Sunday, December 26, 2010

කොඩිය ( ii )

කොඩිය ( i ) කොටසට "අහ්'... උඹ කොහොමද මේ කොඩිය හොරකම් කලේ?""කොඩිය? මං කොඩි ගැන මොනවත් දන්නේ නැහැ.""කොඩි ගැන මොනවත් දන්නේ නැහැ? එහෙනම් උඹ ඔය ඇඳගෙන ඉන්නේ?""අහ්......." හදිසියේම බියටපත් රාමුට කතා කිරීමට පවා අපහසු විට. ඒ සමගම මිනිසුන් ඔහු වටා රොක් වූහ. "ඕක අපේ සාප්පුවේ කොඩිය වෙන්න ඕනේ. අපි හැම තැනම හෙව්වේ..""මුගේ හැටි බලාපල්ලා කොඩියක් ඇඳගෙන. මුගෙන් ඕක උදුරා ගනිල්ලා""පොලිස් රාළහාමි‍ කෙනෙකුට කතාකරපල්ලා""මූව අල්ලලා හමගහපල්ලා පල් හො‍රා" පොලිස් නිලධාරියා පැමිණිමටත් පෙරාතුව තරුණයෙක් ඉදිරියට පැන රාමුගේ සිරුර වසා තිබූ කොඩිය ඇද දැමුවේය. දැන් රාමු පිරිස මැද නිරුවතින් සිටී. රාමුගේ බිරිඳ කෑගැසූ අතර ඔහුගේ දියණිය...

Saturday, December 25, 2010

කොඩිය ( i )

"ඔබතුමාට දිර්ඝායුෂ වේවා සර්කාර්තුමණි! දේව පිහිට ලැබේවා සර්කාර්තුමණි! කරුණාකර මට මගේ බිරිඳගේ හා දුවගේ කොටසත් ලබා දෙන්න. ‍ඒ දෙදෙනා ඔබතුමා සහ ඔබතුමාගේ දරුවන් වෙනුවෙන් යාච්ඤා කරනවා,සර්කාර්තුමනි..." "පලයන් බොරු කාරයා. උඹට ගෑණියෙකුයි දුවෙකුයි ඉන්නවානම් ඇයි උන්ට බැරිද ඇවිත් උන්ගේ කොටස අරගෙන යන්න?" රාමු ඉක්මණින් කලබලයට පත්වෙන පුද්ගලයෙක් විය. ඔහු තමාගේ කොටස වශයෙන් 'පූරි' හතරක් හා 'ලාඩුස්' දෙකක් පමණක් ලබාගෙන නිහඬවම ආපසු යාමට හැරිනි. තම බිරිඳ හා දියණිය නොපැමිණියේ ඔවුනට ඇඳුම් පැළඳුම් නොතිබුණ නිසා බව ඔහු කීවේ නැත. ඔවුන් දෙදෙනාට ඇත්තේ ඇගෙන් අඩක් ආවරණය කරගත හැකි වැරහැලි කීපයක් පමණි. ඔවුන් තිදෙනාටම ඇත්තේ එක දෝතියකි....

Friday, December 24, 2010

නත්තල, අක්කා සහ මම..

කස්ටියට සුබ නත්තලක් කියන්නත් එපැයි නේ.. ඊට කලින් මං ලියන්න හිතුනා මම පහුගිය නත්තල ගත කරපු හැටි ටිකක් ලියන්න. ඇත්තම කිව්වොත් මේ නත්තල තමා මම ජීවිතේ ගත කරන "මෙලෝ රහක් නැති" නත්තල. ඒකට හේතුව මට මෙදාපාර අපේ මාමගේ ගෙදර යන්න බැරි වුන එක. මගේ මාමා විවාහ වෙලා ඉන්නේ ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක්ව. ඉතින් මං බො‍හෝ විට නත්තලට යනවා මාමලගේ ගෙදර. කඳාන පැත්තේ ඉන්නේ. ඒ පැත්තේ ඉන්න වැඩි දෙනෙක් ක්‍රිස්තියානි භක්තිකයෝ මගේ හිතේ.. ඔය නත්තලට මම එහේ ගියාම මට වැඩ ගොඩයි ඉතින්. මං ගියාම මුලින්ම කරන්න පටන් ගන්න වැඩේ තමා නත්තල් ගහක් හදන්න පටන්ගන්න එක. පොඩි අක්කත් එක්ක සෙට් වුනාම පට්ට නත්තල් ගහක් හදලා තමා නවතින්නේ.. ඊට...

මාතෘකාවක් නැත

සුළඟ නුඹ වගේලු.. සිත් මල වටා එතෙනවාලු.. ඒකනම් හැබෑව.. ඒත්.. හිතේ දහසක් පැතුම් සුනුවිසුනු කළ චන්ඩමාරුතයක් වුනේ ඒ සුළගම නෙවෙයිද? වැස්සත් නුඹ වගේලු.. සිත් මලට ඇදවැටෙනවාලු.. ඒකත් හැබෑවයි කියමුකෝ.. ඒත්.. මගේ හිත්මල් යායම ගිලගත්තු ගංවතුරක් වුනෙත් ඒ වැස්සම නෙවෙයිද? සිත තනිකරලා, ඒ සිතේ සියුම් තැන් හොය හොයා රිදෙව්වෙත් නුඹමලු.. ඒකත් හැබෑවම තමා.. ඒකනේ මට තාමත්... තාමත් නු‍ඹෙන් ඈත් වෙන්න බැරිව ඉන්නවා ඇත්තේ...

Wednesday, December 22, 2010

Why not me..

Escaping nights without you with shadows on the wall My mind is running wild tryin hard not to fall You told me that you love me but say I’m just a friend my heart is broken up into pieces Cos i know i’ll never free my soul it’s trapped between true love and being alone When my eyes are closed the greatest story told I woke and my dreams are shattered here on the floor Why oh why tell me why not me Why oh why we were meant to be Baby i know i could be all you need Why oh why oh why I wanna love you if you only knew how much i love you So why...

Tuesday, December 21, 2010

"ආදරයේ පරිත්‍යාගය"

මං අද සතුට වෙන්නද දුක්වෙන්නද දන්නේ නෑ. ඒ වුනාට දුකයි සතුටයි දෙකම තදේටම දැනෙනවා. හැබැයි දුක පැත්තට බර වැඩී වගේ.. මට අද ගොඩක් සතුටු වෙන්න පුලුවන් මම නිසා වුන හොඳ දෙයක් වෙනුවෙන්. මට අද ඒ තරමටත් වඩා දුක් වෙන්න පුලුවන් ඒ හොඳ දේ නිසා මට අහිමි වුන දෙයක් නිසා. ඒ නිසයි මම කිව්වේ දුක පැත්තට බර වැඩී කියලා.. මට සචිනි හම්බ වුනේ ගිය අවුරුද්දේ.. අග හරියේදී. මං හිතන්නේ නොවැම්බර් මාසේ අගදී විතර. කම්පියුටර් එකටම මම හිර වෙලා හිටපු කාලේ. සයිබ‍රයේ යාලුවෝ වැඩිපුරම මුණගැසෙන තැනදී. මූණුපොතේදී. මූණුපොතේදී හම්බවෙන යාලුවෙක් නිසා මේ තරම් දුක්වෙවී එයා වෙනුවෙන් ජීවිතේ වටිනා...

Monday, December 20, 2010

ඊයේ පටන් අක්ෂරගත වන අක්ෂර....

ඔන්න ඉතින් අපිත් පටන් ගත්තා ‍අලුත් පොඩි වැඩක්.. අපි කිව්වේ මමයි, නදී අක්කයි,පොඩි මහත්තයා අයියයි, සුදු හංසි අක්කයි, ඔයයි මමයි අයියයි. තව දෙන්නෙක් විතර සෙට් වෙන්නත් නියමිතයි ඕං.. මේකයි වැඩේ... අපි සැට් වෙලා හැදුවා නෙව බ්ලොග් එකක්.. නම දැම්මා "අක්ෂර" කියලා.. ඊයේ තමා වැ‍ඩේ පටාං ගත්තේ.. ඊයේ පටන් ගත්තට මොකද මේ බ්ලොග් එක හදන්න මාර ගේමක් දෙන්න වුනා.. හික්.. අපිට තිබුණ ලොකුම පුරස්සේ බ්ලොග් එකට නමක්! ජාලේ පුරා හෙව්වා.. පොත් පෙරලලා පෙරලලා හෙව්වා.. එක එක අයගෙන් ඇහුවා.. නොකරපු දෙයක් නෑ... මං හිතන්නේ මාසයක් හමාරක් නමක් කල්පනා ක‍ලා.. අන්තිමේට හිටපුගමන් ඩෝං ගාලා ආවා අක්ෂර. ඇහුවා නදී අක්කගෙන් හොඳාද කියලා.. දැම්මා.....

Sunday, December 19, 2010

රිංගනවා ඇඳ යටට. මං කියනකම් එන්නේ නෑ එළියට....

මේ දවස් ටිකේම රෑට නිදාගන්නවා කිව්වට නිදාගත්තේ පන්දරට.. පාන්දර දෙක,තුන පහුවෙලා. සුපුරුදු පරිදි ඊයෙ රෑත් පාන්දර දෙකට විතර නිදාගන්න යනකොටම කෝල් එකක. වෙන කාගෙන්වත් නෙවෙයි අප්පච්චීගෙන්. ඊයේ රෑ අප්පච්චිගේ යාලුවෙක්ගේ විවාහය වෙනුවෙන් පොඩි පාටි එකක් තිබිලා. ඒක ඉවර වෙලා නැවතිලා ඉන්න තැනට යනගමන්."හෙලෝ.. පුතා නිදිද අහ්?""නෑ අප්පච්චි දැන් නිදාගන්න යන්නේ.""ආ.. මං නොදන්නවයැ මගේ පුතාගේ තරම.. මොකද අද කලින්?"හිහ් හී.. ඕකට උත්තර දෙන්න පුලුවන්යැ.. ඉතින් ඒක ෂේප් කරගෙන කතා කරලා නිදාගන්න ගියාට පස්සේ මතක් වුනේ අප්පච්චි මට පොඩිකාලේ දුන්න දඬුවම් ගැන.. අප්පච්චිගෙන් දඬුවම්...

Thursday, December 16, 2010

කෝ මේ ඊ බේ ජීනියස්ලා ටික.....??

වසර අවසාන මහා සේල් වගේ මේ දවස්වල මමත් ‍මේ බ්ලොග් එක ලියනවා හිටු කියලා.. හික් හික්.. ඔන්න මේ පෝස්ට් එකනම් පුංචි පහේ උදව්වක් ඉල්ලගන්නයි කියලා.. ඇත්තම කිව්වොත් පොඩි උපදෙසක් යෝජනවක් අදහසක් ඉල්ල ගන්න..ඔයාලගෙන් ඇරෙන්න වෙන කාගෙන් මේ වගේ දෙකට උදව් ගන්නද මං? . මෙන්න මේකයි සීන් එක... මට මේ ලගකදී ඉදලා හැදිලා තියෙනවා හරියට මගේ ගාලු පිස්සුව වගේ.... සුව කළ නොහැක වගේ දැනට පේන්න තියෙන රෝග ලක්ෂණ වලට අනුව මේ පිස්සුවත්.. හොද කරන්න තියෙන එකම විදිය තමා Wireless Router එකක් අරගන්න එක කියලා තමා වෛද්‍ය උපදෙස් ලැබුණේ. කෙරුවාව කොරන්න පිස්සුව හැදුනේ ebay එක පැත්තේ shopping පාරක් දාන්න ගියාම. මම නොකීවට ඉතින් කස්ටිය දන්නවානේ......

අයි ♥ ගෝල්...

පොඩි කාලේ ඉදලාම මට ලොකු උණක් තිබුණා මුහුද අයිනේ තියෙන ගේක ජීවත් වෙන්න.. තිබුණා නෙවෙයි.. තාමත් ඒ පිස්සුව අඩු නැතිව තියෙනවා.. මගේ අප්පච්චී නිවාඩුවකට ගෙදර ආවාම ඉස්සර පොඩි කාලේ අනිවාර්යයයෙන්ම මම අහගන්න වෙන කතාවක් තමා මුහුදු අයිනේ තියෙන ගෙදරක් අරගෙන පදිංචියට යමුද.. කියන එක.. මොන... මුහුද අයිනේ ගෙවල් තියා පස්සේ කාලෙක ඕක මතක් කරද්දී අප්පච්චී හෙමීටම කතාව වෙන පැත්තකට හරවනවා.. නැත්තං ඔය ආසාව නැති කරන්න මොනවා මොනවා හරි කියනවා... අප්පච්චිට හොදම කතාව අහු වුනේ සුනාමිය ආවාට පස්සේ.. "දැක්කනේ.. කොහොමද මුහුද අයිනේ එහෙම හිටියනම්...?" කියලා එදා මගෙන් අප්පච්චී අහපු...

Wednesday, December 15, 2010

මුතු ඇටයේ සිට ලියමි ii

මුතුමෙරිකා කසදේ දික් කල සීන් එක කියෙව්වා නේ?? අහ් නැද්ද? ඇයි බං ඊයේ පෙරේදා ආවේ නැද්ද මේ පැත්තේ... හා.. හා.. මෙතනින් බලලා අයෙත් එන්න ඕනි හරිය....ඔන්න ඉතින් ඔය සීන් ටික වුනාට පස්සේ කස්ටියම ගමන් අරඹනවා නැවතත් මුතුඇටේ කරා.. ඔබා මාමට කලකිරිලා තියෙන තරම කියන්නේ අර බස්ගාස්තු විදිහට ගන්නවයි කිව්ව රුපියල් 10වත් ගත්තේ නෑ. ඔන්න ඉතින් මුතුවන්තොටුපොල ලඟ කවුන්ටර් පෝලිමක් එහෙම දාලා ඇමරිකාවෙන් එන අය එහෙදී කරපු රස්සා වල වගේ ඒවගේ තොරතුරු ගන්න පටන් ගත්ත.. ඔය මහත්තයාගේ නම කියන්න..සක්විති බණ්ඩාර..රස්සාව..?මං බැංකුවක් තමා එහෙදී කලේ..අප්පේ... කොහොමද මුතු ඇටස්ලගේ තරම?? මුතුඇටෙන් ගිහින් එහේ බැංකුවක් දාලා! දියුණු වෙන...

Monday, December 13, 2010

මුතු ඇටයේ සිට ලියමි i

ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියාල කීවේ කොහේටද? ඒක නම් මාරයිලු අනේ.. මාර වැඩ වෙනවලු... ඔය ඉස්සර කාලේ හරි හරි පොරවල්ලා ගිහින් ෆුල් ට්‍රයි කරලා තියෙනවා ඔය මුතු ඇටේට ගේම දෙන්න.. මොන... එව්වා හ‍‍දේලු මල්ලී.. මේ ලගදිත් පොරක් ට්‍රයි කරලා මුතුඇටේ බටු ඇටේ කරන්න. පොරටත් සොරිම තමා. ඔය මුතු ඇටේටම තමා මයේ හිතේ පෙරදිග ධාන්‍යාගාරය කිව්වේ.. ආ.. මේ ලගදී ඉදලා ආසියාවේ ආශ්චර්යය කියන්නෙත් ඔය මුතු ඇටේටම තමා. ඒ කතා පස්සට...හරි පුදුම වැඩේ කියන්නේ හරිද.. මේ මුතු ඇටේ ඇතුලේ ඉන්නවානේ බොලේ මිනිස්සු...! මාර පොරවල්ලලු.. ෂිහ්! වෙන දෙයක් තියා ඒ මිනිස්සු ගැන සිංදු පවා ලියවිලා තියෙනවාලුනේ දෙයියනේ! ආ බොරු කියලද හිතන්නේ? මේක අහලා බලන්නකෝ...

Saturday, December 11, 2010

විකුණුන ඇය..

තරමක් පියකරු බවක් ඇය සතු වුවද දිනෙන් දින එය නැති වී යන්නා සේය.. වයස අවුරුදු තිහ් පහක් හතලිහක් පමණ වූ, දිගටි තරමක් පැහැපත් මුහුණකින්ද සිහින් සිරුරකින් හා යුත් ඈ පිරිමියෙකු දකින විට අගර දගර පායි.. විටෙකදී ඇය දෙස විමසිල්ලෙන් බලන්නා වූ පිරිමියෙකුට සිනාවක් පායි.ඇස්වලින් කතා කරයි... එසේ නැතිනම් ජංගමදුරකතනයක් කනේ තබාගෙන කවුරුන් හෝ සමග කතා කරමින් සීටී.. බොහෝවිට සවස් යාමයේදී දැකිය හැකි ඇයගේ විච්චූරණ, ශරීරය කැපී පෙනෙන ලෙස අදින ඇදුම් ද හැසීරීම් රටාවද දකින්නා වූ විට පිරිමින් තුල බොහෝ විට ඇති වන්නේ රාගී හැගීම්ය... එසේත් නැතිනම් නැවතත් ඇය දෙස නොබැලීමට තරම් අප්‍රසන්න හැගීමක්ය.. ඔව්.. ඇය ලොව පැරණිතම රක්ෂාවේ යෙදෙන්නියකි.....
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger