Wednesday, March 31, 2010

මගේ නරකම නරක සුරංගනාවිය....

මම කොයිතරම් ආදරේ කළත්,මට ගොඩාක් රිද්දන,මට පොඩ්ඩක්වත් ආදරේ නැති,මම කොයිතරම් හොයා බැලුවත්..මට කොහොමදවත් අහන්නේ නැති..නරකම නරකමගේම පුංචි සුරංගනාවියේ....ඇයි මම තවමත්.. මේ තරමටම........ඔයාට ආදරේ??????කියා දෙන්න මට..........දැන්වත්......

Sunday, March 28, 2010

ඔබේ සිනා ලග.....

ඔබේ සිනා ලග නෙත නැවතුනු දාඔබේ කථා ලග සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි//මේ ලෝ තලයේ......ඔබේ සිනා ලග නෙත නැවතුනු දා......කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්කුමටද ආදරයේ ‍පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්..ඉමක් කොනක් නැති අ‍කාසේ තරු පායා එනසේමා...ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා.. ඔබේ සිනා ලග නෙත නැවතුනු දා......මේ සිංදුවේ ගුණදොස් කියන්න මම දස්සයෙක් නෙවෙයි.. ලගකදී ඉදලා මම ගොඩාක්ම ආස සිංදුවක්.. මම වගේම තවත් ගොඩාක් අය මේ සිංදුවට කැමති ඇති.. ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහ මහත්මයා. සිංදුව බාගන්න ඕන අය මෙතනින් ගන්...

Saturday, March 27, 2010

සිතුනිද ඔබට??

රන්වන් හිරු එළිය.. දිදුලන සිතිජ ඉම... සුන්දරද දකින්නට... සොදුරු මේ මොහොත.. නමුත්............. සිතුනාද ඔබට කවදාවත්ම.. දකිනා පෙරනිමිති සුභ වුවද.. එළඹෙනා නවමු හොරාව.. ගෙනෙනා බව ලොවටම.. මහා ඝණ අදුර.........

Friday, March 26, 2010

මං දැන් දන්නවා....

හීන් සීරුවේ හිත් පොඩියට එබී බලා සීත හැන්දෑවේ ලගට තුරුලු වෙලා ආදරේ කිය කියා අහස දිහා බල බලා ඉන්න තිබුනා නම් ඒත්......... තියන ආඩම්බර කමක තරම නොදැක්කා වගේ හොරහින් බලා අහක බලං ගිය හැටි කමක් නෑ කොච්චර අහක බැලුවත් ඔය හිත් පොඩිය ඇතුලේ මං වෙනුවෙන් පුංචිම හරි ඉඩක් තියනවා කියලා මං දැන් දන්නවා...............

Wednesday, March 24, 2010

හොරු පැනලාද?

අනේ දෙවියනේ මට වුන වියෝයා.....මගේ comments හොරු අරගෙන ගියෝයා... මාර වැඩක් මට වෙලා තියෙන්නේ... මම ඊයේ මගේ බ්ලොග් අච්චාරුව අලුත් බෝතලේකට දැම්මා.. ඒ කියන්නේ මගේ බ්ලොග් එකට අලුත් template එකක් දැම්මා... දැම්මාම තමයි... එක ඇතුලේ හොරෙක් ඉදලද කොහෙද... මගේ ස‍ටහන් වලට තිබුණු ඔක්කම comments නැති වෙලා... සිස්... මාර දුකයි වැඩේ.. මගේ බ්ලොග් සටහන් වලට comments දාපු සහෝදර සහෝදරියෝ ඔක්කලාම මට සාමා වෙන්න ඕනේ......... නැවත මෙවන් අතපසුවීම් නොවීමට වග බලා ගන්නා බවට දිවුරා පොරොන්දු වෙමි.... කවුරු හරි දන්නවා නම් ඒ comments ආය ගන්න විදියක් කියලාම යන්න......

Tuesday, March 23, 2010

ඔබෙන් එක මොහොතක් මට දෙන්න......

ආද‍රේ.. පිනි පොද වැස්සේ..පෙම්වතුන්ගේ රිද්මයට......ආදරයේ පියවර තියන්නට.....ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්නසිහිල් සුළං රැල් මට විදින්න....ඔබෙන් එක මොහොතක් මට දෙන්න //හිත පුරා ඔබව දකින්න...හිත පුරා ඔබව විදින්න.....නිදන තුරා ඔබව නලවන්න.....ඔබෙන් එක මොහොතක් මට දෙන්න //ආදරේ කුලුදුල් රාත්‍රියේ.....සුළගට මුසුකළ හාදුව.....දෙතොලේ සිහිවටනය කරගන්න..රිද්මය නැති ජීවිතයට පණ පොවන්න....ළයට තුරුලු කරගෙන ආදරෙ කොදුරන්න..ඔබෙන් එක මොහොතක් මට දෙන්න //හ්ම්.... මගේ හිතට දැනුන සිංදුවක්.... අහලා බලන්න.....බාගන්න ඕනේනම් මෙන්න(තිළින ධනුෂ...

Friday, March 19, 2010

ඉරඋඩ රේඩියෝ....

හලෝ යාලුවනේ.................. මගේ බ්ලොග් අච්චාරුව පැත්තට ආව අය සාදරයෙන් පිළිගන්නවා. අනංමනං කිය කියා ඉදලා අද මම කියන්න යන්නේ මට හම්බ වුන පොඩිපහේ මෘදුකාංගයක් ගැන. මේකෙන් කෙරෙන්නේ ඉරඋඩ ගුවන් විදුලිය (Online radio) අහන එක. Screamer Radio තමයි නම. ලෝකය පුරා විකාශය වෙන ගුවන් විදුලි නාලිකා 100ට වැඩි ප්‍රමාණයක් මේ මෘදුකාංගය මගින් අහන්න පුලුවන්. ලංකාවේ නාලිකාත් දෙක තුනක් තියනවා. හැබැයි ලංකාවේ අනිත් සමහර වැඩ වගේම තමයි.... හරියට වැඩ කරන්නේ නෑ...වැඩි කථා ඕන නෑ.. වැඩිය මේක ගැන කියන්න දෙයකුත් නෑ.. 1.61mb ක් විතරයි. ඔන්න එහෙනම් බාගන්නකෝ ඒකත් එක්කම මම අද...

Thursday, March 18, 2010

ඊ ලියුම් ඉස්සරහට කිරීම..

ඊ ලියුන් ඉස්සරහට (Forward කිරීම) යැවීම අද වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ වැඩක් නේ. උදාහරණයකය කිවුවොත් හොද ළමයා ලස්සන පිංතූර තියන ඊ ලියුමක් ළමයාට එවනවා. ඔය ලියුම උඩින් පල්ලෙන් බලන ළමයා හැරෙන තැපෑලෙන් ඕක නරක ළමයාට ඉස්සරහට කරනවා. ඕක ගොඩක් අය කරන දෙයක් නේ. අපි ඔය ඉස්සරහට දාන ලියුන් වල තියන දේ ගැන ටිකක් හිතලා බැලුවාද? ඕවාගේ තියන දේවල් ගැන? මට මේ ලගදී ඊ ලියුමක් ආවා ඔන්න ඔය මාතෘකාව ගැන පොඩි විස්තරයකුත් එක්ක. මම කියන්න යන්නේ ඒකෙන් උපුටා ගත්ත කරුණු ටිකක්. මම ඒකේ තියන වචන ටිකම කියන්නම් කෝ...... "සුද්දන්ට කොහේ හරි කෙල වුනාම ඒක වහගන්න මොකක් හරි ලඩ්ඩක් මවලා එවනවා....

Tuesday, March 9, 2010

නැතුව නැතුව..........

ටික දවසකට පස්සේ ඔන්න. විදේශීය කුමන්ත්‍රණයක් නිසා මගේ අන්තර්ජාල සබදතාව බිද වැටිලා තිබුණේ. ඊයේ තමා යන්තන් හදාගත්තේ. කොහොම හරි අනංමනං ලිය ලියා හිටපු මට අද උදේ බාගෙට නැගිටිනකොටම හීනෙන් වගේ පොඩි කථාවක් මතක් වුණා. අනේ මන්දා ලියන්න හොද කථාවක්ද කියලා. අහන්න ලැබුනේ සා/පෙ ට අහුවෙලා හිටපු කාලේ. කිවුවේ කවුද මතක නම් නෑ. දන්නවනේ ඔය කාලේ අහන්න ලැබෙන කථා වල තරම. ඔන්න එහෙනම් මම කියනවා හරිද... ඔන්න ටිකක් නගරයෙන් ඈත තිබුණලු ගමක්. ඔය ගමේ ටිකක් පාලු තැනක තිබුණලු ගෙයක්. ගෙදර ලග වෙන ගෙවල් තිබුණා ද කියලා නම් මතක නෑ. තියෙන්න නැතුව ඇති. කොහොම හරි ඔය ගෙදර හිටියාලු වයසක් අත්තම්මා කෙනෙකුයි, එයාගේ දුවයි, මිණීබිරියයි. ...

Wednesday, March 3, 2010

ලැජ්ජයි, දුකයි!!

මේ දවස් වල පරණ CD එකක් ආයෙත් play වෙන්න පටන් අරගෙන. ජනාධිපතිවරණයේදී සුවිශේෂි කාර්යයක් කළ මේ CDඑක ආය වැඩට බැහැල තියෙන්නේ මහ මැතිවරණයට.. CD එක තමයි "අපි යුද්ධය අවසන් කළා" කියන එක.. ඇත්ත. අපිටත් හරිම සතුටුයි. මම අද කියන්න යන්නේ දේශපාලනය ගැනවත් යුද්ධය ගැනවත් නෙවෙයි. ඔය ඉවර කළ යුද්ධ‍යේ ඉතිරි වුනු වෙනත්ම ආකාරයේ කුණු ගොඩක් ගැන. ඒ තමයි යුද්ධය පවති කාලයෙත්, පසුවත් අන්තර්ජාලයට එක් වු ශ්‍රී ලංකාවට විරුද්ධ, කොටි හිතවාදීන්ගේ විවිධ වීඩියෝ ගැන. මේ දවස් වල ලංකාවේ විශේෂ පිරිසක් අන්තර්ජාලය ගැන අවධානයෙන් ඉන්නවාලු. රජයට විරුද්ධව වැඩ කරන අය අල්ලන්න. මමත් කැමතීයි ඒකට. කොහොම වුනත් ඔය වගේ අයගේ අවධානය යොමු වෙන්න...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger