Sunday, August 8, 2010

හෙට විනෝද සමයේ ඇරඹුමයි!

අද මේ හදිසියේම ‍මේ ලියන්න හිතුවේ කියලා නිම කරන්න බැරි සතුටකින් ළමයා ඉන්න නිසා.. මේ සතුට බෙදා ගන්න තියෙන හැමෝම එක්ක බෙදාගන්න එකත් සතුට ඩබල් වෙන වැඩක්!

දැන් මේ සතුටට හේතුවත් කියන්න එපැයි නේ? නැත්තන් කෝමද වෙන්නේ... මේකයි.. අවුරුද්දක් පුරාවට පෙරුම්පුරාගෙන ආසාවෙන් බලාගෙන හිටි කාලය එළඹිලානේ ශිල්ප දක්වන්න.. වටේ යන්නේ නැතුව කෙලින්ම කිවුවොත් හෙට උසස් පෙළ විභාගය පටන් ගන්නවා බොල! හප්පේ මට තියන සංතෝසේ.......................

ඉතින් ‍කෑගැහුවට මට අදාල විශයන් වලින් පලවෙනියටම උත්තර ලියන්න තියෙන්නේ 16 වෙනිදා.. මම ඉතින් කලාකාරයා නොවැ.. ඉතින් තව සතියක් තියෙනවා.. මම නම් කැමතී මේ දැන්ම වුනත් ප්‍රශ්නපත්තරේ දුන්නොත් උත්තර ලියන්න...

ඉතින් හෙට විභාගය ඇරඹෙන සහ මේ පාර උසස් පෙලට පෙනීසිටින ළමයාගේ සියලු සයිබරයේ යාලුවෝ හැමෝටම සුබපතනවා.. හෙට ඉතින් මගේ බුදු පිට් එක සොදුරුසිතැත්තීටත් විභාගේ පටන්ගන්නවාලු. ඔයාටත් විශේෂයෙන් සුබපැතුම් මගෙන්!

එහෙනම් අගෝස්තු 28 වෙනිදායින් උදාවෙන නිදහස් නිවහල් ලෝකයේදී හමු වෙමු..෴


14 ප්‍රතිචාර:

වැප් said...

සියලු උසස් පෙළ ලියන දුවලා පුතාලාට ඉලක්ක ජය ගත හැකි විභාගයක් වේවායි එකසිතින් පතමී .........


එවාගේම අපේ ළමයටත් නිදහස් නිවහල් බ්ලොග් අවකාශයක් ඉක්මනින් උදා වේවා....

ළමයෝ මතක ඇතුව ප්‍රශ්ණ පත්‍රයේ වැරදි දෙක තුනක් හොයන් වරෙං කොල්ලෝ :D

Anonymous said...

හිහී පිට් එක කියන්ට සතුටුයි ඔයාට විභාගෙ පටන් ගන්නකොට මට විභාගෙන් 2/3ක්ම ඉවරයි...කොහොම හරි කමක් නෑ හොදට හොදට හොද........ටම ලියන්න ඔයාටත් හැකි වෙන්න ඕනි..!!

හසී said...

ලමයාට සුබ පතනවා හොඳින් විභාගෙට මූණ දෙන්නකෝ.ඒ වගේම හෙට උසස් පෙළ ලියන නංගිලා මල්ලිලා ඔක්කෝටමත් සුබ පතනවා!

පසන් Sid said...

lamayoo hodata exam liyanooo
wish u all da best..

චතුවා said...

වැප් සහෝ.. තැන්කූ වේවා... අනිවා වැරද්දක් දෙකක් අල්ලන් එන්නම්.. අපි කොරමු වැඩක්! හිහ් හී..

සොදුරුසිතැත්තී.. තැන්කූවේවා..

හසී අක්කා.. ස්තූතියි ගොඩාක්..

චතුවා said...

ස්තූතියි පසන් සහෝ......

Unknown said...

ලමයා හොදට විභාගෙ ලියන්න ඕන හොදද?සුභ පතනවා ඔයාටත් මේ පාර විභාගෙ කරන ඔක්කොටමත්

නිරහංකාර අහිංසකාවි said...

me matath onna man ma suba patha gannawa... man nan baya wela na hode...

චතුවා said...

පුබුදුවෝ මම පුලුවන් තරම් හොදින් කරන්න උත්සාහ කරනවෝ.. හිහ් හී.. ස්තූතියි!

නගෝ.. මොකෝ මේ නිකන් වයර්ලස් කතාවක් කියලා තියෙන්නේ? හිහ්.. මම දන්නවානේ ඉතින් ඔයානම් බය වෙලා නෑ කියලා.. නගාටත් සුබපැතුම් හොදේ.. හොදින් විභාගෙට මුහුණ දෙන්න...

Shadow/හේමලයා said...

Best of luck with the Exam......:D

චතුවා said...

Thank you very much bro! :)

C0de BlUe said...

good luck brother ~~~

Anonymous said...

එල එල ලමයෝ!!!! එකෙන්ම ගොඩ යන්න ලියහන් අයියෙ...ඔය ෆිට් එකෙන්ම එක්සෑම් එකත් ලියහන් කිසිම අවුලක් වෙන් නෑ....ජයවේවා

චතුවා said...

@Unknown_User/හිඟන්නා thank you very much broo...

හසිත මලේ.. බලමු බලමු... මං කීපාරක් කිවුවද අයියෝ මේ මගේ දෙවනි පාර කියලා.. තැන්කූ වේවා!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger