Saturday, March 19, 2011

අන්සතු මගේ අහිංසකීට......

අම්මට සිරි..! මිස්ඩ්කෝල්ස් 19..! ෂික් එකක් වත් ඇහුනේ නෑනේ.. කොහේද ඉතින් ආය පෙරේතයා පොලේ ගැහුවා වගේ නින්ද ගියේ... ඊයේ උදේ ඉඳලා මැරීගෙන ප්‍රැක්ටිස් නිසා තාම ඇඟ නිකං මොකදෝ මොකදෝ වෙලා.. ඇස් දෙක ඇරෙන්නෙත් නෑ වගේ.. වෙලාව අටයි විස්සද.... නැත්තං හතයි විස්සද... ම්ම්ම්ම්....අම්මා ගායි ටින් එකෙන්... වෙලාව අටයි විස්සයි... 

තිබුණ නිදිමතත් නැති වෙලා ගියා වෙලාව දැක්ක පාර.. ඇයි දෙයියනේ ඒකිට අද ක්ලාස් අටට.. ඒ මදිවට පොත් දෙකම මගේ ළඟ.. අද ඉතින් බඩුම තමා... ඔය ඔක්කම හිතන ගමන් අද අහිංසගේ අහිංසක කම නැති වෙලා මම බැණුම් අහන හැටි සහ සුපුරුදු වදන් ටික දාලා එයාව ෂේප් කරගන්න හැටි මතක් කර කර බාගෙට මූණ හෝදලා බාගෙට කාලා සම්පූර්ණ හැඩ වැඩ වෙලා පාරට පැන්නේ පුලුවන් ඉක්මනින් නුවරට යන්න.. හොහ්... ඒවා කොහේද අපේ පැත්තේ.. බස් එකක් එයි අපිට ඕනෙ වෙලාවට... අඩියට දෙකට පේරාදෙණියට දුවලා ඉස්සෙල්ලාම ආව බස් එකේ එල්ලුනා නුවරට යන්න...

ආ..... හරි ෂෝක් බලු වැඩේ....! මේක යන්නේ ගුඩ් ෂෙඩ් එකට කියන්නේ.. දැන් ඉතින් පලකෝ මාලිගාව ළඟට පයින්... පට්ට සෙනඟ අස්සේ පුලුවන් තරම් වේගෙන් යනකොට තමා දෙමාපියෝ මතක් වෙන්නේ පේමන්ට් එකේ කඩ දාගෙන ඉන්න උන්ගේ.. ඇයි යකෝ හදිස්සියකට යාගන්න බෑ උන් නිසා... කොහොම හරි අවුරුදු දෙකක් ක්ලාස් වල බැහැලා රස්තියාදු ගහලා අතේ ඉරි වගේ දන්න නුවර පාරවල් අස්සෙන් දාලා කොහොම හරි මාළිගාව ලඟට ගියා.. හරි....! දැන් තමා අමාරුම කොටස.. සම්පූර්ණ ආරක්ෂක විධිවිදාන ක්‍රියාත්මක කරලා පාර පනින්න ඕනි.. රාක්ෂණියක් වගේ බලාගෙන ඉන්න හැටි.. අම්මෝ.. මං නිකං අලු වෙලා යනවා වගේ...

ඒ මූණ දිහා බලාගෙනම පාර පැන්නා.. පාරේ මැද හරියෙදී.... "දඩස්..!" කහඉර පුරා හාෆ්ෂීට් පොත් පෑන්.. පොත් කඩයක් ඇගේ හැප්පුනා වගේ... ඒ මදිවට වාහන පෝලිම දැන් හොඳ හැටි.. පොලිස් අංකල් කෙනෙක් විසිල් ගගහා මඟුලක් කරනවා... මේ ලේ කෝප වෙලා ඉන්න වෙලාවේ මේ මල හෝන්තුවත් මගේ ඇගේම හැප්පුනානේ කියලා හිත හිතාම ඇහින්දා පෑන් දෙකක්.. මං ඒ දෙක ඇහිදිද්දී කෙල්ල අනික් ඔක්කම ඇහිඳගෙනත් ඉවරයි..! හික්..

ඒකිත් නරක නෑ.. ස්පෙක්ස් තමා අවුල.. ආච්චිඅම්මගේ දෙකක්ද කොහේද.. පාර මාරු වෙලා අහිංසා ලඟට යනගමන් ආයිත් බැලුවා පාරේ එහා පැත්තෙන් යන ලස්සන පොත් සාප්පුව දිහා..

‍"මොනවද ඔටුවෝ බලන්නේ?"
"නෑ මුකුත් නෑ"
"අද කීයටද නැගිට්ටේ?"
"මං උදේ 6.30ට විතර නැගිට්ටා.. ඊට පස්සේ පාඩම් කලා හලෝ... වෙලාව යනවා දැනුනෙවත් නෑ..."
"ආ ඇත්තද.. එහෙනම් ඒ පාඩම් ටික දැන් මට කියලා දෙනවා.. ඔයා නිසා අද ‍තුන්වෙනි දවසටත් ක්ලාස් යන්න බැරි වුනා මොට්ටයෝ...!"
"හික්... හරියට මං ඉන්න කිවුවා වගේනේ.. මෙන්න ගන්නවා පොත් ටික.. යන එකයි ඇත්තේ.."

මේං යනවා..... පුහ්! මේකිගේ ලොකු සීන්.. පොත් ටිකත් උදුරගෙන යන හැටි මේ ගෙම්බී.. මොනවා කරන්නද ඉතින්.. මගේ සොඳුරු කරදරයනේ මේ...

"මේ මේ ඉන්නවා හලෝ.. යන දිහාවක එනවා මමත්... මං නැතිව ඔයා කොහේ යන්නද.." පස්සෙන් දුවන ගමන් කෑ ගැහුවට මොකද ඉන්නේ පූජාභූමියක් ළඟ කියලා මතක් වුනේ පස්සේ...

මෙයා වැරදිලාවත් ඔලුව උස්සන්නේවත් නෑ.. හෆොයි..! තාම මේ කෙල්ලගේ නෝ කතා.. නෝ සිනා... මමත් නිකං මොකාදෝ වගේ තනියම කියවනවා...

"මේ.. ලබන සතියේ අපේ ටූනමන්ට් එක.. එනවද බලන්න??"
"දැන් කීපාරක් ඇහුවද ඕක අලියෝ... මං එන්න තමා හිටියේ.. ඒත් එන්න වෙන්නෙ නෑ.. මට වෙන වැඩක් තියෙනවා.."
"ආ.. අයියා එක්ක මාලු බාන්න යන්න වෙන්නැති.. හික් හික්"
"ආ.. හරි හිනා.. මේ හලෝ.. අපේ අයියට මුකුත් කියන්න එපා හරී.."

ආය ඉතින් තරහා වැඩි කිරීම හය වගේ තමා අයියට මොනවා හරි කියනවා කියන්නේ.. ආය කතා නෑ ලේසියකට...

ආයිත් සුපුරුදු තනියම කියවිල්ල... 

"මේ හෙට පාටියක් දෙනවද..?"
"ඔයා‍ගේ යාලුවෝ එක්ක මමත් එනවා ගෙදර.. ඉන්නවකෝ.."
"මේ කතා කරන්නෙ නැද්ද අයියෝ... එහෙනම් අර තෑග්ග දෙන්නෙ නෑ.. දෙනවා වෙන කාට හරි.."

ම්හූ.. නෝ කතා..

හෝව්.. හෝව්.... ! දැකලා පුරුදු මූණක් එනවා....

ඈ........ මේං බොලේ අර පොත් සාප්පුව ආයිත් ඉස්සරහාට එනවා... ආවුවුවු...! ඒකිව දැක්ක පාර අහිංසගේ මගේ දිහාට දාපු හොර බැල්ම.. හිහ්.. අපෝ මේ කෙල්ලෝ නම්...ජේ.....!!

ම්ම්ම්ම්ම්ම්ම්.....ආයිත් ඇ‍ගේ හැප්පෙනවාද නැද්ද..... එක්කෝ ඕනෙ නෑ... මේ පාර හැප්පුනොත් නම් කනේ පාරවල් දෙකක් ‍ෂුවර්..! එකක් පොත් ක‍ඩෙන්.. අනික ඉතින්.............. 

ඒ කෙල්ල පහුකරගෙන යනවත් එක්කම ඉතින් මටත් නිකං ඉන්න බැරි නිසා පිටිපස්ස හැරිලා බැලුවා.. කට තියන් ඉන්න බැරිවට...

‍"මේ හලෝ.. අර කෙල්ල මාර ගති නේ..?"
"හුහ්..! එහෙනම් ඉතින් මගේ පස්සෙන් එන්නේ.. යන්නකෝ එයා පස්සෙන්.."
"ඔවු ඉතින් ගියානම් පාඩුත් නෑ වගේ තමා.."
"ඉතිං යන එකයි ඇත්තේ.. මං යනවා බ්‍රිටිෂ්කවුන්සිල් එකට.. ඒකේ ඔය එක එක රිලවු ඇතුලට ගන්නෙ නෑ.."
"ඔව් ඔව්.. රිලවු ගන්නේ නෑ.. රිලවියෝ ගන්නවා ඇති.. ඒකනේ ඔයාට ඇතුලට යන්න දෙන්නේ.."

ෂික්.. අපරාදේ... මේ වෙඩින් බ්‍රිටිෂ්කවුන්සිලේ ලඟට එනකම්ම මතක් වුනේ නෑනේ.. මේකිට ඕක දැක්කාම ඇතුලට යන්නම ඕනි.. ගියාටනම් මොකද.. පැය ගානක් තෝරලා එක පොතක් අරගෙන එනවා මහ ලොකුවට.. ගෙදර ගිහිල්ලා කියවනවාද කියලත් සැකයි වගේ..!

-•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-

2008 මාර්තු 19 වෙනිදා...
හ්ම්ම්ම්.. මතකද..? අවුරුදු තුනකට කලින් ඒ දවස... ඔයාගේ උපන්දිනේට කලින් දවස... මට ‍ වගේ ඔයාට මතක නැතිව ඇති සමහර විට... අපි එදා තරම් රණ්ඩු වෙන්න නැතිව ඇති කවදාවත්ම... අර කොහෙවත් යන කෙල්ලෙක් නිසා අපි රණ්ඩු වුන තරම්..!

ඒ උපන්දිනේ තමා ඔයා මමත් එක්ක සමරපු අන්තීම උපන්දිනය.. අවුරුදු පහක් මගේ එක්ක උපන්දිනේ සමරපු ඔයාට දැන් උපන්දිනේ සමරන්න.. ඔයා එක්ක ඒ සතුට බෙදාගන්න ඔයාගෙම කෙනෙක් ඉන්නවා නේද..හෙට ඔයාගේ උපන්දිනේ... මට අමතක නෑ.. අමතක වෙන්නෙත් නෑ...

මම මොනවා කරන්නද වස්තුවේ.. හමුදාකාරයෙක්ට දුව දෙන්න අකැමැති වුනේ නැත්තං ඔයාගේ තාත්තා... සමහරවිට ඔයා තාමත් මගේ ළඟ වෙන්න තිබුණා.. දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ වෙඩි සද්දේ අහගෙන බංකරේ අස්සේ ඉඳන් හඳ දිහා බලාගෙන බිඳිලා ගියපු අපේ හීන වල සුන්බුන් එකතු කරන්න විතරයි.. ඒකත් කරන්නේ කොහොමද... සිහියෙන් හිටියේ නැතිනම් තව එක පාරක් ඔයාව දකින්න පෙරුම්පුරන මගේ ඇස් දෙකට සඳහටම පියවෙන්න වෙයි....... අමතක කරන්න අ‍පේ ඒ අතීතය දැන්... සතුටින් ඉන්න...ඉස්සරටත් වැඩිය....

අන්සතු මගේ අහිංසකීට 
සුබම සුබ උපන්දිනයක් වේවා...!!

ප.ලි :- ලිවුව දිගම පෝස්ට් එකද කොහේද... ආ.. අපරාදේ කියවන්න ගිය විනාඩි පහ කියන අය අත උස්සන්න බලන්න....


ප.ලි x 2 :- අනේ මන්දා....!!!


ප.ලි x 3 :- බංකරේ ඉදලා බ්ලොග් පෝස්ට් ලියන්නේ කොහොමද කියලත් අහන්න එපා...

28 ප්‍රතිචාර:

Anonymous said...

අයියේ.... කවුද මේක ලිව්වේ.... ලස්සනයි කියලා ආසවෙන් කියොගෙන ගිහින් අන්තිමට දුක හිතුනා...

MaRLaN said...

මොකක්ද බං මේ...
එළටම ලියලා තියනවා

හසී said...

ලස්සනයි මල්ලියෝ.. ජිවිතේ සමහර දේවල් තියෙනවා පුංචි උනාට මතක් කර කර ජිවත් වෙන්න පුලුවන් ඒවා.පුංචි රණ්ඩුවක් උනත් පස්සෙ හිතද්දි හරිම සුන්දරයි, රණ්ඩුවකට පස්සේ ආදරේ වැඩි වෙනවා කියලාත් කියනවානේ..

පූසා said...

උඹ කම්පියුටර් ගේම්ස් වලට ඈබ්බැහිවෙලා වැඩියි මචං. ඕවට ඇබ්බැහි වුන ගොඩක් උන් හිතන් ඉන්නේ උන් ජීවත් වෙන්නේ බංකර් ඇතුලේ කියලා :D

තාරක Dilsh@n said...

ලස්සනයි මචං. අන්තිමට ටිකනම් දුකයි.

පූසගෙ ‍කමෙන්ට් එකනම් මරු:D

රත්ගමයා said...

ඇඩෙනවා යකෝ...හොද වෙලාවට අද උදේම මේක කියෙව්වේ...ආයේ එන්නේ සදුදා නේ...
මට වාවන්නේ නෑ යකෝ....

Dilanka Madhawa said...

ලස්සනට ලියල තිබ්බා අයියේ...මටත් දුකයි ඔයා ගැන...

නදී said...

ලස්සනට ලියලා.මම් එක හුස්මට කියවගන ගියා.අද්දෑකීමක් ආශ්‍රයෙන් ලියවෙච්ච කතාවක් වගේ පේන්නෙ?

Unknown said...

ෂෙහ්, මාරයි ලියල තියෙනවා, පපුවටම නෙවෙයි ඊට ටිකක් පල්ලෙහාටම වදිනවා,

ප්‍රාර්ථනා said...

අන්තිමට දැම්ම කතා කෑල්ල නම් එක්කෙනෙක් මේ කතාවෙන් ජාමෙ බේරගන්න දැම්ම දෙයක් වගේ..හි..හී... මරු ලමයෝ... කියලා වැඩක් නැත..

චතුවා said...

නිම්ශා නංගී.. ලිව්වේ වෙන කවුද............
හික්ස්...

...........................................................

මාලන්.. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්...! මොකද්ද බං මේ...??

...........................................................

"රණ්ඩුවකට පස්සේ ආදරේ වැඩිවෙනවා.." ඒකනම් මොනා නැතත් අත්දැකීමෙන් දන්නවා.. හිකිස්...

...........................................................

පූසා මගුලක් කතා කරනවා.. මං ඔය යුද්ධ ගේම්ස් ගහන්නේ නෑ.. GTA & NFS ඒවා විතරයි.. ඒකත් දැන් අවුරුදු ගානකින් නෑ.. කොටින්ම කිවුවොත් මම ගේම් එකක් ප්ලේ කරපු දවසක් මගේ කොම්පූටරේටත් අමතකයි..!

චතුවා said...

බෝම ස්තූතියි තාරක.. පූසගේ කමෙන්ට් එක පට්ට වුනාට ඒකේ තියෙන දේ වැරදීලු...

...........................................................

රත්ගමයා.. මොකද යකෝ අඩන්නේ.. සිරීපාදේ කෙල්ල මතක් වෙලාද.. කතරගම කෙල්ල මතක් වෙලාද නැත්තං... මායාවක හිත පැටලිලාද?

...........................................................

අනේ කුරුංගුරුං මලේ.. මේක මට කිසි අදාලත්වයක් නෑනේ...
හිතුනා ලීවා...

...........................................................

මේ නදී අක්කා පිස්සු කෙලින්න එපා හලෝ.. හුස්ම ගන්න හොඳට.. නැත්තං මල කෙලියක් වෙන්නේ...

මගේ අත්දැකීම් ඉතින් ඔයා දන්නවානේ.. :පී

චතුවා said...

රවී.. පපුවට ටිකක් පල්ලෙහා කීවේ බඩ හරියටදැ? හික් හික්.. ටැන්කු හොදේ....

...........................................................

ප්‍රාර්ථනා කෑගහන්න එපා හලෝ... ඔයාට විතරයි කීවේ ඒක... :පී

...........................................................

ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩා.....ක් ස්තූතියි..........!!!!

තාරක Dilsh@n said...

අඩේ මාත් GTS & NFS විතරයි. ඒත් දැන් සැහෙන කාලෙකින් ගැහුවෙ නෑ.

Anonymous said...

සහෝ, මට දෙයක් දැනගන්න පුලුවන්ද? ඔය කියන girl කුරැණෑගලද?

හිස් අහස said...

මරු කතාව මචං .උඹ මේ වගේ ලස්සන හිතට වදින කතා ගොතන්න පුලුවන් එකෙක් කියලා මම කොහොමටවත් හිතුවේ නෑ . අපොයි මම වැරදියි බං . මේ කතාව මගේ බඩ බොකු සිසාරා වැදුනා . මම මේකට ලයික් මචං ...පට්ටම ලයික් ..මට වචන නෑ

Anonymous said...

ලස්සනයි මචං... මාරගති...

චතුවා said...

එල එල තාරක.. ඒවගේ ආතල් දන්නේ සෙල්ලන් කරන අපිනේ.. හික් හික්...

...........................................................

kraaci සහෝ.. මේක මම කවුරුත් ගැන දැනගෙන ලියපු දෙයක් නෙවේ.. මම හිතින් හදාගෙන ලියපු එකක්.. ඒ කියන්නේ සියලු දේ මනඃකල්පිතයි..

...........................................................

සඳරු අයියා.. ඔය කියන තරම් ලියන්න දස්සයෙක් නෙවේ මම.. හිහ් හිහ්.. එල එල.. ටැන්කූ වේවා..!

...........................................................

ගෝල්ඩ් ෆිෂ් බ්‍රදර්.. ටැන්කූ වේවා...

...........................................................

ප්‍රතිචාර දක්වපු හැමෝටම ගො....ඩාක් ස්තූතියි....

තරිඳු said...

අඩේ චතුවා උඹ මාර ලේඛකයෙක්නේ බං.. සිරාවටම ලියල තියෙනවා..
එළ එළ සුභ පැතුම්

Prabhath said...

හැහ්..... අර හමුදාකාරයගෙ සීන් එක හැරුනම අනිත් එව්වනං සිරා වගේ....
පිස්සු හැදෙනවනෙ බොල මෙව්ව කියෙව්වම.... :-/

පිණිබිඳු... said...

ඇත්ත කතාවක්ද මේක??

චතුවා said...

තරිඳු.. හිහ් හිහ්.. ටැන්කූ ආහ්.... හික්..

...........................................................

අලේ පොඩි අයියා... පිස්සු හැදිලා තමා මාත් මේක ලීවේ... (හමුදාවේ කෙනෙක් ගැන කීවේ ඉතින් ඇඟ බේරගන්නත් එපැයි..)

...........................................................

පිණිබිඳු.. මේ කතාව මට නිකං හිතිලා ලීව විකාරයක්.! ඒත් ඉතින් ඇත්තටම මෙහෙම වුන අයත් ඇති ඕනි තරම්.. නේද?

...........................................................

හැමෝටම ගොඩා..ක් ස්තූතියි..

සුපර් මාරියෝ said...

අනේ ලොක්කා.. මේක මාර ට්‍රැජඩියක්නේ.. මම හිතුවෙ හැපී එන්ඩින් එකක් ඇති කියලා... කොහොම උනත් එල පොස්ට් එකක්...... මාරයි..

ගිනි කුරුල්ලා said...

ආදරේ ඔහොම තමා සහෝදරයා. හැබැයි නියම පෝස්ට් එක....

ගිනි කුරුල්ලා said...

රත්ගමයට කෙල්ලො සෙට් එක මතක් කලා විතරයි ඒකා වාෂ්ප වෙලා.....

චතුවා said...

සුපර්ර්ර්ර්ර් මාරියෝ..... හැපී එන්ඩින් කොහේද ඉතින් අපේ කතා වල... ‍හිහ් හිහ්
බෝම ස්තූතියි මේ පැත්තේ ආවාට...

.......................................................

ගිනි කුරුල්ලා... බෝම ස්තූතියි...

රත්ගමයාට ඉතින් කෙල්ලෝ එකෙක් දෙන්නෙක් නෙවේනේ.. බෝම බයෙන්ලු ජීවත්වෙන්නේ... කෙල්ලෝ එක එක්කෙනාට සීන් එක මාට්ටුවෙයි කියලා... :D

ගිනි කුරුල්ලා said...

හික් හික්... රත්ගමයාගේ රෝම කූප එකින් එන ගලවයි ඔය කෙල්ලො සෙට් එකම එනතු වෙලා..

චතුවා said...

@Phoenix (ගිනි කුරුල්ලා)හෙහ් සිරා සිරා...

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger