Sunday, December 19, 2010

රිංගනවා ඇඳ යටට. මං කියනකම් එන්නේ නෑ එළියට....

මේ දවස් ටිකේම රෑට නිදාගන්නවා කිව්වට නිදාගත්තේ පන්දරට.. පාන්දර දෙක,තුන පහුවෙලා. සුපුරුදු පරිදි ඊයෙ රෑත් පාන්දර දෙකට විතර නිදාගන්න යනකොටම කෝල් එකක. වෙන කාගෙන්වත් නෙවෙයි අප්පච්චීගෙන්. ඊයේ රෑ අප්පච්චිගේ යාලුවෙක්ගේ විවාහය වෙනුවෙන් පොඩි පාටි එකක් තිබිලා. ඒක ඉවර වෙලා නැවතිලා ඉන්න තැනට යනගමන්.

"හෙලෝ.. පුතා නිදිද අහ්?"
"නෑ අප්පච්චි දැන් නිදාගන්න යන්නේ."
"ආ.. මං නොදන්නවයැ මගේ පුතාගේ තරම.. මොකද අද කලින්?"

හිහ් හී.. ඕකට උත්තර දෙන්න පුලුවන්යැ.. ඉතින් ඒක ෂේප් කරගෙන කතා කරලා නිදාගන්න ගියාට පස්සේ මතක් වුනේ අප්පච්චි මට පොඩිකාලේ දුන්න දඬුවම් ගැන.. අප්පච්චිගෙන් දඬුවම් නොලැබුණු කෙනෙක් ඉන්නවානම් බොහෝම අඩුයිනේ.. විශේෂයෙන් කොල්ලෙක්ට.. නොලැබුණ අය ඉන්නත් පුලුවන් ඉතින් විවිධ හේතු නිසා. මට අප්පච්චීගෙන් ලැබුණු දඬුවම් වලින් හොඳටම මතක හිටපු දඬුවම් දෙකක් තියෙනවා. ඒ දඬුවම් දෙකම ලැබුණේ ඉතින් මං කළ මහා ලොකු වැරදි වලටත් නෙවෙයි. (මහාලොකු වැරිදි අහුවෙන්න කොරයි යැ.. හික් හික්) ඔන්න එකක්......

අපේ ගම් පලාතේ ඉන්නවා ගිහාන් කියලා අයියා කෙනෙක්. කලුම කලුයි. හෙන උසසයි මහතයි. යකා ඩයල් එකක් තියෙන්නේ. පොරගේ විනෝදාංශය තමා පොඩි ළමයිව බය කරන එක. ඔය බය ඉතින් මම ඇතුලු මගේ අහලපහල ඉන්න අනික් පොඩි පොඩි උන්ටත් තිබ්බා. ඔය කාලේ මට තිබුණු ලොකුම විනෝදාංශ තමා බයිසිකල් පදින එක. BMX බයිසිකලේ සතිය පුරාම ගෙදර වටේ පැද පැද ඉදලා සති අන්තෙට අප්පච්චී ආවාම අප්පච්චී එක්ක යනවා පාර පැත්තට. මං බයිසිකලේ යද්දී ඉතින් අප්පච්චී පයින් එනවා. අර මං කියපු දඬුවම ලැබුණෙත් එහෙම දවසක.

එදා බයිසිකලේ පාරේ පැත්තේ පොඩි රවුමක් දාන්න ගියා අප්පච්චී එක්ක. ගිහින් අපේ ගෙදර පැත්තට එන අතුරු පාරේ තියෙනවා ටිකක් විතර ලොකු කන්දක්. මමත් ඉතින් ෆුල් ඩම දාලා පාගනවා. අප්පච්චිත් ඉතින් පිටිපස්සෙන් පොඩි තල්ලුවකුත් දීගෙන එනවා. කන්නේ මැදහරියට විතර එද්දී උඩ පැත්තේ ඉදලා පල්ලෙහාට ආවා ‍බබෙක් ලැබෙන්න ඉන්න ගැහැණුකෙනෙකුයි තවත් වයසක ගෑණු කෙනෙකුයි. ටිකක් පල්ලෙහට එද්දී අර බබෙක් ලැබෙන්න හිටි කෙනා වැලි තිබුණු තැනක ලිස්සලා පාර මැද වැටුනා. ටිකක් දරුණු වැටිල්ලක්. අනික ඉන්න තත්වෙත් අවුල්නේ. අප්පච්චී මට බයිසිකලෙන් බහින්න කියලා මාව දාලා දිව්වා අර ගෑණු කෙනා වැටිච්ච තැනට. දුවලා එයාව නැගිට්ටවලා එයාව ත්‍රීවීල් එකකටවත් දාලා යවන්න ලෑස්තිය.

මමත් ඔය නිකං ඉන්න එකේ නිකමට වගේ පිටිපස්ස බැලුවා ඒ ඉන්න ගමන්ම. කන්දේ පල්ලෙහා පැත්තේ ඉදන් එන එක්කෙනා යාංතමට දැක්කාම තමා මට දෙයියෝ බුදුන් සිහිවුනේ.. දැන් මට තියෙන්නේ ඉන්නත් බැරි යන්නත් බැරි සීන් එකක්. මොනවා කරන්නද කියලා නැග්ගා බයිසිකලේට. පෑගුවා පෑගිල්ලක්.. ආය ලොවෙත් නෑ.. ලාන්ස් ආම්ස්ට්‍රෝන් පරාදයි! පස්සවත් නොබලා ගිහිල්ලා නවතුනේ ගෙදර. අම්මත් ෆුල් හොල්මං. ගෙදර ගිය ගමන් කලේ ගෙදර ඉස්සරහා දොරයි පස්ස දොරයි වහලා ඉස්සරහා තියෙන ජනේලෙකින් හොරෙන් වගේ පාර දිහා බලාගෙන ඉන්න එක. ඔන්න ටිකක් ඈතින් එනවා මං දැකපු ඒ භයානක පුද්ගලයා.. ටික ටික ළඟට ඇවිල්ලා අපේ ගෙදර පහුකරගෙන පාර දිගේ ගියා... හප්පුච්චියේ... හතර විලි ලැජ්ජාවයි!! මේ ගිහාන් අයියා නෙවෙයිනේ.. ‍පොරගේ මල්ලී..! දෙන්නම ටිකක් එක වගේ. කලින් මම පාරේ ඉදිද්දී යංතං දැක්ක ගමන් මං මාරු වුනානේ.. හික්.. හරි හරි.. අවුලක් නෑ.. නෝන්ඩියක් නෑ කියලා හිත හදාගත්තා. ඇයි ඉතින් වුන සීන් එක කවුරුත් දන්නේ නෑනේ.. මමත් ඉතින් පාඩුවේ ටීවී එක දාගෙන ඉන්නවා. හැබැයි අප්පච්චී තාම නෑ. අම්මත් අහනවා කෝ අප්පච්චී කියලා. ඉතින් මං දන්නවයැ..

පැය භාගෙකට විතර පස්සේ අප්පච්චී ආවා. ආව ගමන්ම අම්මගෙන් ඇහුවා "කෝ පුතා" කියලා. අහපු ස්වරයෙන්ම දැනගත්තා "අදනම් හරි.." කියලා. අපේ අප්පච්චීට තදටම කේන්ති යනවා. ඒ වෙලාවට ළගට නොයන එක ඇඟට සුබදායක නිසා මං ෂේප් එකේ ලොකු අම්මගේ කාමරේට ගියා. මොකද අප්පච්චී ලොකුඅම්මගේ කාමරේට එන්නේ නෑ. මගේ වාසනාව කියන්නේ අප්පච්චී කඩාගෙන බිදගෙන ආවෙ නැතැ ඒ කාමරේට...

"කොහේද ගියේ..?"
"කොහේවත් නෑ.. ගෙදරනේ ආවේ.."
"මං මෙච්චර වෙලා හැම තැනම හොයනවා පාරවල් ගානේ.. මෙහේ එනවා යන්න"

දැන් ඉතින් මට ඇ‍ඩෙන්න ඔන්න මෙන්න. අතින ඇදගෙන ලොකු අම්මගේ ඇඳ ලඟට ඇදගෙන ගිහින් "ඉන්නවකෝ කරන්න....රිංගනවා ඇඳ යටට. මං කියනකම් එන්නේ නෑ එළියට. ආවොත් දන්නවානේ මගේ හැටි?" කියලා ගිහින් අම්මටත් සීන් එක කිව්වා. අම්මත් හිනා වෙනවා විතරයි.. මේ අහිංසක කොලුවාට පිහිටක් වෙන පාටක් නෑ.. හිහ් ඒ වුනාට මොකද......... ඇඳ යට ඉන්න එකනම් මහලොකු වැඩකයැ.... අප්පච්චී දන්නේ නෑනේ මං හිටපුගමන් කවුරු හරි අල්ලන් හැංගිමුත්තං කරද්දී හැංගෙන්නෙත් ඇඳ යට කියලා.. අප්පච්චී හූ..




ඔහොම ඉතින් පැය භාගයක් විතර හිටියා. දැන් නම් ඉතින් ටිකක් අවුල් වැඩේ. නිකං නිදිමතකුත් එනවා වගේ. ඇඳ උඩ මොකද ඇඳ යට මොකද කියලා ඇස්දෙක පියාගන්නකොටම "නැන්දා.. කෝ චූට් අයියා.." හුටා... දැන්නම් බඩුම තමා.. කටහඩෙන් කියන්නම්.. මගේ ආදරණීය ණෑනා.. මං ඇඳ අස්සේ ඉන්නවා දැක්කොත් ඒ ඇති ජීවිත කාලෙටම. ලොකු ණෑනත් ඇවිල්ලා ඒමදිවට.. අම්මගෙන් අහුපු ප්‍රශ්නෙට උත්තර නැති නිසා මේ දෙන්නා දැං ගේ පුරා මාව හොයනවා. මමත් දැන් ඇද යට ඉදන් කා‍මරේ දොර දිහා බලං හිටියා දැන් එයි දැන් එයි කියලා.. හිටපු ගමන් කාමරේට කකුල් හතරක් ආවා.. "මෙහෙත් නෑ...." කියාගෙන කකුල් හතර ගියා. ඕං දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.. ඒත් එක්කම..

"කෝ පොඩිමාමා මල්ලී??"
"ඇයි දැක්කේ නැද්ද? ආං ඇඳ යට.."

හුටා....! දැන් තමා මට සීන් එක තේරුනේ.. මම ඇඳ යට ඉන්න එක නෙවෙයිනේ මට ලැබුණ දඬුවම.. ඕක මගේ කම්පනාවට එද්දීම කකුල් හයක්ම ආවා කාමරේට.. "පුතා...." මම යාන්තං ඔලුව විතරක් එළියට දාලා බැලුවා... බලනකොටම මේ ණෑනලා දෙන්නා පටන්ගත්තේ නැතෑ කැකිරි පලන්න.. ෂික්.. මගේ ආත්ම ගෞරවය.... අප්පච්චිත් නෝන්ඩි හිනාවක් එහෙම දාලා කතාව පටන් ගත්තා...

"මේ පළවෙනි පාර නෙවෙයි! මතකයිනේ මහියංගනේ ගිහින්..? එදා මං හොඳින් කිව්වා ඇහුවේ නෑනේ.. ආය කියන්නේ නැතිව කොහේවත් යන්නේ නෑ කියලා පොරොන්දු වෙනවාද?"

(මං මහියංගනේ ට්‍රිප් එකක් ගිය වෙලාවකත් මේ වගේ වීර ක්‍රියාවක් කරලා අප්පච්චී පොලීසියේ පැමිණිල්ලකුත් දාලා තිබුණා.. හික් හික්)

"හා.. ආය කරන්නේ නෑ"
"අනිත් එක, අද පාරේ ඉද්දී ආවේ ගිහාන් අයියා නෙවෙයිනේ... මල්ලිනේ. ආය ගිහාන් අයියට බය වෙන්නත් බෑ. අපෝ ලැජ්ජාවේ බෑ. මේ කොල්ලෝ බයේ ඔහොම යද්දී. මට ගිහාන් අයියගේ මල්ලී කිව්වා බය වෙලා වෙන්න ඇති එක පාරමට ගියා කියලා.."

විනාසයි! මට හූ..... අප්පච්චී සීන් එක දන්නවානේ.. දැනගත්තට කමක් නෑ. ප්‍රසිද්ධියේ කියන්න ඕනේ නෑනේ.. මේ ඩබල ඉතින් බීබීසී වගේ කියලා අප්පච්චිත් දන්නවානේ.... මොනවා කරන්නද ඉතින් දැන්....

"හා. මං බලාගන්නම්කෝ"
"මොනවද බලාගන්නේ...? එනවා එළියට"

එළියට එනවත් එක්කම අර ඩබල ආයෙත් හිනා වෙනවා.. හපෝ මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා.. කියලා හිතාගෙන අම්මා දිව්වා.. පුටුවකටත් පයින්ගහගෙනම... අම්මා ලග ඉද්දී අප්පච්චී වැඩියෙනුත් එක්ක සීන් එක කියනවා ණෑනලා ඩබලට. කතාව ඉවර වෙලා දෙන්නා හිනාවෙවී මං ඉන්න පැත්තට එද්දීම.. දිව්වා... ගත්තා බයිසිකලේ.. සිං..... ගාලා මාරු.. හික් හික්

ලොකු එක්කෙනා.. පවුලේ මාධ්‍ය ප්‍රකාශක වගේ නෑදෑයෝ ඔක්කටම කියලා. ඉතින් අද වුනත් කට්ටිය සෙට් වුනාම ඕක තමා ප්‍රධාන මාතෘකාවලින් එකක් වෙන්නේ.. හා...පො......

"ඇයි අනේ ඔයා ගිහාන් අයියගේ මල්ලිට බය වුනේ?" අහයි.. නැත්තං
"ඇයි ඔයා අර ඇඳයට හිටියේ?" අහයි.. තව ප්‍රශ්න ගොඩයි..!

ඒකනම් මොකද.. පොඩි නෑණා තියෙන සහෝදරකම වර්ධනය කරගන්නත් එක්ක සීන් එක එයාගේ යාලුවෝ එක්ක එහෙම කියලා කතාව. ඉතින් දැන් වුනත් පාරෙදි හම්බුණාම..... හිතාගන්නකෝ මම කොයි තරම් සතුටු වෙනවාද කියලා නඟාගේ යෙහෙලියෝ සෙට් එක එහෙම......හෆොයි... පලාගෙන යන්න හිතෙනවා...

මොනවා වුනත්.. මම එදා ඉදලා අද වෙනකම් ගෙදරින් එළියට බහින්නේ නෑ අම්මට කියලා මිසක්. අප්පච්චීට නම් කියන්න යන්නේ නෑ. එතකොට ගෙදරින් එළිබහින්න වෙන්නේ නෝන්ඩියකුත් කාගෙනමනේ..... අනිත් සීන් එක. ගිහාන් අයියගෙන් පලිගැනීමේ චේතනාවෙන් හිටියේ එදා ඉදලාම. මේ ළගඳී මගේ යාලුවෙන්ට කළ වැඩක් නිසා ඔක්කලාම සෙට් වෙලා දුන්නා රිටන් එක.. හික් හික්.. ඒ කරපු දේ කිව්වොත් මට යන්න වෙන්නේ කූරුගණින්න. මොකද ඒ වැඩේට අවශම දේ කොම්පූටරේ යොදාගෙන හැදුවේ මමනේ... හික් හික්

අහ්.. අනික....අර මට ලැබුණ අමතක නොවන දෙවන දඬුවම ගැන නම් කියන්නත් මොකද ව‍ගේ.. ලැජ්ජයි අනේ...

11 ප්‍රතිචාර:

Kavindya said...

හිකිස් හොද දඩුවමක්නේ ලැබිල තියෙන්නේ...දෙවන දඩුවමත් ඔහේ කියල දාන්න තිබුනනේ මල්ලි ලැජ්ජාව පැත්තක දාල

නදී said...

මුල ටික කියවද්දිනම් මට අපේ අප්පච්චි මතක් උනා.ඉස්සර මමත් පොඩි කාලේ ඔයවගෙ දේවල් කරල හොදට ගුටි කාල තියනවා.

මොකද්ද අර ගියාන්ට කරා කිවේ?

සංකල්ප said...

අම්මෝ චූටි අයියා, අප්පච්චිට තියෙන බයක් !!! අදමයි මේ බ්ලොග් එක පැත්තේ ආවේ. ලස්සනට ලියලා තියෙනවා
ජය වේවා

හසී said...

හික් හික්..අනිත් දඩුවම ගැනත් කියන්න..ලැජ්ජාවෙන්න එපා.. (අද ආවේ නෑනේද?)

මුදිත දසනායක said...

නිර්මාණශීලීයි හොඳයි..!!

Anonymous said...

මටත් මතකයි අපේ තාත්තා එක සැරයක් දණ ගහන් ඉන්න දුන්න පැය 2ක් විතර.. ඒ නම් පාඩම් කරන්න කියලා ගියා විතරයි මම සෙල්ලමට දිව්වා කියලා... එදාම තමා..ඊට පස්සෙ නම් මුකුත් කලේ නැ...

dinesh said...

අපෝ...........අපේ පියත් මට මාර ෆනිෂ්මන්ට් තමා දීල තියෙන්නෙ.දවසක් දිමි ගොට්ටකුත් දැම්ම බං.අර දෙවනි කතාවත් ලියපන්කො බලන්න.හික්..........

~ChAnDiKa~ said...

අපේ තාත්තනම් එක පාරයි දුන්නෙ හැබැයි දුන්න එක දුන්න රිදෙන්නම...... හි හී.......

චතුවා said...

හොඳ දඩුවම කියන්නේ ආය මොනාද බඩුම තමා.. විලි ලැජ්ජාවේ බෑ... හික්.. අනිකත් ලියන්න තමා හිතුවේ.. අනේ මන්දා..

ස්තූතියි සුදු අක්කා...

.......................................................

ගිහාන්ට කොරදේ නම් කියන්න බැරියෝ නදී අක්කා ප්‍රසිද්ධියේ...

.......................................................

අපේ අප්පච්චී දෙන දඬුවම් වලට බය නොවී බෑ බං මලේ... ස්තූතියි ඕං.. ආයෙත් එන්නකෝ මේ පැත්තේ...

චතුවා said...

හසී අක්කා... ලැජ්ජා නහරේ කපලා දාලා ලියන්නං ඔන්න ඔහේ.. හික් හික්

.......................................................

මුදිත අයියා.. නිර්මාණශීලී කිව්වට මොකද වුන දේ නෙව ලීවේ.. ස්තූතියි ඔයාටත්..

.......................................................

ඔය පාඩම් නොකරන එක සම්බන්ධව ක්‍රියා කරන්නේ අපේ අම්මා.. ඒ නිසා මට නම් වැඩි දඬුවම් ලැබිලා නෑ.. හිහ් හිහ්.. ස්තූතියි නිම්ෂා නගෝ..

චතුවා said...

දිනේෂ් අයියා.. අපේ අප්පච්චිත් මට ඔය දඬුවම දෙනවා කියලා දවසක් තර්ජනය කරා.. ඒ වුනාට කලේ නෑ. සමහර විට දිමිගොට්ටක් හොයාගන්න බැරි වෙන්න ඇති.. කොහොමද ඒක ෆන් ෆනිෂ්මන්ට් එකක්ද? හික් හික්

.......................................................

චන්දික සහෝ.. අපේ අප්පච්චිත් ගහලා බැණලා ට්‍රයි කරා.. ඒ වුනාට හරිගියේ නෑ. හික් හික්.. මොකද පැයක් දෙකක් යද්දී රිදෙන ඒවා එහෙම ඉවරයිනේ..

ස්තූතියි සහෝ ප්‍රතිචාරයට..

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger