Friday, March 26, 2010

මං දැන් දන්නවා....

හීන් සීරුවේ හිත් පොඩියට එබී බලා
සීත හැන්දෑවේ ලගට තුරුලු වෙලා
ආදරේ කිය කියා
අහස දිහා බල බලා ඉන්න තිබුනා නම්
ඒත්.........
තියන ආඩම්බර කමක තරම
නොදැක්කා වගේ හොරහින් බලා
අහක බලං ගිය හැටි
කමක් නෑ
කොච්චර අහක බැලුවත්
ඔය හිත් පොඩිය ඇතුලේ
මං වෙනුවෙන් පුංචිම හරි
ඉඩක් තියනවා කියලා
මං දැන් දන්නවා...............



8 ප්‍රතිචාර:

දිල් said...

ඒකනෙ කියන්නෙ....
ලස්සන නිර්මාණයක් :)

චමිදේවා said...

හරි හරි...
ලඟදිම ඔබටත් ජයසිරි මංගලම්...

චතුවා said...

ස්තූති වේවා දෙන්නාටම.....

ජයසිරි මංගලම් නම් කොහොම වෙයි ද කියලා සැකයි... හිහ් හිහ්

කලුවර අඩවිය said...

දැන ගත්ත එක හොදයි..

Anonymous said...

maarai. hita gannath ba.

චතුවා said...

අහ් කලුවර මොකද අප්පේ දැනගත්ත එක හොද?

කවුද මේ ඇනෝ??? නමක්වත් නෑනේ.. ඇයි මේ හිතාගන්න බෑ කිවුවේ?

ඔක්කලාටම මගේ ස්තූතිය ඔන්න...

බිඟූ said...

සුන්දරයි ළමයා,
ආදරේක සුවඳ දැනෙන්න පටන් අරගෙන වගේ කියලා මගේ සිත් පොජ්ජ හඳුන්පොතට කියනවා බොලන්.

/බිඟුවා...!

චතුවා said...

හිහ් හිහ්.... බිගුවා සහෝ..... දැනුන දේ වරදකුත් නෑ වගේ!!!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger