Thursday, December 16, 2010

අයි ♥ ගෝල්...

පොඩි කාලේ ඉදලාම මට ලොකු උණක් තිබුණා මුහුද අයිනේ තියෙන ගේක ජීවත් වෙන්න.. තිබුණා නෙවෙයි.. තාමත් ඒ පිස්සුව අඩු නැතිව තියෙනවා.. මගේ අප්පච්චී නිවාඩුවකට ගෙදර ආවාම ඉස්සර පොඩි කාලේ අනිවාර්යයයෙන්ම මම අහගන්න වෙන කතාවක් තමා මුහුදු අයිනේ තියෙන ගෙදරක් අරගෙන පදිංචියට යමුද.. කියන එක.. මොන... මුහුද අයිනේ ගෙවල් තියා පස්සේ කාලෙක ඕක මතක් කරද්දී අප්පච්චී හෙමීටම කතාව වෙන පැත්තකට හරවනවා.. නැත්තං ඔය ආසාව නැති කරන්න මොනවා මොනවා හරි කියනවා... අප්පච්චිට හොදම කතාව අහු වුනේ සුනාමිය ආවාට පස්සේ..


"දැක්කනේ.. කොහොමද මුහුද අයිනේ එහෙම හිටියනම්...?" කියලා එදා මගෙන් අප්පච්චී අහපු වෙලාවේ ඇත්තටම මට බයකුත් නොදැනුනාම නෙවෙයි.. ඊට පස්සේ මාසයක් දෙකක් යනකම්ම සුනාමිය ගැන කතා කරද්දී මගේ ආසාව ගැන මටම බය හිතුනා.. ඒ දවස්වල ඉතින් ටිකක් විතර පොඩි එකානේ.... ඒ වුනාට මොකද ටික කාලයක් යද්දී පරණ පිස්සුව පෙර පරිදිමයි..! සාමාන්‍යයෙන් අපේ ගෙදර අය මාසේ අන්තීමට කොහේ හරි ඇවිදින්න යනවා. ‍රට වටේ යනවා ඉතින්.. අප්පච්චී හරි අම්මා හරි කොහේද යන්න ඕනේ කියලා අහපුවාම මම යන්න ඕනේ කියන්නේ කොයි වගේ පලාත් වලටද කියලා හිතා ගන්න පුලුවන්නේ ඉතින්..... කොහෙන් හරි මුහුද තියෙන තැනකට... මගේ ඔය උත්තරේ අහලා අහලාම එපා වෙලාද මන්දා දැන් නම් කවුරුත් අහන්නේ නෑ කොහේද යන්න ඕනේ කියලා...


කොහොම වුනත් මට ඔය මුහුද තියෙන පලාත් වලින් කැමතිම කියලා එක ප්‍රදේශයක් තිබුණේ නෑ මෑතක් වෙනකම්ම.. ඒ වුනාට අර මේනකා ඇතුලු යාලුවෝ එක්ක ගිය ගාලු ගමනට පස්සේ නම් මගේ ආසාම ප්‍රදේශය ගාල්ල.. ගාල්ලේ යන්න තියෙනවා නම් මට ඉතින් ආය මොනවත් ඕනි නෑ..ඉතින් ඒ වුනාට ආයෙම යන්න ලැබුණෙම නෑ කාලෙකට.. කොහොම හරි ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක ආයෙත් ගාල්ලේ යන්න ලැබුණා... මතක විදියට ගිය අවුරුද්දේ මාර්තු මාසේ.. අම්මේ.. එදා තමා මම මගේ ජීවිතේ ගිය මම ආසාම, අමතක කරන්නම බැරි ට්‍රිප් එක.. විනෝද වෙන්න පුලුවන් උපරිමේටම විනෝද වුනා.. ඒ වගේම තව තව ‍දේවල්.. හිහ්.. කොහොම වුනත් එදා ගාල්ලේ ගියාට පස්සේ තමා ගාල්ල ගැන තිබුණ ආසාව ඔක්කටම වඩා වැඩි වුනේ.. ‍


කොහොම වුනත් උසස් පෙළ විභාගේ නිසා කොච්චර යන්න උවමනාව තිබුණත් ගාල්ල පැත්තේ යන්න බැරි වුනා..ඔය පිස්සුව පොඩ්ඩක් අමතක කරලා කොහොම හරි ඉන්නකොට ඔන්න පිස්සුව වැඩි වෙන්න යාලුවෙක් හම්බ වුනා මූණුපොතෙන්... ඒ යාලුවා එක්ක චැට් කරපු මුල්ම දවසේ ඇහුවාම කොහේද ඉන්නේ කියලා.. ඒ යාලුවා කිව්වාම ගාල්ලේ ඉන්නේ කියලා.. අම්මේ..... මට ඇති වුන සතුට............ ඒ යාලුවා හම්බවුනෙත් උසස්පෙල ඉවර වෙලා දවසකට දෙකකට පස්සේ.. ආයිත් ඔන්න පිස්සුව වැඩි වුනා.. යාලුවෝ ටික එකතුකරගෙන ආයෙත් ඒ පැත්තේ යන්න ට්‍රයි කරාට යන්නම බැරි වුනා... ඕං ඉතින් ආයෙත් අදහස අතැරලා දාල හිටියා.. මොනාව කරන්නද ඉතින්.. තනියම යන්නැයි......


කොහොම හරි ඔහොම කල් යනකොට ආයෙත් හම්බ වුනා යාලුවෙක්.. ‍හෆොයි! මෙයත් ගාල්ලේ........ මොන වෙඩින් එකක්ද මන්දා කොහොම හරි ඒ යාලුවා නිසත් වුනේ ආයෙත් පිස්සුව වැඩි වුන එකම තමා.. ඉතින් කොහොම කොහොම හරි යාලුවෝ ටික එකතු කරගෙන ගිය සැප්තැම්බර් 17 වෙනිදා ගල්ලේ යන්න සෙට් වුනා.. කෝච්චියේ යන්න තමා කල්පනාව.. කොහොම හරි වැඩ ඔක්කම සෙට් කරගෙන ටිකක් රෑ වෙද්දී ඔන්න SMS එකක් එනවා එකෙක්ගෙන් "හෙට යන්න බැරි වෙයි වගේ බං. පොඩි වැඩක්" කියලා.. ඉතින් ඌව දාලා යන්නත් බෑ.. මොකද පොර තමා නවාතැන් පහසුකම් සලසන්න හිටියේ ගාල්ලෙදී අපිට.. හරි ඉතින් මොනවා කරන්නද කියලා ගමන දාගත්තා 18 වෙනිදාට.. එදාත් බැරිවුනා.. දාගත්තා 19.. එදත් බැරි වුනා..අන්තිමට 20 වෙනිදාට දාගත්තා... එදාත් බැරි වුනා ඕං.. මම අතඇරලා දැම්මා අදහස.. මුං එක්ක යන එක හරියන්නේ නෑ කියලා හිත හදාගෙන හිටියා..


දවසක් උදේ පන්දරම ගෙදර මිදුලට මෝටසයිකල් ටිකක් එන සද්දයක් ඇහුණා හීනෙන් වගේ.. මගේ කමරේ ජනේලේ ලගට ඇවිල්ලා හෝන් එකක් ගහපුවාම මම හිතුවෙම හීනෙන් වෙන්න ඇති කියලා.. යාංතං ඇස් ඇරලා බලද්දී ජනේලෙන් ලයිට් එලිය වැටෙනවා.. අප්පට සිරි හීනෙන් නෙවෙයිනේ කියලා නැගිටිද්දීම " යකෝ.. නැගිටපාං...." කියලා ඇහුණා.. කටහඬ නම් මගේ ආදරණීය පුංචි අම්මගේ පුතණ්ඩියා.. ජනේලේ ඇරලා බැලුවා..


"මේ මලගෙදරක් වෙලා මාතර යනවා අපි.. තව බයික් එකකුති තියෙනවා වරෙන්කෝ යන්න..." අප්පේ මට ඉතින් තවත් මොනවාද... මේක ඇහිච්ච ගමන් නිදිදෙව්දුව පෑල දොරින් පැනලා ගියේ.. හික් හික්.. කොහොම හරි ගිහින් අම්මව ඇහැරලා කිව්වා ගාල්ලේ යනවයි කියලා.. "පිස්සුද... කොහේ යන්නද? යන්නේ එහෙම නෑ.." හිහ් ඔය කතා අහයිද මං මේ වගේ වෙලාවක.... වෙලාව ගැන නොහිතාම ගත්තා අප්පොච්චට කෝල් එකක්..


"අප්පච්චී.. අර්ජුන අයියලා ගාල්ලේ යනවාලු දැන්.. යන්නද?"
"මොකේද යන්නේ?"
"බයික් වලින්..."
"යන්න දෙන්නම්.. හැබැයි බයික් පැදීම තහනම්.. ‍ලයිසන් නැතිව පොලිසියෙන් ඇල්ලුවෙත් මම නම් බලන්නේ නෑ.."


ආ.... ඔය තියෙන්නේ.... පොලීසියනම් මොනාද... දඩබඩගාලා ලෑස්තිවෙලා ගියා.. අම්මේ... අපේ අයියණ්ඩිගේ අලුත ගෙනා මනමාලි... Yamaha FZ... ගමනේ සතුට ඩබල් වුනා.. "මල්ලී උඹ මෙකේ වරෙන්" කිව්වාම.. දැන් ඉතින් යෑමක් තමා කියලා ගමන් ඇරඹුවා... දැන් ඉතින් ගාල්ලට ටික ටික ලං වෙනකොට මට ඉතින් මොනවාද බයික් එකේ ඇක්සලේටර් එක ටිකක් වැඩියෙන් කැරගෙනවා වගේ... හික්... කොහොම හරි ගාල්ලත් පහු කරගෙනම මාතරට යන ගමන නොනවත්වාම අපේ අයියණ්ඩී ගියේ හිතක් පපුවක් නැති එකෙක් වගේ..ඇයි ‍යකෝ මූ දන්නවානේ මං ආවේ මේ මලගෙදරට යන්න නෙවෙයි කියලා... කොහොම හරි මලගෙදර ගිහින් එනකොටවත් මේකා පොඩ්ඩක් ගාල්ලේ රවුමක් දාලා යයි කියලා හිතාගෙන ආවා.. ම්හු.. එහෙම අදහසක් නෑ ව‍ගේ.. කොහොම හරි ගාල්ල හරියේ ක‍ඩේක නවත්තලා කාලා බීලා "මල්ලී යමු නේද? ඉක්මනට යන්නත් ඕනි... ඔයාට මුකුත් වැඩක් එහෙම තියෙනවාද? එහෙම නම් ඔයා ඉදලා එන්න.. අපි යන්නම්..." අනේ මගේ සුරතින් අයියගේ මූණ සමතලා වුනේ නැති එක ලොකුදෙයක් ඒ වෙලාවේ ආව තරහට.... "යමු යමු.. උඹත් එක්ක මොන වැඩද? අපරාදේ ආවේ" ඇතුලු තව වචන යොදාගෙන අයියට කතා කරලා ගෙදර ආවා...


පස්සේ තමා දැනුනේ මම ගෙදර ආවාට මොකද මගේ හිත ගාල්ලේ නැවතිලා කියලා.. හිහ් හිහ්... ආයෙත් ඊට ටික දවසකට පස්සේ ගාලු යන්න ලෑස්ති වුනාට යන්න බැරි වුනා.. කොහොම හරි ලබන සතියේ ඉදලා මට තියෙනවා සති දෙකතුනක නිවාඩුවක්.. ඉතින් ඔන්න පෙර පරිදි ගමන ලෑස්ති කරලා තියෙන්නේ.. දැන් ඉදලාම කියලා තියෙන්නේ මේ පාර ගාල්ලේ යන්න එන්නේ නැති අයට අපේ සෙට් එකෙන් එලි බහින්න වෙයි කියලා....


ඒ මදිවට අද උදේ NIBM එකේ මගේ යාලුවෝ සෙට් එකත් නිවාඩුවේ ට්‍රිප් එකක් යන්න කතාව.. ඇහුවා මගෙනුත් කොහේද යන්න කැමති කියලා.. ආය මොනාද ඉතින්... මම ගාල්ල කියලා කිව්වේ නම් නෑ... මට කියවුනා... ඒ වුනාට ඡන්ද මදිවුනා ගාල්ලේ යන්න.. අල්ලසක් හරි දීලා කට්ටිය කැමති කරගන්න ඕනි...

අහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... මූණුපොතේ යාලුවෝ දෙන්නෙකුත් ඕං කිව්වා.. ගාල්ලේ යමුය කිලා... හික් හික්... ඔය තුන්පාරම යන්න පුලුවන් වුනානම්...............................


ගාල්ල කියද්දී මට ඉතින් මූණුපොතේ ඉන්නවා ගාලුපැත්තේ යාලුවෝ ගොඩාක්.. ඔය රත්ගමයා, පලාමල්ල ලියන පිස්සා වගේ මගේ යාලුවෝ ගැන මට වෙලාවකට නිකං ඊරිසියයි වගේ.. අර රත්ගමයාගේ ගෙදරනම් මුහුද ලගමලු.... :( අපිට කොහේද ඉතින්... ගෙදර ලගින් මහවැලි ගඟනම් තියෙනවා... දැකපු දවසේ ඉදලා බලන්නවත් ආසා නෑ වෙලාවකට.... රත්ගමයෝ.. නුවර අපේ ගෙදර දෙන්නම් උඹට... අපිට දියන්කෝ උඹගේ ගෙදර.. සුහද මාරුවක් දාමු..... ප්ලීස්... හික් හික්



කොහොම හරි..... ගාල්ලේ කට්ටිය ඒනම් ඉදිරියේදී දැනුම් දුන්නාම මාව පිළිගන්න ලෑස්ති වෙන්න.. නෑ නෑ...උත්සව ඕනේ නෑ...... මොකද මට ගාල්ලට ආවාම උත්සව වෙනුවෙන් කාලය වෙන්කරන්න බෑ...



21 ප්‍රතිචාර:

නදී said...

ඔයා ඔච්චර මුහුද ලග ගෙදරකට කෑමති,ගිය ආත්මෙ හිටියෙ ඒවගේ තෑනකද දන්නෙ නෑ.නෑත්තම් මුහුදෙ මාලුවෙක් වෙලා හිටියද දන්නෙත් නෑ,හාල් මෑස්සෙක් වගේ නෙමෙයි ටිකක් විතර ලොකු සයිස් එකෙක්,වෙන්නත් පුලුවන්.(මම් එහෙම කිවෙ මේ ආත්මෙ ඔයාගෙ සයිස් එකෙන් හරිද,තරහ නෑනෙ :පි)

චතුවා said...

අනේ පප.. මම ගාල්ලේ යන්න කොච්චර ආසාද කියලා දන්නවානේ ඉතින් ඔයා...........

dinesh said...

සිරාවටම උඹ ඔච්චර මොකද බං මුහුදට කැමති.
FZ එකනම් ගින්දර පාර ඈ....කොහොමද ඒන්ජල් කෙනෙක් එක්කල ඔය එකක ගාල්ල පැත්තෙ ‍ටුවර් එකක් දාන්න තියනවනම්........ආසාවෙ බෑ බං.අපිටනම් මීගමුව පැත්තට කිට්‍ටු හින්ද ටිකක් ගොඩ.

පසන් Sid said...

ළමයෝ අපිත් සෙට් උනා උනවටුනේ යන්න (හැබෑයි ගිය අවුරුද්දේ) තාමත් උනවටුනේ යනවා hehe..මේක කියෙව්වම ආයෙත් සෙට් වෙන්න හිතුනා ඒත් අපේ උන් ව හොයන්න හෙන ගේමක් දෙන්න වෙනවා..එක එකා එක එක දිහා බලමුකෝ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් වත් යාගන්න... :D

Kavindya said...

මල්ලි බබා මම කියන්නම් සිම්පල් ප්ලෑන් එකක්... ගාල්ලෙන් කෙල්ලෙක් හොයන් බින්න විවාහයක් කරගන්න...මදි නොකියන්න ගාලු සිරි නරඹන්න පුළුවන්....හික් හික්...
කේ..කේ..ස්... මේ වතාවෙවත් ගාලු සිහිනය සැබෑවේවා....

රංග - මගේ ලෝකය said...

අපේ ගෙදර තියෙන්නෙ ගාල්ලෙන් පොඩ්ඩක් එහා මාතර පැත්තට වෙන්න මූද අයිනෙම තමා. දැන් ඉතින් උඹ ඒ ගැන හිතල අඬන්න එපා. ඉස්සරහට එන සති අන්ත දෙකේම මම ඉන්නෙ ගාල්ලෙ. හුඟක් වෙලාවට දෙසෙම්බර් 25 වගේ උනව‍ටුනෙ ඉඳී මමත් ඇතුලු අපේ සෙට් එකම.

පසන් Sid said...

රන්ග.. ඒනම් අපි එන්නම් උනවටුනෙ ආවොත්..ඔහෙ ඉදලා යන්න.. ;)

චතුවා said...

දිනේෂ් සහෝ.. අර නදී අක්ක කිව්ව සීන් එකද දන්නේ නෑ.. හික් හික්...

...................................................

අපිත් තාම මග... හිහ්.. අපේ එවුන් හොයන්න දැන් පත්තරේ ඇඩ් එකක් දාන්න වෙනවා.. මොකද කියන්නේ.. සෙට් වෙලා යමුද????

...................................................

හික් හික්.. සුදු අක්කා මරු අයිඩියා එකක් නෙව දීලා තියෙන්නේ..! අක්කගේ සිඟිති මොලේ සුපිරි.! ඒ වුනාට ඒක හරි භයානකයි‍ වගේ.. හික් හික්.. අම්මේ... යූ නෝ නේ...

චතුවා said...

සුදු අක්කා එකම කමෙන්ට් එක හතර පාරක්ම දාලා අවධාරණය කරනවා නේද අදහස.. හිහ් හිහ්...

...................................................

හිහ් හිහ් රංග සහෝ.. මොකද කියන්නේ සෙට් වෙමුද..? අපේ අදහසත් ඔය 24,25 වගේ දවස්වල එන්නයි ඔය පැත්තේ...

...................................................

පසෝ... අපි ඔක්කම යමුද රංගලාගේ ගෙදර?? හික්

ඔක්කලාම ගොඩාක් ස්තූතියි......

පසන් Sid said...

ළමයා මරු idea එක මොකෝ කියන්නේ යන්ද ??? ර0ග කමක් නැද්ද අපි ආවට ?? හිකිz

චතුවා said...

දැන් ඉතින් රංගව හොයාගන්නත් නැති වෙයිද දන්නේ නෑ.. හික් හික්..

Anonymous said...

මමත් ඉන්නෙ මුහුදට 100m දුර එත් මුහුදට ගිහින් තියෙන්නෙ 5-6 පාරක් විතර අවුරුදු 17කටම

sahan ළියනගෙරත්ගමයා said...

බොහොම අමාරුවෙන් ගෙදර මගේ නමට ලියා ගත්තේ බොට දෙන්නද බොල.....
මල්ලිලා දෙන්නට දෙන්න හදනකොට මම සිය දිවි නසා ගන්නත් ගියා..
උඹ් හිතුවද මම අර දරුවන් දන් දුන් වලගම්බා රජතුමා වගේ උඹට ගෙදර දන් දෙයි කියලා (හරිද මන්ද )

පිස්සා පලාමල්ල said...

අනේ බොල නුවරින් නෙමෙයි ලන්දන් වලින් දුන්නත් මට එපා... ගාල්ල වගේ නැහ කොහේවත්... හැබයි මුහුදෙ නෑම ඇරෙන්න ඔය වැල්ලෙ කොනක වාඩි වෙලා කට්ටියක් එක්ක බීර බෝතල් ටිකක් හිස් කරගෙන සින්දුවක් කියල... අපොයි ගාල්ලේ මතක....

පිස්ස ලගදි ගොඩ බහින්නෙ ඉන්නේ... වර වර ඒ පැත්තෙ

Anonymous said...

අප්පා ඔහොම යන්න පුලුවන්ද අප්පා එකම දිහා එක දිගට-- අහ්--- ඔන්නොහේ .. ඔයැයි කැමත්ත නේ.. කමක් නැ.. කිව්වත් වගේ.. ඔය පැත්තෙන් අවහයයක් කොටා ගත්තනම් ශේප්.. හිතේ හැටියට ගාල්ලේ උන්න හැකිනේ..

මහිම මදුරංග said...

@dinesh
FZ එකනම් ගින්දර පාර ඈ....
100% ekagai

චතුවා said...

@pissigeloke.. හයියෝ මොකක්ද... වැඩක් නෑනේ... මම හිටියනම්.......... :(

...................................................

@රත්ගමයෝ.. මොකක්ද ඉතින් සුහද මාරුවාක්නේ.. දරුවන් දන් දුන් වලගම්බා රජතුමා වගේ බැරිනම් ඔලුව ගලවලා දං දන්න වෙස්සන්තර රජතුමා වගේ මේ අයිඩියා එකට කැමති වෙයන්කෝ...

...................................................

ඔය ඉතින් ඇවිල්ලා කිව්වා මගේ පිස්සුව වැඩි වෙන්න තවත් එකක් පිස්සා අයියා... ගොඩ බහින කාලේ වෙනකොට කෙසේ වෙතත් 2010 ඉවර වෙන්න කලින් දෙපාරක්වත් යන්න ඕනි මට ගාල්ලේ.. හිහ් හී..

චතුවා said...

නිම්ෂා නගා... අසාවනේ පොඩි එකාගේ.. හිහ් හිහ්.. මොනා වුනත් ඔය ගාල්ලෙන් කරකාර ගන්න අයිඩියා එකත් නරක නෑ.. සළකා බලන්න ඕනේ...

(ඉරු... මෙතන කෑ ගහනවා එහෙම නෙවෙයි අදාල නැති අයගේ නම් කියලා මේක දැකලා.. උඹට නොකීවයි කියන්න එපා..)

...................................................

FZ පට්ට නම් තමා... ඒ වුනාට මට එදා නම් එපා වුනා ඒක.. ඒ වුනාට එපා ‍වුනේ ඒ දවසට විතරයි.. හිහ් හිහ්..

sahan ළියනගෙරත්ගමයා said...

නෑ මම මෙතන මුකුත් කියන්නේ නෑ.........සොදුරු අතීතය...නිමල පැතුම වී...මගේ හද තුල ඔබ ඉන්න ඇති.....සොදුරු......

මගේ සයිබර් නිවහන said...

මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/
මෙය දැන්වීමකි

චතුවා said...

රතුගමයෝ.. සොදුරු අතීතයේ විතරක් නෙවෙයි.. වර්ථමානයේ,අනාගතයෙත් ඉන්නවා... :P

...................................................

සයිබර් නිවහනේ සහෝ.. මේ විදිය හොදයි.. සුබපැතුම් අලුත් වැඩේට...

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger