Saturday, January 19, 2019

තවමත්

පුදුමයි, ඒ කාලය තවමත් දැනෙන ඒ මිතුරුකම පුදුමයි, උඹ ගැන මතකය තවමත් සිතේ සැරිසරන පුදුමයි, උඹේ ආලය තවමත් මගේ හදවත සනසවන පුදුමයි, උ⁣ඹේ උණුහුම තවමත් සොයන මගේ ගත පුදුමයි, ඒ හැමදේම තවමත් මම උඹට පෙම් බඳින පුදුමයි, යන්නම ගිය උඹේ ළඟ තවමත් මගේ හදවත සැනසෙන රඟ ...

Saturday, January 23, 2016

හිමි පෙම සහ අහිමි පෙම

ජීවිතයට සුවඳ දුන් නුඹේ අහිමි පෙම ජීවිතය හැඩ කල ඇගේ හිමි පෙම වහං කරනු බැරි වූ මා නුඹට බැඳි පෙම හිමි පෙම් යදමින් බැඳී සිරකර විඳිමි ඇගේ පෙම විඳවමින් ඔබේ පෙම අයා දෑස් අනාගතයට සිටිමි දෙලොවක් අතර තනිවෙලා මම නිසල රැයට සිහින ගෙනෙනා නුඹේ පෙම සිහින බිඳිමින් වදන් තෙපලනා ඇගේ පෙම සිතට නිවනක් නොදෙන මගේ පෙම සොයයි ආදරයේ වැරදුන අපේ මග රිදවමින් හඬවමින් මගේ හදවත අහිමි වුව නුඹේ පෙම මට හිමි වුව ඇගේ පෙම මට මගේ හදවත කොනක රැඳුනු නුඹ ලබයි මගේ පෙම සදාකල් සිත තුල ප.ලි I: වයර් වු මගේ වදන් මෙව්වා පෙල කියවා නුඹේ සිත වයර් වූ කල නොතැවෙන් මම සේ නුඹ නුඹයි රැජිණිය මගේ සිත තුල ඇයයි රැජිණිය මගේ දිවිය ත...

Friday, May 16, 2014

Just විකාර!

කෙනෙක් ආදරේ කරන්න ඕන මුලු ජීවිතේටම එකම කෙනෙක්ට විතරමයි කියලා නීති පොතකවත් අඩුම තරමින් ජීවිත පොතේවත් ලියවිලා නෑ. ඒ වුනාට එකම කෙනෙක් මුලු ජීවිතයම කරගත්තු අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ ආදරේ සමහර අයට අයිති වෙලා ඇති. තවත් අයට අහිමි වෙලා ඇති. ඒ ආදරේ හිමි වෙලා තියෙන අය සතුටු වෙනකොට අහිමි වුන අය දුක් වෙනවා ඇති.. එතකොට කවුරු හරි කෙනෙක් ආදරයක් අහිමි වෙලා දුක්වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තොත්... එහෙම ආදර කතා මේ ලෝකේ අනන්තවත් ඇති.. එහෙම ආදරයක තියෙන්නේ දුකක්ද සතුටක්ද කියලා වෙන් කරලා හොයාගන්න කොයි තරම් අමාරුද කියලා එහෙම ආදරේක පැටලුණු අය දන්නවා ඇති. එහෙම අමාරුවක පැටලිලා උන්නු කාලයක් මටත් තිබුණා.. ඒ අවුල තව...

Tuesday, April 10, 2012

හීනයකට පසුවදනක්..

ඔව්..! ඒක හීනයක්.. ලස්සනම ලස්සන හැබැයි  නපුරම නපුරු.. ඒ ලස්සන වින්ඳා වගේම ඒ නපුරු බව විඳෙව්වෙත් ඒ ලස්සන හදාගත්තු, ඒ නපුරු බව මවාගත්තු, අපිම නේද? හිතාගන්න බැරි තරමටම  අපිටත් හොරෙන්ම ඒ හීනය අපෙන් ඈතට යනකොට අසරණ වුන පොඩි පැටව් දෙන්නෙක් වගේ අපි තාම බලාගෙන ඉන්නවා.. කරන්න කිසිම දෙයක් නැතිව අඬාගන්නවත් කඳුලු නැති ඇස්වලින්.. මේ මේ මේ.... උඹට හිතුනෙම නැද්ද මෝඩියේ... ඒක හීනයක් විතරයි කියලා? අපි හදාගනිමු, අපේම ලෝකයක්.. ඒ හීන වලින් මිදිලා.. කාටවත්, කොහොමවත් විනාස කරන්න බැරි, ලස්සනම ලස්සන,  නපුරුකමත්  අඩුත්...

Saturday, October 8, 2011

අපි නම් ඉතින් මතට තිත තියලා.. අපි නිදහස්.. !

ඉස්සර වගේ නෙවේ දැන්... සාපේක්ෂව ගත්තාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණ පිරිස බොහෝම අඩුයි වගේ පේ‍න්නේ! ඒකෙත් ඇති වරදකුත් නෑ. අපේ අප්පච්චී කියන විදියටනම් අප්පච්චී තරුණ කාලේදී සිගරට් එකක් කටේ ගහගෙන පාරෙ යන මනුස්සයා හෙන "පොරක්" ලු.! සිගරට් එකක් කටේ තියාගත්ත කොල්ලොන්ට කෙල්ලොත් හෙන ලයික් ලු ඒ කාලේ..  මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු මැඩම් දවසක් ඔය මත්ද්‍රව්‍ය ගැන කිය කියා ඉදලා අන්තීමේටම කිව්වා "කොල්ලනේ... උඹලට බීඩියක්, සිගරට් එකක් බීලා බලන්නම ආසයි නම් අම්මා තාත්තාට කියන්න ඒ ආසාව. අම්මා තාත්තා ඉස්සරහා බීලා බලන්න" කියලා. ඕක අප්පච්චීට කියන්න...

Monday, July 25, 2011

ආ...... හෙට මට exam එකක්ද?

BIS FINAL EXAM දවසේ හවස.. මම - මචං.. ෆට්ට චාටර් බං පේපර් එක... රිපීට් තමා.. ඊළඟ එක එලට පාඩම් කරලා දාගමු බං.. යාලු‍වා - අනිවා මචං.. සිරාවට පාඩම් කරමු.. පුලුවන් වෙලාවට සෙට් වෙලා කුප්පියක් දාමු.. ඊට පස්සේ දවසේ.. යාලුවෙක් - මචං exam 26 නේ.. තව සති දෙකක් විතර තියෙනවා.. ගහමු බං මැච් එකක්.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. මැච් එක දවසේ හවස.. අයියා කෙනෙක් - යකෝ තොපි පාඩම් කරමු කිවුවා නේද? කරන්නේ නැද්ද? මම - කරමු කරමු අයියා.. තව කල් තියෙනවානේ... සතියකට පසු... මම - Java Past papers ගන්නෝනි බං.. සල්ලි නෑ.. යාලුවා...

Sunday, July 24, 2011

අනඟ බඹරාට ළමයාගෙන් මෙව්වා එකක්..

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ දී අපට දක්නට ලැබෙන ඉතාමත් කාලීන ලෙස ලියැවුණු ගීතයක් ලෙස, වර්ථමානයේදී බොහේ දෙනෙකුගේ සිත්ගත් ගායකයෙකු වන දුෂාන් ජයතිලක මහතා ගායනා කරනු ලබ "අනඟ බඹරා" ගීතය පෙන්වාදිය හැකිය. වර්ථමාන සමාජයේ බොහෝමයක් තරුණයන්ගේ ජීවන රටාවේ එක් පැතිකඩක් අලලා නිර්මාණය කරන ලද මෙම ගීතය "මතකයන්" නම් වූ ගීත ඇල්බමයට ඇතුලත් කර තිබෙණුයේ ඇතැම් විට දුෂාන් ජයතිලක මහතාද මෙම "අනඟ බඹරා" නම් ලේබලයට අයත් වූවෙකු වන නිසා ද විය හැකිය. සියුම් හාස්‍යයක් මෙන්ම තරුණියන් කෙරෙහි ව්‍යංගයෙන් කිසියම් පණිවුඩයක් ලබා දීමට සමත් ගීතයක් ලෙසද මෙම ගීතය සැළකිය හැකිය..  ...

Saturday, July 23, 2011

ළමයත් ඡන්දේ දැම්මාලු..!

අද ඉතින් මං ළමයාට මාර සතුටු දවසක්ලු.. අවුරුදු 20ක්ම බලාන ඉන්න වුනානේ ඡන්දේ කියන එක පාවිච්චි කරන්න.. ඔන්න ඉතින් අද ඒක කෝම හරි කරලා දැම්මා.. ඉතින් දැන් ප්‍රාදේශීය සභා ඡන්දෙට ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ගම්පලාතෙම පොරවල්නේ.. අද ඉතින් උදේ පාන්දර අටට නවයට විතර නැගිටලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා දහයට විතර ඡන්දේ දාන්න කියලා ඡන්දපොලට ගියා.. ඔන්න යනකොට ඉන්නවා දැකලා පුරුදු මූණක්.. මේ දවස් වල ඉතින් කොයි ඡන්ද අපේක්ෂකයාගේ මූණද දැකලා පුරුදු නැත්තේ.. පොල්ගහක් බැලුවොත් ඒකෙත් ඉන්නවා.. ලයිට් කණුවක් බැලුවොත් ඒකෙත් මේ මිනිස්සු ඉන්නවානේ.. කෝම හරි ඉතින් ටිකක් ලංවෙලා...

Wednesday, May 25, 2011

අපි මෙහෙමයි ගෲප් ප්‍රොජෙක්ට් කරන්නේ..

දවසක්... ගුරා - Internet technology කරපු පාඩම අදින් ඉවරයි.. දැන් ඔයාලා කැමති Organization එකක් අරගෙන ඒකට ගැලපෙන website එකක් හදන්න. මේ පාඩම් වල තිබ්බ ඔක්කම cover වෙලා තියෙන්න ඕනේ.. Project එකට කැමති යාලුවෝ 4 දෙනෙක් එකතු වෙන්න. සතියක් ඇතුලත වැඩේ කරලා තියෙන්න ඕනේ. Final exam එකට මේකෙන් ලකුණු 40ක් දෙනවා.. එදා හවස මම - මචං කොටා උඹ වරෙන් අපේ ගෲප් එකට.. කොටා - ආ.. එල.. පට්ට..  මම - පුෂ්පෙ උඹත් වරෙන් අපේ එකට.. පුෂ්පේ - මම interface එකේ වැඩ ටික කරන්නම්.. මම - එල.. බුද්ධියා උඹත් එහෙනම් සෙට් වෙයන් අපිට.. බුද්ධියා - හරේ.. නම ලියාගනිං..! පලවෙනි...

Thursday, May 19, 2011

බලාපොරොත්තු ගොඩක් ඉතිරි වුනු ඔහුගේ නික්ම යෑම..

මේ පෝස්ට් එක කොච්චර නොලියා ඉන්න හිතුවත් නොලියාම ඉන්න බැරි වුනා.. ඇත්තටම මං මේක ලියන්නේ හිතේ හිර වෙලා තියෙන ලොකූ දුකකින් එක දශමයක් හරි අඩු කරගන්න හිතාගෙන. හරිම පුදුම වෙන්වීමක් මටනම් මේක. "ඉලංදාරියා නැතිවෙලා කියන්නේ ඇත්තද?" කියලා නදී අක්කා අහද්දී මං ඇත්තටම විශ්වාස කලේ නෑ. චේතන, හම්තුම් කියද්දී පවා මම මේක විශ්වාස නොකලේ ඇත්තටම ඒක එහෙම වෙන්න තිබුණු මරණයක් කියලා මගේ හිත විශ්වාස නොකරපු නිසා. ඒත් මොනවා කරන්නද.. ඉපදුනානම් මැරෙන්නත් ඕනි. මැරෙන්නේ අපිට ඕනි වෙලාවටයැ..  මේ දේවල් අහපු වෙලාවේ ඉඳලා ලොකු පසුතැවීම් දෙකක් හිතේ තියෙනවා මගේ.. දැන් ප්‍රමාද වැඩී....
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger