Wednesday, December 15, 2010

මුතු ඇටයේ සිට ලියමි ii

මුතුමෙරිකා කසදේ දික් කල සීන් එක කියෙව්වා නේ?? අහ් නැද්ද? ඇයි බං ඊයේ පෙරේදා ආවේ නැද්ද මේ පැත්තේ... හා.. හා.. මෙතනින් බලලා අයෙත් එන්න ඕනි හරිය....

ඔන්න ඉතින් ඔය සීන් ටික වුනාට පස්සේ කස්ටියම ගමන් අරඹනවා නැවතත් මුතුඇටේ කරා.. ඔබා මාමට කලකිරිලා තියෙන තරම කියන්නේ අර බස්ගාස්තු විදිහට ගන්නවයි කිව්ව රුපියල් 10වත් ගත්තේ නෑ. ඔන්න ඉතින් මුතුවන්තොටුපොල ලඟ කවුන්ටර් පෝලිමක් එහෙම දාලා ඇමරිකාවෙන් එන අය එහෙදී කරපු රස්සා වල වගේ ඒවගේ තොරතුරු ගන්න පටන් ගත්ත..

ඔය මහත්තයාගේ නම කියන්න..
සක්විති බණ්ඩාර..
රස්සාව..?
මං බැංකුවක් තමා එහෙදී කලේ..

අප්පේ... කොහොමද මුතු ඇටස්ලගේ තරම?? මුතුඇටෙන් ගිහින් එහේ බැංකුවක් දාලා! දියුණු වෙන ජනතාව නෙව...

තව පොරක් ඕං එනවලු..

මහත්තයාගේ නම?
උදුපියලිය මල්වත්ත..
මහත්මයා අමෙරිකා වලදී කල රක්ෂාව?
මම එහෙදී කලේ පිකටින්නේ..
මොකක් සම්බන්ධවද?
ප්‍රයිවට් කැම්පස් වහන්නය කියලා.. ෂා මරු අහ්.. පට්ට ජොබ..!
අහ්.. එහෙනම් කරුණාකරලා මහත්මයා මේ ෆෝම් එක පුරවලා දෙන්න..
මේ මොකක්ද නෝනේ?
අපිට බී. එස් මහත්තයා කියලා තියෙනවා ඔය සබ්ජෙක්ට් එක ගැන පිකටින් කල අයව රුසියාවට පිටුවහල් කරන්න කියලා.. මොකද.... රුසියාවෙත් එහෙම තමාලු...

ඔය වගේ ශ්‍රේෂ්ඨයෝ පිරිසක් දැන් ඇවිල්ලා තොරතුරු දීලා මුතුඇටේ සුපුරුදු පරිදි වැඩ පටාං ගන්නවාලු.. හෝව් හෝව්!! සුපුරුදු පරි‍දි නෙවේ.. කස්ටිය උපයපු සල්ලි... ඇමෙරිකාවේදී.. හැමෝම දැන් දියුණුයිලු.. ඇයි.... ඇමෙරිකාවෙන් උස්සපු බඩු... මෙහේ ඇවිල්ලා සෝ.... ගාලා දානවාලු වෙන්දේසි.. සල්ලිත් තියෙන එකේ කස්ටියක් නස්පුක් වෙන්න ගහලා පැත්තක බුදිලු.. තව කට්ටියක් කැලේ අස්සේ පැදුරක් දාගෙන ගහනවාලු බූරු.. තව ටික දෙනෙකේ විතර වැඩලු ගොඩ යන්න.... සමහර අය ආයෙත් ෆුල් ට්‍රයිලු ඇමරිකාවට පනින්න...

ඕවා අස්සේ ඇමරිකාවේ රජයේ විශේෂ නිවාඩු දින 7ක් ලබා දීලලු.. මේ දවස් හතේ ඇමරිකාවේ අය හරි හරියට වැඩලු.. වෙන එකක් තියා.. ඔබාම මාමත් ෂෝටක් ගහලා පාරේ වැඩලු.. ඇයි දෙයියනේ.. මුතුඇටස්ලා හරි ශීලාචාර මිනිස්සු නෙව.. ඉතින් පාරවල් බෝක්කු කැලෑ ඔය ඔක්කම මුලක ඉදලා ක්ලීන් කරන්න වෙනවානේ.. නෑ නෑ මුතුඇටස්ලා කුණු දාලා නෙවෙයි..ඇතුමුටුස්ලා කුණු දාලා.... අමෙරිකන්ස්ලටත් ඉතින් කවදා කාපු ටකරං ද කියලා සුද්ද කරනවා පණ දාගෙන.... ඔය සීන් අස්සේ එහේ ආර්ථිකය ඩවුන්ලු... සොරි.කොම්!

ඒ අස්සේ අර එහෙන් උස්සන් ආව සල්ලි ‍වලින් මුතුඇටේ මාර දියුණු වෙනවා.. ඔව්ව්ව්.. බලා ඉද්දි දියුණු වෙනවා.. කොටින්ම කියනවානම් ලෝකයේ සංවර්ධික කාර්මික රටවලින් පලවෙනි තැන මුතුඇටේට හිමිවෙනවා...! ආරංචි විදියට ඊයේ රුපියල් 1000000000000.51කක ආධාර විදියට දුන්නා ජපානෙට.. ‍කොහොම කොහොම හරි දැන් මුතුඇටේ පුරාම කර්මාන්තශාලායි... කාර්ද බස්ද ප්ලේන්ද අරවද මේවද දඩබඩ ගාලා හදන්නේ.. වෙන එකක් තියා සමහරු මේ ගෙදර පොඩි වැඩපොලක් දාගෙන හදනවා ගුවන්යානා වලට අමතර කොටස්.. ඒවා දාලා යන ඒවා උඩ යන්නේ නෑලු.. ඒක වෙනම කතාවක්.. ඒක ඉතින් අදාල නෑනේ.. කොහොම හරි වැඩ ගොඩා.....යි......

කොහොම කොහොම හරි දැන් මුතු ඇටේ ඇතුලේ තවත් කර්මාණ්ත කරන්න ඉඩත් නෑ... මලකෙලියයි! දැන් මක්කෙයි කරන්නේ කිය කියා ඉන්නකොට අපේ ලොක්කට එනවා මාරම මාර අයිඩියා එකක්..!

"මචං අපි දෙමු ගේම ඉන්දියාවට.....අල්ලගමු ඉන්දියාව.. දාමු කර්මාණ්තශාලා එහේ.... මම පුතාට දාලා දෙනවයි කිව්ව ෆෙරාරි ‍ෆැක්ට්‍රි එකත් ගේමු එහේට....."

මෙහෙම කියලා හොද ප්ලෑනක් එහෙම ගහලා යනවා ඉන්දියාට ආක්‍රමණය කරන්න.. කර්මාන්ත ශාලා දාන්න ඉඩ ගන්න.. ආදම්ගේ පාලමෙන් තමා යන්නේ.. ගිහින් බර අවි වලින් දෙනවා දීමනාවක් ඉන්දියවට...හරියට සන්ලයිට් කැටයක් ගද්දී තව දෙකක් නොමිලේ දෙනවා වගේ.. එහෙන් එක වෙඩිල්ලක් තියද්දී මෙහෙන් ‍හැත්තෑවක් විතර වෙඩි..! ඇප නැති වෙන්න... ඉන්දියාවේ හමුදාවේ කස්ටිය දුවනවා ‍කොහොමද.... ආය ඉතින්.. යුසියන් බෝල්ට් කැලේ....! කොහොම හරි ඉන්දියව යටත් කරගෙන ඉන්දියාව රීනේම් කරනවා.. මුතුඇට පාර්ට් 2 කියලා..

"ඉරු නොබසින මුතුඇටයේ ආරම්භය"

ඕං ඉතින් එංගලන්තේ කස්ටියටම දැන් මාර බයලු.. එයාලත් ඔය මුතුඇටේට ට්‍රයි කලානේ අතීතේ..... කොහොම හරි ඊලග දවසේ ඉදලා ඉතින් ලෝකෙම කතාව ලංකාව ගැන තමා..! ඉන්දියාවට දුන්න දීමනාව දැකලා බය වුන පාර පකිස්ථානේ ලොක්කා අපේ ලොක්කට කෝල් කරලා කියනවා...

"අනේ අපිටනම් ගහන්න එපා.. කියන වෙලාවක යටත් වෙන්නම්.."
"හොහ් හොහ්.. මල්ලී.. අපි ලගදීම ඔය පැත්තේ එනවා.. සාමෙන් නම් සාමෙන් අපිත්.."

ඔය සීන් අස්සේ මුතුඇට පාර්ට් 2 එකෙත් දානවා නිශ්පාදනාගාර මොනවද කියන්නේ...විශේෂයෙන් පරිගණක ආශ්‍රිත නිශ්පාදන තමා.. මොකද ඉන්ටෙල් මයික්‍රොෂොෆ්ට් වගේ ඒවත් මුතුඇටේට අයිති වෙනවානේ..... තව ඉතින් ටොයෝටා.. බෙන්ස්.. ෆෝර්ඩ්. බී ඒම් ඩබ්ලියු.. ‍වගේ වාහන නිශ්පාදනයත් මුතුඇටේට හිමි වෙනවානේ.. මොනවා නැතත් අර ඉන්දියාවේ තිබ්බ මං අර කලින් කිව්ව "විකුණුන ඇය" වගේ අය ඉන්න ප්‍රාන්තෙට නම් අත තියන්නේ නෑලු.... ඇයි ඉතින් මුතුඇටේ ලොකු සාදුලා ඒ බිස්නස් එකට කැමති නෑනෙව... කොහොම හරි වැඩේ ජයටම යනවා..!

මරුම සීන් එක කියන්නේ... ලෝකයේ සම්මත මුදල් ඒකකය LKR වෙනවා.. බැංකුවක දාලා තියෙනවා
LKR 1 → USD 112 කියාල... හික් හික්
‍ඇමෙරිකාවට ප්ලග් වෙලා තිබ්බ ලෝක ආර්ථික ප්ලග් එක්කම මුතුඇටේට ඇමිණෙනවා... බලන්න එපැයි වැඩ... හෙට ඔබා අංකල් දෙදින නිල සංචාරෙකට එනවයි කියන්නේ මේ පැත්තේ... ඔය එන්නේ නම් ලෝන් පාරක් දාගන්න තමා...

දැන් ඉතින් ලොකෙම රන්‍ වෙන්නේ මුතුඇටේට ඕනේ විදියට තමා... මට පේන විදියට.. අමෙරිකාවත් මුතු ඇටේට අයිති වෙයි වගේ.. දැන් ඉතින් මුතුඇටෙන් අම්බානක ණය අරන්නේ ඇ‍මරිකාවේ අය....

යන විදියට ‍මයෙ හිතේ අඟහරු ලොකෙත් සල්ලි දීල ගන්න පුලුවන් වෙයි.. මුතුඇටේට.. ලෑස්ත් වුනා නම් ඔය ඇත්තොත් ඒ පැත්තේ වන්දනාවක ගිහින් එන්න අද හෙටම..

6 ප්‍රතිචාර:

Anonymous said...

හහ්හ්හ්හ්හ්හ.... බලන් යද්දි හිතුවට වඩා මුතු ඇටස් ලා සැරයි වසයි නෙව.. ඉලගට කොහේ අල්ලගනිද මන්දා.. :D

නදී said...

කන පිට පෙරලිල්ලක් වගෙ.ලමයටත් හිතෙන දේවල් හෑබෑට!

චතුවා said...

සැරයි වසයි නෙවෙයි නගේ... දස්ස මිනිස්සු.... ඔයා ඉන්න රට පැත්තටත් එන්න බැරි නෑ.. :D

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''

හා මේකේ තිබුණු විදියට කලානම් මුතුඇටේ මේ වෙද්දී මම කියපු දේවල් වෙලා ඉවරයි... නැද්ද අක්කා.. මෙච්චර මහන්සි වෙන්න දෙයකුත් නෑ....

dinesh said...

අඩේ සුපිරියි බං සීන් එක.
LKR 1 - USD 112 හික්................z..

``` Outsider``` said...

යකෝ උඹ ළමයා වුණාට මහ එවුන්ටත් නැති දැක්මක් ඉදිරිපත් කරල තියෙන්නෙ. මුතුඇටස්ලගෙ කෙරුවාව නියම උපහාස රසයට ගොනු කරල තියෙනවනෙ. මේකෙන ලබන රසය වගේම සැඟවුණු සත්‍ය නිසා වේදනාවකුත් ඇතිවෙනව.
නියමයි....

හසී said...

මුතු ඇටස්ලා ලේසිපාසු අය නෙමෙයිනෙ බැලුවම :D

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger