Tuesday, April 10, 2012

හීනයකට පසුවදනක්..

ඔව්..!
ඒක හීනයක්..
ලස්සනම ලස්සන
හැබැයි 
නපුරම නපුරු..
ඒ ලස්සන වින්ඳා වගේම
ඒ නපුරු බව විඳෙව්වෙත්
ඒ ලස්සන හදාගත්තු,
ඒ නපුරු බව මවාගත්තු,
අපිම නේද?
හිතාගන්න බැරි තරමටම 
අපිටත් හොරෙන්ම
ඒ හීනය අපෙන් ඈතට යනකොට
අසරණ වුන පොඩි පැටව් දෙන්නෙක් වගේ
අපි තාම බලාගෙන ඉන්නවා..
කරන්න කිසිම දෙයක් නැතිව
අඬාගන්නවත් කඳුලු නැති ඇස්වලින්..



මේ මේ මේ....
උඹට හිතුනෙම නැද්ද මෝඩියේ...
ඒක හීනයක් විතරයි කියලා?
අපි හදාගනිමු, අපේම ලෝකයක්..
ඒ හීන වලින් මිදිලා..
කාටවත්, කොහොමවත්
විනාස කරන්න බැරි,
ලස්සනම ලස්සන, 
නපුරුකමත්  අඩුත් නැති, වැඩිත් නැති,
    ආදරේ පිරුණු ලෝකයක්..
හැබැයි..
අපිට උරුම විදියට..
අපිටම තනිවෙන්න..
කවදාම හරි..





[හා හා දැන් රෙද්ද උස්සගෙන කේලම් කියන්න යන්නෙ නැතිව හිටපං. මේක  හිතුනට ලිව්ව දෙයක් විතරයි! - අදාල කෙනෙක්ට]

7 ප්‍රතිචාර:

පූසා said...

මේං මූ බ්ලොග් පෝස්ට් එකක් දාලා! :D
මූ ලිව්වට බුකියේ ශෙයාර් කරන්නේ වෙනිං අය නේ? :D

Prabhath said...

උඹත් හෙනං බ්ලොගේ මකුණුදැල් කඩල පිරිසිදු කොරල ගත්ත හෑහ්... මාත් ගත්තා... :D

චතුව චතුව... දවල් පහු වෙලා නැගිටපං නැගිටපං...හවස දැං....

නඟා said...

hmmmmmmmmmmmm.... hinayak da aththak hinayakk kiyala hithanna try karanawada??? hmmm....

~~Nagaa~~

Prabhath said...

දවල් දැකපු හීනයක්... :D :P

රයිටර් said...

හොඳ වෙලාවට එක හීනයක් වුනේ. අපිටම කියල ලෝකයක් හදා ගත්තාම වැඩේ ගොඩ. කාටවත් විනාස කරන්න බෑනේ

නදී said...

අඩේ මෙන්න මෙයා ආය ලියනව.

චතුවා said...

කාලෙකට පස්සේ ලියපු මෙව්වා එක කියවපු හැමෝටම ස්තූතියි ඈ... :D :D

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger