Monday, July 25, 2011

ආ...... හෙට මට exam එකක්ද?


  • BIS FINAL EXAM දවසේ හවස..

මම - මචං.. ෆට්ට චාටර් බං පේපර් එක... රිපීට් තමා.. ඊළඟ එක එලට පාඩම් කරලා දාගමු බං..
යාලු‍වා - අනිවා මචං.. සිරාවට පාඩම් කරමු.. පුලුවන් වෙලාවට සෙට් වෙලා කුප්පියක් දාමු..
  • ඊට පස්සේ දවසේ..

යාලුවෙක් - මචං exam 26 නේ.. තව සති දෙකක් විතර තියෙනවා.. ගහමු බං මැච් එකක්..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
  • මැච් එක දවසේ හවස..

අයියා කෙනෙක් - යකෝ තොපි පාඩම් කරමු කිවුවා නේද? කරන්නේ නැද්ද?
මම - කරමු කරමු අයියා.. තව කල් තියෙනවානේ...
  • සතියකට පසු...

මම - Java Past papers ගන්නෝනි බං.. සල්ලි නෑ..
යාලුවා - හෙට ගමු බං..
  • එදින ගෙදර ආ පසු..

පේපර්වත් නැතිව මොන පාඩම්ද.. හෙට පේපර් ටික අරගෙනම පාඩම් කරනවා..

  • පසු දින

මම - මචං පේපර් ටික ගමුද?
මචං - ගමු..

  • පේපර් අරගෙන ගෙදර ආ පසු..

මහන්සී.. පස්සේ කරනවා...

  • එදින සිට දින කිහිපයක් යනතුරු..

පේපර් ටික පස්සේ කරනවා... කොහොමත් තව කල් තියෙනවානේ...

  • විභාගයට දින දෙකකට පෙර

අනිද්දානේ විභාගේ.. හෙට පාඩම් කරනවා...
අද ටිකක් ෆේස්බුක් එකේ ඉන්නවා...

  • විභාගයට පෙර දින උදේ..

යාලුවා - මචං පාඩම් කරන්න ____ එකට වරෙන්..
මම - වහිනවා බං කම්මැලී.. මම ගෙදරට වෙලා පාඩම් කරනවා..

  • එදින දවල්..

හරියට 6ට පාඩම් කරන්න ගන්නවා..

  • එදින සවස 6ට..

තව ටිකකින් කරනවා..

  • එදින රාත්‍රී 9.30ට ෆේස්බුක් එකේදී
මම - මචං පාඩම් කලාද?
යාලුවා - නෑ බං.. :D
මම - හෙට උදේ පාඩම් කරනවා බං.. දැන් මේ බ්ලොග් පෝස්ට් එක දාලා නිදාගන්නවා...

හෙට ලියන්න ගියාට පස්සේ........ 



39 ප්‍රතිචාර:

නදී said...

අනේ බොල කට කැඩෙන කම් කීවා නේද පාඩම් කර කියල.දැන් එහෙනම් විභාග වෙලාවේ උඩ බලාගන හිටු අර පින්තූරෙ වගේ.මේ මාර්ක්කාරය තමා ඔක්කොම කරන්නෙ,පාඩම් කරන ලමයිව කම්මැලි කරවන්නේ.

ඔය කිව්වට අපිත් ඔහොම තමා,අවුරුදු 4ම කරේ පාඩම්වැඩ හෙට හෙට කිය කියා පස්සට දාපු එක.ඒත් අන්තිම දවසේ හරි නයිට් ගහලා වැඩේ කොහොමහරි ගොඩ දැම්මා.යාලුවොත් ගොඩක් උදව් කරනව ඉතින්.ඔක්කොම එකම විදියනේ :)

මනු said...

"අපි" හැමදාමත් අපිම තමයි...

පූසා said...

මම නම් උඹට මුකුත් කියන්නේ නෑ මොකද මම උඹට හපං :D

sansarasidu said...

ළමයෝ උඹ මගේ හිත කියෙව්වාවත් ද ???

සීතල අයියා said...

අන්න එහෙම තමා ඉන්න ඕන.එල.ජය වේවා..රිපීට් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

Bunny said...

අඩෝ එළනේ.. දාපං 5 ක් :D මං O/L ලිවෙත් පාඩම් නොකර :D

Anonymous said...

අපෝ..exam නම් ඉතින් වහ තමා ඕන්... මොනා කොරන්නද අප්පා කල පවට..

චතුර.... said...

කියලා වැඩක් නෑ, හෙට උදේටත් ඕක ඔච්චරම තමයි..

දේව් ගේ අඩවිය said...

එලම තමා.... ඔහොම තමා ඉන්න ඕනේ..... ඔය එක්සැම් එකක් කියලා අපේ ජිවන චක්‍රය වෙනස් කරගන්න පුලුවන්ද??

ජය වේවා.... බය වෙන්න එපා එක්සැම් එක සිරාවටම ගොඩ දාගන්න පුලුවන්... (පොඩ්ඩක් දන්න කියන පාඩම් කරපු එකෙක්ක්ගේ පේපර් එක දිහා බලාගෙනම ලියපන්)

ජය වේවා

දිල් said...

Exam කියන්නෙ කොහොමත් වහක් නෙ...ඒත් ඉතින් පනින්න ඕන පිම්ම වහක් කාලා හැරි පැන්නම ෂේප් ....

අර කිව්වත් වගේ ජය වේවා!

සංකල්ප said...

දැන් ඉතින් උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ. හපෝ පාඩම් කරනවා කියන එක මට නම් මරන්නා වගේ. :(

Anonymous said...

අපෝ විභාග ..අම්මේ...නැතුවට කමක් නැ..මට පෙන්න බැ..මුලු ජිවිතේම විභාගයක්මද මන්දා..

පිණිබිඳු... said...

බුදු අම්මේ කුප්පි නැත්තන් මම මේ තැන නෑ. කොච්චර කරත් අන්තිම මොහොතෙ බලාගන්න ඒවා මාර විදිහට මතක හිටිනවනෙ අප්පා.

ආඩම්බරකාරී said...

ෂෛා ළමයා මරු හොද අනාගතයක් තියෙනව කීල පේනවා,අපරාදෙ අද විභාගෙ ලියන්න ගියෙ.ඒකත් පස්සෙ ලියන්න තිබ්බෙ,නැත්නම් නොලියම ඉන්න තිබ්බෙ

ආඩම්බරකාරී said...

මේ මේ ඔබ තුමත් මං වගේමයිනේ ඒක කින්න අමතක වුනා

හා පැටික්කි (MS) said...

මං සුට්ටක් වෙනස්. කලින් දවසේ රෑට පොතත් අරන් ඇඳට ගිහින් දොයියනවානේ මම. හැබැයි හීනෙන් මුලු පොතම පාඩම් කරනවා මුකුත් මතක නැතුවට..... :D :D

ඔය මතක තියන සහ පාඩම් කරපු ටිකෙන් හොඳට විභාගේ කරන්න මලයා.......

ජීවිතේ මල් said...

හරි ක්‍රියෙටිව් ලියමනක්... අපි හෑමෝගෙම කතාව ආයෙ ලියලා වගේනේ... :)

චතුවා said...

@නදී හෙහ් හෙහ්.. ලීවා ලීවා.. බලමුකෝ........ :D

චතුවා said...

@Jerry "අපි" ගැන ඉතින් කුමන කතාද නේ ජෙරියෝ.. :)) :))

චතුවා said...

@පූසා මං නොදන්නවැයි පූසෝ ඒ ගැන.. :D :D

චතුවා said...

@sansarasidu අපි ඔක්කම එකම හැටි තමා සහෝ.. ඒකයි මේ......... :))

චතුවා said...

@සීතල අයියා උඹ ප්‍රාර්ථනා කරන්නෝනි නෑ බං.. රිපීට්ම තමා.... :)) :))

චතුවා said...

@Bunny උඹ සා.පෙ කලාද බං? ;)

චතුවා said...

@අසනි මිනිස්සු වෙලා ඉපදුනු පවද මන්දා.. :)) :))

චතුවා said...

@චතුර.... උදේටත් එච්චරම තමා වුනේ ඕං..!

චතුවා said...

@දේවා ගේ අඩවිය අනිවා අනිවා.. විභාග වගේද අපේ වැඩ.......... :D

චතුවා said...

තැක්තූ දිල් අක්කා.. ජය වෙලාද දන්නෙ නෑ.. බලමුකෝ...

චතුවා said...

@මධුරංග දන්න ටික ලියලා උඩ බලාන හිටියා අයියා.. වෙන මොනා කරන්නද..

චතුවා said...

@පිණිබිඳු... කුප්පිනම් අපිත් දානවා හෝ........ ගාලා.. හික් හික්.. මතක හිටින්නෙ නැති එකනේ අවුල.. :))

චතුවා said...

@ආඩම්බරකාරී ආඩම්බරකාරි ඉතින් මීටරේනේ.. <3 ඔබතුමී ඉතින් මං වගේමයි කීන එකට උත්තර දෙන්ටෝනේ නෑ.. දන්නෝ දනිති පිස්සන්ගේ තරම.. :P

චතුවා said...

අප්පේ හා පැටික්කි අක්කා දැක්ක කල්.............

අපි දන්නවානේ අක්කා පාඩම් කරපු හැටි.. ඒ වගේම අක්කත් ඉතින් දන්නවානේ මගේ පාඩම් කිරිල්ල.. හික් හික්.. :D :D

පුලුවන් හැටියට කරලා ආවා.. බලමුකෝ...

චතුවා said...

@ජීවිතේ මල් අක්කා.. ක්‍රියේටිව් කෙසේ වෙතත් මතක් වුනු ටික ඒ විදියටම ලීවා.. හිහ් හිහ්.. බලාන ගියාම අපි හැමෝම එකම බෝට්ටුවේ..!!



ප්‍රතිචාර දක්වපු හැමෝ.........ටම ස්තූතීයි ගොඩා..ක්.. :) :)

අපරාජිතයා :::: Aparajithaya said...

මම කමෙන්ට් කරද්දි උඹෙ විභාගෙනම් ඉවරයි.ඔහොම තමයි බං කොල්ලෝ උනහම.

ආතල් එකයි වැඩයි දෙකම තියෙන්න ඕනා.උඹ මොනා කිව්වත් මට එකක් හොඳට සුවර්.උඹ එක්සෑම් එක සුපිරියටම කරන්න ඇති....

කෝඩුකාරයා said...

අපි ඔක්කොම එක බෝට්ටුවේනෙ................

චතුවා said...

@අපරාජිතයා :::: Aparajithaya බලමු බලමු.. රිසල්ට් ආවාම බලමු තත්වය.. ස්තූතියි මේ පැත්තෙ ආවාට.. :)

චතුවා said...

@කෝඩුකාරයා අපි ඔක්කම එක යායක්... නරක නෑ ඒකත්.. :)) :))

ස්තූතියි මේ පැත්තේ ආවාට..

පිස්සු පුසා said...

මාත් ඔහොමයි..කුප්පි දාලා තමා ගොඩ යන්නේ.ලස්සන බ්ලොග් එකක් ලස්සනට ලියනවා.ඕං ෆලෝ පාරකුත් දැම්මා

හිස් අහස said...

විබාගේ ඇනගත්තද ළමයෝ ..

....ජනියා.... said...

හි හි .. අදුරගන්න බැරිවුනානේ.. එල එල.. දෙවන මනමාලයා මම හරිද? මනමාලි මන් එක්කන් එන්නම්

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger