Wednesday, March 3, 2010

ලැජ්ජයි, දුකයි!!

මේ දවස් වල පරණ CD එකක් ආයෙත් play වෙන්න පටන් අරගෙන. ජනාධිපතිවරණයේදී සුවිශේෂි කාර්යයක් කළ මේ CDඑක ආය වැඩට බැහැල තියෙන්නේ මහ මැතිවරණයට.. CD එක තමයි "අපි යුද්ධය අවසන් කළා" කියන එක.. ඇත්ත. අපිටත් හරිම සතුටුයි. මම අද කියන්න යන්නේ දේශපාලනය ගැනවත් යුද්ධය ගැනවත් නෙවෙයි. ඔය ඉවර කළ යුද්ධ‍යේ ඉතිරි වුනු වෙනත්ම ආකාරයේ කුණු ගොඩක් ගැන. ඒ තමයි යුද්ධය පවති කාලයෙත්, පසුවත් අන්තර්ජාලයට එක් වු ශ්‍රී ලංකාවට විරුද්ධ, කොටි හිතවාදීන්ගේ විවිධ වීඩියෝ ගැන.
මේ දවස් වල ලංකාවේ විශේෂ පිරිසක් අන්තර්ජාලය ගැන අවධානයෙන් ඉන්නවාලු. රජයට විරුද්ධව වැඩ කරන අය අල්ලන්න. මමත් කැමතීයි ඒකට. කොහොම වුනත් ඔය වගේ අයගේ අවධානය යොමු වෙන්න ඕන තවත් දෙයක් තමා ලංකාවට අපහාස කර අන්තර්ජාලයට වීඩියො එක් කරන පිරිස් හා දැනට එක් කර තියෙන වීඩියො. මෙම වීඩියෝ ඉවත් කිරීම නම් ලේසි වෙන එකක් නෑ. කොහොම වුනත් වගකිවයුත්තන් මේවා සම්බන්ධව කිසිම පියවරක් ගත්ත බවක් මම නම් දන්නේ නෑ.
youtube එකේ ලංකාව ගැන සෙවුමක් දැම්මොත් මේ වගේ දේවල් ඕන තරන් හොයාගන්න පුලුවන්. තියන වීඩියෝ දකිනකොටත් මාර දුකක් ඇති වෙන්නේ. ඔන්න එක උදාහරණයක් දෙන්නම්.




මේ වගේ තවත් දහස් ගණනක් වීඩියෝ අන්තර්ජාලයේ ඇති. මේ මඩ ගහලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා‍ට පමණක් නොව ලාංකීය සියලුම දෙනාට බව මතක් කරන්න ඕන. ශ්‍රී ලාංකීය අපි දැන්වත් මේ දේවල් සදහා විසදුමක් හොයන්න ඕන. නැත්තන් අපේ අභිමානයට මොකද වෙන්නේ? වෙනත් රටකටවත් ලැජ්ජාවක් නැතිව යන්නේ කොහොමද? අපේ රට ගැන ජාත්‍යන්තරයේ කොහොම ප්‍රතිරූපයක් නිර්මාණය වෙයිද?
අදත් ක්‍රියාකාරීව පවතින youtube channel එකක් මට හම්බ වුනා. පවත්වාගෙන යන්නේ බංගලාදේශයෙන් කියලා තියෙන්නේ. දුක කියන්නේ ලංකාවේ සිංහලයොත් මේකට සම්බන්ධ වෙලා තියන එක.(ඇතැම් විට සිංහල දන්නා පර ජාතිකයෙක් වෙන්නත් පුලුවනි) මේවා අන්තර්ජාලයට එක්කරන බල්ලෝ අපි ගැන මොනවා හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ. උඩ තියන ව්ඩියෝ එක දාලා තිබුනේ BadGovernmentHasSL නම් youtube channel එකෙන්. ඔය channel එකට මීට සති 2ට කලිනුත් අලුත් වීඩියෝ එකක් දාලා තිබුණා. ඒක නිසයි මම කිවුවේ මේවා තවමත් ක්‍රීයාකාරී කියලා.
අන්තර්ජාලයේ පවතින මෙවැනි කණ්ඩායම් ඉවත් කිරීමට අපිට මොනවාද කරන්න පුලුවන්? මම නම් ඇත්තටම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න. අපි ඒ දේ කරමු. මම අනිවා මුලින්ම ඇති. මේක කියවන හැම ශ්‍රී ලාංකිකයෙක්ම හිතලා බලන්න අපිට වෙලා තියන ලැජ්ජාව, අපහාසය ගැන. නිසි පියවරක් ගන්න දැනටත් ප්‍රමාද වැඩි. කමක් නෑ. මොනවා හරි කරලා අපේ මවුබිමට අපහාස කරන මේ පිරිස් නවත්තන්න ඕනේ.

2 ප්‍රතිචාර:

Anonymous said...

ඕවා නම් මොනාද ? මහ රජ තුමා රටට කරල තියන දේවල් වල හැටියට අපිට නම් ලංකාවේ කියල කියන්න ලැජ්ජයි.

චතුවා said...

දේශ‍පාලනය නිසා වෙන දේවල් වලට අපිට කරන්න දෙයක් නෑ. මේක ඊට එහා ගිය දෙයක්. දේශපාලනයත් පටලගෙන මේ ප්‍රශ්නය දිහා බලලා වැඩක් නෑ.

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger