Friday, September 3, 2010

නුඹ

රැය එළිය කරන සඳු මෙන්ම
උදයේ නැගෙන හිරු ‍මෙන්ම
මගේ දිවයම එළිය කළ
නුඹ
තවමත් මට ඒ තරම්ම දුරයි...
අතනොහැර නුඹේ දෑත
ළගින් ඉන්නට පෙරුම් පිරුවද,
රැයේ සිහිනයෙන් කතා කරන නුඹ
සිහිනයක්ම පමණක් වේද මට..

12 ප්‍රතිචාර:

Anonymous said...

අයියෙ මටත් ඔය ටිකමයි බන්

෴ හසියා ෴ said...

අපි ඔක්කෝම එකස බෝට්ටුවේ.........

හසී said...

ලඟදිම සිහිනේ සැබෑවෙයි.ඔය උඩ ඉන්න දෙන්නාටත් එක්ක කිව්වේ...

෴ හසියා ෴ said...

අහ් ඔන්න ආවා පණ්ඩිත අක්කා.....අනේ මේ.....අපි ඕවට නෑ...අපිව ගාවගන්න එපා.....මේ ඉන්න විදිහ හොදටම හොදයි....ඉල්ලන් පරිප්පු කන්න ඕනිනෑ...කාපු ඒවා හොදටම ඇති‍‍‍‍....

C0de BlUe said...

අපි තාම single නේ ..... :P

චතුවා said...

ඇයි බං හසිත මලේ අපිට‍ම මෙහෙම වෙන්නේ? දුකයි නේ.. :(
ස්තූතියි ප්‍රතිචාරයට..

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

හසියෝ කස්ටියම සැට් වෙලා පදිමු බෝට්ටුව ගොඩයන්නම...

ස්තූතියි සහෝ මේ පැත්තේ ආවාට..

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

හප්පොච්චියේ............. හසී පවුලම මෙතැන නොවැ... තැන්කූ තැන්කූ අක්කේ....

"හසියාගේ පරිප්පු" කන තරමටනේ ‍අයියෝ ආතල් එක! හික්ස්

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

නොදන්න පාරිශීලකයා ඔය කීවාට මං දැක්කා කෙල්ලෙක් එක්ක නුවර ඇවිල්ලා හිටියා.. නෑ කියන්න එපා KCC ඇතුලට ගිහිල්ලා කාගීල්ස් එකෙන් අයිස්ක්‍රීම් කකා හිටියේ... මං දැක්කා.. හුම් හුම් ඔහොම යං!

Unknown said...

හසී පවුලෙ සියලු දෙනාට ඉක්මනට single තනතුරෙන් double තනතුරට යන්න ලැබේවා.හසිත මලයා නම් දැලක් දාලා කියලා ආරන්චියි.ලොකු හසියා නම් කොහොමද දන්නේ නැහැ.හසී අක්ක ඉතින් කොහොමත් double නෙ

කංචු said...

පොඩි ළමය උනාට ලියන්නෙම ලොකු ලොකු දේවල් නොවැ.......
මේ වෙලාවෙ මට මතක් උනා මෙන්න මේ සින්දුවත්....

සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ

Unknown said...

සිතක මෙලක දරා ගන්න බැරි හිතකට පෙම් කරන්න එපා යාලුවේ...

චතුවා said...

කංචු සහෝ.. ලියන්න කියවන්න මොටද ලොකු පොඩි භේදයක්... ස්තූතියි සහෝදරයා මේ පැත්තේ ආවාට සහ ප්‍රතිචාරයට....

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

නිපුන සහෝ මොනා කියන්නද මන්දා.... :(

ස්තූතියි ඔයාටත්!

Hasitha Gunasinghe said...

සිහිනය සිහිනයක් නොවී සැබෑවක් වේවා........

චතුවා said...

හලේ......... ටැන්කූ ටැන්කූ හසිත සහෝ.....

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger