Tuesday, April 5, 2011

සැණකෙලියේ................??

ඊයේ මං අලුත් තියරියක් ඉගෙන ගත්තානේ.. ඒක මට කියලා දුන්නේ අපේ සයිබරයේ සිහින කුමරු ‍වන චේ උන්නැහේ විසින්.. මම ඒ තියරිය අනුව යමින්ම මේ පෝස්ටු ලියන එක මගේ සුබ අනාගතයට හොඳයි කියලා මම හිතනවා.. මේකයි තියරිය.. "කවුරු හරි තමන්ට මඩ ගහන්න පටන් ගත්තොත් තමනුත් තමාටම මඩ ගසා ගැනීම" 


ඔන්න ඉතින් ඊයේ උදේන්ම නුවරින් පිටත් වෙන්නනේ කස්ටිය සූදානම් වුනේ.. ඕං ඉතින් මං කොල්ලා උදේ පාන්දර 2.30 විතර අමාරුවෙන් නැගිටගෙන එහෙම ලෑස්ති වෙලා 3.30 විතර වෙද්දී මම වෑන් එකට නගින්න නියමිත තැනට සම්ප්‍රාප්ත වුනා.. එතකොට ඕං වෙලාව ඇති 3.45ට විතර. දුන්නා කෝල් එකක් ප්‍රියන්ත අයියට..


"අයියා කොහේද ඉන්නේ..?"
"මල්ලී තාම ගෙදර.. වෑන් එකේ ඩ්‍රයිවර් කෝල් කලේ නෑ තාම"


හුටා.. කෙලියා තාප්පෙට.. මල සීන් එකයි.. ඊට පස්සේ ඉතින් ඉන්නවා ඉන්නවා ඉන්නවා.. නිකංම ඉන්න බැරි එකේ ඒ ලග තිබුණු කඩේකට ගිහින් කලාතුරකින් ගන්න පාන්දර කෑම වේලත් අරගෙන යාන්තං පැයක් විතර ඉදිද්දී ඕං කෝල් එකක් එනවා ප්‍රියන්ත අයියගෙන්..


"මල්ලී පාර පැනලා ඉන්න. ආව ගමන් වෑන් එක නැවැත්තුවා, දාගත්තා ගියා"
"හරි අයියා.."


මමත් ඉතින් දැන් පාර පැනලා ඉන්නවා.. එක පාරටම.... සුදු වෑන් එකක් ආවා.. එක පාරටම පිටිපස්සේ දොර ඇරියා.. මං බය වුනා පැහැර ගන්නවත් කවුරුත් ඇවිල්ලා කියලා.. බලද්දී මේ නුවර න‍ඩේ නේ.. ඔන්න දැන් නියමම සීන් එක.. මම වෑන් එකට නැගලා වෑන් එකේ පිටිපස්සේ ෂීට් එකට යන්න ඕනි.. දොරත් එක්කම තියෙන ෂීට් එක බවලත් උදවිය බුක් කරලාලු.. ඔන්න මම පිටිපස්ස ෂීට් එකට යෑමේ පිවිතුරු චේතනාවෙන් නැග්ගා වෑන් එකට.. හුටා.... දොර ළඟ ෂීට් එකෙන් රිංගලා පිටිපස්ස ෂීට් එකට යන්න බෑ. කෙට්ටු නිසා එහෙන් මෙහෙන් හිරවෙනවා.. හිකිස්.. දෙපාරක් විතර ට්‍රයි කලා.. ම්ම්හු... හරියන්නේ නෑ... ඕං ගීත් අයියා ගේමට බැහැලා සංජු අක්කවත් වෑන් එකෙන් බස්සලා ෂීට් එක එහාට මෙහාට කරලා හෙන ගේමක් දීලා දාගත්තා මාව ඇතුලට... හප්පේ.. ඔන්න ඒ බාල්දිය මං ම නාගත්තා අලුත් තියරියට අනුව..


ඊට පස්සේ ඉතින් ඒ හැටි දෙයක් වුනේ නෑ යනකම්... ඔන්න ගිහින් සුලු මොහොතකින් ආවා අපේ සීතලයා චේ උන්නැහේ සමග හල් වාවා.. හාවා නම් ආව ගමන් "හලෝ මචං" කියාගෙන ගියා පොටෝ ගන්න.. අලුත් ගෑනිනේ.. පිට යන්න දෙන්නෙත් නෑ.. බෙල්ලේ එල්ලගත්තු ගමන්මයි.. වැසිකිළි ඇතුලෙත් මොනවදෝ හොරෙන් පොටෝ අරගෙන නෝන්ඩි වුනා මේ මනුස්සයා.. චාටර් බං.. චේ උන්නැහේ නම් සාමාන්‍ය පරිදි හිටියා.. කෙල්ලන්ට වයර් දම දමා.. සීතලයාට ඊයේ රස්නිය වැඩි වෙලා.. සීතලේදි වෙන දේට විරුද්ධ දේ වෙලා.. මාර සීන් එකක් එතන.. "මෙහෙම" ටෙන්ට් එකක් ගහලා ඌ.. හික්..


ඔහොම ඔහොම යද්දී ටිකක් දවල් වෙලා කස්ටිය දවල් කෑම ගන්න වෙලාව බලලා රත්ගමයා & රත්ගමයාගේ අලුත් කෙලී එනවා සැණකෙලියට.. අපිට ඉතින් කලින් කියලා තිබුණු නිසා අපි ගියා පිළිගන්න දෙන්නව.. වතුර බෝතල් එහෙම අරගෙන.. හාවත් කැමරාව සූදානම් කරගෙන එහෙම හිටියා.. ඔන්න දෙන්නා දැන් එනවා අපි ඉන්න පැත්තට.. හිටපු ගමන් අලුත් මනමාලි ලඟ තිබුණු වාහනයක් අස්සෙන් රිංගලා අතුරුදහන් වුනා.. ඒකි හෙන කුප්පයි මේ රත්ගමයාට වඩා.. අන්තිමට ජාත්‍යන්තර වතුර පාර කන්න වුනේ අහිංසක රත්ගමයාට විතරයි.. ඌ‍ වතුර බේ‍රි බේරි ඉදිද්දී මනමාලි හිනාවෙනවා... 


පස්සේ සෙට් වුනානේ ඇවිල්ලා හිටි අක්ෂර කස්ටිය පොඩි චැටකට.. ඕං අක්ෂරයේ ඉන්න අය කලින් හම්බ වෙලා තිබුණට නීනු අක්කා සෙට් වුනේ ඊයේ තමා මුලින්ම.. ඊයේ එයා මොනවාදෝ බීලා.. අර රංග අයියට ගෙනාපු ඒවද කොහේද.. මෙයාට දැන් අපි එක එක්කෙනා කිවුවා කවුද කවුද කියලා.. ආයි ටික වෙලාවකින් අහනවා "ඔයා කවුද?" කියලා.. ආයෙත් ටික වෙලාවකින් අහනවා "අක්ෂර කියන්නේ මොකක්ද?" කියලා.. ඒ මදිවට කැමරාවක් අතට දීලා කියනවා පොටෝ ගන්නලු.. එයා මේ මගුලක් කතා කරනවා... මං මේ මගේ කැමරාවෙන්වත් පොටෝ ගන්න වෙලාවක් නැතිව හිටියේ....


ඕං ආයෙත් ස්වයං මඩක්.. ඊයේ හම්බුනානේ දුකා අයියා.. මෙන්න කියනවා "යකෝ මූට ළමයා කියනවානම්  ළමයිට මොකක්ද කියන්නේ" කියලා.. ඉතින් දීපල්ලකෝ උත්තර.. ඒ අස්සේ කවුදෝ.. කිවුවා අනික් උන්ට "කලල" කියනවා කියලා.. හිකිස්... අනේ බොලවු.. මං තාම පොඩි එකා............


අර මාරයා කියන එක්කෙනා ඊයේ හොඳ හොඳ ආතල් දුන්නා අෆ්ෆා.. එයා ඉන්නේ අර කෆීර් කඩාවැටුනු තැනලු නේද.. හිහ්.. මාරයා අයියා බනිස් කෑමේ සිට සිහින කුමාරයා දක්වා තරඟ වලට සහභාගී වෙන්න හිටියත් වුනේ නෑ.. අනික් අයට අවස්ථාව දෙන්න.. මමත් ගොඩක් තරඟ වලින් අයින් වුනා මාරයා අයියා එක්ක තරඟ කරලා දිනනවා ‍බොරු නිසා.. අන්තිමට හොඳම පරාජිතයාගේ දෙවෙනි එකේ පළවෙනි තෑග්ග මාරයා අයියා ගත්තා.. කොහොමද ඩයල් එකගේ වැඩ..........????


ඔය සිහින කුමාරයා තෝරන එකෙත් මාර සීන් තමා වුනේ.. එක්කෙනෙක් හිටියා.. අර අලුත බැඳපු මනමාලයා.. රත්ගමයා.. සිහින මවාගෙන හිටියේ සිහින කුමාරයා වෙලා මනමාලි ඉස්සරහා වැඩ්ඩා වෙන්න.. හිකිස්.. පළවෙනි වටෙන්ම පොර අයින් වුනේ විනිශ්ච මණ්ඩල‍යේ අය කියලා නෙවෙයිලු.. අර කෙල්ල කිවුව නිසාලු.. කෙල්ල කිවුවලු "අනේ රතෝ.. ඔයා දිනලා ඔයා පස්සෙන් කොල්ලෝ එද්දී මටත් කරදරයිනේ" කියලා.. ඉතින් පොර අයින් වුනාලු තරගෙන්.. ඔන්න ඒක වාසියට අරගෙන අර තේ කාරයා දිනාගත්තා... 


ඔන්න ඔහොම ‍ඔහොම සිද්ධි වුනාලු ඉතින්..  ආහ්.. කියන්න අමතක වුනානේ.. සුදු හංසි අක්කා හොරෙන් උස්සපු බත් පැකට් දෙක තුනක් කාලා යද්දී අපේ හාවාට මාට්ටු වෙලා ඕං.. හිකිස්.. ‍අක්කා ඒක කියන්න එපා කියද්දීම මූ ගහලා නෙව පොටෝ එකක්..ඒ මදිවට ආං බුකියෙත් දාලා ඒක.. දැන් හාවාට මරණ තර්ජනලු.... අක්කා කලින් ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ හාවාව උස්සන්න.. අම්මෝ ඒකව උස්සන්න උගේ තාත්තාගේ ක්‍රේන් එකම ගේන්න වෙනවා....


ආය මේ........ අපේ සුදු අක්කා.. ඔව් ඔව් සිදංගනා තමා.... එයා එන්න ලෑස්ති වෙලා අර හවස කන්න දුන්නු කේක් පෙට්ටි දෙකක් දාගත්තානේ වෑන් එකට.. අනේ මං අහිංසකයාව තමා මේ වැරැද්දට පෙළඹෙවුවේ.. මං කිවුවා බෑ.... කියාලා.. අක්කා කිවුවා.. "නෑ නෑ අරන් එන්නකෝ.. මං කිවුවා කියන්න" කියලා.. හොහ්.. කේක් පෙට්ටිය ගන්නකොටම කොහේදෝ නරි ටිකක් ඉදලා හූ කිවුවේ නැතෑ.. මම ඉතින් මට නෙවේ වගේ සේප් එකේ ඇවිල්ලා නැග්ගා වෑන් එකට.. ඒ කේක් ටික තාම අක්කට කාලා ඉවර කරගන්න බැරි වුනා කියලා අද දවලේ කීවා ඕං...


ආහ්.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.. සමන්මලී කියලා එක්කෙනෙක් මාව මරන්න බලන් හිටියානේ මේ සැණකෙලිය දවසේදී.. මම ඉතින් ලොකු..... චොකලට් එකක් අරන් දෙන්නම් කියලා ෂේප් වෙලා හිටියේ.. හිහ්.. ඒ වුනාට කවුද හලෝ ඕවා අරන් දෙන්නේ.. හූ හූ.. බැරි වුනානේ අර ලොකුවට කිවුවත් වගේ තරහා වෙලා ඉන්න...


හනේ හෆොයි..! කියන්නද දේවල් නැත්තේ.. ඉතින් හැමෝම සිහින බක්මහා උළෙලට ගුණ කියලා තිබුණා.. ‍විස්තර කියලා තිබුණානේ.. මේ ඉතින් මගෙත් එක්ක හිටි කිහිපදෙනෙක්ට වැදුනු මඩ වලින් බොහෝම ජුංඩක්..!


මේ බක්මහා උළෙල තමා මගේ ජීවිතේදී සහභාගී වුන ජොලිම එක.. පට්ටයි ආ.... මේක සංවිධානය කරපු, සාර්ථක කරගන්න උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියලත් අන්තීමටම කියන්නම ඕනි.. 


20 ප්‍රතිචාර:

නදී said...

අපෝ මේ බතලයට ළමය කියනවනම් අපිට ඉතින් කලල තමා කියන්න ඕනෙ :ඩී

රොබින් said...

රතා පිටිපස්සෙන් කොල්ලෝ එන සීන් එකක් තියනවද ? :P
රතා චා ඈ.

ඔයයිමමයි said...

මඩ වගේද ෆන් එක......

සංකල්ප said...

මෙකාව මං ෆොටෝ එකකින් දැක්කා. මේකාට ළමයා කියලා කියන්න බෑ....

රත්ගමයා said...

මේ....කවුද මේ රත්ගමයා කියන එකා...කොහේ එකෙක් ද??
ඉකේයියා....

රොබින් said...

කුප්පයෙක් :D

හිස් අහස said...

කොහොම හරි මට මේකෙන් බ්ලොග් ලියන හැමෝගෙම මූනත් තහඩුව ගෙදර ඉඳගෙන හරි බලාගන්න හැකි උනා .

මම හිතාගෙන හිටියේ මම එහෙම බක් මහ උලෙලට ආවොත් ළමයව හොයාගෙන වඩාගෙන හුරතල් කරනවා කියලා . මේක ගේ පින්තූරේ දැක්කම ....මට සිහි මුර්ජා උනා ! දුකා කියපු කතාවම හරි . මුගේ තියෙන්නේ දාමරික පෙනුමක් . නිකම් වම්බොට්ටා වගේ !

රත් ගමයවත් දැක්කා නිකම් පාං කියාගන්න බැරිව ඉන්නව දැක්කා !

Anonymous said...

ඔව් ඔව් .ලමය කියලා දා ගත්තේ මොකැ... :) කොහොම උනත් ස්ව්ට් පාටයි ලමෙක් වගේමයි..

ප්‍රාර්ථනා said...

ළමයා කියන නම වෙනස් කොරනවා නාකයි.. කවුරු මොනා කීවත්..:P:P

මඩ ටික නං පංකාදු 5යි ළමයෝ.. :):).. රත්ගමයාට වතුර පූජාවක් තිබුනද.. හොද වෙලාවට අර අහිංසකී බේරුනේ.. නැත්තම් වතුර බේරි බේරි තමා ඉන්ඩ වෙන්නේ... එදා..

Kavindya said...

හිකිස්.. මලේ.. කේක් ගෙනාවේ කොළඹ කට්ටිය පව් නිසා.. නැත්නම් හත් දොහකට කන්න කේක් ඉතිරියි වැප්නිසාන්ත අයියාගේ බලවත් ඉල්ලීම අහක දාන්නේ කොමද මුහුණ බලාගෙන.....

චතුවා said...

@නදී...අලේ යන්න අලෝ යන්න.. එහෙනම් ඉතින් ඔයාට අලි ළමයාවත් කියන්න ඕනි...

චතුවා said...

@රොබින්නැතුව.. මූ පස්සේ කොල්ලෝ තමා එන්නේ.. කෙල්ලෝ නම් මූනවත් බලන්නේ නෑ කියන එක ප්‍රසිද්ධ රහසක්නේ... :D

චතුවා said...

@ඔයයිමමයි අනිවා අනිවා.. අක්ෂර සෙට් එකේ ෆන් එක... :D

චතුවා said...

@මධුරංගමේ අපිත් එක්ක යන්න තිබ්බනේ සහෝ... පේරාදෙණයේ ඉන්න එකේ.. අපරාදේ...

චතුවා said...

@රත්ගමයා කුප්පයෙක්ම තමා අර රොබින් කියන්නා වගේ.. ගාල්ලේ හද්ද ‍ඩොටේ ගමක...

චතුවා said...

@හිස් අහසඈ.. සඳරු අයියට සයිකොද? මං හරි අහිංසක පාටට ඉන්නේ හරී.. ඔයාගේ මේ කමෙන්ට් එක නිසා ඔයාට මරණ තර්ජන පවා එයි සමහර විට.. මට මඩ ගහනවා කියලා මේ කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම ඔයාට විරුද්දව චෝදනා කරා මේක දැකලා... ;)

චතුවා said...

@නිම්ශා
ඒකනේ.. ස්වීට් ළමා මං.. අර සඳරු අයියට වැරදිලා.. රත්ගමයට කියන්න ඕනි එක මට කියලා...

චතුවා said...

@ප්‍රාර්ථනාදාන්ට මෙයා පහක්.. තැන්කූ ඔහොම කිවුව එකට...

ඔන්න අදත් ප්‍රාර්ථනාගෙන් බටර් පාරක්.. ඔයා කවද්ද මේ ලියන එකක වරදක් කියන්නේ?

මේ.. අහිංසකී.. හරි අහිංසකී.. කුප්පයාගේ කුප්පකම බෝ වෙලා.. දැන් කුප්පයාට වඩා කුප්ප වෙලා ඒ කෙල්ල..

චතුවා said...

@සුදු හංසිඒකනේ ඒකනේ... මං දන්නවා සුදු අක්කා.. ඔයා ඔය කෑමට බීමට තියෙන ඉල්ලීම් අහක දාන්නේ නෑ කියලා.. :D

නදී said...

මෙයා චූටි කාලෙ හෙන කියූට් බබෙක්.ශෝයි...ඒකට දැන්?බතලයා

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger