Wednesday, March 16, 2011

අමතක කරන්න..

අමතක කරන්න එයාව...
හැබැයි මතක තියාගන්න..
එයාට, එයා වෙනුවෙන් වෙන කෙනෙක් ඉන්න වග..
අමතක කරන්න එයාගේ ඒ නම...
හැබැයි මතක තියාගන්න...
එයා දැන් වෙන නමක් මුමුණන වග...
අමතක කරන්න එයාගේ ඒ මුහුණ...
හැබැයි මතක තියාගන්න..
ඒ මුහුණ දකින්න වෙන කෙනෙක් ඉන්න වග..
අමතක කරන්න එයාගේ ඒ සිප ගැනීම..
හැබැයි මතක තියාගන්න..
එයාට සිපගන්න වෙන කෙනෙක් ඉන්න වග...
අමතක කරන්න ඒ උණුසුම් වැළඳගැනීම...
හැබැයි මතක තියාගන්න.. 
ඒ උණුහුමට ලං වෙන්න වෙන කෙනෙක් ඉන්න වග..
අමතක කරන්න කාලයක් වින්ඳ ඒ ආදරය..
හැබැයි මතක තියාගන්න.. 
එයාගේ ලොකෙට දැන් වෙන කෙනෙක් ඉන්න වග..
අමතක කරන්න ඒ සුන්දර අතීතය..
හැබැයි මතක තියාගන්න..
මුලු රෑ පුරාම ඔයා අඬද්දී.. 
එයා වෙන කෙනෙක් එක්ක සතුටු වෙන වග...
අමතක කරන්න.. එයාගේ මුලු ජීවිතේම ඔයා කිවූ බව..
හැබැයි මතක තියාගන්න..
මුලු හඳවතින්ම ඔයා තාමත් එයාට ආදරේ කරද්දී..
එයා වෙන කෙනෙක්ටත් ඒ දේම කියන වග..
අමතක කරන්න.. ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ කිවුව බව..
හැබැයි මතක තියාගන්න..
සදහටම ඔයාව තනිකරලා එයා ගිහින් වග..



කලිනුත් කිවුව දෙයක්.. අදත් කියනවා.. ඒත් ඔයා ඇහුවා වගේම එයාව අමතක කරන්නේ කොහොමද කියන දේට උත්තරයක් එදා වගේම අදත් මම ළඟ නෑ.. සමාවෙන්න...

12 ප්‍රතිචාර:

හිස් අහස said...

මට නම් ඔයාට කියන්න තියෙන්නේ එකම එක දෙයයි !

එයාව අමතක කරන්න ...!!

නදී said...

මේකට කොමෙන්ට් එකක් දාන්න තව පොඩිම පොඩි කාලයක් ඕනෙ. :ඩී ඊට පස්සෙ හරියටම උත්තරයක් දෙන්න පුලුවන්.

චතුවා said...

සඳරු අයියා.. ඕක අහලාම මට එපා වෙලා..& මේක කියලාම මට එපා වෙලා...

........................................................

ඇයි නදී අක්කා.. මොකක් හරි කුප්ප ක්‍රියවකට තමා සැරසෙන්නේ..

ප්‍රාර්ථනා said...

වචන නෑ... අති විශිෂ්ඨයි..

MaRLaN said...

ළමයා මම කියන්නේ මෙච්චරයි කටින් කියන්න යන්න එපා.. ලගින්ම ඉන්න.. එයා කියන දෙවල් අහගන ඉන්න.. ඔව් ඒ දේ අමාරුයි තමයි ඒත් අහගෙන ඉන්න.. ලන් වෙන්න ගොඩක්... හිමින් ඉවසීමෙන් කියන්න පැහැදිලි කරලා දෙන්න එයා ආයෙ එන්නෙ නෑ කියලා... වචනෙන් නෙමේ ක්‍රියාවෙන් ආදරෙ පෙන්නන්න... ආයෙම ඉවසන්න... එයාට ගොඩාක් ලන් වෙන්න දරාගන්න බැරි තරම්... එක දවසක් එයි එයාට ඔයා නැතුව ඉන්න බැරි අන්න එදාට කියන්න උබේ හිතේ තියන දේ හැබැයි එතකන් ඒ ගැන වචනයක් වත් නොකියා.. ඇති වෙනකන් ආදරෙ පෙන්නපන්.... නිට්ටාවටම සුව වෙනවා... අන්න එදාට ( වැඩිහිටියන්ට පමනයි{ වලත්ත දෙයක් නෙමේ තියෙන්නේ පුන්චි බදා ගැනීමක් විතරයි}) එහෙම දෙයක් වෙයි...

Anonymous said...

හිතට ඉඩ දෙන්න ... මම නම් මුකුත්ම කියන් නැ... :) :?

රත්ගමයා said...

ඔක්කොම අමතක කරහන්....අර සිප ගත්තද මොකක්ද එක අමතක කරන්න යන්න එපා....ඒක මාර ආතල් ඕයි...
මම වගේ කෙල්ලෝ 100ක් බැකප් තියන් ඉදහන්... :)

Anonymous said...

Marlan උ‍ඹේ උපදේසයට තෑන්ක්ස් මචං.

මං නම් කියන්නේ මාර්ලන් කිව්ව දේ තමා හරි. රත්ගම කියන එව්වා කොරන්න යන්න එපා. ඕකා කුප්පයා. දන්නවනේ...

MaRLaN said...

vප්රසන්න: ස්තූතියි මචන්

චතුවා said...

හැමෝටම ස්තූතියි හනේ ගොඩාක්.... විකාර වුන වෙලාවක ලිවුව මොකක්ද එකක්.. හිහ්..

හිම හංසි said...

ලස්සන නිර්මානයක්.
මොකද ඔච්චර ගාල්ලට ආස?

චතුවා said...

මම ගාල්ලට ආසයි.. ආසයිට වඩා මම ගාල්ලට ආදරෙයි..!

ස්තූති ruvi

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger