Saturday, January 29, 2011

ඔහු වෙනුවෙන් නුවර අපි...!

Blog post 49ක් ලියලා මම මේ ලියන්නේ 50වෙනි පෝස්ට් එක. ඒක හා පැටික්කිට වගේම මටත් විශේෂයි. ඒ වුනාට 49වෙනි පෝස්ට් එක ලියලා මම හිතාගෙන හිටියේ මම ආයෙත් මේ බ්ලොග් එක ලියන්නේ නෑ කියලා. ඒ වුනාට අද මම මේ පෝස්ට් එක ලියන්නේ අපේම සහෝදරයෙක් වෙනුවෙන්. සිංහල බ්ලොග් අවකාශයේ හරි හරියට බ්ලොග්කරණය කළ බොහෝ දෙනෙක් දන්න, බොහෝ දෙනෙක් ප්‍රිය කරන ඉලංදාරියා වෙනුවෙන්...






යාලුවෝ හම්බ වෙන්න  නම් එයාලා මුණගැහිලා කතා කරන්න ඕනෙ වෙලා තිබුණ කාලේ අහවර වෙලා දැන් තියෙන්නේ ඩිජිටල් ලෝකයේ මිතුරු හමුවක්. ඒ වගේ මට ලැබුණු මිතුරෙක් තමා ඉලංදාරියත්. කොහොම වුනත් මට මතක විදියට අද වෙනකම් මමත් ඉලංදාරියත් මූණුපොතේදීවත් කතා කරලා නෑ. හැබැයි මම ‍ඉලංදාරියාගේ බ්ලොග් එකනම් කියවනවා. ඒ හරහා ඉලංදාරියා හදුනාගත්ත කෙනෙක් මම. අමුතුවෙන් කියන්න ඕනි නෑ. අද බ්ලොග් අවකාශයේ ‍බොහෝ දෙනෙක් දන්නවා අපේ ඉලංදාරියාට උදව්වක් අවැසි වෙලා තියෙන විත්තිය. ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා‍නම් ඉලංදාරියාගෙන්ම දැනගන්න පුලුවන් මෙතනින් ගිහින්.


බොහෝම හොඳ හදවතක් තියෙන මිනිස්සු මේ ‍බ්ලොග් අවකාශයේ ඉන්නවා කියලා මම හොඳින්ම තේරුම් ගත්තේ මම කලින් දවසක ඉල්ලාගෙන කෑමෙන් පසු දැම්ම පෝස්ට් එකක් නිසා. ඉතින් ඒ වගේ අය මේ වෙනකොටත් සිංහල බ්ලොග් ලියන බොහෝ දෙනෙක් ඉලංදාරියා වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. තමන්ට පුලුවන් උපරිමයෙන් ඒ අය උදව් කරයි කියන බලාපොරොත්තුව මගේ ලගත් තියෙනවා. කොළඹ පැත්තේ ඉන්න අය නම් Car wash එකක් කරලා මේ වැඩේට දායක වෙන්න සැළසුම් කරලා තියෙනවා කියලයි ආරංචිය. ඉතින් නුවර ඉන්න අපිත් යමක් කරන්න කියලා තමා මේ උත්සාහ කරන්නේ. ඒත් අපිට පොඩි ප්‍රශ්නයක්..!


නුවර පැත්තේ ඉන්න සයිබර් අවකාශයේ අපේ යාලු මිත්‍රයෝ ටික එකතු කරගන්නයි ඕනේ දැන්. මම අද මේ ලියන බ්ලොග් පෝස්ට් ‍එකේ මූලිකම අරමුණත් ඒක. මේ වෙනකොට නුවරින් මමත් සුදුහංසි අක්කා සහ ප්‍රියන්ත අයියා එකතු වෙලා උත්සාහ කරනවා අපිට කරන්න පුලුවන් දෙයක් කරන්න. ඉතින් මේ වැඩේ වඩාත් සාර්ථක කරගන්න හැමෝගෙන්ම සහාය අවශ්‍යයි. නුවර හෝ ඒ ආසන්න පලාතක ඉන්න බ්ලොග් ලියන ඔබ, බ්ලොග් කියවන ඔබ අපිත් එක්ක අත්වැල්බැඳ ගනීවි කියලා විශ්වාස කරනවා. 


ඉතින් මේ වැඩේට මහනුවරින් සහාය වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් chaturanga87@gmail.com මගින් මාව හෝ priyantha.ab@gmail.com ප්‍රියන්ත අයියාව සම්බන්ධ කරගන්න. ඒ වගේමයි.. විශේෂයෙන්ම නුවර ඉන්න අපිට ඉලංදාරියා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවානම්, අපිට මේ සඳහා දායක වෙන්න මුදල් ලබාගන්න පුලුවන් ආකාර ගැන යෝජනා තියෙනවානම් ඒ ගැනත් කියන්න... ඒක අපිට ලොකු අත්වැලක් වේවි අපේ කාර්ය්‍ය සාර්ථක කරගන්න..


අපි එකතු වෙලා අපේ ඉලන්දාරියා වෙනුවෙන් කරන්න පුලුවන් උපරීමය කරමු..!
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger