අද උදේ ඉදලා මම කියවපු බ්ලොග් කිහිපයකට මම කමෙන්ට්ස් දැම්මා.. හැබැයි refresh කරලා බලද්දී කමෙන්ට් එක නෑ.. ඉතින් මම මටම සහ කමෙන්ට් එක නැතිවීමට හේතූ වු දෙයට සුබ පතමින් ආයෙත් කමෙන්ට් එක දැම්මම ටයිප් කලාටත් පාඩුයි! ආයෙත් අතුරුදහන් වෙලා... මට නොපෙනෙන්න කමෙන්ට් හැංගිලාද දන්නේ නෑ.. හික්ස්. මෙන්න කමෙන්ට්ස් දැම්ම බ්ලොග් අඩවි කිහිපයක ලින්ක්s...
- කූල් ටෙම්පෝගේ ~ ප්‍රථම ආදරය ~ (14)
- පුබුදුගේ මම හදපු පලමු මෘදුකාංගය-Software developing
- මහසෙන්ගේ පලවෙනි youtube වීඩියෝ එක ...
- අනංමනං වල Blogger Label count ඉවත් කරන්න ඕනද?
- පලාමල්ලේ ගන ( aka වැල ) ගැන අපේ අතීත කතා
- ළමයාගේ ළමයාගෙන් පාපොච්චාරණයක්!
මම දැන් මොකද මේකට කරන්නේ?? අනේ මන්දා.. දන්න වැඩ ටික දාලා බැලුවා.. ම්හු.... හරියන්නේ නෑ.....සිද්ධියට හේතුවක් පිළයමක් උදවුවක් පුලුවන්නම් කරන්නකෝ......
18 ප්‍රතිචාර:
අනේ ළමයෝ මටත් ඕකම වුනා නෙව... මගේ ඊමේල් එකට ගියහම කොමෙන්ටු පේනව නමුත් බ්ලොග් එකට ගියහම නෝ කොමෙනට්. මේකත් පෙනේවිද දන්නෙ නැහැ...
නෝ අයිඩියා අයියෙ
ගූගල් අවුලක් වගේ බන්. ඉක්මනට හරි ගියොත් හොඳයි. උබ මගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එක ඊමේල් එක ආවා.
මේකත් ඉතින් පේන්නෙ නැහ තමා. උබ ඊ මේල් එකෙන් බලපන් හික් හික්.
අනිවා... වෙලා තියෙනවා... මම මේ දැන් ඒ ගැන බ්ලාග් කරුවෙක් දැනුවත් කරා...
මේකත් අතුරුදහන් වෙයිද දන්නෑ... :ඩී
comments දැම්මට පස්සේ එව්වා පේන්න ගන්නේ ඒ blog එකේ අයිතිකාරයා approve කලාට පස්සේ...සමහර blog වල නම් වැටෙනවා "Youe comment is waiting for approval" කියල..ඒත් සමහර එව්වගේ එහෙම වැටෙන්න හදලා නෑ...
හූ හූ ඊමේල් වලින් බලන්න ඕනි නෑ.. මේ පෙනෙන්නේ.... හිහ් හිහ්
බ්ලොග් එකේ කොමෙන්ට් feed එකෙන් ගේමක් නැතුව බලන්න පුලුවන්නේ !! , මම් නම් බලන්නේ එහෙම තමා !!!
eg : yoursite.blogspot.com/feeds/comments/default
අප්පේ හැංගිලා තිබුණු කමෙන්ට්ස් මේ තියෙන්නේ.. දැන්වත් හරිද මන්දා....
ඊයේ මේ ප්‍රශ්නෙ මටත් තිබුණා.දැන් ඒක හරි.අද තව ප්‍රශ්නයක් මගේ අන්තිම පෝස්ට් එකට කමෙන්ට්ස් 18ක් පෙන්නනවා ඒත් බැලුවම තියෙන්නෙ 14 යි
ඊ.... සොදුරු ගණන් කරන්න දන්නේ නෑ.. කමෙන්ට්ස් 17ක් පෙන්නන්වා.. 17ම තියෙනවා...
Please Contact Blogger Group
And Tell Your Problem .. Aiya
බබා උනත් හෙන ඇඩ්වාන්ස් බ්ලොග් එකක් නේ.මගෙනුත් සුබ පැතුම් එහෙනම් දිගු ගමනකට..
Line 2> මේක මට විතරක් වුන ප්‍රශ්නයක් නෙවෙයි සහෝ... බ්ලොගර් පාවිච්චි කරන ගොඩ දෙනෙක්ට ජූලි 6 වෙනිදා වුන අවුලක්.. දැන් හරි...
නිපුන සහෝදරයා තැන්කූ හොදේ........
අයියෝ ඕක නිතරම වෙන දෙයක් . . ගනන් ගන්න එපා
ඈ.. නිතර වෙන දෙයක්.. වෙන්ට බෑ.. මීට කලින් මේ සීන් එක වෙලා නෑනේ මට.. ගොඩක් අය එදා ශෝකයෙන් හිටියේ... නෝ කමෙන්ට්ස් කියලා....
කොහොම වුනත් ඉතින් දුකා අයියා සීනියර් මැම්බර් කෙනෙක් නේ බ්ලොගර් වල.. ෂෝ අයියා කියනවානම් වෙන්නත් පුලුවන්.. බට් මට මෙහෙම වුන පළවෙනි වතාව ඕං...
ආ... මේ ඉන්නේ ළමයා... මං මේ බැලුවෙ හිටි ගමන් අන්තරස්දාන උනේ කොයිබෙයි කියල...
හොඳා හොඳා... විභාග එහෙම කාරිය ලියල අයේ මූනුපොත පැත්තෙ එන්න ඕනේ හරිය...
මටත් පාලුයි ළමය නැතිව... නා නාප්‍රකාර ළමයි ඔන්නට මොකො පොඩි මහත්තයට සැට්වෙනම ළමයා තමයි මේ ළමයා ඕං...
හොද ළමයෙක්,
මම අලුත් කෙනෙක්,
ළමයෙක්ගෙ වුනත් හොද වැඩ අගයන්න ඔින.
ඔබ නොදන්න දේ මම නොදැන සිටියා, නමුත් දැන් දනිමි. ඔබට ස්තුතියි.
මේ අලුත් සහෝට ස්තූතියි හොදේ...
අන්තිමට කියපු දේ තමා ටිකක් අවුල් වුනේ.. ම්.....
Post a Comment