Monday, July 25, 2011

ආ...... හෙට මට exam එකක්ද?

BIS FINAL EXAM දවසේ හවස.. මම - මචං.. ෆට්ට චාටර් බං පේපර් එක... රිපීට් තමා.. ඊළඟ එක එලට පාඩම් කරලා දාගමු බං.. යාලු‍වා - අනිවා මචං.. සිරාවට පාඩම් කරමු.. පුලුවන් වෙලාවට සෙට් වෙලා කුප්පියක් දාමු.. ඊට පස්සේ දවසේ.. යාලුවෙක් - මචං exam 26 නේ.. තව සති දෙකක් විතර තියෙනවා.. ගහමු බං මැච් එකක්.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. මැච් එක දවසේ හවස.. අයියා කෙනෙක් - යකෝ තොපි පාඩම් කරමු කිවුවා නේද? කරන්නේ නැද්ද? මම - කරමු කරමු අයියා.. තව කල් තියෙනවානේ... සතියකට පසු... මම - Java Past papers ගන්නෝනි බං.. සල්ලි නෑ.. යාලුවා...

Sunday, July 24, 2011

අනඟ බඹරාට ළමයාගෙන් මෙව්වා එකක්..

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ දී අපට දක්නට ලැබෙන ඉතාමත් කාලීන ලෙස ලියැවුණු ගීතයක් ලෙස, වර්ථමානයේදී බොහේ දෙනෙකුගේ සිත්ගත් ගායකයෙකු වන දුෂාන් ජයතිලක මහතා ගායනා කරනු ලබ "අනඟ බඹරා" ගීතය පෙන්වාදිය හැකිය. වර්ථමාන සමාජයේ බොහෝමයක් තරුණයන්ගේ ජීවන රටාවේ එක් පැතිකඩක් අලලා නිර්මාණය කරන ලද මෙම ගීතය "මතකයන්" නම් වූ ගීත ඇල්බමයට ඇතුලත් කර තිබෙණුයේ ඇතැම් විට දුෂාන් ජයතිලක මහතාද මෙම "අනඟ බඹරා" නම් ලේබලයට අයත් වූවෙකු වන නිසා ද විය හැකිය. සියුම් හාස්‍යයක් මෙන්ම තරුණියන් කෙරෙහි ව්‍යංගයෙන් කිසියම් පණිවුඩයක් ලබා දීමට සමත් ගීතයක් ලෙසද මෙම ගීතය සැළකිය හැකිය..  ...

Saturday, July 23, 2011

ළමයත් ඡන්දේ දැම්මාලු..!

අද ඉතින් මං ළමයාට මාර සතුටු දවසක්ලු.. අවුරුදු 20ක්ම බලාන ඉන්න වුනානේ ඡන්දේ කියන එක පාවිච්චි කරන්න.. ඔන්න ඉතින් අද ඒක කෝම හරි කරලා දැම්මා.. ඉතින් දැන් ප්‍රාදේශීය සභා ඡන්දෙට ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ගම්පලාතෙම පොරවල්නේ.. අද ඉතින් උදේ පාන්දර අටට නවයට විතර නැගිටලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා දහයට විතර ඡන්දේ දාන්න කියලා ඡන්දපොලට ගියා.. ඔන්න යනකොට ඉන්නවා දැකලා පුරුදු මූණක්.. මේ දවස් වල ඉතින් කොයි ඡන්ද අපේක්ෂකයාගේ මූණද දැකලා පුරුදු නැත්තේ.. පොල්ගහක් බැලුවොත් ඒකෙත් ඉන්නවා.. ලයිට් කණුවක් බැලුවොත් ඒකෙත් මේ මිනිස්සු ඉන්නවානේ.. කෝම හරි ඉතින් ටිකක් ලංවෙලා...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger