Thursday, December 16, 2010

කෝ මේ ඊ බේ ජීනියස්ලා ටික.....??

වසර අවසාන මහා සේල් වගේ මේ දවස්වල මමත් ‍මේ බ්ලොග් එක ලියනවා හිටු කියලා.. හික් හික්.. ඔන්න මේ පෝස්ට් එකනම් පුංචි පහේ උදව්වක් ඉල්ලගන්නයි කියලා.. ඇත්තම කිව්වොත් පොඩි උපදෙසක් යෝජනවක් අදහසක් ඉල්ල ගන්න..ඔයාලගෙන් ඇරෙන්න වෙන කාගෙන් මේ වගේ දෙකට උදව් ගන්නද මං? .


මෙන්න මේකයි සීන් එක... මට මේ ලගකදී ඉදලා හැදිලා තියෙනවා හරියට මගේ ගාලු පිස්සුව වගේ.... සුව කළ නොහැක වගේ දැනට පේන්න තියෙන රෝග ලක්ෂණ වලට අනුව මේ පිස්සුවත්.. හොද කරන්න තියෙන එකම විදිය තමා Wireless Router එකක් අරගන්න එක කියලා තමා වෛද්‍ය උපදෙස් ලැබුණේ. කෙරුවාව කොරන්න පිස්සුව හැදුනේ ebay එක පැත්තේ shopping පාරක් දාන්න ගියාම. මම නොකීවට ඉතින් කස්ටිය දන්නවානේ... ‍හොඳ හොඳ භාණ්ඩ තියෙනවා ඊ‍ ‍බොක්කේ.. රවුටර් දැක්කාම දැක්කාම Buy it now ක්ලික් කරන්නමයි හිත..මම ඉතින් ඉවසපං ළමයා ඉවසපාං කියාගෙන ඇවිල්ලා මේ ලියන්න පටාන් ගත්තේ..


කොහොමත් අම්මගෙන් සල්ලි ඉල්ල ඉල්ල රට වටේ ඇවිදලා රවුට‍ර් එකක් ගන්නවාට වඩා සම්පත් වෙබ් කාඩ් එකට දැම්ම සල්ලි වලින් ගන්න එක සැපයි.. නැද්ද මං අහන්නේ.. ඔය කස්ටිය දන්නවානේ ඉතින් සමහර වෙලාවට ගෙදරින් මූල්‍ය ආධාර ගන්න ගියාම දාහක් ප්‍රශ්න නේ...


"ගන්නේ කොහෙන්ද?"
"ඔක ගත්තාම මොකද කරන්නේ?"
"ඇයි ඕක ගන්නේ?"
"මොකක්ද ප්‍රයෝජනේ..?"
"තනියම හයි කරගන්න දන්නවාද?"


ඔය ඉතින් කිහිපයක්... තව කොච්චර කියලා ප්‍රශ්නද අපේ අම්මටත්.. ඔයාලාගේ අම්මටත් එහෙමද අනේ?? 

ඉතින් ඕං.. ආයෙත් මාතෘකාවට.. දැන් මෙහෙමයි මගේ ප්‍රශ්න ලිස්ට් එක..

  1. ebay එකෙන් Wireless Router එකක් ගන්න එක අවුලක් නැතිද?
  2. මුතුඇටේට මේ වගේ දේවල් ගෙනෙද්දී තියෙනවාද මොකක් හරි නීතියක් වගේ සීන් එකක්?
  3. අපේ මුතුඇටේට එද්දී ඕකට මක් වෙලා තියෙයිද? අවුලක් වෙයිද?
  4. ඔබතුමන්ලා දන්න හොද Wireless Router වර්ග දෙකතුනකුත් කියන්න..
  5. ගෙනාපු කෙනෙක් ඉන්නවානම් ඉතින් දෙන්නකෝ උපදෙසක් මේ දරුවාට.....

ඕං බලාගෙන බලාගෙන යද්දීමෙන්න මේකට සිත බැදුනා මුලින්ම.. D-Link WBR-2310 RangeBooster WiFi Wireless G Routerඊට පස්සේ මේකත් හොදා කියලා හිතුනා මට.. Wireless Wifi 802.11G Router Pre-installed DD-WRT DDWRT


මේ දෙකෙන් හොද එකක් තියේනම් කියන්නකෝ... 

ඔව් ඔබට පිළිතුරු ලබා දීමට අවශ්‍ය තරම් කාලය ලැ‍බෙනවා.. පිළිතුරු ලබා දීම දැන් අරඹන්න.. 



  • ප.ලි:- අවශ්‍ය තරම් කාලය ලැබෙනවා කිව්වට ඉතින් අද හෙටම රවුටරයක් ගන්න ඕනි... සෝ... හෙල්ප් ප්ලීස්........ :)

17 ප්‍රතිචාර:

Kanishka said...

wireless කියන නම ගෑවුන ගමං අපේ පෝස්ට් ඔපිස් මාමලා බය වෙනවා. කොහොමත් TRC එකට ගිහිං අවස‍ර ගන්න වෙයි. මම හිතන්නෙ ආවට පස්සෙ තමා ඒක කරන්න ඕනා.

Madhawa Habarakada said...

"ඔක ගත්තාම මොකද කරන්නේ?"
"ඇයි ඕක ගන්නේ?"
"මොකක්ද ප්‍රයෝජනේ..?"
මේ ප්‍රශ්න අපි උඹෙන් අහන්න ඕනෙ ඒවනෙ!!! අනික මේ ප්‍රශ්න වලට උත්තර නැතුව උඹ මොටද router එකක් ගන්න හිතන්නෙ???

චතුවා said...

කණික සහෝ... ඒක මටත් යාලුවෙක් කිව්වා.. හොයලා බලන්න වෙනවා.. තැපැල් මාමලා බය වෙලා පිස්සු නටයිද දන්නේ නෑ.. හික් හික්

....................................................

මාධව සහෝ හරියට කියවලා නෑ වගේ.. හිහ් හී.. ඕවා මට තියෙන ප්‍රශ්න නෙවෙයි.. අපේ අම්මට මම මොනවා හරි ගන්න සල්ලි ඉල්ලුවාම ඇති වෙන ප්‍රශ්න.. :D

sahan ළියනගෙරත්ගමයා said...

කනියෝ...ලමයා මුලින් කිව්ව යාලුවා මම...හික්
මගේ උපදෙස...
බඩු ගෙන්නපන්.....ඊට පස්සේ තැපැල් කන්තෝරුවෙන් ලියුමක් එයි උඹ්ට...ඇවිල්ලා ටැක්ස් ගෙවලා බඩුව අරන් යන්න කියලා(රවුටර් එකා
කොට කලිසමක් ගහ ගනින්...කොන්ඩේ අවුල් කර ගනින්...පලයන්...කොහෙන්ද ඇහුවම කියහන් රට යාලුවෙක් තෑගි කරා කියලා.....අඩේ ගහපන් එතන...ඌ කියයි..මේවා ලන්කාවට ගෙන්නන්න තහනම් කියලා..උඹ දන්නේ නෑ කියපන්..පස්සේ කොහොම හරි බොයි දීලා දඩේ ගෙවලා රවුටරේ අරන් මාරු වෙයන්
(අත්දැකීම් සහිතයි)

මගේ සයිබර් නිවහන said...

මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/
මෙය දැන්වීමකි

Mr. X said...

Hi Bro,

I have bought Wireless router from ebay while ago, process is bit complex, but even with that you can get it for good cost, but have to spend some time. You know this is still sri lanka

First you just get it from the eBay. and when it arrives you will get a letter from Sri Lanka post to come. It contains several forms.

The place first you have to go is Main Post Office, whihc is located in DR wijewardana Mw, just next to Fort Railway (Lakehouse side). Once you go there you need to fill some forms and then get a token and wait for sometime. Once you turn comes they will take you through their stores and you may have to wait another 30mins to 1 hr till they find your stuff. Then they will open it and ask you to go to TRC at Narahenpita to fill the rest of the form (this is because Sri Lanka thinks home wireless routers can be used to fight against Sri Lankan government, what to do)

Now this is the hard part, TRC is a typical government place and take upto 5 hrs to get things done, and mainly no one come and ask what you want, just need to go to rooms (all rooms are closed) and talk to people so they will point you to different rooms :). remember to take the specification of the router with all details and also information given by the main post office, you may have to fill so many forms and then have to wait another 1-2hrs there until they do their stuff, then you are asked to pay some admin fee for it. This is the fun part. Sometimes fee would be like 127.31, Now you can't pay 130 or 150 because they don't have change. Even if you say its okay take 130 they don't :D... so then You ( I mean I had to ) have to go to cafe inside it and eat something and find the exact balance, Best way is to take changes with you. (Remember to take photo copy of ID)

Then again go back to main post office and again get a token and wait, they will call you. then they will calculate the tax normally it would come around Rs.1500+ for $20. Here also remember to take the change with you, they dont have money to give balance.

once it is paid it all yours (Howevere the guys at post may try to tell you indirectly, that this could be done at law charge, like putting different value other than your actual cost of the product so your tax is less, and they may expect something for it) People who import goods everday may know how to deal with that. But don't do it, since we don;t know exactly what they up to. If we just try to bribe them sometime it may work simetime you may be in jail

dinesh said...

මල්ලි පැටියෝ................උඹට තියන හොඳම විසදුම නුවර ටවුන් එකේ කඩේකට ගිහින් ඕක ගන්න එක.නැත්තන් ඕනැ කරණ මොඩ්ල් නම්බර් එක දීල ගෙන්නල දෙන්න කියපන්.කිසි කරදරයක් නෑ.සම්පත් වෙබ් කාඩ් එකෙන් ඉතින් අනිත් account එකකට සල්ලි මාරු කරගන්න අමාරු නෑනෙ.
ගෙදරින් මූල්‍ය ප්‍රථිපාදන ගන්න ගියාම අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වැඩිය භාන්ඩෙ නොගෙන ඉන්න එක හොඳයි කියල හිතෙනවා.

චතුවා said...

රතුගමයෝ.. තව කාට කාට කිව්වද බං? හික් හික්.. අද්දැකීමෙන් දුන්න උපදෙස් ටිකනම් සුපිරි අහ්.. ට්‍රයි කරලාම බලන්න වෙන්නේ....

....................................................

Mr.X... It's long process ahh! I think it's better to buy a router from here...

anyway thankx a lot for sharing ur experience with me.. it will be very useful for me.. thankx again brother....

....................................................

ඒකත් ඇත්ත දිනේෂ් අයියා.. හික්.. බලමුකෝ.... අම්මට උත්තර දීලා නම් බේරෙන්න බෑ... ඊට හොදයි මේ ‍තියෙන මොඩමෙන්ම වැඩ කරගන්නවා...

හැමෝටම ස්තූතීයි....................

Unknown said...

ගෙන්න ගන්න එකනම් කිසි අවුලක් වෙන්නේ නෑ.. හැබැයි සමහර බඩු නම් ඉතින් ලංකාවට අපු ගමන්ම වාෂ්ප වෙනවා... ඒකියන්නේ එක කොහේ ගියාද කියල හොයා ගන්නත් නෑ.. (ඔය වගේ කට්ටක් මමත් කෑවා... )ඒත් ඉතින් එකෙන් ගන්නකොට නම් සෑහෙන ලාබයක් තියෙනවා.... මොනව ගෙන්නුවත් ඉතින් ලාබයක් වගේම පොඩි බයකුත් තියෙනව ඕක ගෙදරට ලැබේවිද කියලා....

Anonymous said...

ඔච්චර කට්ටක් කන්නෙ නැතිව ලංකාවෙන් ගන්න පුලුවන්.Adsl wireless router එකක් විතර 5000කට ගන්න පුලුවන් SMC wireless එකක් 9000ක් හරි 6000 ක් හරි වෙනවා.Adsl wireless එක ගැන නන් හරියට දන්නෙ නෑ එත් SMC එක හොදයි.( මම එක තමයි පාවිච්චි කරන්නේ ). හිතනව උදව්වක් වෙයි කියලා.

buddhika said...

hi,
i have get down a 4-port 3G mobilebrodeband wireless N router WITH HSPA SUPPORT from saudi arabia from one of my friends when he is coming back to srilanka for a vacation in 5 months back
it cost me only 7000/= and my friend didnt face any problems at custum at katunayake
brand is AZtech
see this link
http://www.aztech.com/prod_3g_hw550.html

හිස් අහස said...

මමත් මේපාර රවුටර් එකක් ගන්නවා හැබැයි වයර් සහිත ..ඔයාගේ අදහස් මමත් ප්‍රයෝජනයට ගන්න ඕන ..අනේ මමනම් ඔය රවුටර් ගැන දන්නේ නෑ ලමයෝ

සොරී වෙන්ඩ

ජයවෙන්ඩ ..!!

Anonymous said...

අනේ ලමයො ඔයා ගන්න කියලා හිතාගෙන ඉන්න රවුටර් දෙකම DSL රවුටර් නෙ. ඔන්න අපි නම් දන්නෙ නෑ අරගෙන ටෙලිපෝන් වයර් එක ගහ ගන්න බැරි වුනොත්.

චතුවා said...

තරිඳු සහෝත් කියන එක ඇත්ත. ලංකාවනේ... ඕන මගුලක් වෙච්චදෙන් කියලා හිත හදාගෙන වැඩේට බහින්න ඕනේ...

....................................................

pissigeloke බොහෝම ස්තූතියි අදහසට.. ඒ වැඩේ ලේසී තමා.. වැඩේ තියෙන්නේ ඊබේ එකෙන්ම ගන්න ඕනේ වගේ මේ ලෙඩේ හොද වෙන්න‍.. හික් හික්

....................................................

hey wbuddhikam.. thankx 4 ur comment buddy. It's good news for me..

චතුවා said...

හොදා හොදා හිස් අහස... ට්‍රයි එකක් දාලා බලන්නකෝ...

ස්තූතියි මේ පැත්තේ ආවාට...

....................................................

subashblog.. ඔයා දන්නේ නෑ මේ ළමයාගේ හැටි.. වයර් එක ගහන්න බැරි වුනොත් මම බලාගන්නම්කෝ... ඔයාව ගෙන්නගෙන්නේ ඒක හදාගන්න... හරිය...

Anonymous said...

හොදයි හොදයි ආවම කියන්නකො එහෙනම්.

චතුවා said...

වැඩේ පොඩ්ඩක් කල් දැම්මා සහෝ.. නත්තලයි, හිම වැටිල්ලයි නිසා මම කලින් කල ඕඩර් එකක් එන්න පරක්කු වෙයිලු.. ඉතින් මේකටත් එහෙම්ම තමානේ. ඒ නිසා ජනවාරි වලදී විතර ගන්නයි කල්පනාව..

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger