Monday, June 21, 2010

මකා දැමූ ළමයාගෙන් පාපොච්චාරණයක්!

කොහේදෝ සිට පැමිණි ඇය.. වෙහෙස වී නැවතත් රටා තියා ඇමඳූ මගේ හද මලුව අතීත පිය සටහනින් හැඩි කරගන්නට අකැමැති නිසා පැය ගානක් වෙර දරා කළ පාපොච්චාරණය ඇසිල්ලකින් මකා දැමුවෙමි.......

සමාවෙන්න ළමයාට..................




Saturday, June 19, 2010

හෙල්ප් ප්ලීස්!!!

කලින් පෝස්ට් ‍එකෙන් පොර ටෝක් දුන්න මම ආය පොඩ්ඩක් ආ‍වා ඔයාලාව බලලා යන්න.... ‍හේතුනම් කීපයක්ම තියෙනවා.... විභාගෙටත් තව ටික දවසක් තියෙනවා.......... හැබැයි ඉතින් ළමයාගේ පාඩම් කෙරිල්ලේ තරම දන්නෝ දනිති කිවුවලු.... එහෙම කිවුවට නොකලාමත් නෙවෙයි... මං අද මේ හදිස්සියේම මේ පැත්තේ ආවේ ඔයාලගෙන් අහන්න පොඩි පුරස්න දෙකක්.... ඇත්තම කියන්නම් මට පොඩි උදවු දෙකක් ඕනි වෙලා තියෙන්නේ...

ඔන්න පලමු කාරණය.... මට දැන් හොරෙක් වෙලා ඉදලා එපාම වෙලා.... අවුරුදු දෙකක් තිස්සේ කලේ හොරකමමනේ.... ඉතින් දැන්වත් මට හොද ළමයෙක් වෙන්න ඕනි... ඒ කියන්නේ ජනේලෙ හොර කොපි පාවිච්චිය අතඇරලා දාලා නිදහස් ලොකෙට එන්න ඕනි... මමත් ඔන්න කුබුන්ටු පාවිච්චියටයි සැරසෙන්නේ... ඉතින් දන්න කෙනෙක් ඉන්නවානම් කරුණාකරලා කියලා දෙනවාද SLT ADSL සම්බන්ධතාවය කුබුන්ටු මත හදාගන්නේ කොහොමද කියලා........ මම ඉතින් තවම ආධුනිකයානේ.......

අනිත් එක මට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක්! සයිබර් ප්‍රේමය...... මේක හරිම පුරස්නයක් දෙයියනේ... කියන්නකෝ මට ඔයාලාගේ අදහස් සයිබර් පෙම ගැන... පුලුවන් නම් රෝග ලක්ෂණ ටිකකුත් කියන්න.... අත්දැකීමි තියෙන අය ඇතිනේ මූණුපොතේදී එහෙම නේ????????

ඔන්න කෙටියෙන් සරලව මගේ ප්‍රශ්න දෙක ඉදිරිපත් කලා..... දෙවෙනි ප්‍රශ්නේ කොහොම වුනත් පළවෙනි ප්‍රශ්නේ විසදලා දෙනවානම් ලොකූ................... උදවුවක්!

ඕන්න එහෙනම් මතුසම්බන්ධයි!
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger