Wednesday, February 17, 2010

මගේ අප්පචිචී (1)

.::පිස්සා::. සහෝදරයගේ මගේ අමිමා සටහන කියෙවුවම හිතුනා මටත් මගේ අප්පචිචී ගැන කියන්න. ඒ වුනත් මගේ මෙම සටහන මගේ අමිමා සටහන තරමි හැගීමිබරවත්, වැදගත්වත් නොවෙන්නත් පුලුවන්..... ඒක ඔයාලම කියවල බලල තීරනය කරන්න.. මගේ අප්පචිචී හරිම පුදුම මනුස්සයෙක්... ඔය මට නිතරම හිතෙන දෙයක්... එක අතකින් බැලුවම එහෙම හිතෙන එකෙත් වරදක් නෑ. මගේ අප්පචිචී ඉපදුනේ බොහොම දුප්පත් පවුලක.. හත්දෙනෙක් හිටපු පවුලෙ හය වැන්න වෙන්න ලැබුණ එක නමි අප්පචිචී කියන විදියට ලොකු වාසනාවක්ලු... හැබැයි ඒකට හේතුවක් මම තවම දන්නෙ නමි නෑ. හගුරන්කෙත ගම උන මගේ අප්පචිචීගේ පවුල රැකුනෙ තේ වතුවල වැඩ කරල ලැබුන සොචිචමෙන්ලු. කොයිතරන් අගහිගකමි තිබුනත් තමන්ගේ දරුවන්ගේ ඉගනීම කඩාකප්පල් කරන්න ‍කිසිම දෙමවුපියෙක් කැමති නෑනේ... ඒ වගේ තමයි ම‍ගේ අත්තමිමයි සීයයිත්.. කොහොම හරි දරුවන්ට උගන්නවුවා. කොහොම හරි සාමාන්‍යපෙළ සමත් උන මගේ අප්පචිචී රස්සාවක් හොයන්න පටන් ගන්නවා... අන්තිමට මගේ අප්පචිචීට නියම රස්සාවක් ලැබෙන‍වා.. (ඒක නියම රස්සාවක් කියල කියන්නෙ අප්පචිචීමයි. හැබැයි මට නමි හීනෙන්වත් කරන්න බැරි ‍වෙයි ඒ රස්සාව) රස්සාව තමයි යකඩ බඩු හදන තැනක පෝරනුවේ වැඩ කරන එක. අප්පචිචීට කරන්න තියෙන්නෙ අචිචු වලට දාල දෙන උණු කරපු යකඩ පෝරණුවට ‍දාන එක සහ නියමිත වෙලාවට එලියට ගන්න එකයි... හරිම සරල රස්සාවක් නේද?? එහෙම තමයි මටත් හිතුනෙ මුලදී...... පෝරණුව ඇතුලෙ උෂ්ණත්වය මට මතක විදිහට අංශක 300-400ක් විතර වෙනවලු. ඒකනමි කොහොම හරි ඉවසන්න පුලුවන් කියමුකෝ... ඒ වුනත් දිය වෙනකන් රත් කරපු ලෝහ ඇගට වරින් වර වැටෙනකොට කොහොමද සැප???? ඔහොම කාලයක් යද්දී මගේ අප්පචිචීගේ ජීවිතයට ගොඩක් වැදගත් උන කෙනෙක් හමිබ උනා. ඒ අපේ අමිමා නමි නෙවෙයි. වැඩ කරපු කර්මාන්තශාලාවෙ ඉහල නිලධාරියෙක්. මගේ අප්පචිචීගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. හරියටම කිවුවොත් අප්පචිචී ආයම ඉගෙන ගන්න පටන් ගත්තා. අප්පචිචීට මුණගැහුන ඒ නිළධාරියා අමතර රැකියාවක් ලෙසට ඉංග්‍රිසි ඉගැන්නුවලු. (අද මටත් ඉංග්‍රිසි උගන්නනවා... හික්.. හික්..) ඉතින් ඔය ඉංග්‍රිසි පංතියක හිටිය ළමයෙක්ගේ සටහන් පාඩමි කරල අපේ අප්පචිචී උසස් පෙළට මුහුණ දෙනවා... නියම වැඩෙ කියන්නෙ උ/පෙ සමත් වෙනවා විතරක් නෙවෙයි, කැළණිය විශ්ව විද්ද්‍යාලයටත් ඇතුල් වෙනවා......................
ඉතිරිය මම පස්සේ කියන්නද?? ඔක්කම එක දිගට කියවන්න ඔයාලටත් එපා වෙයි නේ....... අදහසක් තියනවනමි කියන්න අමතක කරන්නත් එපා.
බුදු සරණයි!!!!!

4 ප්‍රතිචාර:

.::පිස්සා::. said...

ඔයා නවත්තලානේ, චුට්ටක් කියලා..
ඊලඟ කොටස බලන්න, ආසාවෙන් ඉන්නවා..

ඔහොම තමා මල්ලී, ගොඩාක් දෙනෙක් ගේ ජීවිත.
මට ආඩම්බරයි ඔයාලගේ තාත්තා ගැන..

.::පිස්සා::. said...

ඔයාගේ බ්ලොග් එකත් දාන්න මල්ලී, බ්ලොග් සින්ඩිකේටරයට .
එතකොට කට්ටිය වැඩි ගානක් බලාවිනේ..

PLS REMOVE WORD VERIFICATION.

ළමයා said...

ස්තූතියි ලොකු සහෝදරයා.... මට හරිම සතුටුයි..... කොහොම උනත් මගේ ලිවීම හොදයිද කියලා මම දන්නේ නෑ.. වැරදි තියනවනමි ඒවත් කරුණාකරලා කියන්න....

මුදිත දසනායක said...

තාත්තා කියන්නෙ, මහමෙරක්, ජීවිතයට අත්වෑලක් මහා සෙවනෙල්ලක් එවුනත්, අදරය සගවන්නෙක්, මට හොදට, මතකයි, මම උ.පෙ. සමත් වුන දවසෙ, රිසල්ට් , කිව්ව දවසෙ, මුකුත් නොකියා, ගියා, මට ටිකක් තරහක් ඈතිවුනා, එවුනාට,පෑත්තකකට ගිහිල්ල අඩල තියෙනවා, පොඩිකාලෙ තාත්තා කියන්නෙ, තරහකාරයෙක් වගෙ පෙනුනට, දෑන්නම් මට පෙනෙන්නෙ වීරයෙක් වගෙ..
කර්තුට:
ඔබ මෑනවින්, වචන හසුරනවා,දිගටම ගෙනයන්ට, ඔබට මවගෙ හො, පියාගෙ සින්හල අභශයක් අති(සින්හල ගුරුවරියක් හො සින්හල ගුරුවරයෙක් මව හො පියා
තෙරුවන් සරනයි!!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger