Monday, April 4, 2011

සැණකෙලියේ මඩ පෝස්ටුවට පෙරගමන්.. සමා පෝස්ටුව..

ඊයෙයි අදයි සිංහල බ්ලොග් අවකාශයේ වැඩියෙන්ම කතා වුන මාතෘකාව ඉතින් ඊයේ දවසේ අති සාර්ථකව පැවැත්වුණු "සිහින බක්මහා උළෙල" නේ.. ඔන්න ඉතින් මං ළමයත් ඊයේ ඒකට සහභාගී වුනා..  ඔය ඉතින් සහභාගී වීම ගැනත් කතා ගොඩක් කියන්න තියේලු.. ඒවා පසුවට.. මට ඊයේ දවස ගැන පෝස්ට් දෙකක් ලියන්නයි කම්පනා කලේ.. එකක් "සමා පෝස්ටුව" ලිපිය. අනික "මඩ පෝස්ටුව". කොයිකද මුලින් ලියන්නේ කිය කියා හිත හිතා ඉඳලා හිතාගත්තා මඩ පෝස්ටුවට කතා මතක් කර කර සමා පෝස්ටුව මුලින් ලියනවා කියලා..


දැන් ඉතින් මේ සමාව ඉල්ලීමේ ලිපියක් කිවුවට මගේ අතින් ඊයේ මුකුත් වැරදි වූනේ නෑ හරිය.. සමාව ඉල්ලන්න තියෙන්නේ වැරදි වලට විතරමයැ. අතපසුවීම් වගේ එවටත් සමාව ඉල්ලනවානේ... හරි හරි මෙන්න මෙහෙමයි වෙන්නේ..


ඊයේ ඉතින් සිහින බක්මහා උළෙලට එද්දී මගේ අරමුණු ගොඩා...ක් තිබුණා.. එකක් දෙකක් ලොවෙත් නැති වෙන්න කුඩු වුනා.. ඒක වෙනමම කතාවක්. ඔය අරමුණු වලින් ම‍ගේ හිතේ තිබුණු ලොකුම උවමනාවක් තමා මේ සයිබරයේ ඉන්න කවදාවත් නුදුටු මගේ යාලුවෝ දැක බලා ගන්න එක.. ඒ අතරිනුත් සමහර අය හම්බවෙලා කතා කරන්න ලොකූ උණක් තිබුණා.. ඔන්න ඒ හම්බවෙලා කතා කරන්න ඕනෙකම තිබූන අය අතරින් කෙනෙක් තමා මේ අපේ රවා අයියා..


ඔන්න මම ඉතින් ගිහින් පූසාව එහෙම හම්බවෙලා කතා කරලා ඇහුවා "‍කෝ බං රවා අයියා?" කියලා. මූ අර කොළඹ වටරවුම් වල ළඟදී හයි කරපු කැමරාව වගේ වටේ කැරකිලා කැරකිලා කිවුවා "දැන් හිටියා බං.. පොර එක තැනක ඉන්නේ නෑ" කියලා.. ඕං ටික වෙලාවකින් තව කාගෙන්දෝ ‍කාගෙන්දෝ ඇහුවා..
ඇත්තටම මං ඇහුවේ කාගෙන්ද කියලා මතක නෑ. කවුරු වුනත් ඌ කියනවා "කතා කරලා බලපංකෝ.. කමෙන්ට්ස් වගේම තමා.. දිඟ කතා තියෙන්නේ" ලු.. හික්..


 අන්තිමේදී මෑන්ස් හම්බුනා ඕං.. හම්බුනාට මොකද මේ මනුස්සයා ඉන්න තැනට ලං වෙනකොට මේකා දුවනවා වෙන තැනකට. එතෙන්ට යනකො‍ට ආයි දුවනවා.. අන්තිමේදී ඕං අල්ලගෙන කතාවක් දැම්මා.. මේං  මේ පොර කියනවා "උඹ වැඩක් නෑ.. මම දෙතුම් පාරක් බලලා ගියා උඹ කතා කලේ නෑ" ලු.. රවා අයියා මගුලක් කතා කරනවා.. "ආව වෙලාවේ ඉඳලා උඹව තමා යකෝ හෙවුවේ" කියලා ඉතින් මම කිවුවේ නෑ. පොඩි කතාවක් දැම්මා. පස්සේ ආයි හොයාගන්නත් නෑ. මං ඉතින් එනකොට සමුදෙන්නත් බැරි වුනා රවා අයියාට.. නයිස් ටු මීට් යූ බ්‍රදර්.. බායි කියලා එන්න බැරි වුනාට සොරි හොදේ...


ඔන්න දෙවෙනි කෙනා.. අපේ ගෝල්ඩ් ෆිෂ්.. මේ මාලුවාවත් මම ගියපු වෙලාවේ ඉඳලා හෙවුවා.. එක එකාගෙන් ඇහුවාම කියන්නේ "ඹය හිටියා බං දැන්" කියලා විතරයි.. එකෙක්වත් පෙන්නුවෙත් නෑ. ඔන්න ආයිත් මතක නෑ කවුද කිවේ කියලා හරිද.. කවුරු වුනත් කිවුවා "පොඩි එකා වගේ හිටියා බං.. හොයාගන්න අමාරුයි" කියලා.. හික්ස්.. හරි හරි.. ඔන්න ඔයත් සමා වෙන්න ඕනි කතා කරන්න බැරි වුනාට..


නම්බර් ත්‍රී.. අපේ පුතණ්ඩියා.. මේ මනුස්සයා නුවර ඉඳලා අපි එක්කම යනවා කිය කියා ඉඳලා තිබ්බනේ අපිට පොල්ල.. හිකිස්.. කතා කොරන්නත් බැරි වුනා වැඩි‍ය.. බිසීනේ කට්ටිය ඊයේ.. ඔන්න මචං අයියා.. සොරිවෙන්ටෝනේ.. ඔයත් හම්බවෙලා කතා කරන්න බලාගෙන හිටියෙ මං.. ඒත් අවස්ථාවක් ලැබුණේ නෑනේ.. :D


ආහ්.. මේ අරයාගේ අරයා... ඉ_ගේ ඉශානි.. මෙයාටත් මඩ බාල්දියක් තියෙනවා මගේ මඩ පෝස්ට් එකේ.. මතෝ සොරි වෙන්නෝනි.. බායි කියලා එන්න බැරි වුනා.. ඉ_ කිවුවානේ වැඩි කතා ඔයා එක්ක කියලා.. ඇයි දන්නෙ නෑ මෙයා...


ආ........... අර මල් අක්කා... ඔව්වොව් ජීවිතේ මල් තමා... එයාවත් අල්ලගන්න බැරි වුනානේ.. එක වචනයක් කතා කරන්න බැරි වුනා එයා එක්ක.. හිහ්.. අපරාදේ.. සෝ සෑඩ් මට.. මම ඔයාටත් කතා කරන්න හිටියේ.. කොහේද ඉතින් මයික් එකක් බදාගෙන හිටියානේ... හිකිස්.. අම්ම්ම්.. නෙක්ස්ට් ටයිම් මයික් එකෙන්ම ඔයාටත් කතා කරන්නම් හො‍දේ.....


තව....................... රංග අයියා.. ජේ.ඩීකොලුවා.. බුද්ධි අයියා & මැරියන් අක්කා, අභීත අයියා, අහිංසකී අක්කා.. තව තව......... ගොඩා...ක් අය.. එක්ක කතා කරන්න බැරි වුනා.. ම්ම්ම්.... ඊළඟ දවසේ මගේ කියවිල්ල අහන්න ලෑස්ති වෙලා එනවා හොඳයි හරිය..


මෙකී නොකී ඊයේ මම කතා කලේ නැති හැමෝම සමාවෙන ඕනි.. ඕං ලොකු කමකට කතා කලේ නෑ කියන්න ඔට්ටු නෑ හරිය.. 


"ද මඩ පෝස්ටුව" බලාපොරොත්තු වන්න.. හිකිස්...

7 ප්‍රතිචාර:

සංකල්ප said...

මේ කතා කියවද්දි එන්න බැරි උන එක ගැන මාරම දුකයි.

පොඩි මහත්තයා ලිව්ව එක කියෙව්වා. රතා ලියපු එක මාරයා ලියපු එක ඔයවගේ ගොඩක් ලිපි කියවලා මොනවද උනේ කියලා බැලුවා.

අපරාදේ ඊලග පාර වත් එනවා !!!!

නදී said...

කොහෙද ඉතින් ගල්ගිල්ල වගේ ඉන්න ඇති.බලාන යද්දි කාත් එක්කවත් කතාකරල නෑවගේ නේ.කතා දෙකක් නෑ මෙයාගෙ තියන ලොකුකම.

pavithra weerapperuma said...

ලොල්ය.. මමට එන්න බැරි උන එකටනම් අභී අයිය සමවත් ඉල්ලුව.. හික් ය. කොහෙද මෙ මුකුත් නනෙ මම කට වහන් හිටියනම්.. හික් ය. ඊලඟ පාර එකටවත් එන්න බලමු. හැබැයි ඉතින් මයෙ කට ගැන ශුවර් එකක් තියන්න බෑ හරිය..? ;)

පූසා said...

ඈ බං උඹ මාත් එක්ක විතරද කතා කලේ o_O යකෝ ඔය ගොඩක් අය ගැන උඹ මගෙන් ඇහුවාම මම දීපු උත්තරනේ ඔය ලියලා තියෙන්නේ :D

Anonymous said...

ආහ් තියෙන ලොකු කම අහ අහ ඉදලා තියෙන්නේ ( එකත් අහලා තියෙන්නේ මේ පුස් බබෙක් ගෙන්... ) ලොකු බොඩ් එකක් ඇගේ ගහන් මෙයා මෙයා කෝ කියලා ඔයාව බලන්න කට්ටියම ලගට එනවානේ..කොහෙද ඉතින් ඔවා හිතෙන එකක් යැ....

චතුවා said...

අපරාදේ මධුරංග එන්න එපැයි.. පේරාදෙණියේ ඉන්න එකේ අපි එක්ක යන්න තිබුණා.. :D

------------------------------------------------------

පල යන්න ඉබ්බී..

------------------------------------------------------

සුළගිල්ලා තෝ එනකං තමා බලන් හිටියේ.. ආවේ නෑනේ.. අපරාදේ...

------------------------------------------------------

පූසා ඉතින් ඇතුලට එද්දීම සෙට් වුනු එකානේ.. හිකිස්.. බලාගෙන ගියාම මම නෙවේ උඹ කා එක්කවත් කතා කලාද ෂුවර් නෑ.. අහන අහන කෙනා දැක්කෙ නෑ කියලානේ කියන්නේ...

------------------------------------------------------

අනේ නිම්ශා.. ඒ උපදෙස ගන්න බැරි වුනානේ යන්න කලින්.. අපරාදේ... :(

ගිනි කුරුල්ලා said...

අපි ලබන පාර සෙට් වෙනකොට හැමෝම බැජ් එකක් එල්ලගෙන ඉමු තමන් කව්ද කියලා. එතකොට ඔය සීන් මොකවත් නෑනේ. බැජ් එක දිහා බලලා බුවා කව්ද කියලා අදුර ගන්න පුළුවන්...

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger