
කොඩිය ( i ) කොටසට
"අහ්'... උඹ කොහොමද මේ කොඩිය හොරකම් කලේ?""කොඩිය? මං කොඩි ගැන මොනවත් දන්නේ නැහැ.""කොඩි ගැන මොනවත් දන්නේ නැහැ? එහෙනම් උඹ ඔය ඇඳගෙන ඉන්නේ?""අහ්......."
හදිසියේම බියටපත් රාමුට කතා කිරීමට පවා අපහසු විට. ඒ සමගම මිනිසුන් ඔහු වටා රොක් වූහ.
"ඕක අපේ සාප්පුවේ කොඩිය වෙන්න ඕනේ. අපි හැම තැනම හෙව්වේ..""මුගේ හැටි බලාපල්ලා කොඩියක් ඇඳගෙන. මුගෙන් ඕක උදුරා ගනිල්ලා""පොලිස් රාළහාමි කෙනෙකුට කතාකරපල්ලා""මූව අල්ලලා හමගහපල්ලා පල් හොරා"
පොලිස් නිලධාරියා පැමිණිමටත් පෙරාතුව තරුණයෙක් ඉදිරියට පැන රාමුගේ සිරුර වසා තිබූ කොඩිය ඇද දැමුවේය. දැන් රාමු පිරිස මැද නිරුවතින් සිටී.
රාමුගේ බිරිඳ කෑගැසූ අතර ඔහුගේ දියණිය...