Friday, December 24, 2010

මාතෘකාවක් නැත

සුළඟ නුඹ වගේලු..
සිත් මල වටා එතෙනවාලු..
ඒකනම් හැබෑව.. ඒත්..
හිතේ දහසක් පැතුම් සුනුවිසුනු කළ
චන්ඩමාරුතයක් වුනේ ඒ සුළගම නෙවෙයිද?
වැස්සත් නුඹ වගේලු..
සිත් මලට ඇදවැටෙනවාලු..
ඒකත් හැබෑවයි කියමුකෝ.. ඒත්..
මගේ හිත්මල් යායම ගිලගත්තු
ගංවතුරක් වුනෙත් ඒ වැස්සම නෙවෙයිද?
සිත තනිකරලා, ඒ සිතේ සියුම් තැන් හොය හොයා
රිදෙව්වෙත් නුඹමලු..
ඒකත් හැබෑවම තමා..
ඒකනේ මට තාමත්... තාමත්

නු‍ඹෙන් ඈත් වෙන්න බැරිව ඉන්නවා ඇත්තේ...

9 ප්‍රතිචාර:

නදී said...

ලස්සනට ලියලා...එතකොට කවුද මේ නුඹ?

හිස් අහස said...

ලමයගේ පරන මතකයන් අවදිවෙලා වගේ ...

ලස්සනයි ල්ස්සනයි ...

ජයවේවා !!

පුතා said...

මල්ලී.. ඕක මගේ තීම් එක වගේ උන සින්දුවක්..උඹට ඔය හිතෙන විදිහට බොහෝම ඉස්සර මටත් හිතුනළු... දැන් තොපි මේ වගේ ලියද්දි ආයෙත් අර තුවාල පෑරෙන්ට වගේ ගන්නවළු...මිහිදන් කරල කොන්ක්‍රීට් දාපු මිනී වගේ මතක ආයෙමත් පණ ගහල නැගිටනවලූ...

Anonymous said...

මරු ලමයා... ගති--- :)

පූසා said...

ආදරය සුන්දර වරදකී.......

MaRLaN said...

නියමට ලියල තියනවා බං.... එල එල...
@ හිස් අහස- සදරු සර් ලෝගො 1 මාරු කරල වගේ...

චතුවා said...

අක්කා ඉතින් බොරු..වට අහනවා ඔය ප්‍රශ්නේ හැමදාම.. :P

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

පරණ මතකයකුත් නෙවේ හිස් අහස.. මේ දවස්වල තත්වය තමා.. :) ස්තූතියි..

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

හෝව් පුතා..! පරණ ඒවනම් අවුස්සගන්න යන්න එපා.. ආය බ්ලොග් එක කියෙව්වේ නැතත් කමක් නෑ.. ඕවගෙන් හිත වද විඳින්න යද්දී හරි අමාරුයි...

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

හික්.. නිම්ෂා නගා.. ටැන්කූ..

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ඔය වරදට ලැබෙන දඬුවම්නම් ගොඩක් දරණු වැඩී පූසෝ.. ස්තූතියි!

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ස්තූතියි MaRlaN.. ගොඩ දවසකින් මේ පැත්තේ දැක්කේ..

රවා said...

ලමයො උඹත් ඔතන ඇණ ගත්තද ?

චතුවා said...

හිහ් හිහ්.. අනේ මන්දා ඉතින්..

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger