Friday, May 6, 2011

මම එයා සහ අරයා..

එයා - මේ....
මම - ම්ම්ම්ම්...
එයා - මං දෙයක් අහන්න ඇත්තම කියනවද..?
මම - හ්ම්ම්ම්....
එයා - ඔයා ඇත්තටම අරයට ආදරේද?
මම - කාට??
එයා - අර  දැන් හැම වෙලාවෙම කෙල්ලෙක් ගැන කියවන්නේ.. එයාට..
මම - හ්ම්ම්ම්ම්ම්...
එයා - කොච්චරක්..??
මම - මෙච්...චරක්...
එයා - එතකොට මෙච්චර කාලයක් මට ආදරේ කලේ නැද්ද?
මම - කළා..
එයා - දැන්?
මම - කරනවා..
එයා - එතකොට අරයා...
මම - එයාටත් ආදරේ..
එයා - මෙච්චර කාලයක් මං ගැන බ්ලොග් ලිවුව ඒවා..?
මම - එයා ගැනත් ලියනවා..
එයා - මෙච්චර කාලයක් මට කිවුව ඒවා..?
මම - එයාටත් කියනවා..
එයා - ඇයි එයාටත් ආදරේ??
මම - ඔයාගෙන් ඈත් වෙන්න..
එයා - මගෙන් ඈත් වෙන්න.. ඇයි ඒ?
මම - ඔයා මට ආදරේ නෑනේ..
එයා - කවදාවත් ඔයා කිවුවද මට ආදරේ කියලා..?
මම - නෑනේ.. මං දන්නවානේ වෙන්නේ නෑ කියලා..
‍එයා - කොහොමද දන්නේ?
මම - ඔයා වෙන කෙනෙක්ට ආදරේනේ 
එයා - ඉතින් මගෙන් ඈත් වෙන්න අරයට ආදරේ කරන්නේ.. අරයට ඇත්තටම ආදරේ කරන්නේ නැද්ද?
මම - කරයි..
එයා - නපුරුයි ඔයා..
මම - නෑ..‍ ගොඩක් ආත්මාර්ථකාමී මම..

10 ප්‍රතිචාර:

පන්සල් හංදිය said...

මාර ඩයලොග් එකක්නෙ ........ මොකද ආත්මාර්ථකාමී වෙන්නෙ .....

සීතල අයියා said...

අපෝ මේ වගේ උනුත් ලංකාවෙ ඉන්නවනෙ.චික් අසික්කිතයා.කතා කරලා වැඩක් නෑ.

නදී said...

ආදරයෙදි ආත්මාර්ථකාමිතමා හැමෝම.

සංකල්ප said...

නදී අක්කාගේ කතාව හරි. ආදරය කරද්දි අපි හැමෝම ආත්මාර්ථකාමි තමා. තමන් ආදරය කරන කෙල්ල තමන්ගේ යාලුවෙක් එක්ක කතා කලත් අපිට තරහා යනවා.

රත්ගමයා said...

ඕඅක හොද වැඩක් නෙමේ...අන්තිමට මක්ක වේවිද දන්නේ නෑ උලමෝ.....

ගිනි කුරුල්ලා said...

mage kathawath okata tikak samaanai ban. ekama wenasakata thiyenne mama wena kenekwa lan kara gaththe ne..

පිණිබිඳු... said...

ආදරේදි කවුද ආත්මාර්ථකාමී නැත්තෙ.

සුපර් මාරියෝ said...

ලොවෙත් නැති නැවතුමක්... මට ටිකක් වෙලා ගිහිල්ල තමයි තේරුනෙ ඔයා මොකක්ද මේකෙන් කියන්න ට්‍රයි කරේ කියල... :-)

සංකීර්ණ කතාවක්.. මටනම් ඔය අත්දැකීම් නෑ... :)

චතුවා said...

කමෙන්ට් කළ හැමෝටම ගොඩාක් ස්තූතියි..!!

මේ පෝස්ට් එකට හම්බ වුනු කමෙන්ට්ස් වලින් මම ආසම කමෙන්ට් එක අතුරුදහන් වෙලා ගූගල් දෙයියන්ගේ කෝප වුනු දවසේ..සුපර් මාරියෝ දාලා තිබුණු කමෙන්ට් එක තමා ඒ.. මම කිව්ව දේ තේරුම් ගත්තා කියලා තිබුණා.. හරියටම තේරුම් ගත්තද දන්නේ නෑ.. ‍තේරුම්ගත්තානම් කවුරු හරි සතුටුයි..!

Prabhath said...

ඒ ඔයා මාරයි නෙ

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger