Sunday, April 25, 2010

වතුර ගැසුවෙම් දුවන අයට........

ලංකාවේ සිංහල ‍බ්ලොග් ලියන බොහෝදෙනෙක්ට වගේම කියවන බොහෝ දෙනෙක්ට වැදගත් දවස් නේ ඊයෙයි අදයි... මොකද බලොග් ලියන අයට අත් රිදෙනකන්, මොලේ රත් වෙනකන් එකසියගානට බ්ලොග් ලියන්නත් ඇස් රිදෙනකන්, මොලේ පිරිනකන් බ්ලොග් කියවන්නත් බ්ලොග් මැරතන් එක තිබුණානේ! ඔන්න කොහොම කොහොම හරි මම දැකපු පළමු වෙනි බ්ලොග් මැරතන් එක තමයි මේ...

සති ගානකට කලින් ඉදලා මම ලෑස්ති වුනා ඊයේ රෑ ‍බ්ලොග් මැරතන් දුවන අයට වතුර ගහන්න අවසර ගන්න, අපේ ගෙදර ලොකු නොනාගෙන්..... හිහ් හිහ්.... හරියටම කිවුවොත් අපේ අම්මාගෙන් ඊයේ රෑ නොනිදා ඉන්න අවසර ගන්න ගොඩාක් අමාරු වුනා. අන්තිමේ කරගන්නම දෙයක් නැති තැන අම්මාට වඩා ඉහල නිලයක් දරන (ගෘහ මූලික ධූරය) අප්පච්චීගෙන් අවසර අරගෙන වැඩේට සෙට් වුනා.. හැබැයි මම වතුර ගහන්න පටන් ගන්නකොට රෑ 9ටත් ලගයි....... මගේ තනි නොතනියට පාලු මකන්න මගෙත් එක්ක හිටියා මගේ හොදම යාලුවෙකුත් මූණුපොත හරහා.... ඒ තමයි සොදුරු සිතැත්තී.....

මම නිල වශයෙන් බ්ලොග් කියවන්න පටන් ගත්තේ රෑ 9ට...

මම මුලින්ම ගියේ TRIX HUNTER කියවන්න.. මැරතන් අස්සේම තිබුණු සමහර ඒවා අත්හදා බැලුවා...

ඊට පස්සේ බිගුනද අහන්න ගියා... ඒක තමයි මටනම් නියමෙටම අල්ලලා ගියේ... බිගුවා සහෝ කවි පෙත්තක් ගහලාද කියලා මිස්සක අහලා තිබුණා... හික්ස්... ලස්සන කවි ටිකක් ලියලා තිබුණා..... බිගුවා අයියා ලියලා තිබුණු ඒවාගෙන් මට ආසම හිතුනේ "ආලය කලෙමි... ආලය පුදමි..." කවට......

ඔහොම ඔහොම එක එක අයගේ බ්ලොග් කියවන ගමන්ම වතුර පාරකුත් ගහමින් පාන්දර 2 විතර වෙනකන් හිටියා...... ඒ අතරෙ බුද්ධි සහෝදරයා එක්කත් කලුවර අඩවියේ හොල්මන් ලොක්කා එක්කත් පොඩි පොඩි චැට් පාරක් මුණුපොතේදී දැම්මා...... කොහොම හරි 2 පහු වෙලා ටික වෙලාවක් යනකොට මම දොයි! හිහ් හිහ්..... ලබන පාර නම් මමත් දුවනවා.. අනිවා...

මෙන්න මගේ හිතට අල්ලපු තවත් බ්ලොග් 4ක් 5ක්......


මම ගොඩාක් බ්ලොග් කියෙවුවත් ඇතැම් ඒවා හොයගන්න දැන් අපහසු වුනා.... සමා වෙන්න....

අන්තිමට කියන්න තියෙන්නේ බ්ලොග් මරතන් දුවපු හැමෝටම මම සුභ පතනවා.. ඒ වගේම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්නත් ඕන..

8 ප්‍රතිචාර:

Unknown said...

නියම කොල්ලෙක්. මම වතුර ගහන්න පටන් ගත්තේ උදේ. . .

Missaka said...

:D හොඳ ළමයා

සහන් සටහන් said...

අනෙ ඇත්තමයි හරිම හොඳ ළමයා :)

Anonymous said...

හරිම හොද ළමයා...වතුර බාල්දියක් ළමයටත් තියාගෙන ඉන්න ඕනි

බිඟූ said...

මම දැන් තමා ඉස්සරලාම ගොඩ උනේ සයිබරයට....
තාමා සීතලයි.....
වැඩි විස්තර පසුව ලියමි.
ස්තුතිය වෙනුවෙන් ලිපියක්ම ලියමි.

/බිඟුවා...!

චතුවා said...

DJ Slash (ස්ලෑෂ්)උදේ වුණත් මොකද සහෝ... දුවන අයට වතුර ගහලා උදවු කලානේ.... එළකිරි....

.....................................................

මිස්සක නම් ඉතින් හොදට වතුර ගහනවා දැක්කා.... පස්සේ නානවා වගෙත් දැක්ක.... හික්ස්

.....................................................

සහන් සහෝ ස්තූති වේවා...

.....................................................
සොදුරු සිතැත්තී තැන්කූ වේවා... ලොකු බාල්දියක් හොයාගන්නකෝ එහෙනම්

.....................................................

බ්ගුවා සහෝ ඔන්න සුබ පැතුම්... එළකිරි කොල්ලෙක් ආ.......

Unknown said...

ළමයා ආපු පාර දිගේම ඔන්න මමත් ආවා ළමයා බලන්න... ළමයත් හිතන්නේ මාර දේවල් නොවැ..., අර කෙල්ලන්ට කියපු කතාවත් මරු ඈ... :)

චතුවා said...

නිසා සහෝ.... මම ආව පාර දිගේම කිවුවට තේරුනේ නෑ නේ... කමක් නෑ ආවනේ කොහොම හරි.. හිහ් හිහ්....

කෙල්ලන්ට ඔහොම කියලා මදිම මන්දා....

ස්තූතියි මේ පැත්තේ ආවට..

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger