Saturday, October 8, 2011

අපි නම් ඉතින් මතට තිත තියලා.. අපි නිදහස්.. !

ඉස්සර වගේ නෙවේ දැන්... සාපේක්ෂව ගත්තාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණ පිරිස බොහෝම අඩුයි වගේ පේ‍න්නේ! ඒකෙත් ඇති වරදකුත් නෑ. අපේ අප්පච්චී කියන විදියටනම් අප්පච්චී තරුණ කාලේදී සිගරට් එකක් කටේ ගහගෙන පාරෙ යන මනුස්සයා හෙන "පොරක්" ලු.! සිගරට් එකක් කටේ තියාගත්ත කොල්ලොන්ට කෙල්ලොත් හෙන ලයික් ලු ඒ කාලේ..  මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු මැඩම් දවසක් ඔය මත්ද්‍රව්‍ය ගැන කිය කියා ඉදලා අන්තීමේටම කිව්වා "කොල්ලනේ... උඹලට බීඩියක්, සිගරට් එකක් බීලා බලන්නම ආසයි නම් අම්මා තාත්තාට කියන්න ඒ ආසාව. අම්මා තාත්තා ඉස්සරහා බීලා බලන්න" කියලා. ඕක අප්පච්චීට කියන්න...

Monday, July 25, 2011

ආ...... හෙට මට exam එකක්ද?

BIS FINAL EXAM දවසේ හවස.. මම - මචං.. ෆට්ට චාටර් බං පේපර් එක... රිපීට් තමා.. ඊළඟ එක එලට පාඩම් කරලා දාගමු බං.. යාලු‍වා - අනිවා මචං.. සිරාවට පාඩම් කරමු.. පුලුවන් වෙලාවට සෙට් වෙලා කුප්පියක් දාමු.. ඊට පස්සේ දවසේ.. යාලුවෙක් - මචං exam 26 නේ.. තව සති දෙකක් විතර තියෙනවා.. ගහමු බං මැච් එකක්.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. යාලුවෙක් - ගහමු.. මැච් එක දවසේ හවස.. අයියා කෙනෙක් - යකෝ තොපි පාඩම් කරමු කිවුවා නේද? කරන්නේ නැද්ද? මම - කරමු කරමු අයියා.. තව කල් තියෙනවානේ... සතියකට පසු... මම - Java Past papers ගන්නෝනි බං.. සල්ලි නෑ.. යාලුවා...

Sunday, July 24, 2011

අනඟ බඹරාට ළමයාගෙන් මෙව්වා එකක්..

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ දී අපට දක්නට ලැබෙන ඉතාමත් කාලීන ලෙස ලියැවුණු ගීතයක් ලෙස, වර්ථමානයේදී බොහේ දෙනෙකුගේ සිත්ගත් ගායකයෙකු වන දුෂාන් ජයතිලක මහතා ගායනා කරනු ලබ "අනඟ බඹරා" ගීතය පෙන්වාදිය හැකිය. වර්ථමාන සමාජයේ බොහෝමයක් තරුණයන්ගේ ජීවන රටාවේ එක් පැතිකඩක් අලලා නිර්මාණය කරන ලද මෙම ගීතය "මතකයන්" නම් වූ ගීත ඇල්බමයට ඇතුලත් කර තිබෙණුයේ ඇතැම් විට දුෂාන් ජයතිලක මහතාද මෙම "අනඟ බඹරා" නම් ලේබලයට අයත් වූවෙකු වන නිසා ද විය හැකිය. සියුම් හාස්‍යයක් මෙන්ම තරුණියන් කෙරෙහි ව්‍යංගයෙන් කිසියම් පණිවුඩයක් ලබා දීමට සමත් ගීතයක් ලෙසද මෙම ගීතය සැළකිය හැකිය..  ...

Saturday, July 23, 2011

ළමයත් ඡන්දේ දැම්මාලු..!

අද ඉතින් මං ළමයාට මාර සතුටු දවසක්ලු.. අවුරුදු 20ක්ම බලාන ඉන්න වුනානේ ඡන්දේ කියන එක පාවිච්චි කරන්න.. ඔන්න ඉතින් අද ඒක කෝම හරි කරලා දැම්මා.. ඉතින් දැන් ප්‍රාදේශීය සභා ඡන්දෙට ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ගම්පලාතෙම පොරවල්නේ.. අද ඉතින් උදේ පාන්දර අටට නවයට විතර නැගිටලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා දහයට විතර ඡන්දේ දාන්න කියලා ඡන්දපොලට ගියා.. ඔන්න යනකොට ඉන්නවා දැකලා පුරුදු මූණක්.. මේ දවස් වල ඉතින් කොයි ඡන්ද අපේක්ෂකයාගේ මූණද දැකලා පුරුදු නැත්තේ.. පොල්ගහක් බැලුවොත් ඒකෙත් ඉන්නවා.. ලයිට් කණුවක් බැලුවොත් ඒකෙත් මේ මිනිස්සු ඉන්නවානේ.. කෝම හරි ඉතින් ටිකක් ලංවෙලා...

Wednesday, May 25, 2011

අපි මෙහෙමයි ගෲප් ප්‍රොජෙක්ට් කරන්නේ..

දවසක්... ගුරා - Internet technology කරපු පාඩම අදින් ඉවරයි.. දැන් ඔයාලා කැමති Organization එකක් අරගෙන ඒකට ගැලපෙන website එකක් හදන්න. මේ පාඩම් වල තිබ්බ ඔක්කම cover වෙලා තියෙන්න ඕනේ.. Project එකට කැමති යාලුවෝ 4 දෙනෙක් එකතු වෙන්න. සතියක් ඇතුලත වැඩේ කරලා තියෙන්න ඕනේ. Final exam එකට මේකෙන් ලකුණු 40ක් දෙනවා.. එදා හවස මම - මචං කොටා උඹ වරෙන් අපේ ගෲප් එකට.. කොටා - ආ.. එල.. පට්ට..  මම - පුෂ්පෙ උඹත් වරෙන් අපේ එකට.. පුෂ්පේ - මම interface එකේ වැඩ ටික කරන්නම්.. මම - එල.. බුද්ධියා උඹත් එහෙනම් සෙට් වෙයන් අපිට.. බුද්ධියා - හරේ.. නම ලියාගනිං..! පලවෙනි...

Thursday, May 19, 2011

බලාපොරොත්තු ගොඩක් ඉතිරි වුනු ඔහුගේ නික්ම යෑම..

මේ පෝස්ට් එක කොච්චර නොලියා ඉන්න හිතුවත් නොලියාම ඉන්න බැරි වුනා.. ඇත්තටම මං මේක ලියන්නේ හිතේ හිර වෙලා තියෙන ලොකූ දුකකින් එක දශමයක් හරි අඩු කරගන්න හිතාගෙන. හරිම පුදුම වෙන්වීමක් මටනම් මේක. "ඉලංදාරියා නැතිවෙලා කියන්නේ ඇත්තද?" කියලා නදී අක්කා අහද්දී මං ඇත්තටම විශ්වාස කලේ නෑ. චේතන, හම්තුම් කියද්දී පවා මම මේක විශ්වාස නොකලේ ඇත්තටම ඒක එහෙම වෙන්න තිබුණු මරණයක් කියලා මගේ හිත විශ්වාස නොකරපු නිසා. ඒත් මොනවා කරන්නද.. ඉපදුනානම් මැරෙන්නත් ඕනි. මැරෙන්නේ අපිට ඕනි වෙලාවටයැ..  මේ දේවල් අහපු වෙලාවේ ඉඳලා ලොකු පසුතැවීම් දෙකක් හිතේ තියෙනවා මගේ.. දැන් ප්‍රමාද වැඩී....

Friday, May 6, 2011

මම එයා සහ අරයා..

එයා - මේ.... මම - ම්ම්ම්ම්... එයා - මං දෙයක් අහන්න ඇත්තම කියනවද..? මම - හ්ම්ම්ම්.... එයා - ඔයා ඇත්තටම අරයට ආදරේද? මම - කාට?? එයා - අර  දැන් හැම වෙලාවෙම කෙල්ලෙක් ගැන කියවන්නේ.. එයාට.. මම - හ්ම්ම්ම්ම්ම්... එයා - කොච්චරක්..?? මම - මෙච්...චරක්... එයා - එතකොට මෙච්චර කාලයක් මට ආදරේ කලේ නැද්ද? මම - කළා.. එයා - දැන්? මම - කරනවා.. එයා - එතකොට අරයා... මම - එයාටත් ආදරේ.. එයා - මෙච්චර කාලයක් මං ගැන බ්ලොග් ලිවුව ඒවා..? මම - එයා ගැනත් ලියනවා.. එයා - මෙච්චර කාලයක් මට කිවුව ඒවා..? මම - එයාටත් කියනවා.. එයා - ඇයි එයාටත් ආදරේ?? මම - ඔයාගෙන් ඈත් වෙන්න.. එයා - මගෙන් ඈත් වෙන්න.. ඇයි ඒ? මම - ඔයා මට ආදරේ නෑනේ.. එයා...

Tuesday, April 5, 2011

සැණකෙලියේ................??

ඊයේ මං අලුත් තියරියක් ඉගෙන ගත්තානේ.. ඒක මට කියලා දුන්නේ අපේ සයිබරයේ සිහින කුමරු ‍වන චේ උන්නැහේ විසින්.. මම ඒ තියරිය අනුව යමින්ම මේ පෝස්ටු ලියන එක මගේ සුබ අනාගතයට හොඳයි කියලා මම හිතනවා.. මේකයි තියරිය.. "කවුරු හරි තමන්ට මඩ ගහන්න පටන් ගත්තොත් තමනුත් තමාටම මඩ ගසා ගැනීම"  ඔන්න ඉතින් ඊයේ උදේන්ම නුවරින් පිටත් වෙන්නනේ කස්ටිය සූදානම් වුනේ.. ඕං ඉතින් මං කොල්ලා උදේ පාන්දර 2.30 විතර අමාරුවෙන් නැගිටගෙන එහෙම ලෑස්ති වෙලා 3.30 විතර වෙද්දී මම වෑන් එකට නගින්න නියමිත තැනට සම්ප්‍රාප්ත වුනා.. එතකොට ඕං වෙලාව ඇති 3.45ට විතර. දුන්නා කෝල් එකක් ප්‍රියන්ත අයියට.. "අයියා කොහේද ඉන්නේ..?" "මල්ලී තාම ගෙදර.. වෑන්...

Monday, April 4, 2011

සැණකෙලියේ මඩ පෝස්ටුවට පෙරගමන්.. සමා පෝස්ටුව..

ඊයෙයි අදයි සිංහල බ්ලොග් අවකාශයේ වැඩියෙන්ම කතා වුන මාතෘකාව ඉතින් ඊයේ දවසේ අති සාර්ථකව පැවැත්වුණු "සිහින බක්මහා උළෙල" නේ.. ඔන්න ඉතින් මං ළමයත් ඊයේ ඒකට සහභාගී වුනා..  ඔය ඉතින් සහභාගී වීම ගැනත් කතා ගොඩක් කියන්න තියේලු.. ඒවා පසුවට.. මට ඊයේ දවස ගැන පෝස්ට් දෙකක් ලියන්නයි කම්පනා කලේ.. එකක් "සමා පෝස්ටුව" ලිපිය. අනික "මඩ පෝස්ටුව". කොයිකද මුලින් ලියන්නේ කිය කියා හිත හිතා ඉඳලා හිතාගත්තා මඩ පෝස්ටුවට කතා මතක් කර කර සමා පෝස්ටුව මුලින් ලියනවා කියලා.. දැන් ඉතින් මේ සමාව ඉල්ලීමේ ලිපියක් කිවුවට මගේ අතින් ඊයේ මුකුත් වැරදි වූනේ නෑ හරිය.. සමාව ඉල්ලන්න තියෙන්නේ වැරදි වලට විතරමයැ. අතපසුවීම් වගේ එවටත් සමාව ඉල්ලනවානේ......

Monday, March 28, 2011

මහනුවර - කොළඹ - හෙන්රි පේදිරිස් - කොටින්ම කිවුවොත් නුවරින් අවුරුදු උත්සවයට..

සයිබර් අවකාශය දැන් හරියට අපේ ගම වගේනේ.. ‍බ්ලොග් එක අපේ ගෙදර වගේ.. හා හොඳයි නැද්ද මං අහන්නේ?? ඔය ගමේම ඉන්න හැමෝම එකතු වෙලා දැන් අලුත් අවුරුද්ද සමරන්නනේ කල්පනාව.. අලුත් අවුරුදු උත්සවයක් හෙම තියලා... ඉතින් දැනටමත් මේ බ්ලොග් අවකාශේ ඉන්න අය දන්නවා ඇති මේ සයිබරයේ සිහින බක් මහා උළෙල ගැන.. තාමත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා වෙන්න නම් බෑ බෑ බමයි..  කමක් නෑ.. අලුත් විස්තර දැනගන්නත් එක්ක මෙතනින් ගිහින් සිහින බක් මහා උළෙලේ නිල බ්ලොග් අඩවිය බලාගෙන එන්න‍කෝ..... ඔන්න ඉතින් එදාට අපි හැමෝටම මාර ජොලිලු.. ඇයි ඉතින් කවදාවත් ඇත්තටම හම්බවෙලාවත් නැති අය එදාට...

Saturday, March 19, 2011

අන්සතු මගේ අහිංසකීට......

අම්මට සිරි..! මිස්ඩ්කෝල්ස් 19..! ෂික් එකක් වත් ඇහුනේ නෑනේ.. කොහේද ඉතින් ආය පෙරේතයා පොලේ ගැහුවා වගේ නින්ද ගියේ... ඊයේ උදේ ඉඳලා මැරීගෙන ප්‍රැක්ටිස් නිසා තාම ඇඟ නිකං මොකදෝ මොකදෝ වෙලා.. ඇස් දෙක ඇරෙන්නෙත් නෑ වගේ.. වෙලාව අටයි විස්සද.... නැත්තං හතයි විස්සද... ම්ම්ම්ම්....අම්මා ගායි ටින් එකෙන්... වෙලාව අටයි විස්සයි...  තිබුණ නිදිමතත් නැති වෙලා ගියා වෙලාව දැක්ක පාර.. ඇයි දෙයියනේ ඒකිට අද ක්ලාස් අටට.. ඒ මදිවට පොත් දෙකම මගේ ළඟ.. අද ඉතින් බඩුම තමා... ඔය ඔක්කම හිතන ගමන් අද අහිංසගේ අහිංසක කම නැති වෙලා මම බැණුම් අහන හැටි සහ සුපුරුදු වදන් ටික දාලා එයාව ෂේප් කරගන්න හැටි මතක් කර කර බාගෙට මූණ හෝදලා බාගෙට කාලා...

Wednesday, March 16, 2011

අමතක කරන්න..

අමතක කරන්න එයාව...හැබැයි මතක තියාගන්න..එයාට, එයා වෙනුවෙන් වෙන කෙනෙක් ඉන්න වග..අමතක කරන්න එයාගේ ඒ නම...හැබැයි මතක තියාගන්න...එයා දැන් වෙන නමක් මුමුණන වග...අමතක කරන්න එයාගේ ඒ මුහුණ...හැබැයි මතක තියාගන්න..ඒ මුහුණ දකින්න වෙන කෙනෙක් ඉන්න වග..අමතක කරන්න එයාගේ ඒ සිප ගැනීම..හැබැයි මතක තියාගන්න..එයාට සිපගන්න වෙන කෙනෙක් ඉන්න වග...අමතක කරන්න ඒ උණුසුම් වැළඳගැනීම...හැබැයි මතක තියාගන්න.. ඒ උණුහුමට ලං වෙන්න වෙන කෙනෙක් ඉන්න වග..අමතක කරන්න කාලයක් වින්ඳ ඒ ආදරය..හැබැයි මතක තියාගන්න.. එයාගේ ලොකෙට දැන් වෙන කෙනෙක් ඉන්න වග..අමතක කරන්න...

Saturday, March 12, 2011

ඔන්න කෙල්ලෙක් ඉන්නවා...

ඔන්න කෙල්ලෙක් ඉන්නවා... ආයේ එනකල් බලාගෙන ඉන්න .. එයාගේ ආදරේ.. දවසක් දුර ගමනක් යනවා...... ඒ අතරේ හරිම දග හරිම වස කොල්ලෙක්.. ඒ කෙල්ලට මුණ ගැහෙනවා... කෙල්ලට ගොඩක් ලං වෙනවා.. ඒ දෙන්නා ගොඩාක් හොඳ යාලුවෝ වෙනවා.. ඒ දෙන්නා හොඳම යාලුවෝ වුනාට පස්සේ හැම දුකකදීම සතුටකදීම ළගින්ම හිටියා.. ඒ දුක සතුට පුලුවන් තරම් බෙදාගත්තා.. නැතිවම බැරි තරමටම යාලුවෝ වුනා.. ඒ කෙල්ලගේ ජීවිතේ ගොඩාක් දේවල් කොල්ලා එක්ක කිව්වා. කෙල්ලගෙන් ඈත් වුන එයාගේ ආදරේ ගැන.. ගොඩාක් දේවල්... කොල්ලා අහගෙන හිටියා.. කිවුව හැම දේම.. ගොඩක් උත්සාහ කළා.. හිත හදන්න ඒ අහිංසක කෙල්ලගේ.. කොල්ලාට ඒක කරගන්න...

Friday, February 4, 2011

ඉලංදාරියා වෙනුවෙන් නුවර අපි...!

පහුගිය සතිය තුල අපේ බ්ලොග් ලියන්නන් සියලූම දෙනා අතර කතාවට ලක්වුන අපේ සහෝදරයෙක් ඉන්නවා.. ඒ තමා අපි කවුරුත් දන්න ඉලංදාරියා. ඔහුට උදව් වීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වුනා. කටයුතු කළා. දැනටත් ඒ කටයුතු ඒ විදියටම ක්‍රියාත්මකයි. ඉතින් ‍අපේ දිලුම් අයියා වෙනුවෙන් යමක් කරන්න මමත් නුවරින් සම්බන්ධ වෙන්න බලාගෙන හිටියේ. දැන් මට වගේම නුවර පලාතෙන් ඉලංදාරියා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා මූලික පියවර විදියට අපි සියලු දෙනාම මුණගැසී සැළසුම් සකස්කොටගෙන වැඩ කරන්න වෙනවා. ඉතින් අමිල සහෝදරයා ඇතුලු දිලුම් සහෝදරයාගේ හිත මිතුරනුත් අපිත් එකතු වෙලා සැළසුම් සකස් කරගන්න තීරණය කලා. දිනය - 2011...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger