Saturday, July 23, 2011

ළමයත් ඡන්දේ දැම්මාලු..!

අද ඉතින් මං ළමයාට මාර සතුටු දවසක්ලු.. අවුරුදු 20ක්ම බලාන ඉන්න වුනානේ ඡන්දේ කියන එක පාවිච්චි කරන්න.. ඔන්න ඉතින් අද ඒක කෝම හරි කරලා දැම්මා.. ඉතින් දැන් ප්‍රාදේශීය සභා ඡන්දෙට ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ගම්පලාතෙම පොරවල්නේ..


අද ඉතින් උදේ පාන්දර අටට නවයට විතර නැගිටලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා දහයට විතර ඡන්දේ දාන්න කියලා ඡන්දපොලට ගියා.. ඔන්න යනකොට ඉන්නවා දැකලා පුරුදු මූණක්.. මේ දවස් වල ඉතින් කොයි ඡන්ද අපේක්ෂකයාගේ මූණද දැකලා පුරුදු නැත්තේ.. පොල්ගහක් බැලුවොත් ඒකෙත් ඉන්නවා.. ලයිට් කණුවක් බැලුවොත් ඒකෙත් මේ මිනිස්සු ඉන්නවානේ.. කෝම හරි ඉතින් ටිකක් ලංවෙලා බල‍නකොට ඉන්නවා ඡන්දපොලේ ගේට්ටුව ලඟ ඩයල් එකක්.. පට්ට දැකලා පුරුදු.. අම්මා ගායි බැට් එකෙන්.. ඔන්න දැන් හොඳටම මීටර් මේ කවුදැ කියලා... මේ ඉන්නේ අපේ ඉස්කෝලේ හිටපු හෙඩෙක් නේ!! මාරේ අයියා!


දැන් ඉතින් මූ ගේට්ටුවෙන් ඇතුලට යන එවුන්ට හතරට පහට නැවි නැවී මොනාද මොනාද කියනවා.. ඉස්කෝලේ ඉදිද්දිත් කලේ ඕක‍මනේ.. ඔහොම කරලා තමා ප්‍රධාන ශිෂ්‍යනායක පට්ටම ගත්තේ.. අපි නොදන්න හෙඩා.. ඕං ඕකත් එක්කම මට තවත් පරණ සීන් එකකුත් ලාවට මතක් වුනා ‍මාරේ ගැන.. ඕවා හිත හිතා ගේට්ටුව ලඟට යනකොටම..


මාරේ අයියා - ආ.. මල්ලී.. මාව මතකනේ.. 
මං ළමයා - නැතුව නැතුව මාරේ අයියා.. 
මාරේ අයියා - එහෙනම් අංකේ මතකනේ.. මනාප තුනම දෙන්ටෝනේ..
මං ළමයා - නැතුව නැතුව.. 21 නේ.. 
මාරේ අයියා - අපිත් ඉතින් සළකන්නම්.. ගිහින් වරෙන්කෝ එහෙනම් ඡන්දේ දාලා..


ඔන්න ඉතින් මම ඡන්දේ දාන තැනට ගිහින් පෝලිමේ ඉදලා ID එකයි කොලෙයි දුන්නා..


අංකල් - 138..... දෙව් ලොවින් පැමිණි ළමයා..


ඔන්න නම කියලා කොලේ ඉරලා ID එක මට දුන්නට පස්සේ ලස්සන ආන්ටි කෙනෙක් මගේ ඇගිල්ල පාට කරා.. සෝයි අක්කා කෙනෙක් කතිර ගහන කොලේ දුන්නා මට.. මට ඉස්සරහින් ගිය පොර මොකක්ද හුට්ටප්පරයක් කරගෙන ඡන්දේ ලකුණු කරන පෙට්ටිය අස්සේ ඔලුව දාගෙන දගලන අස්සේ මම ඡන්දේ ලකුණු කරන්න බලාගෙන ඉදිද්දී මගේ මතකය ආයිත් අතීතයට දුවලා ගියා..





----------------------------------------------------------------------------
වසර හයකට පෙර..


(පාසලේ විශේෂ නිවේදනයකට පෙර වාදනය කරන ශබ්දය යකඩ කටින් ඇසේ)


ප්‍රින්සිපල්තුමා - අද දින 12.45ට ආරම්භවන ගුරු රැස්වීම සඳහා සියලුම ගුරුවරුන් ප්‍රධාන ශාලාවට පැමිණෙන්න. ශිෂ්‍යනායකයින් තම තමන්ට අදාල පංති නිශ්ෂබ්දව තබාගන්න..


අපේ පන්තිය භාරව හිටපු ශිෂ්‍යනායකයා නැති නිසා හොඳට කෑගගහා ඉන්න අස්සේ "ටොඃ" ගාලා පිටිපස්සෙන් වැදුන ටොක්කක් නිසා මට උන් හිටිතැන් අමතක වුනා.. ‍හැරිලා බලද්දීම පුරවලා කනේ පාරකුත්..! අම්මේහ් හෙඩා.. මාරේ අයියා...


----------------------------------------------------------------------------


ඕක මතක් කර කර ඉන්න අස්සේ මට කලින් හිටිය පොර චන්දේ දාලා ගියා.. මම ගිහින් දැන් පෙට්ටිය අස්සේ ඔලුව දාගෙන කල්පනා කරා 21ට චන්දේ දෙනවද... නැද්ද.... අනික මේකා අලුත් කොල්ලා දේශපා‍ලනේට.. පරණ තරහකුත් තියෙනවා මූ එක්ක.. මේකා ඉස්කෝලෙදී කරපු වැඩවල හැටියට ඡන්දේ දිනුවාම මොනවා නොකරයිද.. හික්.. ගහලා ඇරියා අංක 9ට මනාප තුනම..! අපේ අම්මගේ ගෝලයෙක්.. ඌ නම් දැන් කාලෙක ඉදලා දේශපාලනේ.. වැඩක් කරපු පොරක් අපේ පැත්තට.. :D (කුරුටු ගාන්න හිතාගෙන ගියේ ඉතින් කොලේ.. කවියක් හෙම ලියලා එන්න හිතාන.. ක්ෂණික ගත්තු තීරණයක් අනුව තමා 9ට ගැහුවේ..)


ඔන්න දැන් එළියට එනකොට ඉන්නවා මාරේ අයියා ගේට්ටුව ළඟ..


මාරේ අයියා - මල්ලී වැඩේ හරිනේ..
මං ළමයා - අනිවා අනිවා... මනාප 3ම දුන්නා.. 

මාරේ අයියා - එලකිරි මලයා.. එහෙනම් පස්සේ සෙට්වෙමු..
මං ළමයා - හරේ.. මං ගියා හේනම්.
.



මෙන්න ටිකක් එහාට යනකොට ඉන්නවා අංක 9 අපේ අම්මා එක්ක කතාවකුත් දාගෙන..


අංක 9 - මල්ලී.. එහෙනම් හරි නේ නේද?
මං ළමයා - ආය මොනාද අයියා මම අම්මටත් කියලාම ගියේ.. 9 තමා කියලා.. :D


මුං දෙන්නා සෙට් වෙලා කතා කරා ද දන්නෙ නෑ.. "මචං අර මල්ලී මට මනාප 3ම දීලා බං".. කියලා.. :P


එහෙම වුනොත් සමහරවිට හෙට අනිද්දා මාව බලන්න එන්න වෙයි ඔහේලාට.. :D


ප.ලි.- කලින් අර මෙව්වා එකක් ලියන්න පටන් ගත්තට ඒක ලියන්න තරම් මගේ හිතට මෙව්වා එකක් නෑ. ඒක නිසා ඒක ගෙට ගත්තා.. සමවෙන්ටෝනේ..



19 ප්‍රතිචාර:

සංකල්ප said...

මාත් එන්නම් පේරාදෙනි ඉස්පිරිතාලෙට !!!
ගොඩක්ම ලඟයි නේ. මම් ඉන්නේ පැණිදෙනියේ සාරානන්ද පාරේ නේ. එන්නම්. යන්න කලින් වාට්ටුව කිව්වනම් තමා හොද. මොකද වාට්ටු හොය හොය වාත වෙන්න බෑ. :)

අම්මෝ කෝමහරි ඡන්දේ දැම්මනේ. අපට ඒ ඇති.
(ඊලඟ පාර ඡන්දෙට පාට කරන්න ඇඟිල්ලක් නැති වෙයිද මන්දා)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අපේ ඉස්කෝලේ ගිය මලයෙක් නම් ඉල්ලනව මේ පාර චන්දේ ... ඒ උනාට අපේ සිමාව නෙවෙයි . උගේ පක්ෂේ මම දන්න දෙතුන් දෙනෙකුට මම කිව්වා අරූටත් මනාපයක් දෙන්න කියල මට මූණට හා කියල ගියාට මොකාට දුන්නද දන්නේ නැ

සීතල අයියා said...

අනේ ගහන්න තියෙන්නෙම ඔලුවට.සුටුස් ගාලා උඩට යතෑකි.අපිට දානෙකුත් සෙට් එනවා නොවෑ..හික්ස්..

Yasantha Hennayake said...

මට තාම දාගන්න බැරි උනානෙ ඡන්දයක්.. ශික්.. කොහොම උනත් මොලේ පාවිච්චි කොරල තියෙනව.. මොනා උනත් කීව වගේ එන්න බැරියැයි ඉස්පිරිතාලෙට.. හික් හික්

Kavindya said...

අම්මා කැවුම් ඉව්වැයි....?? ළමයා ඡන්දේ දිලා හහ් හ්හ් හා...

හිස් අහස said...

අන්න එහෙම තමයි කියන්න ඕන . අහුවෙන අහුවෙන එකාට කියන්න ඕන මම උඹට තමයි මනාප කියලා . එතකොට මොකා ආවත් සතුටෙන් හිටිය හැකි ..

මගේ මංගල ජන්දේ අපේ අයියා ජන්දේ ඉල්ලපු දවසේ දෙන්න හිතාන හහිටියත් . බීපු බඩු වල බලේට මට ජන්ද පොලට යන්නවත් පනක් තිබ්බේ නෑ .. ඒත් අයියා වැඩිම මනාප අරගෙන දින්නා . මගේ ජන්දේ නැතුවම දින්නා ..

Anonymous said...

මාට්‍ටු වුණොත් තමයි වැඩේ! හැබැයි දෙන්නාගෙන් කවුරු දිනුවත් ළමයාට වාසි

Anonymous said...

උණුසුම් සුබ පැතුම් යාලුවේ.. හා හා පුරා කියලා ඡන්දේ දැම්මට...
නැකතක් එහෙම බැලුවෙයි..හික් හික්

මේ පැත්තේ ආවේ ඕන් අද තමා..නියමයි..

නදී said...

අහ් මේකාත් ලොකු මිනිහෙක් උනා එහෙනම් ඈ...

අහ් ඒක තමා ලොකු අම්ම අද මට කිව්වෙ, ඉස්සො ඩෙවල් දාලා ෆ්‍රයිස් රයිස් හදලා ඕනේ කියල කන් කෙදිරි ගානවට ඕං අද හදලා දුන්න කියල.

කුලුදුල් චන්දෙට පාටියකුත් දාලා හික්z.

පෙනේද මේකගෙ කපටි මොලේ !!

අපරාජිතයා :::: Aparajithaya said...

හේ හේ අපොයි ඔය චන්දෙ දැමිල්ල මට අරහන් මට චන්දේ ලබුනේ ඉස්සෙල්ලම 2010 එදා ඉදන් ඡන්ද 3ක් තිබ්බා... පලවෙනි එකේ කුරු‍ටු ගාලා ආව ඇවිල්ල අද වෙනකන් අයේ ගිහින් නැහැ.ඇයි යකෝ අතින් පයින් වියදම් කරන් ගිහින් ඇගිල්ලත් පාට කරන් වරකෝ...

මනු said...

චන්දෙට මනාප තිබුනට, මං නම් අමනාපයි ඔය මනාපෙට...
ඕක දමාගන්න දගලන හැටි දැක්කම...
මොන්ටිසෝරියේ විවිද ප්‍රසන්ගෙට මං හිටපු වදුරෝ මතක් උනා....

පූසා said...

පිස්සුද බං උන් ඕව කතාවෙන්නේ නෑ. එකම පක්ශේ උනත් එකාට එකා තරහයි චන්දේ දවස් වලදී :D

~ChAnDiKa~ said...

138..... දෙව් ලොවින් පැමිණි ළමයා.. අම්මට හුඩු දැන් දේව පැටවුන්ටත් ඡන්දෙ තියනවැයි?? :D

රත්ගමයා said...

උඹ පව්

චතුවා said...

@ මධුරංග - වාට්ටුව මොකට අහනවාද බං අයියේ.. කෙලින්ම එන්න හදිසි අණතුරු අංශයට.. ආ.. මතක් කරලා කන්න මොනා හරිත් අරන් එන්න.. :D

---------------------------------------------

@ buwa - ගොඩක් අය මට පේන විදියට පිටට කියන කෙනාට නෙවේ චන්දේ දෙන්නේ.. හික් හික්.. කෝමද මලයා දිනලාද? :D

---------------------------------------------

@ සීතල අයියා - පල පල ඔටුවා.. උඹ මම මැරෙනකම් බාලාගෙන ඉන්නේ මොකද කියලා මං කියන්නද? :D

---------------------------------------------

@ යසයා - ආ තාම නම් ඉස්පිරිතාලේ යන්න වුනේ නෑ.. එනවනම් මොනා හරි අරන්න එන්න.. අත් දෙක වන වනා එන්නේ නැතිව හරිය.. :D

---------------------------------------------

සුදු අක්කා මොකද නිකං නෝන්ඩි හිනාවක් දාන්නේ ආ.. අපිත් දැන් ලොකු මිනිස්සු තමා හරියෙ..

චතුවා said...

සඳරු අයියා.. අපි වගේ වැදගත් මිනිස්සුන්ගේ ඡන්දේ ලබාගන්න එකත් ලේසී වැඩක් නෙවේ නේද? වාසනාව තියෙන්නෝනි.. :D

---------------------------------------------

@ විසිතුරු - ආරංචි විදියට එක්කෙනෙක් ලෙසටම ගොඩ ගිහින්.. ඒ වුනාට වාසියක් කොහොම ලැබෙයිද කියලයි සැක.. :D

---------------------------------------------

@ අසනි - නැකැත් බලන්න නම් බැරි වුනා අ‍ලේ.. මොනා වුනත් ඡන්දේ දාන එකත් හරි ජොලි වැඩේ..

එන්නකෝ ඒනම් ආයිත් මේ පැත්තේ.. ආවාටත් ස්තූතියි.. :D

---------------------------------------------

@ නදී - අනේ පල පල කෑ නොගහා.. හික් හික්

මේ ටැන්කූ ඈ මේ පෝස්ට් එක පබ්ලිෂ් කරාට.. :D

---------------------------------------------

@ අපරාජිතයා - මමත් කුරුටුගාන්න හිතාගෙන තමා ගියේ..ඒත් ලස්සන කොලේ ‍දැක්කාම කුරුටුගාන්න හිතුනේම නෑ.. :D :D
මගේ ඇගිල්ලත් පාට කරලා.. ඒවා යන්නෙත් නෑ :\

චතුවා said...

@ ජෙරී - ඒ ගැන නම් මොකට කතා කරනවාද බං.. දැන් මේ දවස් වල ගහක පොත්ත මොන පාටද බලාගන්නවත් බෑනේ පෝස්ටර් නිසා.. ඒ වගේ වැඩයි කෑගැහිල්ලයි නිසා නම් අමනාප වෙනවා තමා..

---------------------------------------------

හෙහ් හෙහ් ඒක නම් ඇත්ත බං පූසෝ.. ඒ වුනාට සීන් එක මේකයි.. මං වගේ වැදගත් කෙනෙක්ගේ ඡන්දයක් ලැබුණා කියලා දැනගත්තාම ඒක පොර වගේ අනික් කෙනාට කියන්න ඉඩ තියෙනවානේ.. ;)

---------------------------------------------

@ චන්දික අයියා - අපි දැන් දියුණුයි නෙව.. හික් හික් :D

---------------------------------------------

@ රත්ගමයා - මම නෙවේ බං උඹලයි පවු.. උඹලා ලොවෙත් නැති වෙන්න මේ පාරත් පරාදයි.. :D

චතුවා said...

ප්‍රතිචාර දක්වපු හැමෝ..ටම ගොඩාක් ස්තූතියි.. :D :D

සංකල්ප said...

@චතුවා (ළමයා) :
මල්ලිට කන්න ගෙනත් දීලා මට තමා කන්න වෙන්නේ. හදිසි අනතුරු එකේ ඉන්න එවුන්ට කන්න දෙන්නේ නෑනේ. මම් ගැටඹේ විහාරෙට භාරයක් වෙන්නම් එහෙනම් !!!!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger