Thursday, April 29, 2010

මවකගේ උණුසුම නොලබා....





මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ//

හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
අපි දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ..
මා හට දී ඔයා.... ඈ සුර ලොව ගියා.....
සුර විමනක වැදී..... මගේ රන්කද නිදී....

තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ...
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙදම වුනේ
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ..

මා හට දී ඔයා... ඈ සුර ලොව ගියා.. //

ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට ම‍ගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ

සුර විමනක වැදී... මගෙ රන්කද නිදී... ///

(ගායනය කේ.සේන මහතා)


මේ සිංදුව බාගන්න ඕන නම්
මෙතැනින් ගන්න

6 ප්‍රතිචාර:

දුකා said...

මේ සින්දුව ඇහෙනකොට මගේ නම් හිත රිදෙනවා හොඳටම . . . හරිම ශෝකබර ගීතයක් . . ඒත් මේ තත්වයට මූන දෙන්න වුනු පියෙක්ට කොහොම දැනෙනවා ඇත්ද . . . අනේ මෙහෙම ලොකේ කිසි කෙනෙකුට නම් වෙන්න එපා .. .

freedom said...

මාත් ආස කරන තව දුර්ලභ ගීතයක්. ඔය ගීතය පටිගත කරල සතියකට පස්සෙ කේ.සේන මහත්තය මැරුණලු. ඔය එකම ගීතයලු. ඇත්ත බොරු දන්නෙ නෑ.

මම බස්1 යද්දි උන දෙයක්.
වයසක මනුස්සයෙක් බස් 1ට නැගල සින්දු කිව්ව. පරණ සින්දු. ඒ අතරෙ ඕකත් තිබුන. මිනිස්සු වැඩිය සල්ලි දුන්නෙ නෑ. ඊට පස්සෙ තරුණයෙක් ගොඩ උනා බස්1ට. කිව්ව බොහොමයක් 'මල්', 'පන්සල්' සින්දු. ඒ එක්කම පටිගත කරපු වාක්‍ය සෙට් 1. "අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ දන්න හැකියාවෙන් ගීත ගායනා කරල ඔබතුමාලගෙන් සල්ලි ඉල්ලන්නෙ හොර මැර ......" එයාට නම් මිනිස්සු සල්ලි දුන්න. ඇයි කියන1 ප්‍රශ්නයක්????

``` Outsider``` said...

නියම සිංදුවක්නෙ ළමය දාල තියෙන්නෙ. මේක හරියට හිතට වැදුණම ඇඩෙනව මිනිහෙක්ට. ඒතරම් සංවේදී ගායනයක්.

Anonymous said...

ලස්සන ගීනයක් ළමයා..මම අදමයි අැහුවෙ හිනට දැනුනා අහපු මුල් පාරම.බලාගන ගියාම ළමයා හොද ගීත රසිකයෙක් නොවැ..සුබ පතනවා..
ළමයා ඔන්න යාපනෙන් comment1.. :D :D

Unknown said...

මේ සිංදුව මම පොඩි කාලෙ අහල අඬල තියෙනවා. ඒත් ලඟදි හිතුන මේ ගැන බ්ලොග් එකක් ලියනවා ලියලා. හේතුව තමයි සමහර සංගීත කන්ඩායම් මේ සිංදුව කියලා තියෙනවා 6/8 beat එකට, Dance කරන්න. සිංදුවෙන් කියවෙන්නෙ මොකද්ද කියලවත් ඒ අය දන්නෙ නැහැ. මට හරිම තරහයි. ළමයට ගොඩක් ස්තූතියි මේ සිංදුව බ්ලොග් එකට දැම්මට.
සකුරා රේන්ජ් නොන්ස්ටොප් CD එකක් මේ නටන version එක තියෙනවා. අනේ මන්දා ලංකාවේ සමහර සංගීතකාරයෝ .......

චතුවා said...

ස්තූතියි දුකා සහෝ.. මේ සිංදුව අහපු පලවෙනි පාරම මටත් හුගත් හිතට දැනුනා

........................................................

freedom සහෝ.. මිනිස්සු සල්ලි දෙන්නේ සිංදුවට නෙවෙයි මම හිතන්නේ සිංදුව අවසානේ දාන පටිගත කළ වාක්‍ය සෙට් එකට.. එහෙම නැත්තන් මේ වගේ සිංදුවක් නොසළකා ඉදීද??

ස්තූතියි ඔයාටත්

........................................................

අනිවා මේක මාර විදියට හිතට වදින ගීතයක් සහෝ.. ස්තූතියි ``` Outsider``` ටත්.

.........................................................

මමත් මේ සිංදුව මුලින්ම ඇහුවේ මේ පෝස්ට් එක දාන දවසෙමයි සොදුරු සිතැත්තී. යාලුවෙක්ගේ උවමනාවට තමයි මම මේ සිදුව හොයලා බාගත්තේ.. හැබැයි ඇහුවම මට හුගක් හිතට දැනුනා...

යාපනේ ඉදලත් අපිව අමතක නොකළට ස්තූතියි හොදේ ;)

.........................................................

ස්ලෑෂ් අයියා ලියන්න හිතාගෙන හිටපු දේ ලියන්න. මම මේකෙ ලියලා තියෙන්නේ සිංදුවේ වචන ටික විතරයිනේ.. මම හිතන්නේ අපිට වඩා දෙයක් ඔයා දන්නවත් ඇති මේ ගැන.

ලංකාවේ සමහර සංගීත ශිල්පියෝ බුදුගුණ ගීත වුනත් නටන version එකට ගහන්න ලෑස්තීනේ. එයාලට ඕන crowd එක rock කරන්නනේ..හික්ස්.. පුලුවන්නම් ජාතික ගීයත් නටන version එකක් ගහලා නොන්ස්ටොප් වලට දායි..

ස්තූතියි ස්ලෑෂ් සහෝ....

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger