Saturday, April 3, 2010

තනි තරුව........

නොසිතූ දිනෙක පැමිණ
මා ලොවම එළිය කළ
සොදුරු තනි තරුව
බැස ගියා එක් දිනෙක
උරුම කර මට අදුර..


9 ප්‍රතිචාර:

දිල් said...

ආදරේ අපේ ලගින් තියෙද්දී අපේ ලෝකය මොනතරම් එළියද ? දීප්තිමත්ද ....ඒත් ආදරය අපිව දාලා ගියාම....

විරහව අපූරුවට පද කරලා.....හිතට දැනුන නිර්මාණයක්

``` Outsider``` said...

පොළොවේ සිට
පෙම් කලද තරු වලට
සියඵ තරු බැසයයි
එයයි පවතින නියාමය
බැසගිය තරු සලකුණෙහි
අලුත් තරුවක් නැගෙන්නට
ඉඩදෙන්න හෙමිහිට...

Anonymous said...

මිතුර,
අවැසිනම් බැස යන්න
තරුව හට ඉඩ දෙන්න..
අදුර නුඹ වෙලාගෙන
කාලයට ඉඩදෙන්න..

චතුවා said...

දිල් ඇත්තටම ආදරය අහිමි වුන දවසට අපි මේ ලෝකයේදීම ඝණ අදුරකම තනි වෙනවා නේද?

ස්තූතියි ඔයාට!

.................................

අලුත් තරුවක් නැගෙන්නට
ඉඩක් නැත දැන් මා ලොව
හුරු වෙලා මං අදුරට
එය සැපයි මට සදහට....

ස්තූතියි ``` Outsider```

.................................

සොදුරු සිතැත්තියේ,

අවැසි වූ විට ඒ තරුවට
ඉඩ දුනිමි මා බැසින්නට
දුන්නු ඉඩ මම කාලයට
ගෙවී ඇත දැන් නොඑන්නම

ස්තූතියි ඔයාටත්..........

ජීවිතේ මල් said...

කාලය යලිදු නො එයි
එය නො එන තරමටම හොඳයි...
වර්තමානය තුල දුකක් දැනුනත්
අනාගතය අඳුරට නො යයි...

තරුව බැස යනු ඇත
අඳුර ඇත , එය හෙට නැත
එයයි ලෝ දම හිතවත
වෙනස් වෙයි පුහුදුන් සිත...

ක්‍රිශාන් said...

නැග එවි තවත් තරුවක්
නුඹේ ලොව එලිය කරන්නට..
ඉඳින් නුඹේ ලොවට ඒ
තරු කැකුල පායන තුරු

චතුවා said...

ජීවිතේ මල්... එහෙම වුනොත් නම්.. ඒ වුනාට.....

ස්තූතියි ක්‍රිෂාන් සහෝ...

අහිංසකි said...

උරුම වු අදුරේ
එළියක් සොයා
යන්න යමු
අපි පියඹලා...

චතුවා said...

යමු යමු..... :D ටැන්කූ වේවා අදහසට...

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger