ඔන්න ඉතින් අපිත් පටන් ගත්තා අලුත් පොඩි වැඩක්.. අපි කිව්වේ මමයි, නදී අක්කයි,පොඩි මහත්තයා අයියයි, සුදු හංසි අක්කයි, ඔයයි මමයි අයියයි. තව දෙන්නෙක් විතර සෙට් වෙන්නත් නියමිතයි ඕං.. මේකයි වැඩේ... අපි සැට් වෙලා හැදුවා නෙව බ්ලොග් එකක්.. නම දැම්මා "අක්ෂර" කියලා..
ඊයේ තමා වැඩේ පටාං ගත්තේ.. ඊයේ පටන් ගත්තට මොකද මේ බ්ලොග් එක හදන්න මාර ගේමක් දෙන්න වුනා.. හික්.. අපිට තිබුණ ලොකුම පුරස්සේ බ්ලොග් එකට නමක්! ජාලේ පුරා හෙව්වා.. පොත් පෙරලලා පෙරලලා හෙව්වා.. එක එක අයගෙන් ඇහුවා.. නොකරපු දෙයක් නෑ... මං හිතන්නේ මාසයක් හමාරක් නමක් කල්පනා කලා.. අන්තිමේට හිටපුගමන් ඩෝං ගාලා ආවා අක්ෂර. ඇහුවා නදී අක්කගෙන් හොඳාද කියලා.. දැම්මා.. හැදුවා.. හිහ් හී
ඕං ඉතින් ඊයේ අක්ෂරගත කරන්න ගත්තු අක්ෂර බ්ලොග් අඩවියට ඇවිල්ලා බලන්නකෝ හැමෝම...... හා.. හා.. තල්ලු කරන්න එපා.. කලබල වෙන්න එපා.. ඔක්කලාටම යන්න පුලුවන්.. මේ පැත්තෙන් එන්ටෝ.... "අක්ෂර" වෙතට....
පොත් පොත් පොත්
1 day ago
11 ප්‍රතිචාර:
මමත් එන්නද? ආවට කමක් නෑනේ?
එපා එපා.. ඔයාව ගන්න බෑ.. අනිත් අය කැමති නෑ.. :P
මේ ළමයා මචෝ උඹේ මූණුපොත් ගිණුමට මක්කැයි උනේ
ඒක හොරු අරන් ගිහින් බං... :(
ඔක්කොමත් හරි අක්ෂර ටිකක් ඉගෙන ගන්නවෙයි..මෝකෝ... වැදගත් යමක් ලියන්න ඔනිනේ...
සුභ පැතුම්.................
සුභ පැතුම්................. :D
සුබ පැතුම් ලමයෝ...:)
සුදු අක්කා ඉතින් දස්සයිනේ.. වී නෝ.... ලියමු ඈ.....
.......................................................
හසිත සහෝ,හිඟන්නා සහෝ & නිම්ෂා නගේ.. ඔයාලටත් ගොඩාක් ස්තූතියි අපිට සුබ පැතුවාට.. :)
සුභ පැතුම්................
බොහොම ස්තූතියි සහෝ...
Post a Comment