Friday, March 19, 2010

ඉරඋඩ රේඩියෝ....


හලෝ යාලුවනේ.................. මගේ බ්ලොග් අච්චාරුව පැත්තට ආව අය සාදරයෙන් පිළිගන්නවා. අනංමනං කිය කියා ඉදලා අද මම කියන්න යන්නේ මට හම්බ වුන පොඩිපහේ මෘදුකාංගයක් ගැන. මේකෙන් කෙරෙන්නේ ඉරඋඩ ගුවන් විදුලිය (Online radio) අහන එක.
Screamer Radio තමයි නම. ලෝකය පුරා විකාශය වෙන ගුවන් විදුලි නාලිකා 100ට වැඩි ප්‍රමාණයක් මේ මෘදුකාංගය මගින් අහන්න පුලුවන්. ලංකාවේ නාලිකාත් දෙක තුනක් තියනවා. හැබැයි ලංකාවේ අනිත් සමහර වැඩ වගේම තමයි.... හරියට වැඩ කරන්නේ නෑ...
වැඩි කථා ඕන නෑ.. වැඩිය මේක ගැන කියන්න දෙයකුත් නෑ.. 1.61mb ක් විතරයි. ඔන්න එහෙනම් බාගන්නකෝ





ඒකත් එක්කම මම අද දැක්කා "Chrome/Firefox browser එකෙන් TV බලන්න" කියලා eබුවාගේ සටහනක් තියනවා. මමත් පොඩි try එකක් දැම්මා. එළකිරි වගේ වැඩකරා Chrome එකට නම්. මම firefox නම් කරලා බැලුවේ නෑ. ඒකටත් ගිහිල්ලම බලන්න.
මේ වගේ ඉරඋඩ radio අහන්න TV බලන්න පුලුවන් මෘදුකාංග ඔයාලත් දන්නවානම් කියලා යන්න අමතක කරන්න එපා.
ඔන්න මම ගියා.. පස්සේ හම්බ වෙමු.....................

3 ප්‍රතිචාර:

Anonymous said...

ගොඩක් හොදයි මාත් ඩවුලොඩ් කරලා බලන්නම්

Buddhi said...

ඈ බං උඔත් මේවා කොහෙං හොයා ගන්නවද මන්දා? බලමු දාලා එහෙනං

චතුවා said...

ස්තූතියි සහෝදරවරු දෙන්නාටම......

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger