Monday, April 12, 2010

කෙල්ලන්ට!

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න තව දවස් දෙකක් විතර තියෙන්නේ.. ගොඩාක් අය සතුටින් ඉන්න කාලයක් නේ.. හැබැයි ළමයා නම් ඉන්නේ හපාගෙන මැරෙන්න තරම් කෝපයකින්.. ඇත්තම කිවුවොත් තරහා පිට කරගන්නම බැරි තැන තමයි මම මේ ලියන්නේ..

මේ තරම් තරහකින් ඉන්නේ මොකද කියලා නේ දැන් ප්‍රශ්නේ.. හේතුව තමයි යාලුවෝ.. යාලුවො කිවුවට අද මම තරහින් ඉන්නේ කොලු යාලුවෝ නිසා නෙවෙයි.. කෙලි යාලුවෝ නිසා.. කොටින්ම කිවුවොත් කෙල්ලෝ නිසා..

අනේ මන්දා මේ ගැටිස්සියොන්ව කොහොම තේරුම් ගන්නද කියලා... එක එක වෙලාවට එක එක විදියයි.. හරියට ටෙලි නාට්‍ය නිළි රැජිනියෝ වගේ... මේ දැන් කියන දේ තව විනාඩි පහක් විතර යනකොට අනික් පැත්ත ගහලා වෙන චරිතයක්...

ඔන්න එක වෙලාවකට කියනවා "ඔයා තමයි මගේ ජීවිතයේ හම්බ වුණ හොදම යාලුවා" කියලා.. ටික දවසකින් කියනවා "තමුසේ වගේ යාලුවෙක් නම්.... මට ඕනම නෑ" කියලා.. (මේ වගේ අවස්ථාවක් නම් මට උදා වුනේ නෑ තවම.. හැබැයි උදා වුනොත් නම් මම කලබල වෙන්නේ, තරහා වෙන්නේ නෑ. මොකද මේක උපතින්ම කෙල්ලොන්ට එන අවුලක් කියලා මට හිතෙන නිසා...) එක වචනයක් නැති කෙල්ලෝ නම් දැන් බොහොමයි වගේ මට හිතෙන්නේ..

මට මේ මල පැනලා ඉන්නේ කෙල්ලොන්ගේ වෙනත් කලාවක් නිසා.......ඔන්න මෙතනින් එහාට කියවන, තොප්පිය හරියට සෙට්වෙන දෙන්නෙක් තුන්දෙනෙක් ගේ හිත පොඩ්ඩක් රිදෙයි.. මම සමාව ඉල්ලන්නේ නෑ!

කෙල්ලෝ ගැන මගේ හිතේ හිර කරගෙන අගුලු දාලා තිබුණු අදහස් ආයෙත් එළියට එන්න ම‍ග පෑදුනේ මගේ හොදම යෙහෙලියක් වෙලා හිටිය කෙනෙක්ගේ ක්‍රියාකාලාපය නිසා. මම මීට කාලෙකට කලින් මගේ හොදම හොද....ම යාලුවා විදියට තෝරා පත් කරගෙන හිටියේ කෙල්ලෙක්ව.. හරියටම කිවුවොත් අක්කා කෙනෙක්. මගේ ගොඩාක් දේවල් එයා එක්ක බෙදා ගත්තත් එයා නම් එහෙම කලේ නෑ.. ඒ දවස් වල මට ඒක හිතට දුකක් වුනත් දැන්න නම් හොදයි කියලා හිතෙනවා.. කොහොම හරි....... මට මේ අක්කා ගැන තියෙන හොදම මතකය තමයි එයාට උදවුවක් ඕන වුනාම මාව මුරුංගා අතතේ තියන විදිය...

"පැටියෝ ඔයා මොකද කරන්නේ?? අනේ මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද? ලොකූ හදිස්සියක් Dear.... මම දන්නවා ඔයා මට මේ වැඩේ කරලා ‍දෙනවා කියලා. අනේ මට ක්ලාස් එකේ වැඩක් කරන්න දුන්නා.. අනික් ක්ලාස් එකේ වැඩ නිසා කරන්න වෙලාවක් නෑ... අනේ කරලා දෙන්කෝ........plzzz"

ඉතින් දෙයියනේ කොහොම බෑ කියන්නද?? නිදි මරාගෙන රෑ තිස්සේ කරලා දෙනවා... හැබැයි වැඩේ කරලා දුන්නට පස්සේ අපරාදෙ කියන්න බෑ ස්තූතියත් නියමෙටම කරනවා.. හැබැයි දවසක් දෙකක් ගියාට පස්සේ.......... ඔක්කම ඉවරයි.... අඩුම තරමේ මම කරලා දුන්න වැඩේ හරිද අහන්නවත් කථා කරාට ගණන් ගන්නේවත් නෑ.... ඔන්න ඒ යාලුකම දැන් ටික ටික අඩුවෙලා දැන්නම් යාලුකමක් නැති ගානටම ඇවිත්. ඔය කියන අක්කා නිසා මම කෙල්ලෝ ගැන පොදුවේ හිතාගෙන හිටියා ගොඩාක් දේවල්.. කොහොම හරි ඒ හිතාගෙන හිටි දේවල් හිත ඇතුලේම තියාගෙන ඉන්නකොට මට මොන කරුමයක් නිසාද මන්දා ආයෙත් හොද යාලුවෙක් විදියට කෙල්ලෙක් ම සෙට් වුනා.. හෆොයි!!

දැන් ඔය හම්බ වුනා කිවුව අලුත් යාලුවත් කලින් කිවුව යාලුවාට දෙවෙනි නෑ වගේ!! රෑ වැටුනු වලේ දවාලේද නොවැටෙමි යන පරම පිවිතුරු චේතනාවෙන් තමයි මම දැන්නම් යාලුවාව ආශ්‍රය කරන්නේ..

කොහොමත් මම දැන් හැම කෙල්ලම එකම මිම්මෙන් මනින්නේ.. අසාධාරනයිනේ?

අවසානයේ මට කියන්න තියෙන්නේ මම මේක ලිවුවේ මම කළ දේ වලට මටත් කළගුණ සලකපිය කියන්න නෙවෙයි.. යාලුවෙක් ආශ්‍රය කරන එක තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ම කරන්න එ‍පෝ කියලා, විශේෂයෙන්ම කෙල්ලන්ට කියන්න.(සමහර කොල්ලන්ටත් එක්ක)

14 ප්‍රතිචාර:

nUwA said...

ehema nam e yaluwek neme banz...mokada yaluwanwa ashraya karanne awashyatha walata nemeine...:D

Anonymous said...

ඇත්ත ඇත්ත හැම කෙල්ලෙක්ම එකම මිම්මෙන් මනින්න එපා..... අනික කෙල්ලෙක් නිසා ඔහොම වෙන්නේ කොල්ලන්ට විතරක් නෙවී.... සමනලී මේ ඒ වගේ අය නිසා හිත රිදවගත්ත අත්දැකීමෙන් කියන්නේ, ඒ වාගේ අය කොල්ලන්ටත් කෙල්ලන්ටත් දෙපිරිසටම සලකන්නේ එකම විදියට.... ඒත් එක පාරයි ජීවිතේ එහෙම කෙනෙක්ට රැවටෙන්නේත් ඒ කෙනා නිසා රිදවගන්නෙත්.....

Roshanherath said...

හැමෝවම එකම මිම්මෙන් මනින්න එපා යාලුවා...
එකම මිම්මෙන් හැමෝවම මැන්නෙ අපරාදෙ කියලා තේරෙනකොට පරක්කු වැඩි වෙන්න පුලුවනි. ඒ නිසා යමක් ගොඩදෙනෙක්ට අදාල කරගද්දි පරිස්සම් වෙන්න.


ඔබ කියන විදියෙ කෙල්ලො වගේම කොල්ලොත් ඉන්නවා. ඒ වගේ අයව හරියට අදුරගෙන ගැලපෙන විදියට ආශ්‍රය කරන්න. මිනිස් සම්බන්ධතා කියන දේවල් අපිට අත්‍යාවශ්‍යයි. හොඳ යාලුවො වගේම අපිට නරක යාලුවොත් ඉන්න ඕන. එතකොටයි ජීවිතේ ඒකාකාරී බව නැතිවෙලා අපි සමාජයට නිවැදිව හැඩගැහෙන්නෙ.

Roshanherath said...

!නිවැදිව-- නිවැරදිව
ලෙස නිවැරදි විය යුතුය..

චතුවා said...

@nUwA
අනේ මන්දා මචෝ... මටත් තේරුම් ගන්න බැරුවයි ඉන්නේ..

@පුංචි සමනලී
හැම කෙල්ලම ‍එකම මිම්මෙන් මනින එක වැරදී කියලා මම දන්නවා.. ඒත් සමනලී මට හම්බ වෙන හැම කෙලි යාලුවම මේ වගේනේ! මගේ වරදක්ද මන්දා..

@රොෂාන් සහෝ
ඔයාගේ කථාව මම 100% අනුමත කරනවා.. මිනිස් සම්බන්ධතා නැතිව අපිට ජීවත් වෙන්න බෑ වගේමයි මම ‍කිවුව වගේ දේවල්‍ වෙනකොට ගොඩාක් හිත රිදෙනවා!

ස්තූතියි නුවා,පුංචි සමනලී,රොෂාන්

හා පැටික්කි (MS) said...

කෙල්ලො වෙච්චි අපිටවත් තේරුම් ගන්න බැරි යෙහෙළියෝ ඉන්න එකේ ඔයාල කොහොම තේරුම් ගන්නද.......

හැම කෙනෙක් ගැනම එකම මිම්මෙන් මනින්න එපා.. රොශාන් කිව්දේ තමා එතකොට වෙන්නේ. හොඳම දේ අතේ දුර හෝ ඊට ටිකක් දුරින්...

අපිට එහෙම බැරි උනත් අපේ හිත් බේරගන්න ඒක කරන්න වෙනව කියලයි හා පැටික්කිට නම් හිතෙන්නේ.......

Supun Sudaraka said...

හ්ම් හ්ම්... ගෑනු ළමයි හරි සංකීර්ණයි...

හෙළයා said...

යහළුකමක් කියන දේ දෙපැත්තෙන්මතියෙන්න ඕනෙනේ සහෝදරයා. එහෙම නැති යහළුකමකින් වැඩක් නෑ.
ඔය කියන විදිහේ සම්බන්ධතා ගැන මටත් අත්දැකීම් තියෙනවා. ඒක ඇත්ත...

පොදි ලමයා said...

හලෙ පිට් එක ඔයාට මොලාඩ උලෙ? තලහ ගල්ල එපා, ලොකු වතුල වීඩුලුවක් බොල්ල එතකොට අලියයි,ගෑලු ඔමතමඉ,ගලල් ගල්ල එපා,පෙල් බුක් එකෙ මත ඉල්ල බෑ, ඇබඉ ඔයාලත කලඩලයක් උලාම පොදියා ඉල්ලවාඅලිය..
මගෙ පිට් එකටඉ , ඔක්කොමලාතඉ,අබ යාලුකල් වැදිවෙල සුබම සුබ, අලුත් අවුලුඩ්ඩක් වෙල්ල ඔලෙ,අලිය..........

kumaraya said...

ඔයා කියන එක හරි. මගෙත් ඒ වගෙ යාලුවෙක් හිටියා.. හරිම ආත්මාර්ථකාමියි. එයාගෙ වැඩේ කරගන්නකම් විතරයි. මටත් කාලයක් යනතුරු ඒක තේරුම් ගන්න බැරි වුණා.
අන්තිමේදි එයා හැමදේම මුදල් වලින්ම මනින්න පටන් ගත්තා. මෙයාලව තේරුම් ගන්න හරි අමාරුයි.

Madhuranga Rathnayake said...

ලේ ඥාතී නොවන සියල්ලන් රියන් කිහිපයක් ඈත සිට ආශ්‍රය කරනු෴

චතුවා said...

හම්මේ අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි! මම හිතුවේ බඩ පිරෙන්න බැණුම් අහන්නවත් වෙයිද කියලා..

හැබැයි ඔන්න තොප්පිය දාගත්ත කෙනෙක් මගෙත් එක්ක තරහත් වෙලා....
.................................................
"කෙල්ලො වෙච්චි අපිටවත් තේරුම් ගන්න බැරි යෙහෙළියෝ ඉන්න එකේ ඔයාල කොහොම තේරුම් ගන්නද......."

හෆොයි ඇත්ත! හරියටම හරි
ස්තූතියි හා පැටික්කී..
.................................................

ගෑණු මේ තරම් සංකීර්ණ වුන එක අපිට තමා පාඩු නේද Supun සහෝ? මොක කොරන්නද ඉතින්... ස්තූතියි Supun මිත්‍රයා
..................................................

හෙළයා කියන දේත් ඇත්ත. හැබැයි සීමාවක් තියෙන්නත් ඕන නේද? ස්තූතියි හෙළයා සහෝ.
..................................................

හලේ තැන්කූ පිට් එක.. ඔයා ඉතින් මගේ වැලි කෙලියේ පටන් පෙම් කෙලිය දක්වාම යාලුවානේ!!

ස්තූතියි පොදි ලමයෝ
...................................................

කුමාරයාට වුණු වැඩේ තමයි දෙයියනේ මටත් වුනේ! මටත් තේරුම් ගන්න ගොඩක් කල් ගියා...

ස්තූතියි සහෝ
...................................................

Madhuranga Rathnayake කියපු කථාවනම් කොලේක ලියලා කමරේ බිත්තියේ ගහගන්න හිතෙනවා.....

ස්තූතියි සහෝදරයා

නිරහංකාර අහිංසකාවි said...

මම මේකට මුකුත් කියන් නෑ ලමයෝ... දන්නවද, මගේ උසස් පෙළ ජීවිතේ මට ගැහැණු යාලුවො හිටියේ එක්කෙනයි.එයත් මේ ලගදි මුහුනු පොත නිසා මාත් එක්ක තරහ උනා... අනේ මන්ද... මට ගොඩක්ම ඉන්නේ පිරිමි යාලුවො. ඒත් ළමයො මට නම් ඔය තොප්පිය හරි යන් නෑ. මොකද මගේ හොදම යාලුව නිස මම ගොඩක් සතුටින් ඒ වගේම ගොඩක් දුකින් හිටපු කෙනෙක්... ඒත් මගේ හොදම යාලුවත් පිරිමි යාලුවෙක්... අදටත් ඒ යාලුකමට මම ගොඩක් ආදරෙයි...

චතුවා said...

මටත් නම් ඉන්න තරමක් ඉන්නේ ගැහැණු යාලුවෝ.. පිරිම යාලුවන්ටත් වඩා ඉන්නවා මං හිතන්නේ.... ඒ වුනාට දෙතුන්දෙනෙක් කරන දේ නිසා මම දැන් ගැහැණු යාලුවෝ ගොඩදෙනෙක්ගෙන් ඈත්වෙලා ඉන්නේ.. එක්කෙනෙක් හැර.. "එයා නම් එසේ නොවේ"කියලා හිතනවා.. මේක කියවලා මට අනංමනං කිවුවත් එක්ක..

මං මේක කියන්නේ හැමෝටම නෙවෙයි.. මේ වගේ වැඩ කරන කරපු අයට

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger