා විකාශය වෙන ගුවන් විදුලි නාලිකා 100ට වැඩි ප්‍රමාණයක් මේ මෘදුකාංගය මගින් අහන්න පුලුවන්. ලංකාවේ නාලිකාත් දෙක තුනක් තියනවා. හැබැයි ලංකාවේ අනිත් සමහර වැඩ වගේම තමයි.... හරියට වැඩ කරන්නේ නෑ...
වැඩි කථා ඕන නෑ.. වැඩිය මේක ගැන කියන්න දෙයකුත් නෑ.. 1.61mb ක් විතරයි. ඔන්න එහෙනම් බාගන්නකෝ





ඒකත් එක්කම මම අද දැක්කා "Chrome/Firefox browser එකෙන් TV බලන්න" කියලා eබුවාගේ සටහනක් තියනවා. මමත් පොඩි try එකක් දැම්මා. එළකිරි වගේ වැඩකරා Chrome එකට නම්. මම firefox නම් කරලා බැලුවේ නෑ. ඒකටත් ගිහිල්ලම බලන්න.
මේ වගේ ඉරඋඩ radio අහන්න TV බලන්න පුලුවන් මෘදුකාංග ඔයාලත් දන්නවානම් කියලා යන්න අමතක කරන්න එපා.
ඔන්න මම ගියා.. පස්සේ හම්බ වෙමු.....................

Thursday, March 18, 2010

ඊ ලියුම් ඉස්සරහට කිරීම..

ඊ ලියුන් ඉස්සරහට (Forward කිරීම) යැවීම අද වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ වැඩක් නේ. උදාහරණයකය කිවුවොත් හොද ළමයා ලස්සන පිංතූර තියන ඊ ලියුමක් ළමයාට එවනවා. ඔය ලියුම උඩින් පල්ලෙන් බලන ළමයා හැරෙන තැපෑලෙන් ඕක නරක ළමයාට ඉස්සරහට කරනවා. ඕක ගොඩක් අය කරන දෙයක් නේ. අපි ඔය ඉස්සරහට දාන ලියුන් වල තියන දේ ගැන ටිකක් හිතලා බැලුවාද? ඕවාගේ තියන දේවල් ගැන?
මට මේ ලගදී ඊ ලියුමක් ආවා ඔන්න ඔය මාතෘකාව ගැන පොඩි විස්තරයකුත් එක්ක. මම කියන්න යන්නේ ඒකෙන් උපුටා ගත්ත කරුණු ටිකක්. මම ඒකේ තියන වචන ටිකම කියන්නම් කෝ......
"සුද්දන්ට කොහේ හරි කෙල වුනාම ඒක වහගන්න මොකක් හරි ලඩ්ඩක් මවලා එවනවා. අපිත් පොරවල් වෙන්න හරක් වගේ ඒවා අපේ උන්ට ‍‍‍ෆෝවඩ් කරලා උන්ට නොමිලේ ප්‍රචාරනය අරං දෙනවා. සුද්දෝ තමයි පොරවල් කියලා ඉදිරි පරපුරට මේ දීන මානසිකත්වය පතුරවනවා. අන්තිමට සුද්දන්ට ආවඩන අපේ සංස්කෘතියට ගරහන නිවට රැලක් ඉබේම බිහිවෙනවා. අපේ රටවල් වලට ඇවිත් උන්ට ඕන විදියට අපිව හසුරවන්න පුලුවන් පරිසරය හදා ගන්නවා. ප්ලේන් එක කඩාවැටිච්ච එක වහ ගන්න ඒක ගොඩගත්ත පුරසාරම පෙන්නනවා. කකුල් දෙකම නැතත් සතුටින් ජීවත් වන සුද්දියන්ගේ ඊ මේල් කියක් අපි අතින් ෆෝවඩ් වෙලා ඇතිද? රුසියාවේ මිනිස් අවයව විකුණන හැටි චීනයේ මිනිස් කළල සුප් බොන හැටි ඉරනේ ළමයෙකුට අමානුෂික දඩුවම් දෙන හැටි ගැන හදපු බොරු ඊ මේල් කීයක් අපි අතින් ෆෝවඩ් වෙලා ඇතිද?"
ඔය මට ලැබුණු ලියුමේ තිබුණු විදියටයි කිවුවේ.. මේ කථාවේ ඇති වරදකුත් නෑ වගේ මට නම් පෙනෙන්නේ. හැබැයි ඔය කියන දේවල් වලින් තොර ඊ ලියුම් අපිට ඕන තරම් ලැබෙන්නේ. ඇතැම් ඒවාගේන් ඉතා දුර්ලභ පිංතූර තොරතුරු වගේ දේවලුත් අපිට ලැබෙනවානේ. කියන්නකෝ බලන්න ඔයාලාගේත් අදහස්...



Tuesday, March 9, 2010

නැතුව නැතුව..........

ටික දවසකට පස්සේ ඔන්න. විදේශීය කුමන්ත්‍රණයක් නිසා මගේ අන්තර්ජාල සබදතාව බිද වැටිලා තිබුණේ. ඊයේ තමා යන්තන් හදාගත්තේ. කොහොම හරි අනංමනං ලිය ලියා හිටපු මට අද උදේ බාගෙට නැගිටිනකොටම හීනෙන් වගේ පොඩි කථාවක් මතක් වුණා. අනේ මන්දා ලියන්න හොද කථාවක්ද කියලා.

අහන්න ලැබුනේ සා/පෙ ට අහුවෙලා හිටපු කාලේ. කිවුවේ කවුද මතක නම් නෑ. දන්නවනේ ඔය කාලේ අහන්න ලැබෙන කථා වල තරම. ඔන්න එහෙනම් මම කියනවා හරිද...

ඔන්න ටිකක් නගරයෙන් ඈත තිබුණලු ගමක්. ඔය ගමේ ටිකක් පාලු තැනක තිබුණලු ගෙයක්. ගෙදර ලග වෙන ගෙවල් තිබුණා ද කියලා නම් මතක නෑ. තියෙන්න නැතුව ඇති. කොහොම හරි ඔය ගෙදර හිටියාලු වයසක් අත්තම්මා කෙනෙකුයි, එයාගේ දුවයි, මිණීබිරියයි.

දවසක් මේ තුන් දෙනාට මාර සීන් එකක් වෙනවා ඔන්න. දවසක් මහ රෑ හොරු තුන්දෙනෙක් හොරු වගේ එනවා. මාර සීන් එකනේ. හොරු හොරෙන්ම ගේ ඇතුලට ඇවිත් තියෙන තියෙන බඩු ටිකට ෂොට් එක දෙනවා. ඔය අස්සේ එක හොරෙක් දකිනවා මිණිබිරී. "අම්මට සිලි මාල බඩ්ඩනේ" කියලා මේ හොර හොර නායකයාට කියපි...

හොර නායකයාත් ඔන්න ඇවිත් බලනවා මේ මාර බඩ්ඩ දිහා. "සිස් මාර පාරනේ" කියලා හිතන කොටම හොර නායකයාට එනවා නෝටි අදහසක්. හොර නායකයා අනික් හොර කොල්ලාට කියනවා අපි ගමු පොඩි ආතල් එකක් කියලා.

හොරා- බොස් මේ පොඩි කෙල්ලට ගේම දෙනවාද?
හොර බොස්- නැතුව නැතුව.......

ඔන්න හොරු සෙට් එක මිණිබිරීට කරන්න තියෙන වැඩ ටික කරලා ඉවර වෙනකොට දකිනවා කෙල්ලගේ අම්මාව.

හොර- බොස් මේකිගේ අම්මා ඉන්නවා.. මොකද කියන්නේ?? ‍මේකිටත් ගේම දෙමුද?
හොර බොස්- නැතුව නැතුව.......

ඔන්න ඉතින් දැන් අත්තම්මාගේ දුවටත් වැඩේ හරි.. හොරකන් කරපු බඩු ටිකත් එකයි හොද ෆන් එකකුයි අරගෙන හොරු සෙට් එක ගෙදරින් යන්න යනකොට ඇහෙනවා ගෑණු කෙනෙක් ටිකක් හයියෙන් කහින සද්දයක්. හොරු ටික හොල්මන් වෙනවා.

හොර බොස්- බලපන් යඛෝ ඛවුඩ ඉන්නේ කියලා...

පෙඩ්ඩක් බලද්දී මෙන්න ‍යකෝ වයසක ආත්තම්මා ඉන්නවා.

හොරා- බොස් ආත්තම්මෙක් ඉන්නවා. මොකද කරන්නේ ගේම දෙමුද??

හොර බොස් මේක ඇහුනේ නෑ වගේ ඉන්නවා. ආයෙත් අහනවා.. බොසා නෝ කථා. හොරාටත් ටිකක් මල පනිනවා. "ඇයි බොල මේ ගෙම්බට කන් ඇහෙන්නේ නැද්ද?" කියලා හිතෙන්න ඇති.......

හොරා- ඈ බොල බොසෝ ආත්තම්මා ඉන්නවා... ගේම දෙමුද??
ආත්තම්මා- නැතුව නැතුව කොල්ලො..............

ඔන්න ඔහොමයිලු සිද්ද වුනේ... මම මේක කියපු එක හොද නැත්තන්, ගැලපෙන්නේ නැත්තන් මට සොරි වෙන්න ඔනි.......

Wednesday, March 3, 2010

ලැජ්ජයි, දුකයි!!

මේ දවස් වල පරණ CD එකක් ආයෙත් play වෙන්න පටන් අරගෙන. ජනාධිපතිවරණයේදී සුවිශේෂි කාර්යයක් කළ මේ CDඑක ආය වැඩට බැහැල තියෙන්නේ මහ මැතිවරණයට.. CD එක තමයි "අපි යුද්ධය අවසන් කළා" කියන එක.. ඇත්ත. අපිටත් හරිම සතුටුයි. මම අද කියන්න යන්නේ දේශපාලනය ගැනවත් යුද්ධය ගැනවත් නෙවෙයි. ඔය ඉවර කළ යුද්ධ‍යේ ඉතිරි වුනු වෙනත්ම ආකාරයේ කුණු ගොඩක් ගැන. ඒ තමයි යුද්ධය පවති කාලයෙත්, පසුවත් අන්තර්ජාලයට එක් වු ශ්‍රී ලංකාවට විරුද්ධ, කොටි හිතවාදීන්ගේ විවිධ වීඩියෝ ගැන.
මේ දවස් වල ලංකාවේ විශේෂ පිරිසක් අන්තර්ජාලය ගැන අවධානයෙන් ඉන්නවාලු. රජයට විරුද්ධව වැඩ කරන අය අල්ලන්න. මමත් කැමතීයි ඒකට. කොහොම වුනත් ඔය වගේ අයගේ අවධානය යොමු වෙන්න ඕන තවත් දෙයක් තමා ලංකාවට අපහාස කර අන්තර්ජාලයට වීඩියො එක් කරන පිරිස් හා දැනට එක් කර තියෙන වීඩියො. මෙම වීඩියෝ ඉවත් කිරීම නම් ලේසි වෙන එකක් නෑ. කොහොම වුනත් වගකිවයුත්තන් මේවා සම්බන්ධව කිසිම පියවරක් ගත්ත බවක් මම නම් දන්නේ නෑ.
youtube එකේ ලංකාව ගැන සෙවුමක් දැම්මොත් මේ වගේ දේවල් ඕන තරන් හොයාගන්න පුලුවන්. තියන වීඩියෝ දකිනකොටත් මාර දුකක් ඇති වෙන්නේ. ඔන්න එක උදාහරණයක් දෙන්නම්.




මේ වගේ තවත් දහස් ගණනක් වීඩියෝ අන්තර්ජාලයේ ඇති. මේ මඩ ගහලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා‍ට පමණක් නොව ලාංකීය සියලුම දෙනාට බව මතක් කරන්න ඕන. ශ්‍රී ලාංකීය අපි දැන්වත් මේ දේවල් සදහා විසදුමක් හොයන්න ඕන. නැත්තන් අපේ අභිමානයට මොකද වෙන්නේ? වෙනත් රටකටවත් ලැජ්ජාවක් නැතිව යන්නේ කොහොමද? අපේ රට ගැන ජාත්‍යන්තරයේ කොහොම ප්‍රතිරූපයක් නිර්මාණය වෙයිද?
අදත් ක්‍රියාකාරීව පවතින youtube channel එකක් මට හම්බ වුනා. පවත්වාගෙන යන්නේ බංගලාදේශයෙන් කියලා තියෙන්නේ. දුක කියන්නේ ලංකාවේ සිංහලයොත් මේකට සම්බන්ධ වෙලා තියන එක.(ඇතැම් විට සිංහල දන්නා පර ජාතිකයෙක් වෙන්නත් පුලුවනි) මේවා අන්තර්ජාලයට එක්කරන බල්ලෝ අපි ගැන මොනවා හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ. උඩ තියන ව්ඩියෝ එක දාලා තිබුනේ BadGovernmentHasSL නම් youtube channel එකෙන්. ඔය channel එකට මීට සති 2ට කලිනුත් අලුත් වීඩියෝ එකක් දාලා තිබුණා. ඒක නිසයි මම කිවුවේ මේවා තවමත් ක්‍රීයාකාරී කියලා.
අන්තර්ජාලයේ පවතින මෙවැනි කණ්ඩායම් ඉවත් කිරීමට අපිට මොනවාද කරන්න පුලුවන්? මම නම් ඇත්තටම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න. අපි ඒ දේ කරමු. මම අනිවා මුලින්ම ඇති. මේක කියවන හැම ශ්‍රී ලාංකිකයෙක්ම හිතලා බලන්න අපිට වෙලා තියන ලැජ්ජාව, අපහාසය ගැන. නිසි පියවරක් ගන්න දැනටත් ප්‍රමාද වැඩි. කමක් නෑ. මොනවා හරි කරලා අපේ මවුබිමට අපහාස කරන මේ පිරිස් නවත්තන්න ඕනේ.
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger