Sunday, August 29, 2010

අවා! අවා!! අවා!!! Tunatic සමග ළමයා අවා!!!!!!!!

මෙන්න ළමයා ආවා......... විභාගේ නම් ඔන්න ඊයේ ඉවර වුනා.... කියලා වැඩක් නෑ ‍පේපර් හදපු අය හම්බ වෙලා මල් තියලා වදින්න හිතෙනවා ඒ තරම් අමාරුවට ප්‍රශ්න හදපු නිසා..... ඇත්තටම මම දුකේ හිටියේ ප්‍රශ්න ලේසි වෙයි කියලා.... :)) :)) වැප් සහෝ කිවුවනේ පේපර් වල වැරදි තිබුණොත් හොයාගෙන එන්න කියලා.... අර ජාත්‍යන්තර කුමණ්ත්‍රනයේ ප්‍රථිඵල නිසා පේපර් වල වැරදි තිබුණේ නෑනේ.. දුක තමා... :(

විභා‍ගේ ඉවර වුනා කියලා නෑ.. දැන් තමා ද කොහේද වැඩ ගොඩාක් කරන්න තියෙන්නේ.. ෆියුචර් ප්ලෑන්ස් ගොඩා....යි දැනටමත්! මේ දවස් වල ලොකුම උණ ‍තියෙන්නේ HTML දැනුම ඔප දමාගන්න..... ඒ වෙනුවෙන් අද සිටම මෙහෙයුම් අරඹන්නයි කල්පනාව..
W3ඉස්කෝලේ මුල් කරගෙන අපේ නික් අක්කාගේ සහාය ඇතිව එහෙම වැඩ පටාන් ගන්නවා... :)

ම්ම්ම්ම්ම්..... ළමයා දැන් ආසයි බ්ලොග් ලියනවාට වැඩිය බ්ලොග් කියවන්න.. ඒ නිසා මීට පස්සේ වැඩිය මේ බ්ලොග් එක ලියවෙන්නේ නැති වෙයි.... ළමයාගෙන් comments නම් තියෙයි ඔන්න ඔයාලාගේ බ්ලොග් වල... :P

ඔය හුටපට ඔක්කම අස්සේ මේ බ්ලොග් එක පැත්තේ එන යනකොට මට පොඩි software කෑල්ලකුත් හම්බ වුනා පහුගිය දවසක.. ඒකත් මේ ගමන්ම දෙන්න හිතුනා ඒ ගැන නොදන්න කස්ටියටම දැනගන්න..... Tunatic තමා නම.. :D



මේ software එක run කරලා mic එකට ලං කරලා සිංදුවක කොටසක් play කලාම ඒ සම්පූර්ණ සිංදුව අපිට හොයලා දෙනවා.. Download කරගන්නත් පුලුවනි.......මම මේ වෙනකම් හොයලා බැලුවේ නම් ඉංග්‍රීසි සිංදු කිහිපයක්.. තත්පර කීපයක් play කලාම සිංදුව හොයලා ‍දුන්නා.. අපිට ඔය රේඩියෝ එකේ යන සිංදු එහෙම හොයා ගන්න නම් මේක හොදා වගේ.......... මෙන්න
මෙතනින් බාගන්න ඕනි අය ගන්නකෝ... මේ තියෙන්නේ Official website එක. දැන් ඉතින් කවුරුත් කියන්න එපා "අපෝ බං ඕවා ඕනි තරම් තියෙනවා" කියලා... :P මට මේ වගේ softwares කලින් හම්බවෙලා නෑ.. වෙනත් ඒවත් තියෙනවානම් මටත් කියන්නකෝ....... :D

මගේ මේ බ්ලොග් එකේ comment moderation ක්‍රියාත්මක කලා... සිංහල දැනුම ප්‍රදර්ශනය කරන්න කැමති අයගේ comments වලින් අනික් අය අපහසුතාවයට පත් වෙන්න ඉඩ තියෙනවානේ... මොකද මේ දවස් වල සිංහල දැනුමින් ඉහල කිහිප දෙනෙක් මේ පැත්තේ සැරිසරනවා කියලා කස්ටියම දන්නවානේ දැන්...

එහෙටත් නැති මෙහෙටත් නැති කොහේටත් නැති අග මුල නොගැලපෙන පෝස්ට් එකකට පස්සේ ඔන්න ළමයා ගියෝ... දැන් w3ඉස්කෝලේ යන්නත් එපැයි...

12 ප්‍රතිචාර:

වැප් said...

වැරැද්දක් නැති පේපර් එකකින් ඇති ඵලය කීම ? :D
මළ කෙලියයි ...... දැන් මොකෝ කරන්නේ ............

දුමී said...

ආහ්. . . මේ ළමයනේ . . . හුඟ දවසකින්. විභාගේ හොඳට කොරන්ඩ ඇති නේද ? බොහොම ස්තුතියි මේ ගෙනාපු ගැජමැටික් පාරටනම්. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මටනම් . . . !

sankalpana.info said...

වැඩේ පංකාදුයි..
මෙකෙන් සිංදු කෑල්ලක් රෙකෝඩ් කරන්නේ නැතුව අපිම කිව්වොත් හොයල දෙයිද?

බානවො... ස්තූතියි :)

Anonymous said...

අයියෙ එල කිරි බාන්ඩයක්නෙ මේ දීල තියෙන්නෙ...නියමයි

අලුත් වැඩේටත් සුබ පතනව...එලටම කරන්න ඒකෙ එලමකිරි ටියුටෝරියල්ස් තියෙන්නෙ...එල කිරි...ජය

පිස්සා පලාමල්ල said...

උබ වැරදි නැති පේපර් එක පලක් නැහ කියල වැරදි උත්තර ලිව්වෙ නැහනේ ළමයො... හි හි.. .

Geeth Nuwan said...

සුබපැතුම්... ආ මොකක්ද විභාගේ.?

චතුවා said...

දැන් ඉතින් වෙන කුමක් කරන්නද වැප් සහෝ... නිකං ඉන්න එකේ ආදරයවත් කරනු මිස.. හික්ස්..

ලබන පාර විබාගේ කරන පොරක්වත් අල්ල ගමු ‍වැඩේට... :D

ටැන්කූ වේවා මේ පැත්තේ ආවාට සහෝ..

...........................................

විභාගේ හොදේ බලාගන්න වෙන්නේ ප්‍රථිඵල එනකොටම තමා දුමී සහෝ... ගැජමැටික්ස් එක නම් එල තමා! ස්තූතියි ආවාට මේ පැත්තේ....

...........................................

සංකල්පna සහෝ.. මම නිකමට වගේ ඒ වැඩේ ‍කරලා බැලුවා.. net connection එක disconnect වුනානේ... හිහ්.. මං හිතන්නේ එහෙම බැරිව ඇති.. කෝකටත් ඔයත් ට්‍රයි එකක් දාලා බලන්නකෝ... ;)

ටැන්කූ වේවා....

චතුවා said...

හසිත මලේ... දන්නවානේ ළමයා ගෙනාවොත් ඉතින්... බඩුම තමා!

ස්තූති වේවා!!

...........................................

පිස්සා සහෝ උන් වැරදි නැති පේපර් එකක් එවලා තියෙද්දී මං වැරදි උත්තර ලියලා සැකන්ඩ් වෙන්නේ මොකටෙයි කියලා ලියලා දැම්මා හරි උත්තරම.. =)) ළමයාට කෝප වුනා සිරාවටම වැරදි නැති නිසා.. හික්

ටැන්කූ ආවාට මේ පැත්තේ...

...........................................

ගීත් මල්ලී වෙන මොකක්ද ඉතින් උ.පෙ මිසක්!

තැන්කූ වේවා....

Anonymous said...

හප්පේ මේ ඉන්නෙ අපෙ ළමයා..හිහී මම ඒත් හිතුවා බ්ලොග් එක විබාගෙට යනකොට අරන් ගිහින් දාල ඇවිත් කියලා.විබාගෙ හොදට ලීවනෙ නේද ළමයො?හ්ම්...නැතුව බෑනෙ නේද?අර චිත්‍ර ඇදපුවට බෝල පාට කරපුවටත් කීයක් හරි ලකුණු ලැබෙයි.දුන්නෙ නැති වුනොත් මට කියන්න.
එහෙනම් ළමයො w3 ඉස්කෝලෙ වැඩත් හොදට කරගෙන යන්න.මම වගේ නැතුව.ජය වේවා...!!හිහී

චතුවා said...

අහ් දැන්ද මතක් වුනේ?????? මං මේ බලාගෙන බලාගෙන හිටියේ සොදුරු එනකම්.. :P

w3 ඉස්කෝලෙට අදත් යනවා... එන්න හොදේ...

C0de BlUe said...

w3 ඉස්කෝලේ වැඩෙත් එලටම කරගෙන යන්න , ජය !!!

චතුවා said...

කරගෙන යනවා සහෝ.... ස්තූතියි!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger