Friday, December 24, 2010

නත්තල, අක්කා සහ මම..

කස්ටියට සුබ නත්තලක් කියන්නත් එපැයි නේ.. ඊට කලින් මං ලියන්න හිතුනා මම පහුගිය නත්තල ගත කරපු හැටි ටිකක් ලියන්න.


ඇත්තම කිව්වොත් මේ නත්තල තමා මම ජීවිතේ ගත කරන "මෙලෝ රහක් නැති" නත්තල. ඒකට හේතුව මට මෙදාපාර අපේ මාමගේ ගෙදර යන්න බැරි වුන එක. මගේ මාමා විවාහ වෙලා ඉන්නේ ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක්ව. ඉතින් මං බො‍හෝ විට නත්තලට යනවා මාමලගේ ගෙදර. කඳාන පැත්තේ ඉන්නේ. ඒ පැත්තේ ඉන්න වැඩි දෙනෙක් ක්‍රිස්තියානි භක්තිකයෝ මගේ හිතේ..


ඔය නත්තලට මම එහේ ගියාම මට වැඩ ගොඩයි ඉතින්. මං ගියාම මුලින්ම කරන්න පටන් ගන්න වැඩේ තමා නත්තල් ගහක් හදන්න පටන්ගන්න එක. පොඩි අක්කත් එක්ක සෙට් වුනාම පට්ට නත්තල් ගහක් හදලා තමා නවතින්නේ.. ඊට පස්සේ ඉතින් අක්කා එක්ක කඩේ දුවන එක. අපේ නැන්දා එක සැරේට කියන්නේ නෑනේ මොනවාද ඕනේ කියලා...


"අනේ පැටියෝ.. කේක් හදන්න බිත්තර ගේන්න බැරි වුනා. අක්කා එක්ක ගිහින් අරන්න එන්නකෝ" ඕං ඉතින් අක්කා එක්ක යනවා. අක්කා එක්ක යන්නේ ඉතින් පාලුවක් නැතිව යන්න පුලුවන්නේ.. ඒකයි.. ඕං ගිහින් ඇවිල්ලා හොඳට ඉඳගෙන කම්පූටරේවත් ඔන් කරද්දී ආයිත් එනවා ලොකු අක්කා.. "මල්ලියා.. අම්මා කතා කරා පොඩ්ඩක්" ඕක කියද්දීම දන්නවා.. තව කඩේ යෑමක් තමා කියලා.. හික් හික්...


ඔය ඔක්කම හැබැයි කිසි දුකක් නැතිව කරනවා. ඔය වැඩ අස්සේම මං අතඅරින්නේ නැති එකම වැඩක් තියෙනවා.. ඔය මාමගේ ගෙදර තියෙන්නේ කඳාන දුම්රියපොළට කිට්ටුව. රේල්පාරටත් ඉතින් ළඟම ළගයි. මොන වැඩේ කොර කොර හිටියත් කෝච්චිය ස්ටේෂන් එකෙන් එන්න හෝන් කරනකොට මං දුවනවා රේල් පාර ළගට.. කෝච්චිය බලන්න නෙවේ.....................රේල් පීල්ලේ කාසියක් තියන්න... ඔය කාසියක් තියන්න දවසක මං නිකමට වගේ දවසක් මැට්ල් ගලක් තියලා බැලුවා.. කෝච්චිය පෙරලුනොත්වත් කියලා මං ටිකක් ඈත් වෙලා බලාගෙන හිටියා. හිහ්.. ඒ ගල ලොවෙත් නෑ.. ඊලඟ කෝච්චියට මැට්ල් ගල් පේලියක්ම තිබ්බා.. ඒ පාරනම් ගල් ටික තියලා මං ගෙදරටම දිව්වා. කෝච්චියේ සද්දේ නැති වුනාට පස්සේ ගිහින් බැලුවා කෝච්චිය රේල්පීලිවත් පැනලද කියලා.. හිහ්.. කොහොම කොහොම හරි ඔය කාසි තැබිල්ල අත ඇරලා ගල්තියන එක නැවතුනේ අපේ මාමගෙන් හොඳට බැණුම් අහලා.. එදා බැන්නේ නැත්තං ෂුවර මං කොස් ගහක්වත් කපලා තියලා බලං ඉන්නවා කෝච්චිය පීලි පනීද කියලා.. හික් හික්..


ඔය ඔක්කම හරි... නත්තල්දාට රෑ පල්ලියට යන වැඩේට තමා මම නම් කැමති නැත්තේ.. කොහොම හරි ගියාට මොකද මං කා‍ර්එකේ දොයි. පොඩි කාලේ එකම එක දවසක් ගියා.. අමාරුවෙන් හිටියා ඉතින්.. දොයි මතා..යි..! ඔක්කම හරි.. ඊළගට එන්නේ පාටි ටයිම්..! අන්න ඉතින් ෆට්ට තමා.. හොඳ ජොලියක් දානවා. ඔය පාටි දැමිල්ලෙන් වැඩියෙන්ම සංතෝස වෙන්නේ මං වෙන්න ඕනේ.. හේතුව නම් රහසක්..


25වෙනිදා හරි 26වෙනිදා හරි හවස් යාමේ ගෝල්ෆේස් යෑමත් අනිවාර්යය අංගයක්. ඒකෙනම් මට ඇති දෙයක් නෑ. ගෝල්ෆේස් ගියාම ගෝල් මතක් වෙන ගතියක් ගිය අවුරුද්දේ නම් තිබ්බා.. ඒක වෙනම කතාවක්. මේ පාර ගියේ නැත්තේ හොඳ වෙලාවට. නැත්තං ගෝල්ෆේස් පැත්තක තියලා මං ෂුවර් ගෝල්ම යනවා.. හික්..


කොහොම වුනත් මෙදාපාරනම් නත්තල සමරන්න තියා පවුලේ හැමෝම වගේ ඉන්නේ ශෝකයෙන්. ඒකට හේතුව අපේ මාමගේ අර මං කලින් කීව ලොකු අක්කා අසනීප වෙලා ඉන්න එක. ශරීරයට විෂබීජයක් ඇතුලත් වෙලා කියලා තමා කියන්නේ. පෙරේදා ආයිත් රෝහල්ගත කරලා. ඉතින් නැන්දත් අක්කා ළඟ.. මේ පාර අපේ නම් නත්තල් සැමරීමක් නෑ.


කොහොම වුනත් පරණ නත්තල් ගැන මතක් කරලා අන්තිමට කියන්න ඕනේ.. 
මගේ අක්කේ.. ඔයාට ඉක්මන් සුව....

ඒත් එක්කම........

හැමෝටම සාමය හා සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා.....!!!

8 ප්‍රතිචාර:

Anonymous said...

ඔයාටත් සුබම සුබ නත්තලක් වෙවා......... මටත් නම් බැරිම වැඩේ පල්ලි ගිහින් ඉන්න එක... නිදිමත වැඩියි එතකොට....

ලමයො අක්කාටත් ඉක්මනට නීරෝගි සුවය පතනවා....

හිස් අහස said...

ඔන්න ඔයාගේ අක්කට මාත් ඉක්මන් සුවය පතනවා ..

මේ මාසේ පැතුම් ඉටුවෙන මාසෙයක් ..ඒක නිසා අක්කට ඉක්මනට සනීපවේවි .

ලමයාගේ අක්කට "සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි"

පූසා said...

ළමයාගේ අක්කාට ඉක්මන් සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

Nadeeka Welenawewa said...

akka gana godak dukai ekmanin hoda wenna kiyala prarthanaa karannam.

Anonymous said...

Lamayata: Merry Christmas!

Akkita :get well soon! & Merry Christmas !

හසී said...

සුබ නත්තලක් වේවා..! ළමයාගේ අක්කාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...

Anonymous said...

අක්කටත් එක්මනටම සුවය පතනව...

ළමය කඩේ යන්න හරි දස්සයි වගේනෙ :D එල එල

ඒක නෙමේ මොකෝ බන් අයියෙ ඔච්චරටම ගාල්ල මතක් වෙන්නෙ? ;)

එහෙනන් ඉතින් සුබ නත්තලක් + අලුත් අවුරුද්දක් වේවා... ලබන අවුරුද්දෙ අක්කට හොද වෙලා ජොලි නත්තලක් ගතකරන්නත් ලැබේවා

චතුවා said...

සුබ පතපු, අක්කට සුව ප්‍රාර්ථනා කළ ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තූතියි...

.....................................................

හසිත මලේ.. කඩේ යන එක ඉතින් කවුරුත් අඩුවැඩි වශයෙන් කරන එක‍ නෙව.

ගාල්ල මතක් වෙන්න නම් කාරණා ගොඩයි මලේ.. ගොඩයි කිව්වට එකයි.. ;)

ගොඩ දවසකින් මලයගේ බ්ලොග ලියලා නෑ වගේ? මොකැ වුනේ..?

බෝම ස්තූතියි මලයටත්

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger