Tuesday, February 23, 2010

කලාත්මක බවේ සැගවුනු කථාවක්..෴


ෂා.... මාර ෂොට් එක... ලස්සනට අරගෙන තියනවා... අමුතුම ගතියක් තියන පිංතූරයක්...... ඔය මම කිවුවේ අර උඩින් තියන පිංතූරේ දැක්ක ගමන් ම‍ගේ හිතට ආපු අදහස් කිහිපයක්... සමහර විට ඔය වගේ අදහස් පෙලක් ඔයාල තුලත් ඇති වෙලා ඇති. පුදුමයක් නෑ. ඒ අදහස් වල ඇත්තකුත් තියනවා. කොහොම වුනත් මම දැන් කියන්න යන්නේ ටික දෙනෙක් දන්න, හැබැයි වැඩි දෙනෙක් නොදන්න මේ පිංතූ‍රය ගැන කථාව............
මේ ඉතාමත් විරල අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නේ කෙවින් කාටර් නම් ඡායාරූප ශිල්පියෙක් විසින්. 1994 වසරේ දිනකදී තමයි මේ පිංතූරය කැමරාවට හසු කරගන්නේ.... කලාත්මක පිංතූරයක් ලෙස බැලූ බැල්මට පෙනුනත් මේ පිංතූරය පිටුපස ‍ඉතාමත් අනුවේදනීය කථාවක් තියනවා....
මේ පිංතූරයේ සිටින සූඩාන් දරුවා කුසගින්නත් සමගම ඉතා අපහසුවෙන් ගමන් කරන්නේ කිලෝමීටරයක පමණ දුරින් පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ආහාර බෙදන ස්ථානයක් වෙතයි....... මේ අතර තුරදී දරුවා පිටුපසින් ගිජුලිහිනියෙකු ඇදෙන්නේ ඌගේ කුසගින්න නිවාගන්නයි. කෙටියෙන් කිවුවොත් මේ දරුවා ඩැහැගෙන ආහාරයට ගන්නයි. ඔන්න ඔය දුර්ලභ අවස්ථාව ඡායාරූප ගතකරගෙන අවස්ථාව කෙවින් කාටර්ට ලැබෙනවා. නමුත් ඡායාරූපය ගෙන අවසන් වනවාත් සමගම මේ අසරණ දරුවාව ගිජුලිහිනියා විසින් ඩැහැගනවා
1994 වසර‍රේ හොදම ඡායාරූපයට හිමි සම්මානයද මේ පිංතූරය නිසා කෙවින් කාටර් නම් ඡායාරූප ශිල්පියාට ලැ‍බෙනවා... කෙවින් කාටර්ගේ අදහස වුනේ ඔහු සම්මානය ලබාගැනීමේ අශාවෙන් මෙම ඡායාරූපය නොගෙන සිටියා නම් මෙම දරුවා බේරා ගැනීමට අවස්ථාව තිබූ බවයි. මෙම සිදුවීම නිසා කෙවින් කාටර් ඉතාමත් කම්පාවට පත් වෙනවා.. ඔහු මේ සිද්ධිය නිසා කොයිතරම් කම්පාවට පත් වුනාද කියනවා නම් සම්මානය ලැබිලා මාස තුනකට විතර පස්සේ සියදිවි නසාගන්නවා...෴










කෙවින් කාටර්

5 ප්‍රතිචාර:

ජීවිතේ මල් said...

මම මේ පින්තූරය අවුරුදු ගානක් තිස්සෙ හෙවුවා... හේතුව අහම්බයකින් මේ පින්තූරය මම දක්කේ ෆෝවඩ් ඊ මේල් එකක... කොතරම් මාව සසල උනාද කියනවනම්, .... කියන්න වචන නැහැ....

ස්තූතියි මේ කතාව සහ පින්තූරය බෙදා ගත්තාට....
කලක් තිස්සෙ මම මේක හෙවුව...

Buddhi said...

මෙවා දකිද්දි පපුව සූරගෙන යනවා වගේ. හිතන්නත් අමාරුයි!

චේජනා said...

kathawa ahala thibunath photo eka dekketh kevin cater ge photo eka dekketh ada.. thanks for sharing..

Anonymous said...

ඇත්තටම හොද සියදිවි නසාගැනීමක්.

චතුවා said...

අපි මේ සතුටින් ජීවත් වන ලෝකයේ මේ වගේ කන්නවත් නැතුව ජීවත් වෙන්න විදියක් නැතිව මැරිල යන මිනිස්සුත් ඉන්නවා කියලා මතක් කරලා දෙන්න හොදම පිංතූරයක් නේද????

අදහස් දැක්වීමට ඔයාල හැමෝටම බොහෝමත්ම ස්තූතියි.........

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger