Saturday, April 17, 2010

මතක වස්තුව (සිරි ගුණසිංහ)

මා හැර දා
දරදඩු කොට දා මා අත් පා,
ඈ යන්න ගියා මැකිලා
ඈ යන්න ගියා.
සැමරුම් වග වලසුන් රෑනට
මා ගොදුරක් වී
ලේ ගලනා ගොදුරක් වී
කාලයේ ගන අදුරින් වැසුණත්
සෙලවෙන හදවත පහනෙහි සිලුවෙන්
ඈ ගත දිලිසෙයි
දෑසට දිස් වෙයි

ගොරහැඩි ගල් ගෙඩි අතරින්
සීතල දියර ඉරක් සේ
ගලා බසී
හද තෙමා බසී

පිරිසිදු අහසෙහි පැහැය ඇගෙයි
ගස්වල මල් වල පැහැය ඇගෙයි
මුලු ලෝකෙම පැහැය ඇගෙයි

කොතෙකුත් දැගලුවත් සැගවෙන්නට
ඇසිපිය දැල්වලමයි ඇය දැවටුම
අමතක භාවයේ අන්ධකාරය
එබී බලයි සොදුරිය ඔබ ඇස් දෙක
තොල් දෙක සෙලවුම තවම පෙනෙනවා
හීන්සැරේ මා වැළදගන්නවා

ජීවිතයට ඇති එකම සොදුරු බව
ලෝකයට ම ඇති රූමත් එකම දෙය
ඈ මයි තනිවට හිටි එකම ගැහැනිය
මැකී ගියා තනිවට සිටි ගැහැනිය

(සිරි ගුණසිංහ මහතාගේ නිර්මාණයක්)


8 ප්‍රතිචාර:

Anonymous said...

හරිම ලස්සනයි..කොටසක් හිතට ගොඩාක් ලං වුණා..

කොතෙකුත් දැගලුවත් සැගවෙන්නට
ඇසිපිය දැල්වලමයි ඇය දැවටුම
අමතක භාවයේ අන්ධකාරය
එබී බලයි සොදුරිය ඔබ ඇස් දෙක
තොල් දෙක සෙලවුම තවම පෙනෙනවා
හීන්සැරේ මා වැළදගන්නවා

ආදරේ කරන ගොඩක් අයට අත්විදින්න ලැබෙන ‍අවාසනාවන්ත අවස්ථාවක් විදියටයි මම දකින්නේ..

වැප් said...

හිත් ගත් කොටස

"ගොරහැඩි ගල් ගෙඩි අතරින්

සීතල දියර ඉරක් සේ
ගලා බසී
හද තෙමා බසී"

දිල් said...

සිරි ගුණසිංහ මහතාගේ වචනවලින් අපූරු අදහසක් දෙන නිර්මාණයක්...ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට

දුකා said...

අගෙයි . . හරිම අගෙයි

චතුවා said...

ආදරේ කරන ගොඩක් අයට අත්විදින්න ලැබෙන ‍අවාසනාවන්ත අවස්ථාවක් ද?
මට ඒක හිතාගන්න බෑ වගේ!
ස්තූතියි සොදුරු සිතැත්තියේ...

......................................................

ස්තූතියි වැප් සහෝ!

......................................................

සිරි ගුණසිංහ මහතාගේ නිර්මාණ වලින් මම කැමතිම නිර්මාණයි මේක..
ස්තූතියි දිල් සහෝදරීටත්

.......................................................

දුකා අයියා,

මේක අගේ ඇති නිර්මාණයක් තමයි. හැබැයි උසස් පෙළට කලා අංශයෙන් සිංහල හදාරන මම වගේ දක්ෂ අයට නම් මේක කියවලා,මේ නිර්මාණය ගැන විචාර ලියලාම එපා වෙලා! මොකද මේක "නූතන පද්‍ය සංග්‍රහය" කියන පොතේ ඇතුලත් කරලා උසස් පෙළට තියනවා....

ස්තූතියි දුකා අයියාටත්

බිඟූ said...

ලස්සන අකුරු කිරීමක්...

/බිඟුවා...!

චතුවා said...

අනිවා බිගුවා සහෝ.. ස්තූතියි මේ පැත්තට ආවාට..

Anonymous said...

මතක වස්තුව ගැන රසාස්වාදයක් බලන්න තැනක් වෙබ් පිටුවක් තියෙනව ද

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger