Sunday, July 24, 2011

අනඟ බඹරාට ළමයාගෙන් මෙව්වා එකක්..


ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ දී අපට දක්නට ලැබෙන ඉතාමත් කාලීන ලෙස ලියැවුණු ගීතයක් ලෙස, වර්ථමානයේදී බොහේ දෙනෙකුගේ සිත්ගත් ගායකයෙකු වන දුෂාන් ජයතිලක මහතා ගායනා කරනු ලබ "අනඟ බඹරා" ගීතය පෙන්වාදිය හැකිය. වර්ථමාන සමාජයේ බොහෝමයක් තරුණයන්ගේ ජීවන රටාවේ එක් පැතිකඩක් අලලා නිර්මාණය කරන ලද මෙම ගීතය "මතකයන්" නම් වූ ගීත ඇල්බමයට ඇතුලත් කර තිබෙණුයේ ඇතැම් විට දුෂාන් ජයතිලක මහතාද මෙම "අනඟ බඹරා" නම් ලේබලයට අයත් වූවෙකු වන නිසා ද විය හැකිය. සියුම් හාස්‍යයක් මෙන්ම තරුණියන් කෙරෙහි ව්‍යංගයෙන් කිසියම් පණිවුඩයක් ලබා දීමට සමත් ගීතයක් ලෙසද මෙම ගීතය සැළකිය හැකිය..


     "සිතිච්ච හැමවිට පිපිච්ච මල් වෙත බඹර රැඟුම් දමනා
      සැදිච්ච දිව අග පිපිච්ච පෙම් බස් මලට සෙමින් පවසා
      මලේ තුරුණු පෙම සෙමින් උරාබොන
      ඔන්න අනඟ බඹරා
      ඔන්න අනඟ බඹරා

ගීතයේ ආරම්භයේදී සිටම ශ්‍රාවකයා තුල සෙල්ලක්කාර තරුණයෙකුගේ චරිත ස්වභාවයක් සිත්තම් කරවමින් ශ්‍රාවකයා තුල "අනඟ බඹරෙකු"ගේ චිත්ත රූපයක් ශ්‍රාවකයාට ලබාදීමට මෙම පද පෙල ඇසුරෙන් ගීත රචකයාට හැකිවී ඇත. "මලේ තුරුණු පෙම සෙමින් උරාබොන" යන කොටස තුලින් ගීත රචකයාගේ උත්සාහය වන‍්නේ, අනඟ බඹරා කෙරෙහි සිත් බැඳි තරුණියට සිඳුවන්නා වූ අකටයුත්තක් ගැන ප්‍රකාශ කිරීමටදැයි දැයි සිතිය හැක.. එමෙන්ම "අනඟ බඹරා" වැනි යෙදුමක් දක්වමින් එම සෙල්ලක්කාර බව වඩාත් ඉස්මතු කරමින් ශ්‍රාවකයාට ඉදිරිපත් කිරීමට ගීත රචකයා උත්සුක වූ බවක් ද මෙහෙදී දැකිය හැක. දකින දකින රූමතියන් කෙරෙහි ලොල් බැඳ ඔවුන් රවටන ආදර බස් තෙපලමින් එම රූමතියන් තමා වෙත ආකර්ශනය කරගෑනීමට සමත් වන්නා වූ තරුණයෙකු ශ්‍රාවකයා ඉදිරියේ මවා පෑමට ගීත රචකයා විසින් දරන්නා වූ පළමු උත්සාහය ඉතාමත් සාර්ථකය.

     "හිසට නොයෙක් වද දෙමින් දමා හැඩ තදට ඩෙනිම ඇඳලා
      අනුන්ගෙ වාහන තමන්ගෙ වගෙ ගෙන ඉගිල යනෙන බඹරා
      නගේ නොවෙයි ඉඩ නුඹේ හදට විද රිඳුම් ගෙනෙයි බඹරා
      රිඳුම් ගෙනෙයි බඹරා
      රිඳුම් ගෙනෙයි බඹරා

දුෂාන් ජයතිලක මහතා විසින් ගායනා කරනු ලබන මෙම අනඟ බඹරා ගීතයේ දෙවැනි කොටසේදී ගීත රචකයා තම පූර්ණ උත්සාහය යොදා තිබෙණුයේ පෙර කී අනඟ බඹරාගේ පිට ඔපය පිළිබදව ඉදිරිපත් කිරීමටය. "හිසට නොයෙක් වද දෙමින් දමා හැඩ තදට ඩෙනිම ඇඳලා" යන පද පෙල තුලින් ගීත රචකයා, වර්ථමාන තරුණයින්ගේ විලාසිතා කෙරෙහි සියුම් පහරක් එල්ල කර ඇත.  "අනුන්ගෙ වාහන තමන්ගෙ වගෙ ගෙන ඉගිල යනෙන බඹරා"  පද ‍මෙම ගීතය‍ට ඇතුලත් කරමින් ගීත රචකයා නැවතත් ඇතැම් තරුණයන් වෙත සියුම් පහරක් එල්ල කර ඇත. කෙසේ වෙතත් අනුන්ගේ වාහන තමාගේ ලෙස රඟ දක්වමින් කෙල්ලෙක් අල්ලා ගැනීම පහසු වන්නේ කෙල්ලන්ට කොල්ලාට වඩා වාහනය වැදගත් වන නිසා යන්නද ගී රචකයා මෙහිදී ව්‍යංගාර්ථව ඉදිරිපත් කර තිබීම සතුටට කරුණකි. (විචාරකයාද අනුන්ගේ වාහන තමන්ගේ ලෙස පෙන්වමින් රවුන් ගසනා බැවින් මෙම පද පෙල ඇසී මඳක් කෝප වී ඇති බවක් පෙ‍නේ.) ගී රචකයා අවසන් පද පෙල තුලින් කියා පෑමට උත්සාහ කරනු ලබන්නේ මෙවන් වූ සියලූම අනඟ බඹරුන් නඟාලාට දුක් ගෙනෙනා බවයි. නමුත් මෙම පද පෙල අසාර්ථක පද පෙලක් ලෙස මම දකිනුයේ සියලූම බඹරුන් එලෙස දුක් ගෙන නොදෙන නිසාත් දුකට පත්වන්නේ  නඟාලාම නොවන නිසාත්ය. 

     "සිතින් සිතට පැන හදින් හදට දුක දෙමින් පනින බඹරා
      හොටේ ඇනෙන ලෙස කෙසෙල් ගසට ඇන අනේ වලක වැටිලා
      තවත් ඉතින් අර පරණ අනඟ වැඩ නොකර ඉඳින් බඹරා
      නොකර ඉඳින් බඹරා
      නොකර ඉඳින් බඹරා

ගීතය අවසන් කරමින් රචකයා උත්සාහ කරනුයේ සියලුම "අනඟ බඹරුන්" හට උපදේශක් ලබා දීමටය. "මලින් මලට පියාඹන්නා වූ බඹරුන් මෙන් දකින දකින කෙල්ල පසුපස නොයා හිටපං" යන උපදේශය රචකයා මෙහිදී ඉදිරිපත් කීරීමට උත්සාහ කලද, එය ඉදිරිපත් කරනු ලබ ආකාරය අසාර්ථකයයැ මෙහිදී දැක්විය හැක. ගසින් ගසට කොටනා කොට්ටෝරුවාගේ හොටය කෙසෙල් ගසක පැටලෙන බව කිව හැකි වුවත් මලින් මලට පියඹන බඹරෙකු කෙසෙල් ගසකට විදිනු ඇතැයි සිතිය නොහැක. එම නිසා ගීත රචකයා එම අවස්ථාන නිරූපණයේදී යොදා ගනු ලැබූ නිදසුන අසාර්ථකත්වයකට පත්වුවද ගීතයේ රසය කෙරෙහිවත් ගීතයෙන් සම්ප්‍රේශනයට උත්සාහ දරණු ලබන පණිවුඩයටවත් මෙමගින් හානියක් සිදුවී නොමැති බව ප්‍රකාශ කළ යුතුය.


දුෂාන් ජයතිලක මහතා විසින් ගායනා කරනු ලබන මෙම අනඟ බඹරා ගීතය සමස්ථයක් වශයෙන් ගත් කළ සාර්ථක නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය.  එමෙන්ම තරුණ තරුණියන් කෙරෙහි වැඳගත් පණිවුඩයක් ලබාදෙන ගීතයක් ලෙසද මෙම ගීතය හැදින්විය හැකි වේ. මෙම ගීතය අනඟ බඹරු‍න්ගේ හා එම අනඟ බඹරුන් වසා සිටිනා මල් වලට තේමා ගීතය ලෙස නම් කිරීමට හැකි නම් මම කැමැත්තෙමි..





ප.ලි. - මෙම ගීත විචාරකයාට සයිබර‍යේ ආඩම්බරකාරිය විසින් එල්ල කරනු ලැබූ මඩ ප්‍රහායක් හා ඇයගේ ඉල්ලීමක් මත මෙම මෙව්වා එක සටහන් කරන ලදී.. :D :D

21 ප්‍රතිචාර:

සංකල්ප said...

මම නම් ඔය සිංදුව අහලා නෑ.
අහලම බලන්න ඕනා. ළමයට මේ දවස්වල නිවාඩුද ? එහෙනම් වෙලාවක පේරා සෙට් වෙමුද හලෝ !!!!

රත්ගමයා said...

ලිංගිකත්වයට බරයි..
ප.ලි - මධුරංග අයියා එක්ක සෙට් වෙන්න යන්නේ පරිස්සමෙන්

සීතල අයියා said...

මාත් ඇහුවෙ නෑ නෙව.
මදුරයො, ඕකත් එක්ක ආශ්‍රය එච්චර හොද නෑ කොල්ලො.ඕකට කොල්ලන්ව දැක්කොත් විනාසයි.පොඩ්ඩක් පරිස්සමෙන්...

Yasantha Hennayake said...

හැක් හැක්.. විවෘත මඩ ප්‍රහාර.. මමත් ආස ගායකයෙක්.. මරු

නදී said...

හ්ම්ම්...මමත් මේ සිංදුව කලින් අහලා තිබ්බෙ නෑනේ.ඔයාට හොදට විචාර ලිවීමේ හැකියාවකුත් තියන පාටයි.

ආසම්බරකාරි විතරක් නෙමේ මතකද දවසක් මඩ්ඩාත් ඔයාට ඔයවගේ මඩක් ගැහුවා.මේක කියවද්දි මට ඒකත් මතක් උනා ඔන්න.

කිඩෝ said...

අනග බඹරුන්ගේ ජාතික ගීය...

Bunny said...

හෑ...පැණ සෝන්ග් :D

Anonymous said...

ශා ඔයා හොදට විචාර ලියනවා නේ ලමයෝ..

෴ වේලාව ලගයි ෴ said...

ම් ...!! අබ වනයේ ගි හඩ පතුරා කාවද අමතන්නේ ......

Anonymous said...

ලස්සන රටාවක් "දෙව් ලොවින් ආපූ ළමයට" දෙයියෝ දීලා ඇති පාටයි.. පුදුම ලස්සනක් මේ ලිපිය පුරාවටම දැක්කා.. කඩින් කඩ හරි මේ වගේ ලිපි දාන්න..යාලු..

අපරාජිතයා :::: Aparajithaya said...

අදමයි බං ඇහුවේ.... අපොයි අපි පොඩි ලමයි අපිට ඔව්ව තේරෙන්නේ නැ‍තෝ..

සංකල්ප said...

රත්ගමයා කියනවා මාත් එක්ක සෙට් වෙන්න එපා කියලා. සීතල අයියා කියනවා ළමයා එක්ක සෙට් වෙන්න එපා කියලා. කවුද හරි කවුද වැරදි ?????

(දෙන්නම හරිද මන්දා)

Anonymous said...

අපූරු රටාවක්.. මාත් කලින් අහලනම් නෑ..

ආඩම්බරකාරී said...

ෂා ළමයා මාර විචාරකයෙක්නෙ..ලස්සනට ලියල තියෙනව.මම හරියටම ගැලපෙනම කෙනාට තමා සිංදුව දීල තියෙන්නෙ විචාරයක් ලියන්න කියල

හිස් අහස said...

මොකද්ද අප්පා මේ සින්දුව .. මයෙ ජීවිතේට අහලා නෑ .. මම මේ ස්ටයිල් එකට කැමතියි .. ළමයෙක්ගේ විචාරයක් වගේ පේන්නේ නෑ මේක . දක්‍ෂ ලියන්නෙකුගේ විචාරයක් කියලයි මට හිතෙන්නේ ..උඹ එලට ලියලා තියනවා බං ..

චතුවා said...

@මධුරංග අයියා.. නිවාඩුවක් කියලා එකක් නම් නෑ.. සෙට් වෙමු.. මම බුකියේ අපේ ගෲප් එකෙත් දැම්මා.. ප්‍රතිචාර තමා නැත්තේ.. අපි දෙන්නවත් සෙට් වෙමු බං.. :D

----------------------------------------------------

@රත්ගමයා ගේ..

----------------------------------------------------

@සීතල අයියා.. උඹලා ආශ්‍රය කරලා මං දැන් නරක් වෙලානේ‍ නේද? ඒකයි මාව පරිස්සමින් ආශ්‍රය කරන්න කියන්නේ..

----------------------------------------------------

@යසයා ඇත්තම කීවොත් මේක ස්වයං මඩක් වගේ දෙයක්.. :D මම නම් මේ ගායකයාට වැඩි කැමැත්තක් නෑ.. :)

----------------------------------------------------

@නදී අක්කා.. මඩ්ඩාගේ බොරු බං.. ආඩම්බරකාරිත් දන්න දෙයක් නෑ.. :D

චතුවා said...

@කිඩෝ & හාවා.. එහෙම කරමුදැ?

----------------------------------------------------

නිම්ශා.. ඔයාගේ නිසදැසක් එහෙම දෙන්ට.. ලියලා දෙන්නම් විචාරයක් ලෙසටම.. :D

----------------------------------------------------

@වෙලාව ලඟයි.. අමතන්න වෙලාව ලඟයි.. :D

----------------------------------------------------

@අසනි.. ඉත්තූතී ඉත්තූතී ලාලු.. හිහ් හිහ්.. මේ වගේ ඒවා ලියවෙන්නේ ඉතින් කනාවට වගේ තමා.. :D

----------------------------------------------------

@අපරාජිතයා.. මමත් තාම පොඩි එකා.. පට්ට අමාරුවෙන් බං තේරුම් ගත්තේ.. :D

චතුවා said...

@මධුරංග අයියා.. අනුන්ගේ කතා මොටද. අපි පුලුවන් වෙලාවක සැට් වෙමු..

----------------------------------------------------

හිම කුමාරි.. මේ සිංදුව මමත් මුලින්ම ඇහුවේ මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තු දවසේ.. :D

----------------------------------------------------

ආඩම්බරකාරිට උත්තර නොදෙමි..

----------------------------------------------------

සඳරු අයියා.. හික්.. අනේ මන්දා බං.. ආතල් එකට ලීවේ.. :D

ආඩම්බරකාරී said...

හා එතකොට මට උත්තර නෑ?මෙච්චර වටින සිංදුව දුන්න මට උත්තර නෑ?හා බලා ගමු අපායෙන් පැමිණි ළමයො

චතුවා said...

මේ මුලු පෝස්ට් එකම ඔයාට තමා.. ඔයාට උත්තරේ තමා..

ආඩම්බරකාරී said...

අහ් ඒනම් කමක් නා..

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger