Tuesday, August 31, 2010

"ඇය"ට පාර පෙන්නන්න ගොස් අතරමං වීමි....

මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුල වු සමනලියකගෙනි
පාර අසා තිබුනේ//

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකය අඩමානය//
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
මං මුලා වී පාර සොයාගෙන...

අප හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඈසූයේ ඈයිදැයි නොකියමි//
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතනින් නිමි

මං මුලා වී පාර සොයාගෙන...


අතරමං වෙලා කියලා නාහෙන් අඬ අඬා හිටි මම,
අතරමං වෙලා නෑ කියලා පෙන්නපු ඇය අතරමං වෙලා..
අතරමං වෙලා නෑ කියලා සතුටු වෙන්න ඕනි මම කොයි තරම් දුක් වුනාද ඒ ගැන හිතලා......
ඇයට පාර පෙන්නන්න මං කොයි තරම් උත්සාහ කලාද.....
ඇයට පාර පෙන්නන්න ගිය මම අන්තිමේදී අද ඇත්තටම අතරමං වෙලා..
ඇයගෙන් ම හැර වෙන කෙනෙක්ගේ උදව්වෙන් පාර හොයා ගන්න බැරි තරමටම!
ඒ බව ඇය නොදන්නවා වුනත් මම දන්නවා මම අතරමං වෙලා ඉන්න තරම..
කොහොම වුනත්,
ඇයව අතරමං කල කෙනාම ඔන්න එනවාලු..
ඇයට පාර පෙන්නන්න
කොහේදෝ ඉදල...
හිටි හැටියෙම.......
එයා ඒ ගැන සතුටි මමත් එක්කම කියනකොට මම????
ම්ම්ම්ම්ම්ම්ම්......
දැන් අතරමං වෙලා කියලා දුක් වෙන්න ඕනි මම සතුටු වෙනවා ඒ ගැන හිතලා..
කමක් නෑ... එයා හරි සතුටින් ඉදීනේ......
හැබැයි අවංකව කතා ‍කලොත්..
ඔය එනවයි කියන "පොර" එන්නේ නැත්තං මම කැමතී..
මමත් ඉතින් මනුස්සයෙක් නේ (පෙර කී දෙයට නිදහසට කාරණය)
ඒ වුනාට "ඇය" පවුනේ..
අමාරුවෙන් වුනත් හදවතින්ම සතුටු වෙනවා..
ආවදෙන්...
දෙන්නාටම සුබපැතුම්!

මාස තුන හතරක් අස්සේ ළමයාට වෙච්චි වැඩක්!
හනේ පව් මම!
නේද???

තේරුණාද මන්දා කියවපු අයට... මේ දවස් වල ළමයාට කතා කරන දේකවත් අගමුල ගලපගන්න බෑ... අනිත් එක මං මේ කියපු "ඇය" කවුද කියලා නම් යෝජනා කරන්න නම් එපා..

සිංදුව ගන්න ඕනි නම් මෙතනින් ගන්න...

11 ප්‍රතිචාර:

Anonymous said...

හරිම ලස්සන ගීතයක් ළමයො.ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට.
ඇය කවුද කියල අහන්නෙනම් නෑ ඒත් එයා නිසා අමාරුවෙන් සතුටු වෙවී ඉන්නෙ නැතිව ඒ අතීතය අමතක කරලා වර්තමානයත් එක්ක ජීවත් වෙන්න.සතුටු වෙන්න.
සතුට හැමදාම එකම කෙනෙක් ළඟ නැවතිලා ඉන්නෙ නෑනෙ..

හිහී.." ඔය එනවයි කියන "පොර" එන්නේ නැත්තං මම කැමතී..
මමත් ඉතින් මනුස්සයෙක් නේ (පෙර කී දෙයට නිදහසට කාරණය)" මට අහුවෙන්න එපා ළමයෝ...

චතුවා said...

නෑ නෑ තාම සතුටින් ඉන්නේ... පොර එන්න නියමිතයි.. තමා ඇවිල්ලා නෑ.. හිහ් හිහ් :P

ඔය දැන් "මට අහුවෙන්න එපා ළමයෝ..." කිවුවේ ‍මම "පොර" එනවාට කැමති නැති නිසාද? නැත්තං මං මනුස්සයෙක් නිසාද?

෴ හසියා ෴ said...

ළමයාගේ අඩවියට අදද මන්ද ආවේ ඉස්සෙල්ලම.....පට්ට පට්ට....
ඔක්කෝටම වඩා සිංදුව....විශාරද ගුණදාස කපුගේ මහාතාගේ මම කැමතිම සිංදුවලින් එකක්.එතුමාගේ ටොප් ටෙන් සිංදුවලින් එකක්.පට්ටම පට්ට....ස්තූතියි මේ ටික දවසකට තොල් අඟ රැදෙන්න සිංදුවක් මතක් කලාට....

``` Outsider``` said...

ළමෙක් කාලෙ මටත් ඔහොම දෙයක් වුණා ළමයො. වැඩිය බොන්නෙ නැතිවම ටික කාලෙකින් හිත හැදුණ. ඒත් අද වෙච්ච දේ ගැන මතක් වෙද්දි හිතෙන්නෙ මාරක අපලෙකින් බේරුණා කියල.
ඉතින් හෙට හැඟීම්වල බර අඩු වෙද්දි උඹටත් මොනා මොනා හරි වැටහෙයි.

හසී said...

මේ පොඩි වයසට ළමයාටත් වෙච්ච දෙයක්... හි හී.... සතුටින් ඉන්න

Unknown said...

දෙදෙනෙකු රිදවා හිනහෙනු බැහැ මට කියලා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නයි තියෙන්නෙ ලමයා

Anonymous said...

මේ මොකෝ මේ o.O

චතුවා said...

෴ හසියා ෴ සහෝ.. මමත් කැමතිම සිංදුවක් තමා මේක... ගුණදාස කපුගේ මහත්මයාගේ සිංදු ගැන මතක් කරන්න ගියොත් මුලින්ම මතක් වෙන සිංදුව...

ස්තූතියි

..............................................

මමත් නම් නොබී, හැගීම් වල බර අඩුවෙනකම් ඉවසන් ඉන්නවා.. වැඩේ කියන්නේ හැගීම් වල බර අඩුකරන්න උදව් වෙන්නෙත් "ඇය" ම නේ....

ස්තූතියි ස‍හෝ..

චතුවා said...

හසී අක්කේ......... පොඩි ළමයිට මෙහෙම ප්‍රශ්න ආවාම වැඩේ අමාරුයි... හික්...

ස්තූතියි මේ පැත්තේ ආවාට සහ ප්‍රතිචාරයට!

..............................................

පුබුදුවෝ එහෙම කොරන්න තමා මගෙත් කල්පනාව! අපි හරි පරිත්‍යාගශීලී මිනිස්සු නොවැ...

ස්තූතියි සහෝ

..............................................

හසිත මලේ වැඩේ දරුණුයි! හිහ් හිහ්

තැන්කූ මේ පැත්තේ ආවාට...

Unknown said...


ආදරයේදී සැබෑ ලෙසම සතුට දැනෙන්නේ ආදරය ලැබීමෙන් නොව ආදරය පිදීමෙන්ය ....


nipunadk's theory :)

චතුවා said...

ඒ තියරියත් නරක නෑ නොවැ.. බලමු බලමු..... :)

ස්තූතියි සහෝ ප්‍රතිචාරයට!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger