
ෂා.... මාර ෂොට් එක... ලස්සනට අරගෙන තියනවා... අමුතුම ගතියක් තියන පිංතූරයක්...... ඔය මම කිවුවේ අර උඩින් තියන පිංතූරේ දැක්ක ගමන් මගේ හිතට ආපු අදහස් කිහිපයක්... සමහර විට ඔය වගේ අදහස් පෙලක් ඔයාල තුලත් ඇති වෙලා ඇති. පුදුමයක් නෑ. ඒ අදහස් වල ඇත්තකුත් තියනවා. කොහොම වුනත් මම දැන් කියන්න යන්නේ ටික දෙනෙක් දන්න, හැබැයි වැඩි දෙනෙක් නොදන්න මේ පිංතූරය ගැන කථාව............ මේ ඉතාමත් විරල අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නේ කෙවින් කාටර් නම් ඡායාරූප ශිල්පියෙක් විසින්. 1994 වසරේ දිනකදී තමයි මේ පිංතූරය කැමරාවට හසු කරගන්නේ.... කලාත්මක පිංතූරයක් ලෙස බැලූ බැල්මට පෙනුනත්...