Thursday, February 18, 2010

මගේ අප්පචිචී (2)


ඔන්න..... පටන් ගත්තු කථාව ඉවර කරන්නයි හදන්නේ.. මම කලින් කථාව නවැත්තුවෙ මගේ අප්පචිචී විශ්ව විද්ද්‍යාලයට සමත් උන තැනින්.. අද එතැන ඉදලා.
ඔන්න දැන් මගේ අප්පචිචී කැමිපස් යනවා. උදේ ඉදල දේශන වල. ඉගෙන ගන්න කියලා ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බෑනේ. සල්ලි නෑ කියලා ලැබුණ අවස්ථාව නැති කර ගන්නත් බෑනේ..ඉතින් අප්පචිචී දේශන නැති වෙලාවට සුපුරුදු රැකියාවට යනවා. දේශන තියන දවස් වල ඒවා ඉවර වෙලා වැඩට යනවා. දවසට නිදාගන්නවත් වෙලාවක් නෑලු.. ‍අප්පච්චීට හිටපු ලොකුම හයිය තමයි අර කලින් කියපු අප්පච්චීගේ උසස් අධ්‍යාපනයට මග පාදපු උසස් නිළධාරියා.අධ්‍යාපන කටයුතු වලදී අප්පචිචීට ඔහුත් මූල්‍යමයව ගොඩාක් උදවු කරාලු.ඔහොම කාලය ගතවෙලා විශ්ව විද්ද්‍යාල අධ්‍යාපනය බෝහෝ දුරට නිම වෙමින් එනකොට අපේ අප්පචිචට හැදෙනවා පොඩි පිස්සුවක්.. අද අප්පවිවී කියන හැටියට ජීවිතයේ ගත්ත මෝඩම තීරනය මෙ පිස්සුව නිසා හදිස්සියේ ගත්ත තීරණයලු. පිස්සුව තමයි පිටරට රස්සාවන්‍කට යෑම. ගත්තු මෝඩ තීරණය තමයි අධ්‍යාපනය අත ඇරලා රට යන එක. ඒ තීරණය ඒ විදියටම සිද්ද වුනා.
කොහොම වුනත් අධ්‍යාපනය නවත්තල රට රස්සාවකට ගිය එක හොදයි කියලයි මට හිතෙන්නේ. අවුරුදු ගානක් විවිධ රටවල් වල වැඩ කරපු අප්පචිචී ලංකාවට එන්නෙ යමි තරමක බර කාරයෙක් වෙලා. ලංකාවට ඇවිත් ලංකාවෙ තියන පිටරට සමාගමක වැඩට යනවා. රස්සාව බර වාහන රියදුරු. ටික කලකින් ඒ සමාගමෙම සැහැල්ලු වාහන රියදුරු. අප්පචිචී කියන හැටියට නමි ඒක උසස් වීමක්ලු. අනේ මන්දා......... තවත් ටික කලක් යනකොට ගබඩා පාලන සහයක. අධ්‍යාපන කටයුතු හොදින්, තරමක් දුරට හරි කරල තිබුණු නිසා අප්පච්චීට උසස් වීම් ලබාගන්න අපහසු වුනේ නෑ. අප්පචිචීට ඊළගට හම්බ වුනේ ප්‍රධාන ගබඩා පාලක තණතුර.. අද වෙනකොට අප්පච්චී වැඩ කරන සමාගමේ ප්‍රධාන ප්‍රවාහන නිළධාරී තණතුර මගේ අප්පච්චීට ලැබිලා තියනවා.. අකුරට නීතියට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය නිසා සමහර සේවකයෝ නම් අප්පච්චීට කැමති නෑලු. ඕක ‍ඉතින් ලංකාවේ හරියට වැඩ කරන හැම මනුස්සයටම මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්නේ.....
අප්පච්චීගේ දියුණුවේ කථාව කෙටියෙන් ඔන්න ඔහොමයි. සමහර විට මට නොකියපු දේවලුත් ඇති.......කොහොම වුනත් මගේ අප්පච්චීගේ උත්සාහය නිසා එයාට ගොඩක් දේවල් ලැබිලා තියනවා.. මම අද ගෙදරට වෙලා සැප පුටුවක වාඩි වෙලා computer ඉස්සරහට වෙලා blogs ලියන්නේ මගේ අප්පච්චීට පිංසිද්ධ වෙන්න. අප්පච්චීගේ උත්සාහයක් නැතුව හිටියනම් අර මම කියපු අප්පච්චීගේ මුල්ම රස්සාව, පෝරනුවේ රස්සාව අද කරන්න වෙන්නේ මට........... මට එහෙම වුනා නම් blogs ලියනවා තියා blogs කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති වෙයි... මමත් දුප්පත් නිකංම නිකං කොල්ලෙක් වෙයි.........
අන්තිමට මට කියන්න තියෙන්නේ මගේ අප්පච්චීට තවත් දියුණු වෙන්න ලැ‍බේවා කියලත් මට මේ හැම දෙයක්ම ලබා දුන්නාට බොහෝම පිං කියලත් තමා......

6 ප්‍රතිචාර:

.::පිස්සා::. said...

උඹව යවන්න ඕනේ පෝරණුවේ වැඩට.. එතකොට ගානට හැදිලා එයි..

උඹේ අප්පච්චි ගැන අපිටත් සතුටුයි මල්ලී..

ළමයා said...

හි හිහි..... හොද වෙලාවට ඒ කර්මාන්තශාලාව මේ ලගකදී වහලා දාලා. ස්තූතියි ලොකු සහෝදරයා...

තිස්ස දොඩන්ගොඩ said...

තත්තා කෙනෙක් කරණ කැපවීම තේරෙන්න තාත්තා, කෙනෙක් වෙන්නම ඕනෑ දරුවෝ..තත්තලා අම්මලා වාගේ ඉතින් කිය කිය ඇවිදින්නේ නෑ නොවැ... මොනවා උනත් තමන්ගේ තාත්තා ගැන ආඩම්බරයෙන් කතා කිරීම ගැන මට සතු‍ටුයි...එහෙම තමා වෙන්න ඕනෑ... ඒ තාත්තටත් මගේ ආචාරය... හැබැයි දරුවෝ බ්ලොග් ලිවුවා වාගේ නෙමේ... තාත්තා වගේ ලෝකෙට යමක් කරන්නත් ඕනෑ හරි...?

ළමයා said...

තිස්ස දොඩන්ගොඩ මහත්මයාටත් මගේ හද පිරි ප්‍රණාමය පුද කරනවා......

මේ දවස්වල බ්ලොග් ලිය ලියා හිටියට මොකද,මමත් හෙන වැඩ..... හරිගියොත් ලෝකෙටයි මටයි තමා...

තිස්ස දොඩන්ගොඩ said...
This comment has been removed by the author.
හිඟන්නා said...

තාත්තා දක්සයා , උබත් එහෙම වෙයන් !!!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger