Wednesday, May 25, 2011

අපි මෙහෙමයි ගෲප් ප්‍රොජෙක්ට් කරන්නේ..

දවසක්...

  • ගුරා - Internet technology කරපු පාඩම අදින් ඉවරයි.. දැන් ඔයාලා කැමති Organization එකක් අරගෙන ඒකට ගැලපෙන website එකක් හදන්න. මේ පාඩම් වල තිබ්බ ඔක්කම cover වෙලා තියෙන්න ඕනේ.. Project එකට කැමති යාලුවෝ 4 දෙනෙක් එකතු වෙන්න. සතියක් ඇතුලත වැඩේ කරලා තියෙන්න ඕනේ. Final exam එකට මේකෙන් ලකුණු 40ක් දෙනවා..
එදා හවස
  • මම - මචං කොටා උඹ වරෙන් අපේ ගෲප් එකට..
  • කොටා - ආ.. එල.. පට්ට.. 
  • මම - පුෂ්පෙ උඹත් වරෙන් අපේ එකට..
  • පුෂ්පේ - මම interface එකේ වැඩ ටික කරන්නම්..
  • මම - එල.. බුද්ධියා උඹත් එහෙනම් සෙට් වෙයන් අපිට..
  • බුද්ධියා - හරේ.. නම ලියාගනිං..!
පලවෙනි දවස

අපි Flower export කරන company එකකට site එකක් කරමු..
  • මම - මේ ‍කොටා.. උඹට පුලුවන්ද Javascript ටික ගොඩදාගන්න? පොඩ්ඩක් හැඩ වැඩ දාලා... බුද්ධියා PHP ටික කරන්නම් කීවේ.. මමත් දෙන්නම් හෙල්ප් එක...
  • කොටා - අඩෝ මම PHP කරන්නම් බං.. බුද්ධියාට දීපං Javascript..
  • බුද්ධියා - දන්නවානේ.. මට ඕනේ එකක්..! ආය ලොවෙත් නෑ...
  • මම - එහෙනම් හරිනේ.. පුෂ්පේ ග්‍රැෆික්.. බුද්ධි Javascript ටික.. කොටා PHP. මම අනික් වැඩ ටික කරනගමන් දෙන්නම් හෙල්ප් එක..
දෙවෙනි දවස
  • බුද්ධියා    ╗
  • පුෂ්පේ      ╠ හරි හරි මචං කරගෙන යනවා....
  • කොටා     ╝
තුන්වෙනි දවස
  • බුද්ධියා - Javascript ටික අවුල් වගේ බං.. පුලුවන් නම් කරපංකෝ.. අර Images වලට දාන වැඩ කෑලි ටික අවුල් වගේ බං...
  • මම - හරි බලන්නම් මචං මම.. පුෂ්පේ.. වැඩේ කොහොමද.. අවුලක් නෑනේ..?
  • පුෂ්පේ - හරි හරි මචං කරගෙන යනවා....
  • මම - කොටා?
  • කොටා  - ගින්නක් නෑ මචං.. දැනටමත් register page එක හදලා ඉවරයි!
හතරවෙනි දවස   
  • මම -  කෝ බං බුද්ධියා..? මේ හරකා Javascript ටික කරන එකත් මට දැම්මා.. අද මේකා ඇවිල්ලත් නෑ..
  • කොටා - ඒකනේ මේකනම් මාර *@$%..!
  • පුෂ්පේ - (කොහේදෝ සිට කඩාපත්වී) මේ මචං.. මාර කේස් එක බං.. අපේ අත්තම්මා නැති වෙලා.. මෙතන තියෙනවා Edit කරපු pics දෙකක්.. ඒ දෙකත් දාලා ඉන්ටෆේස් එකේ වැඩේ ගොඩදාපං මචං.. මට මලගෙදර යන්න වෙලා..
  • මම - ආ හරි මචං.. මම බලන්නම්....
පස්වෙනි දවස
  • බුද්ධියා - කොහොමද බං වැ‍ඩේ.. ඊයේ එන්න බැරි වුනා බං බඩුවත් එක්ක පොඩි ගමනක් ගියා..
  • මම - අවුලක් නෑ බං කරගෙන යනවා..
  • කොටා - මේ ඕයි.. මට මේ ටික තේරෙන්නේ නෑ බං.. login page එක හදලා database ටිකත් හදලා දපංකෝ connect කරපංකෝ.. උඹට පුලුවන්නේ ඒ ටික?
  • මම - හරි මචං.. කෝ උඹ හැදුවා කිවුව register page එක?
  • කොටා - ඒක චාටර් බං.. උඹම හදපංකෝ ඒකත්...
  • මම -  Ok මචං..
හයවෙනි දවස 
  • මම - (lectures නොයා ගෙදරම ඉඳිමින් ඉරාගෙන project එකේ වැඩ නිමා කරමින්...)
හත්වෙනි දවස හෙවත් The Last Day
  • බුද්ධි - මචං වැඩේ හරිද?
  • මම - එළ.. මම අද උදේ පාන්දර වෙනකම් වැඩ කරලා හදලා ඉවර කරා බං..
  • කොටා - මචං අපේ ප්‍රොජෙක්ට් එක ගොඩ නේ?
  • මම - අනිවා.. දන්නවානේ ඉතින් මේ කොල්ලාගේ වැඩ..
  • පුෂ්පේ - (කෝල් කර) මචං මම මලගෙදර ඉන්නේ.. වැඩේ කොහොමද?
  • මම - හරි මචං අද දෙනවා..

එදා හවස
  • ගුරා - කෝ බලමු චතුවාගේ ගෲප් එකේ වැඩ..
  • මම - (pen එක කොම්පූටරේට ගසා හැදූ සයිට් එක පෙන්නමින්..)
ගුරාගේ ටෙස්ටින් වලට පසු
  • ගුරා - නරක නෑ. එරර්ස් එහෙමනම් හම්බ වුනේ නෑ කෝඩ්ස් වල. හොඳට කරලා තියෙනවා.. interface එකනම් ටිකක් user familiar මදි.. කමක් නෑ.. ගෲප් එකේ අයගේ නම් කියන්න
  • මම - දෙව් ලොවින් පැමිණි ළමයා
  • ගුරා - අනික් තුන්දෙනා..
  • මම - මම තනියම හැදුවේ සර්...
(කොටා සිටි පැත්තේ සිට වේගයෙන් කාගෙදෝ පොත් බෑගයක් මගේ ඔලුව දෙසට පියාඹා එනවා මෙන් යාංතමට දුටිමි..)


ප.ලි :- මේක මම පොර වෙලා ලිව්වාට ඇත්තම කිව්වොත් මෙතන වැඩ කලේම වෙන එකෙක්. :D

35 ප්‍රතිචාර:

සුපර් මාරියෝ said...

අන්න එව්වා කැත වැඩ... අපිනම් එහෙම නෑ...
හැමෝටම බැරි වෙන වෙලාවල් තියනවනේ...

හැබැයි අර එකෙක් බඩුව එක්ක කොහෙද ගිහිපු එකනම් අනුමත කරන්න බෑ... දන්නැති උනත් වැඩ කරන තැන ඉන්න ඔන..

ප.ලී. අඩෝ චතුවෝ මම බුකියේ රික්වෙස්ට් එකක් දාල ඇති ඇක්සෙප්ටි කරපන්..දැන් දවස් 4ක විතර වෙනවා..

මකුළුවා..... said...

හී...හී...ඕවා ඔහොම තමා බං...ගනන් ගන්න එපා.

නදී said...

අනේද කියන්නෙ මල්ලි ගෲප් ප්‍රොජෙක්ට්ස් ගැන නම් කියලා වැඩක් නැත.ඒ ගැන දන්නෝ දනිති.හැබැයි කරගහන එකාට පසූකාලේ පාඩුවන්නේ නැත.තනියම වැරදි වැරදී ඉගන ගන්න දේවල් ජීවිත කාලයටම මතකේ තියෙයි.

එත් ඉතින් අර, " මම් තනියම කරේ " කීව එකනම් හරි නෑ වගේ නේ.අපෙත් එකෙක්ට දවසක් ඔහොම උනා.ප්‍රසන්ටේශන් එකේදි "මයි ප්‍රොජෙක්ට්" කිය කිය ඉදලා පස්සෙ තමා "අවර් ප්‍රොජෙක්ට්" කියවුනේ.කට්ටියටම හිනා :))

Rajitha Abeysinghe said...

හොද යාලුවෝ සෙට් එකක් ‍තෝරගෙන තියෙනවා.

සංකල්ප said...

ගෲප් ප්‍රොජෙක්ට් කිරිල්ල කොහෙත් එකයි. අපෙත් ඔහොම තමා. වැඩ කරන්නේ එකෙක් නැත්නම් දෙන්නෙක්. ඒත් නැව් කතා නම් දෙන්න සෙනග ඉන්නවා ගමකට.

කවුරු නොකලත් කවුරු කලත් මම් තනියම කලේ කියන්න එපා. තමන් කලොත් ඒ අත්දැකීම තමන්ට. ඒ අත්දැකීම ගන්න. නමුත් අනිත් උන්ටත් කෝස් එකෙන් ගැලවෙලා යන්න වැඩ සෙට් කරලා දෙන්න.

Naveen Madhawa said...

උඹ කරපු වැඩේ හරි නැ.. ටීම් ලීඩ් කෙනෙක් වුනම උඹ දැන ගන්න ඕන අනිත් අයගෙන් වැඩ ගන්න.. නැතුව ඔක්කොම උඹ කරල අන්තිමට අරුන්ට කෙලවන එක හරි නැ මචන් ජොබ් කරන්න ගියාම ඔය වගේ සීන් සෙට් වෙනව..

පූසා said...

ඕවා සාමාන්‍ය දේවල් බං :D

පිණිබිඳු... said...

කොහෙත් එකයි බලාගෙන යද්දි. ඔයාලගෙ ප්‍රොජෙක්ට් අන්තිමට වයිවා නැද්ද? ඒකෙන් අල්ලගන්න පුලුවන් කවුද වැඩ කරේ කවුද නැත්තෙ කියලා.

Ravimal said...

කරපු වැඩේ හරියටම හරි... මට තාමත් ඕක කරන්න කොන්ද හදා ගන්න බැරි වුනා... දැන් අවුරුදු 4ක් තිස්සේ ඕකම වෙනවා එකදිගට... අන්තිම අවුරුද්දේ මමත් සාමාන්‍ය ගෲප් මෙම්බරයෙක් වුනා... එදා ඉඳන් එක ප්‍රොජෙක්ට් එකක්වත් සමුපූර්ණ කරන්න බැරිවුනා...
බර අදින එකාට විතරයි ඒකේ ර‍ඟේ තේරෙන්නේ... මහ රෑ නිදිමරාගෙන මදුරුවෝ කකා කන කට්ටෙ හැටියට "මම තනියෙම කලේ" කියලා කියන එක අන්තිම සාධාරණයි. අනුන්ගේ පානෙන් එලිය දකින එකටයි ගෲප් ප්‍රොජෙක්ට් කරන වෙලාවෙත් කටපාඩම් කරලා විභාග ගොඩ දාන එකටයි කව්රුවත් මොකවත් කියන්නේ නැත්තේ ඇයි?
ටීම්ලීඩර් කෙනෙකුට තමන්ගේ ටීම් එකේ ප්‍රශ්නයක් තියෙනවානම් ඒක ඉහලට කියලා හදාගන්න පුලුවන්.. ඒත් ඉගෙන ගන්න කාලේ එහෙම දෙයක් කරන්න බෑ. එහෙම කලොත් ඒ යාලුවාගෙන් වැඩක් නෑ කියලයි කියන්නේ. ජොබ් එකක් කරන තැනක තියෙන පරිසරය ඉගෙනගන්න කාලෙදි අපට නෑ. තියෙන්නේ තෝරාගැනීම් 3යි. එක්කෝ තමන්ගේ වැඩේ තමන්ම හිතලා කරන්න ඕනේ.. නැත්නම් බෑ කියන එකාගේ වැඩේත් තමුන් කරන්න ඕනේ.. එහෙමත් නැත්නම් බෑ කියන එකාව ගුරාට අල්ලලා දෙන්න ඕනේ...
ජොබ් එකක් කරද්දි හැමතිස්සෙම වෙන්නේ ඔය අන්තිමට කියපු එකයි...

සීතල අයියා said...

අපෝ කතා කරන්න එපා group project ගැන.හොද පරිප්පු කන්න ලැබෙන්නෙ.දන්නෝ දනිති ඒකේ තියෙන රගේ.ඔය ලැබිලා තියෙන්නෙ හොද පරිප්පුවක්.හික්ස්...

pavithra weerapperuma said...

හික් හික්... හවුල් අවුල්නෙ බොල.. :D :D

හිස් අහස said...

ඒකත් මාරම කන්ඩායම් ක්‍රියාකාර කමක්.. මමනම් ඉතින් ඔයවගේ කන්ඩායම් වැඩකට කියලා මුහුන දෙන්න ඇත්තේ ශ්‍රමධානයකට නැත්තම් දන්සැලකට වගේ එහෙකට විතරයි ..

ඔයවගේ එවුවා ගැන මට විසේස දැනීමක් නෑ .. ඒක නිසා ආසාවෙන් කියෙවුවා ..කට්ටියගේ කන්ඩායම් වැඩේ ...ලකුනු හතලිහම ලැබුනද ?

පබලු said...

ආඬි 7ත් දෙනාගේ කැද හැලිය ට වඩා ටිකක් හොදයි වගේ

චතුවා said...

@සුපර් මාරියෝ ස්තූතියි ප්‍රතිචාරයට සහෝ..!

කැත වැඩේ කියපු එකට උත්තරේ පල්ලෙහා කමෙන්ට් එකකින් දෙන්නම්.. බලන්ටකෝ.. :D

ඔන්න රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලෝ... තැන්කූ හොදේ...

චතුවා said...

හිහ් හිහ්.. මේවා ගණන් අරගෙන කොහොමද නේද මකුළුවෝ......?

චතුවා said...

@නදී අක්කා.. ගෲප් ප්‍රොජෙක්ට්ස් සක්ස්..!

ඔය හරි නෑ වගේ වැඩේට උත්තරේ දෙන්නම්.. එනු පල්ලෙහාට..

චතුවා said...

@රජිත් හොඳ යාලුවොදත් අහනවා.. හැම වැඩකදීම බොක්කෙන්ම බහින්නේ.. මේ වගේ වැඩ වලදී විතරක් පොඩ්ඩක් මොකද වෙනවා.. :D

චතුවා said...

@මධුරංග නැව් ටෝක් ලොරි පිටින්.. "මචං මේක දාමු" "අර වගේ කෑලි දාමු" අප්පේ.. උන් කියයි.. මං එපැයි කොරන්න..!

චතුවා said...

@Naveen Madhawa උන්ගෙන් ගන්න පුලුවන් උපරීම ගත්තා.. මේ පෝස්ට් එක ලීවේ ඇත්තම කීවොත් පස්වෙනි දවසේ පට්ට රෑ.. ඒත් හය වෙනි දවසේ කොහොම හරි උන්ව වැඩට අල්ලගත්තා.. :D

චතුවා said...

@පූසා සාමාන්‍ය තමා බං.. ඒත් ඉතින් ‍ලේ කෝප වෙනවා..!

චතුවා said...

@පිණිබිඳු...කොහෙත් එකයි කොහෙත් එකයි.. ඉස්කෝලේ යන කාලේ නම් මමත් අයිස් ගහන පැත්තේ.. :D

මේකේ ප්‍රසන්ටේෂන් එකේ අගට ඇහුවා ප්‍රශ්න ටිකක් හදපු සයිට් එක ගැන.. වැඩ කරපු නොකරපු උන් නිකංම මාට්ටු ඉතින්..!

චතුවා said...

@Ravimal ඔව් මේ වගේ වෙලාවට ඉතින් පුදුම තරහක් එන්නේ.. ඒත් ඉතින් යාලුවෝනේ කියලා ඉවසනවා.. මොනා කරන්නද.. හැම දේටම වඩා යාලුවෝ වටිනවා නෙව.. :D

චතුවා said...

@සීතල අයියා ඔව් බං.. මේ පරිප්පුව නම් ඕනේ නෑ ආයෙත්..!

චතුවා said...

@සුළඟිල්ල | pinkieමේ අවුලත් පවුල් අවුල් වගේ තමා බං.. ලොල්.. :P :D

චතුවා said...

@හිස් අහසසඳරු අයියා.. තාම ලකුණු නෑ.. සඳුදා කියන්නම්ය කීවේ.. බලමුකෝ.. වැ‍ඩේ ඉතින් කොහොමත් හිතුවට වඩා හොදින් ගොඩදාගත්තා.. :)

චතුවා said...

@පබලු අක්කා.. මට නම් හිතෙන්නේ කැඳහැලිය == අපේ ප්‍රොජෙක්ට් එක කියලා.. (මගේ එක යාලුවෙක් ඉදලා මාව උනන්දු කෙරෙව්වේ නැත්තං.. ) :D

චතුවා said...

ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩාක්ම ස්තූතියි..!!

දැන් ගොඩක් අය කිවුවනේ මම කරපු දේ හරි නෑය කියලා.. දැන් මෙහෙමයි වුනේ..

මේ පෝස්ට් එක ලීවේ ප්‍රොජෙක්ට් එකේ පස්වෙනි දවසේ.. නැති වෙන්න වැඩ කරලා වැඩ කරලා පට්ට නිදිමතේ පට්ටම තරහින්.. හය වෙනි දවසේ මගේ යාලුවෝ ටික මේක දැකලාද මන්දා මාර උනන්දුවෙන් වැඩේට සෙට් වුනා.. කොහොමත් මේ කමෙන්ට්ස් එහෙම දැකලා මම හිත හදාගෙන උන්නේ.. ප්‍රසන්ටේෂන් එක අති සාර්ථකයි.. කොටාගෙනුයි බුද්ධියාගෙනුයි ගුරා අහපු ප්‍රශ්න වලට උන්ට හරියට උත්තර දීගන්න බැරි වුනු එකයි අවුල් වුනේ.. නැත්තං වැඩේ සුපිරිවටම ගියා..!

අපරාජිතයා :::: Aparajithaya said...

අඩෝ සිරාවට අන්තිම පේලි 2-3 ට හිනා ගියා මචන්..... ගොඩක් උන් ඔහොම්මමයි වැඩක් කරන්න කලින් උන් ගැන තියෙන ආකල්පය මහා මෙරටත් උසයි එත් වැඩේ කරලා ඉවර වෙනකොට තමයි තේරෙන්නේ උට මෙලෝ ගටක් නැති #@$#@ ඩයල් එකක් කියල..... මම මේ පොර ටෝක් දුන්න නෙමෙයි.වෙලාවට අපේ එකේ ඔහොම වාත කේස් අඩුයි.

ayesha said...

හපෝයි...... මෙහෙමත් වැඩ

Anonymous said...

හික්ස්... group වුනොත් ඉතිං ඔහොමමයි...

චතුවා said...

@අපරාජිතයා :::: Aparajithaya ‍ඔහොම පොර ටෝක් දෙන වුන් කොහේද නේද නැත්තේ.. :D :D ස්තූතියි ප්‍රතිචාරයට..!

චතුවා said...

@ayesha හික්ස්.. මේක මෙහෙමම වුනේ නෑ අන්තිමට.. හොඳ වෙලාවට! ස්තූතියි ප්‍රතිචාරයට..!

චතුවා said...

හැම ගෲප් එකම මෙහෙම නෑනේ හිම කුමාරි හැබැයි ගොඩක් ඒවා මේ වගේ.. :D :D

ස්තූතියි ප්‍රතිචාරයට..!

නරකයා....!! said...

ela ela... oya wage group ekaka mamath hitiya.... habai mama umba wage eka nam neme....

Sri said...

අර කිවුවත් වගේ ගෲප් ප්‍රොජෙක්ට්ස් ඔක්කොම නතර වෙන්නේ මගේ Individual ප්‍රොජෙක්ට් එකක් වෙලා.. ඔය අත්දැකීම හොඳට පුරුදුයි...

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger