Tuesday, August 31, 2010

"ඇය"ට පාර පෙන්නන්න ගොස් අතරමං වීමි....

මං මුලා වී පාර සොයාගෙනහසරක් අසමින් යන ගමනේමං මුල වු සමනලියකගෙනිපාර අසා තිබුනේ//ඇයත් නොදන්නිය ඇය යන මානයඋන් හිටි තැන් මතකය අඩමානය//පාර කියන්නේ කෙලෙසද මා හටඇයටද පාරක් ඇති නැති ගානයමං මුලා වී පාර සොයාගෙන...අප හමු වුයේ මන්දැයි නොදනිමිපාර ඈසූයේ ඈයිදැයි නොකියමි//අපේ ගමන අද නවතනු හැකි නම්අප යන ගමනද අද මෙතනින් නිමිමං මුලා වී පාර සොයාගෙන...අතරමං වෙලා කියලා නාහෙන් අඬ අඬා හිටි මම, අතරමං වෙලා නෑ කියලා පෙන්නපු ඇය අතරමං වෙලා.. අතරමං වෙලා නෑ කියලා සතුටු වෙන්න ඕනි මම කොයි තරම් දුක් වුනාද ඒ ගැන හිතලා......ඇයට පාර පෙන්නන්න මං කොයි තරම් උත්සාහ කලාද..... ඇයට පාර පෙන්නන්න ගිය මම අන්තිමේදී අද ඇත්තටම අතරමං වෙලා.. ඇයගෙන්...

Sunday, August 29, 2010

අවා! අවා!! අවා!!! Tunatic සමග ළමයා අවා!!!!!!!!

මෙන්න ළමයා ආවා......... විභාගේ නම් ඔන්න ඊයේ ඉවර වුනා.... කියලා වැඩක් නෑ ‍පේපර් හදපු අය හම්බ වෙලා මල් තියලා වදින්න හිතෙනවා ඒ තරම් අමාරුවට ප්‍රශ්න හදපු නිසා..... ඇත්තටම මම දුකේ හිටියේ ප්‍රශ්න ලේසි වෙයි කියලා.... :)) :)) වැප් සහෝ කිවුවනේ පේපර් වල වැරදි තිබුණොත් හොයාගෙන එන්න කියලා.... අර ජාත්‍යන්තර කුමණ්ත්‍රනයේ ප්‍රථිඵල නිසා පේපර් වල වැරදි තිබුණේ නෑනේ.. දුක තමා... :(විභා‍ගේ ඉවර වුනා කියලා නෑ.. දැන් තමා ද කොහේද වැඩ ගොඩාක් කරන්න තියෙන්නේ.. ෆියුචර් ප්ලෑන්ස් ගොඩා....යි දැනටමත්! මේ දවස් වල ලොකුම උණ ‍තියෙන්නේ HTML දැනුම ඔප දමාගන්න..... ඒ වෙනුවෙන් අද සිටම...

Sunday, August 8, 2010

හෙට විනෝද සමයේ ඇරඹුමයි!

අද මේ හදිසියේම ‍මේ ලියන්න හිතුවේ කියලා නිම කරන්න බැරි සතුටකින් ළමයා ඉන්න නිසා.. මේ සතුට බෙදා ගන්න තියෙන හැමෝම එක්ක බෙදාගන්න එකත් සතුට ඩබල් වෙන වැඩක්! දැන් මේ සතුටට හේතුවත් කියන්න එපැයි නේ? නැත්තන් කෝමද වෙන්නේ... මේකයි.. අවුරුද්දක් පුරාවට පෙරුම්පුරාගෙන ආසාවෙන් බලාගෙන හිටි කාලය එළඹිලානේ ශිල්ප දක්වන්න.. වටේ යන්නේ නැතුව කෙලින්ම කිවුවොත් හෙට උසස් පෙළ විභාගය පටන් ගන්නවා බොල! හප්පේ මට තියන සංතෝසේ.......................ඉතින් ‍කෑගැහුවට මට අදාල විශයන් වලින් පලවෙනියටම උත්තර ලියන්න තියෙන්නේ 16 වෙනිදා.. මම ඉතින් කලාකාරයා නොවැ.. ඉතින් තව සතියක් තියෙනවා.. මම...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger