Monday, March 28, 2011

මහනුවර - කොළඹ - හෙන්රි පේදිරිස් - කොටින්ම කිවුවොත් නුවරින් අවුරුදු උත්සවයට..





සයිබර් අවකාශය දැන් හරියට අපේ ගම වගේනේ.. ‍බ්ලොග් එක අපේ ගෙදර වගේ.. හා හොඳයි නැද්ද මං අහන්නේ?? ඔය ගමේම ඉන්න හැමෝම එකතු වෙලා දැන් අලුත් අවුරුද්ද සමරන්නනේ කල්පනාව.. අලුත් අවුරුදු උත්සවයක් හෙම තියලා... ඉතින් දැනටමත් මේ බ්ලොග් අවකාශේ ඉන්න අය දන්නවා ඇති මේ සයිබරයේ සිහින බක් මහා උළෙල ගැන.. තාමත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා වෙන්න නම් බෑ බෑ බමයි..  කමක් නෑ.. අලුත් විස්තර දැනගන්නත් එක්ක මෙතනින් ගිහින් සිහින බක් මහා උළෙලේ නිල බ්ලොග් අඩවිය බලාගෙන එන්න‍කෝ.....


ඔන්න ඉතින් එදාට අපි හැමෝටම මාර ජොලිලු.. ඇයි ඉතින් කවදාවත් ඇත්තටම හම්බවෙලාවත් නැති අය එදාට ගොඩාක් එනවානේ.. මේ සිංහල බ්ලොග් කෙරුවාවෙනුයි, මූණුපොතෙනුයි, බzz එකෙනුයි අඳුනගන්න ලැබුණු අයනේ මේ වැඩි පිරිසක්....


ඔය රට වටෙන්ම එනකොට ඉතින් නුවර ඉන්න අපි නොයා ඉඳීද මං අහන්නේ... නෑනේ.......... අපිත් ඉතින් අනිවා  යන්න ඕනේ... ඒකත් ඉතින් අර ගීත් අයියා කියන්නත් වගේ අපි මෙහේ ඉඳලා තනි තනිවම ගිහිල්ලා එහෙ මෙහේ චාටර් වෙලා කට්ට කාගෙන යනවාට වඩා සැපයිනේ හැමෝම සෙට් වෙලා යන එක.. සෙට් එකම හෙන්රි පේදිරිස් පිටියට බහිද්දී කොහොමද නේ අනික් අය හෙල්මන් වෙලා බලං ඉදී.. අපෝ මෙයාලා එක්ක තරඟ කරලා දිනන්නනම් බැරි වෙයි කියයි.. අනිවා.. අන්න එහෙමයි කන්ද උඩරට අපි.. හරිය......


දැන් ඉතින් මෙන්න මේකයි වෙන්න ඕනි.. නුවර පැත්තේ ඉඳලා මේ එන ඉරිදා.. ඒ කියන්නේ අප්‍රේල් 3 වෙනිදා නුවර ඉඳලා යන, අපිත් එක්ක එකතු වෙලා යන්න කැමති සිංහල බ්ලොග් ලියන අය අපිත් එක්ක සැට් වෙන්න.. අපි එකතු වෙන කස්ටිය‍ අනුව වාහනයක් අරගෙන යනවාද නැත්තං කෝච්යේ හරි බස් එ‍කේ යනවද කොහොමද වැඩේ වෙන්නේ කියලා කතා කරගමු...  හා හා.. දැන් ඔය නුවර අය අත උස්සන් ඉන්නේ නැතිව දාන්න කමෙන්ටුවක්.. නැත්තං දාන්න ලියුමක්.. මෙන්න ඇඩ්‍රස් එක.. chaturnga87@gmail.com ආ.. මේ අපිත් එක්ක සෙට් වෙන්න සෙනසුරාදා වෙනකම් ඉන්න  නම් එපා ඉතින්.. එත‍කොට වැඩ ඔක්කම සාටර් වෙන්න ඉඩ තියෙනවානේ නේද? සෝ.... බ්‍රහස්පතින්දාට කලින්වත් නුවර පැත්තේ ඉඳලා අපි එක්ක යනවා කියලා දැනුම් දෙන්න.. එතකොට අපි හැමෝ.....ටම ලේසී...... 

18 ප්‍රතිචාර:

Bunny said...

හරි හරි බං.. කෙලින්ම කිවා නම් ඉවරනේ.. කොළඹ ඈවිල්ලා නැ මීට කලින්.. එන්න පාරවල් දන්නැ.. උබව එක්ක යන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් මෙල් කරන්න කියලා :P

රත්ගමයා said...

හාවාගේ කොමෙන්ට් එකට හෙන ලයික්..අනේ පව්..යන කට්ටිය මෙන්න මූව අරගෙන යන්න

සීතල අයියා said...

මොකක්ද බං උඹ කොලඹ ඇවිල්ලා නැද්ද?නිකං ආසාවටවත්?අනික උඹත් එක්ක කව්ද බං යන්න එන්නෙ?කට්ටියම උඹේ චරිතෙ ගැන දන්නවා...

චතුවා said...

උඹලා මේ බයේ කෑ ගහන්නේ.. නුවර අය සෙට් වෙලා ඇවිල්ලා උඹලාව පරද්දයි කියලා.. කෑ ගහන්නේ නැතිව පලයවුකෝ මේ වැදගත් වැඩේ කරගන්න දීලා...

සීතලයෝ.. උඹේ චරිතෙ ගැන දන්න කොල්ලෝ එන්නේ නැති වෙයිද දන්නේ නෑ එදාට.. උඹෙන් බේරිලා කොල්ලොන්ට ඉන්න බෑනේ...

pavithra weerapperuma said...

ලොල්ය... මචන්.. ඔවුව ගනන් ගන්න එපා. :D උබල කෝච්චියෙන් එනවනම් අපි සෙට් වෙලා යන්.. කොටුවෙදි.. :D කොටුවෙන් බැහැල එක බස් 1කයි තියෙන්නෙ.. ලොල්ය.

නදී said...

නුවර අය ගෑන මොකෝ මෙයාලා මෙච්චර බය ඈ...කොළබ යන්න දන්නෙ නෑතුව නෙමේ,කට්ටියක් එක්ක ගියාම පාලුවක් නෑ.විනෝදෙන් යන්න පුලුවන්.මට නම් එන්න වෙන්නෙ නෑ.ඔයාට ගිහින් හොදට සතුටුවෙලා,විනෝද වෙලා එන්න.දෑකල නෑති යාලුවොත් ගොඩ දෙනෙක් හම්බවෙයි.ෆොටෝස් ඇරන් එන්නකො අපිටත් බලන්න.

පූසා said...

යකෝ මුන් කැරැල්ලක් ගහන්න සෙට් වෙනවද මන්දා :D

pavithra weerapperuma said...

අහ් ඔව්.. පූසගෙ කතාවත් ඇත්ත.. හදිස්සි නීතිය දාල තියෙන වෙලාවෙ 6 දෙනෙක්ට ව්අඩ එක තැන එක් වීම සිවිල් නීති කඩ කිරීමක්... ඔන්න ඔහේ අපි සෙට් වෙල යමන් බන්.. :D

duliponline said...

@චතුවා: නුවර කෝච්චි ඉස්ටේසමට ඇවිත් කොලඹ යන කෝච්චියට නැගල (ටිකට් අරගන තමයි යකෝ) කොළඹ කො‍ටුව ඉස්ටේසමෙං බැහැල එලියට වරෙං. ඉස්ටේසම ඉස්සරහම නවත්තනව 138 බස් එකයි 120 බස් එකයි 125 බස් එකයි . . . කැමති එකක නැගල කොන්දටයි ඩැයිවර්ටයි දෙන්නටම කියපං හෙන්රි පේදිරිස් එක ලගින් (අමතක වෙයි වගේනං BRC එක ලඟිං හරි ඉසිපතනෙ ලඟිං හරි) දාල යන්න කියපං.

@සුළඟිල්ල:
යකෝ බස් එකට වඩා තියනව. 138, 125, 122, 120 තව ඕනෙද ????

තිස්ස දොඩන්ගොඩ said...

බැහැලා වැඩ නේ..?
ජයවේවා..!

Anonymous said...

අලේ ඉස්සෙල්ලාම අපේ ගේදර ජනේලේ ගාවට අර ප්ලෙන් එක එවන්න හලි...පස්සේ මමත් කොටුවට එන්නම්.... හරි නේ...

හසී said...

ඔන්න එහෙනම් නුවර සෙට් එක එනකම් අපි බලන් ඉන්නවා.. පරිස්සමින් එන්න..

ජයවේවා..........!

pavithra weerapperuma said...

ලොල්ය.. අනේ ගොන් ඔනයො.. මම කිවුවෙ බස් 1ක්යි කියල ඔහොම රෙද්දක් නෙවේ.හික් ය. 138 ගියත් අනික් කෝකෙ ගියත් බස් එකකයි යන්න ඔනි.. අනේ මෙ මුකලන් බස්සට ඒකතෙරෙන්නෙ නෑති හැටි. චික් ය.

ප්‍රාර්ථනා said...

@චතුවා : කවුද අයේ නුවරින් යන girlsලා.. ?... මට එන්න විදිහක් නෑ නේ... :(

චතුවා said...

සුළඟිල්ල.. බලමු බලමු.. කෝච්චියේ ආවොත් කියන්නම්කෝ....

.......................................................

නදී අක්කා දාන්න පහක් මෙයා... ඕකුන්ගේ ඉරිසියාව..
හරි හරි.. ෆොටෝ අරන් එන්නම්කෝ.....

.......................................................

සුදුපූසා.. කැරැල්ලක් නෙවේ බං.. උඹලට තරඟ වලින් දිනන්න එහෙම අදහසක් තියෙනවානම් ඒවා දැම්මම අතෑරපල්ලා.. :D

.......................................................

ඕනයා.. මේ අවුල එන්න දන්නේ නැතිකම නෙවේ ස‍හෝ ඔය එක එකා කෑගැහුවාට.. අපි ඉතින් එන එකේ ආතල් එකේ එන්න එපැයි.... :D

චතුවා said...

තිස්ස අයියා.. බැහැලා වැඩදත් අහනවා.. වැඩ කෙසේ වෙතත් යන්න කට්ටිය සෙට් කරගන්න ෆුල් ගේමක් දෙනවා... හිහ් හිහ්

.......................................................

හරි හරි නිම්ශා නංඟා.. අනිවා එවන්නම්.. පයිලට් ඉතින්..... මං කියලා තියෙනවානේ පොර ගැන.. :P

.......................................................

එල එල හසී අක්කා.. ඉරිදාට සෙට් වෙමු.....

.......................................................

ප්‍රාර්ථනා.. නුවරින් සුදුහංසි අක්කා & එයාගේ අම්මා යනවා අපි එක්ක... පුලුවන්නම් එන්ටෝ.... අෆි යමු.... :D

ගිනි කුරුල්ලා said...

එල එල. මාත් පුළුවන් උනොත් හොට දාලා යන්න එනවා.....

රොබින් said...

නියමයි.

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger