Thursday, March 18, 2010

ඊ ලියුම් ඉස්සරහට කිරීම..

ඊ ලියුන් ඉස්සරහට (Forward කිරීම) යැවීම අද වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ වැඩක් නේ. උදාහරණයකය කිවුවොත් හොද ළමයා ලස්සන පිංතූර තියන ඊ ලියුමක් ළමයාට එවනවා. ඔය ලියුම උඩින් පල්ලෙන් බලන ළමයා හැරෙන තැපෑලෙන් ඕක නරක ළමයාට ඉස්සරහට කරනවා. ඕක ගොඩක් අය කරන දෙයක් නේ. අපි ඔය ඉස්සරහට දාන ලියුන් වල තියන දේ ගැන ටිකක් හිතලා බැලුවාද? ඕවාගේ තියන දේවල් ගැන?
මට මේ ලගදී ඊ ලියුමක් ආවා ඔන්න ඔය මාතෘකාව ගැන පොඩි විස්තරයකුත් එක්ක. මම කියන්න යන්නේ ඒකෙන් උපුටා ගත්ත කරුණු ටිකක්. මම ඒකේ තියන වචන ටිකම කියන්නම් කෝ......
"සුද්දන්ට කොහේ හරි කෙල වුනාම ඒක වහගන්න මොකක් හරි ලඩ්ඩක් මවලා එවනවා. අපිත් පොරවල් වෙන්න හරක් වගේ ඒවා අපේ උන්ට ‍‍‍ෆෝවඩ් කරලා උන්ට නොමිලේ ප්‍රචාරනය අරං දෙනවා. සුද්දෝ තමයි පොරවල් කියලා ඉදිරි පරපුරට මේ දීන මානසිකත්වය පතුරවනවා. අන්තිමට සුද්දන්ට ආවඩන අපේ සංස්කෘතියට ගරහන නිවට රැලක් ඉබේම බිහිවෙනවා. අපේ රටවල් වලට ඇවිත් උන්ට ඕන විදියට අපිව හසුරවන්න පුලුවන් පරිසරය හදා ගන්නවා. ප්ලේන් එක කඩාවැටිච්ච එක වහ ගන්න ඒක ගොඩගත්ත පුරසාරම පෙන්නනවා. කකුල් දෙකම නැතත් සතුටින් ජීවත් වන සුද්දියන්ගේ ඊ මේල් කියක් අපි අතින් ෆෝවඩ් වෙලා ඇතිද? රුසියාවේ මිනිස් අවයව විකුණන හැටි චීනයේ මිනිස් කළල සුප් බොන හැටි ඉරනේ ළමයෙකුට අමානුෂික දඩුවම් දෙන හැටි ගැන හදපු බොරු ඊ මේල් කීයක් අපි අතින් ෆෝවඩ් වෙලා ඇතිද?"
ඔය මට ලැබුණු ලියුමේ තිබුණු විදියටයි කිවුවේ.. මේ කථාවේ ඇති වරදකුත් නෑ වගේ මට නම් පෙනෙන්නේ. හැබැයි ඔය කියන දේවල් වලින් තොර ඊ ලියුම් අපිට ඕන තරම් ලැබෙන්නේ. ඇතැම් ඒවාගේන් ඉතා දුර්ලභ පිංතූර තොරතුරු වගේ දේවලුත් අපිට ලැබෙනවානේ. කියන්නකෝ බලන්න ඔයාලාගේත් අදහස්...



3 ප්‍රතිචාර:

``` Outsider``` said...

කතාව ඇත්ත තමයි

budhajeewa said...

කවුරු එව්වත් ඔය වගේ විකාර ලිපි මම නම් ස්පෑම් ලෙස සලකුණු කරනවා. කිහිප දෙනෙක්ම එලෙස සලකුණු කළ පසු Google වැනි විද්‍යුත් තැපැල් සේවා සැපයුම්කරු විසින් එම ලිපි එවන්නාගේ සියළුම ලිපි පාහේ ස්පෑම් ලෙස සිතන්නට පුරුදු වෙනවා.

ඉතින්, ඔබ යවන වැදගත් ලිපිත් ස්පෑම් ගොඩට දමාගන්න අවශ්‍ය නම්, ඔවැනි විකාර ලිපි පතුරුවා හරින්න. එහෙම පතුරුවා හැරලා කොහේවත් ඉන්න විද්‍යුත් තැපැල් ලිපින එකතු කරන ව්‍යාපාරිකයෙකුට ඔබේ මිතුරන්ලේ විද්‍යුත් තැපැල් ලිපින ලබා දෙන්න.

මාර්ගගත අන්තර්ගත බෙදාහදාගන්න අවැසි නම් ඊට Digg, Stumble Upon හා Facebook හි Share විකල්පය වැනි සේවා තිබෙනවා.

චතුවා said...

ආහ්... මේ වැඩේ නම් මම දැන් දන්නේ.. ස්තූතියි මේ ගැන කිවුවට.

අදහස් දක්වපු හැමෝටම ස්තූතියි....

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger